අද අපි කතා කරන්න යන්නේ,  Kazimir Malevich ගේ black square කෘතිය හරහා වර්ණය අහෝසි කොට සංඥාව හරහා කොහොමද කෘතිය කියවන්නේ කියා. මෙම චිත්‍රය pictorial අර්ථයෙන් ගත්තම පෙනෙන්නේ, කළු කොටුවක්, කළු පැල්ලමක් විතරයි. තවද pictorial අර්ථයෙන් ගත්විට මෙම කෘතිය ගොළුයි. කිසිදු image එකක් නොමැත. එනම් බාහිර යථාර්ථයේ කිසිදු  නිරූපණයක් නොමැත. එම නිසා මෙම චිත්‍ර කියවීමට දාර්ශනික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. එම ප්‍රවේශය අපි මීට අවුරුදු විස්සකට කලින් කලාව හා විසංයෝජනය කෘතිය හරහා සිංහල රසික සමාජයට ගෙන එන ලදී.

මෙම කලාව හා විසංයෝජනය කෘතිය ඒමට පෙර අමුර්තවාදී කලා කෘති ලාංකීය රසික සමාජය කියවූයේ visual element හරහා පමණි. මෙම visual element යනු, රේඛාව, හැඩය, වර්ණය, වයනය හා අගය යන අංග වේ. මෙම දේවල් කෑමක් හදන්න chief කෙනෙක් නිර්දේශ කරන අමුද්‍රව්‍ය වගේ වේ. මේ තුළින් art work එකක් කියවීමට යාමේ දී රූපය, රූපය හරහාම පමණක් සිදුවේ. කිසි දිනක ඒ තුළින් කලා කෘතිය භාෂාවට ගෙනෙන්න බෑ. එම නිසා වචනයට ගෙනෙන්න බැරි කලා කෘතිය තුළ narrative එකක් ගොඩනගන්න බැරි වෙනවා.  එවිට කලා කෘතිය තේරුම් ගන්න බැරිවෙනවා.

තවත් විටක දී ලාංකික කලා විචාරකයන් කලා කෘති කියවීමේ දී the principles of organization භාවිතා කරයි. ඒවා නම්, balance, proportion, dominance, movement, economy and space හරහා කෘතියේ සම්පිණ්ඩනය කියවීම පමණි. 

 

සාමාන්‍යයෙන් කලා කෘතියක් කියවීමේ දී describing, analyzing, interpreting and judging යන කොටස් හතර ඉතා වැදගත් වෙනවා. නමුත් අපේ බොහෝ විචාරකයන් ගේ බොහෝ විචාරවල තියෙන්නේ describing and art work කොටස පමණි. 

නමුත් අප මෙම ලියමන හරහා සාකච්ඡා කරන්නේ, sign හරහා කලා කෘතීන් තේරුම් ගැනීමට ය. Malevich ගේ කලා කෘතියෙන් පෙන්වන්නේ, කලාවේ progress එක අහෝසි කිරීමයි. එවිට වෙන්නේ, කලා කෘතියේ අඛණ්ඩ ප්‍රගතිය අහෝසි වීමයි. ඒක ධනවාදයට විරුද්ධ වීමක්. එනම්, මෙම කලාව කිරීමේ ආකෘතිය ධනවාදයට විරුද්ධ පෙරටුගාමී කලාවක්. මොකද Malevich ජීවත් වුනේ ජෝසප් ස්ටාලින් රුසියාව පාලනය කල යුගයේ දී. නමුත් ලංකාවේ කලාවට සම්බන්ධ අය සිතන්නේ, ස්ටාලින් කලාවට විශාල වාරණයක් ගෙනාවා කියලයි. නමුත් සිදුවන්නේ, කලාව  ධනවාදය වෙත යෑමේ progress එක අහෝසි කිරීමයි. එය කලා කෘතිය ධනවාදය වෙත ගමන් කිරීම වැළැක්වීමයි. එය තමයි පෙරටුගාමි කලාව කියන්නේ (Russian Avant Garde).  

ඇත්තටම මේක new modernism එකක්. එනම් new art form එකක්.  තවදුරටත් Malevich ගේ කලා කෘතිය විචාරය කිරීමේ දී පැහැදිලි වන්නේ,  මෙය ඉන්ද්‍රිය ගෝචරත්වය හරහා කියවිය නොහැකි බවයි.  එනම් මෙම කෘතියේ පැහැය, වයනය  ආදී Phenomenology  හරහා කියවිය නොහැක.  එනම්, මෙය කියවිය හැක්කේ තර්ක ඥානය හරහා පමණි. චිත්‍රයට අදාළ භාෂාව ප්‍රාථමික වේ. එනම්, වර්ණ කියා දෙයක් නොමැත. Malevich ගේ කෘතියේ ඇත්තේ form එකක් පමණි. Malevich ගේ black square කියන්නේ empty ෆෝරම් එකක් පමණි. එහිදී වර්ණය suspend වේ.  වර්ණය යනු, හැගවුම් කාරකයකි. Malevich ගේ කෘතිය ඉදිරියට ගියවිට නරඹන්නාට එනම්, සිතන්නාට (viewer) ලැබෙන්නේ, වර්ණ නොව සංකල්පය පමණි. වර්ණය යනු,  කිසියම් සංකල්පයකි. ඒ අර්ථයෙන් ගත්විට නිල්, කොළ, රතු ආදී වර්ණ නොමැත. ඇත්තේ සංකල්ප පමණි. අප කළු වර්ණය යැයි යම් වර්ණයක්  හදුනා ගැනෙන්නේ, අනෙකුත් වර්ණයන්ට දක්වන වෙනස නිසා වේ. (differences). එනම්, Malevich චිත්‍රය තුළ ඇත්තේ, වර්ණ නොව දෘශ්‍යම ලෝකයෙන් ඈත් වූ සංකල්පීය ලෝකයක් පමණි. එනම්, දෘශ්‍ය මානයට හසු නොවන empty space එකකි.

 

 

-සමබිම පක්ෂය-

ඔබේ අදහස කියන්න...