මේ වන විට ලංකාවේ පැරණිම වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන සමසමාජය සම කොමියුනිස්ට් පක්ෂය විකල්ප සමසමාජ සහ විකල්ප කොමියුනිස්ට් වශයෙන් කුඩා වී ඇත. මේ වන විට ලංකාවේ වම බෙදී යන්නේ සංඛ්‍යා රේඛාවේ ඝෘණ අක්ෂය දිගේය.

එබැවින් වම කුඩා වීම පිළිබදව අපට මේ අකාරයේ සූත්‍රයක් ඉදිරිපත් කළ හැක. 01, ඊලගට 0.5 ඊලගට 0.25 … මෙම මූලධර්මයට අනුව වමේ පක්ෂ අතර යම් සන්ධානයක් ගොඩ නැගේ නම් ඉලක්කය 01 වීමට අවම වශයෙන් පක්ෂ 07 ක්වත් අවශ්‍යය. මේ වන විට ලංකාවේ සියළුම වමේ පක්ෂ නැවත නැවතත් අභ්‍යන්තරයෙන් බෙදී යමින් පවතියි. එවිට අනාගතයේ දී ලංකාවේ වමේ පක්ෂ හැදැන්විය හැකි පොදු නාමයක් ලෙස ඝෘණ යන පදය යොදනු ඇත. ඒ අනුව ලගදී නැවත බෙදී නව සමසමාජ පක්ෂයේ අලුත් ශාඛාව හැදින්වීමට ඝෘණ නව සමසමාජ පක්ෂය යනුවෙන් යෙදිය හැක. එපදිරිම වාමාංශික නායකයන්ද ඝෘණ නායකයන් ලෙස හැදැන්විය හැක. උදාහරණ-ඝෘණ ලංකාපේලි,ඝෘණ ලීනස් ජයතිලක.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. හා හා ක්ලැසික් — සෘණ ජවිපෙ, සෘණ පෙරටුගාමී , සෘණ පෙරටුගාමී සමාජවාදී , සෘණ පළමු පෙරමුණ, සෘණ අනුර, සෘණ කුමාර , සෘණ කුමාර් ……….

  2. වර්තමානයේ ඊනියා වම සංවිධානය වන්නේ දක්ෂිනාංශික පක්ෂ සහ ආණ්ඩු අනෙකා කරගෙනය. ඔවුන් තුල වමේ යයි කීමට හැකි දේශපාලන යුතොපියාවක් දක්නට නැත.ලිබරල් ධනවාදයෙන් පසු අපේ මිනිස් පරම්පරාවට අනාගතයක් තිබේද ? නැද්ද? යන්න රැදී ඇත්තේ සැබෑ වාමන්ශිකයන්ගේ ක්‍රියා කලාපයන් මතය. කුඩා වන රින වන වමක්‌ යනු ලංකාවේ සැබෑ වමද ? නැතිනම් පවතින ක්‍රමයෙන් මවා දුන් රුකඩ වමක්ද යන්න සිතා බැලිය යුතුය.

Comments are closed.