අප දැන් මේ ජීවත්වන වර්තමානය (Present), මේ පවතින විදියට සකස් කරන ලද්දේ ඔරලෝසු කාලය විසින් නොවේ. අද පවතින දේශපාලන යථාර්ථය ඕපපාතිකව අපගේ හිස් මත කඩාපාත් වූවක් ද නොවේ. එය බිහි කරන ලද්දේ නිශ්චිත දේශපාලන කතිකාවක් විසිනි. එම දේශපාලන කතිකාව 2005 වර්ෂයේදී බිහි කරන ලද්දේ ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසිනි. එකල ඔවුන් අනුමාන කරන ලද්දේ LTTEය විසින් මෙහෙය වන ලද ද්‍රවිඩ ජාතික විමුක්ති අරගලය පරාජය කිරීමට ප්‍රමුඛ තැනක් ලබා  දුන්නොත් එහි ගෞරවය සහ බලය තමන්ට හිමි වනු ඇත යන්නය. ‘බලය සහ කතිකාව’ අතර ඇති සංකීර්ණ සම්බන්ධය අති සරල කිරීම නිසා සරලමතිකයෙකු ජනාධිපති වූ අතර ජවිපෙට ඛණ්ඩනය හමුවිය.

                    කතිකාව (Discourse) නම් වචනය, බහුතර දෙනෙක් අද ජනමාධ්‍ය භාෂාව තුළ විවිධ අන්දමින් ගණිකා වෘත්තියට ගාල් කරනු ලැබේ. කතිකාව නම් සංකල්පයට දේශපාලන හැඩයක් ලබා දුන් පළමු දාර්ශනිකයා මිචෙල් ෆූකෝ ය. ෆූකෝ විසින් කතිකාව යනු කුමක්ද යන්න නිර්වචනය කරන්නේ පහත පරිදිය. ෙමය ඔහු කරන්නේ ‘The order of things’ (දේවල් වල පිළිවෙල) නම් කෘතිය තුළයි.

                     “කතිකාව යනු කිසියම් සංවෘත යුගයකදී අධිපති ඥාණය සහ අධිපති බලය අපට තහවුරු කරන භාෂාමය ක්‍රීඩාවේ නීති රීතින්ය. ඒ අනුව, දෙන ලද යුගයකට අදාළව ඥාණයට සහ බලයට අදාළව සම්මුති සත්‍යයක් ඇත.  එක් යුගයක සත්‍යය ලෙස ගන්නා දෙයක් වෙනත් යුගයක අභාවයට ගමන්  කරයි”.

                 ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය තුළ වාමාංශික දේශපාලනයට සහ මාක්ස්වාදයට සිදුවී ඇත්තේ සමකාලීන ජාතිවාදයට අදාළ ”කතිකාවේ බලය සහ ඥාණය” විසංයෝජනය කිරීමට ඔවුන්ට නොහැකි වීමය. තමන්ට කරන්නට බැරි දේවල් කරන්නට පුළුවන් යැයි බෙරිහන් දෙන විකටයන් බිහි වී ඇත්තේද මේ නිසාය. අද දවසේ අපගේ දෛනික දේශපාලන ජීවිතයට අදාළ කතිකාව මීට වසර 15කට පෙර ජනතා විමුක්ති පෙරමුණ බිහි කළේ පහත පරිදිය. කෙටියෙන් කිවහොත්, ධනවාදය සහ මාක්ස්වාදය සඳහා ”ජාතික ජනාධිපති සහ ජාතිවාදය” කතිකාවක් ලෙස මුලින්ම සංවිධානය කරන ලද්දේ ඔවුන්ය. අද සියල්ලන්ටම ඉහත ඉතිහාසය අමතකය.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [4.79 MB]

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඉතා වැදගත් මතක් කර දීමක්. හැබැයි මේක කරන්න තිබ්බේ ඡන්දයට කලින්. කමක් නැහැ පාර්ලිමේන්තිතු මැතිවරණය කිට්ටු කරලා නැවත මතක් කරමු!

Comments are closed.