දකුණේ මතය ගොඩනගන්න වෙලා තියෙන්නෙ වෙනම.
රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕනේ. ඒකෙ ආයේ දෙකක් නෑ.
ඒක `මේ වෙලාවේ` කරන පුළුවන් එජාපයට විතරයි.
`හොඳම දේ` ඒකද කියන එක වෙනම ප්‍රශ්නයක්.
නමුත්, `මේ වෙලාවේ` කරන්න පුළුවන් දේ ඒක.
එජාපය ආව කියල මේක සුඛිත මුදිත දූපතක් වෙන්නේ නෑ.
වැඩිම වුණොත් අවුරුද්දක හෝ දෙකක ඉන්ටවල් එකක් ලැබෙනවා.
ඒ ඉන්ටවල් එක කිසියම් ආකාරයකට වැදගත් ඉන්ටවල් එකක්.

පළමුවැනි වැදගත්කම තමයි, රාජ්‍යයේ මිලිටරිකරණ දඬු අඬුවේ
තාවකාලික ලිහිලක් ලබාගැනීම. දෙක, උතුරේ ප්‍රශ්නය පිලිබඳ
අඩුම තරමින් පෙඩරල් විසඳුමකට හෝ යන්නට ලැබෙන ඉඩකඩ.
තුන, ලැබෙන ඉන්ටවල් එක තුළ වම හැකිතරම් ව්‍යාප්ත වීම.
විශේෂයෙන්ම උතුරේ වාමාංශික ක්‍රියාකාරීත්වය උඩට ගැනීම.
හතර, කවදාවත් සඳලුතලෙන් බහින්න නොහිටපු
උද්දච්ච මිනීමරු චෞර ග්‍රාම්‍ය වැඩවසම් ජාතිවාදී සනුහරයක්
ගෙදර යැව්වම ගන්න පුළුවන් ආතල් එක. අන්තිම එක හැරුනම,
මුල් වැදගත්කම් තුනම වැදගත් වෙන්නෙ වමටම තමයි.
මේ සටහන සටහන් වෙලා තිබුනේ දී ඉන්ඩ්පෙන්ඩන්ට් වෙබ් අඩවියේ  “ජවිපෙ, සිය අයිඩෙන්ටිය සොයා ගත යුතුයි”
යන මාතෘකාව ඔස්සෙ “කුමාර වීරසිංහ” විසින්…
වම ගැන උනන්දුවක් තියෙන රුවන් නෙලූ සහෝදරයගෙත් ප්‍රධාන සටන් පාඨය “මහින්ද එලවමු” කියන
සටන් පාඨය…
රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕනේ. ඒකෙ ආයේ දෙකක් නෑ.
එත් රුවන් නෙලූ , කුමාර වීරසිංහ කියන මේ තර්ක මහින්ද පාලනයේ ජඩකම නිසා ඇති වුනු වේදනාවන්…
ඒ හැර මහින්ද වෙනස් වුනා කියල රාජ්‍යයේ මිලිටරිකරණ දඬු අඬුවේ තාවකාලික ලිහිලක් ලැබෙන්නේ
කොහොමද?
ඒක හරිම සුන්දර සාමාජ ප්‍රජාතන්ත්‍රවාදි සිහිනයක්‌… මිලිටරීකරණය වෙනත් පාරකින් එනවා.. එය රනිල්, සෝභිත.
කවුරු ආවත් එහෙමයි…
උතුරේ ප්‍රශ්නය පිලිබඳ
අඩුම තරමින් පෙඩරල් විසඳුමකට හෝ යන්නට ලැබෙන ඉඩකඩ….
මහින්ද එහෙම කැමති නැහැ කියන්නේ කවුද ? එයා ඉන්නෙත් එම විසදුමේම තමයි..
අනිත් 1 පෙඩරල් විසඳුමකට යාමෙන් උතුරේ ජනතාවට සහනයක් ලැබෙනවා
කියන 1 කලින් වගේම සිහිනයක්….
ඇත්තටම විවේක කාලයක් ලැබෙනවද?
විශේෂයෙන් වමට උතුරේ ස්ථාවර වෙන්න… ලිබරල් එකේම තවත් කොනක්
විශ්වාස කිරීමේ හැගීමෙන් එම තර්ක දිය වෙනව….
පවුල් පාලනයක් ගෙන යන  කවදාවත් සඳලුතලෙන් බහින්න නොහිටපු
උද්දච්ච මිනීමරු චෞර ග්‍රාම්‍ය වැඩවසම් ජාතිවාදී සනුහරයක්
ගෙදර යැව්වම ගන්න පුළුවන් ආතල් එක…  ඒක ගන්න පුළුවන්..
ඒත් ඒ වගේම ජඩයෝ ටිකක් ඉන්න පාලනයක් බිහි කරල…
එහෙනම් උත්තරය මහින්ද ඉන්න එකද?
නැහැ… ඒත් මහින්ද පන්නල ඉම්මු කියන සටන් පාඨත්‍ මේ මොහොතෙ
වලංගු නැහැ …..
එහෙනම් උත්තරේ මොකක්ද? සංවාදය තියෙන්නෙ එතන…
මහින්ද එළවමු කියල අනිත්‍ නඩේට පාර කප කපා ඉන්න 1 නෙව්…..
ලක්මාල් රණබාහු

Vivaraenews

ඔබේ අදහස කියන්න...