පසුගිය දිනෙක සිදුවූ කැබිනට් සංශෝධනයට අදාලව ආයතන වෙන්කිරීම සිදුවූයේ ඊයේ රාත්‍රියේ ගැසට් පත්‍ර සංශෝධනය මඟිනි.ඒ අනුව බාහිර වශයෙන් උමතු ආකාරයට පෙනෙන පරිදි අලුත් ඇමතිවරුන් අතර ආයතන බෙදී ගියේ ය. කූට්ටම මෙහෙම ඇනුවේ කවු? කියා කිසිවෙකුට නිනව්වක් නැත. මීට අදාළ චෝදනාව මේ වන විට එල්ල වෙමින් පවතින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ය. නමුත් මේ විකාර සහගත ක්‍රියාවට ඒ මහතා සම්බන්ධ නැති බවට පක්ෂ අභ්‍යන්තර තොරතුරු මඟින් අනාවරණය වේ.

                  පසුගිය දිනවල අගමැතිවරයාගේ සෞඛ්‍යයට අදාළ ඇමරිකානු සංචාරයත් සමඟ පක්ෂය නොනිල වශයෙන් පාලනය කරන්නේ මලික් සමරවික්‍රම මහතා ය. ඔහු ඕනෑම මිනිසෙකුට “මචං” කියා අමතන සුන්දර මිනිසෙකි. පක්ෂය තුළ සිටින සජිත්වාදීන්ව හීලෑ කිරීම සඳහා ඔහු විවිධ උපක්‍රම පාවිච්චි කරමින් සිටියි. UNP පාක්ෂිකයින් හොඳින් දන්නා පරිදි ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර වැනි UNP ඇමතිවරුන් උග්‍ර සජිත්වාදීන් ය. ඔවුන්  සඳහා විශේෂ වර්ගයේ පශ්චාත් – නූතන සීනි කැවීමේ තරඟයක් වහා අවශ්‍ය බව මලික් සමරවික්‍රම මහතාගේ විශ්වාසයයි. ඒ නිසා “තත්වය බැලන්ස්” කිරීම සඳහා රවීට ලොතරැයි සහ ඉතිරි අයට අයිස් ක්‍රීම් [නිළියන්] ප්‍රදානය කර ඇත.

                 මලික් සමරවික්‍රම මේ සියල්ල සිදු කරන්නේ මේ වසරේ අගෝස්තු මාසයේදී ඇති විය හැකි අවිනිශ්චිතතාවයන් මඟහැරීමයට ය. එක පැත්තකින් ජනාධිපතිවරයා ඉතා කාර්යක්ෂම ලෙස UNP ය  ඇතුළතින් බෙදමින් සිටින අතර, අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළතින් බෙදමින් සිටියි.විශාල ප්‍රපංචයක ප්‍රතිවිරෝධතා ශූර ලෙස මෙහෙයවීමට අනාගතයේදී කාට හැකිවේද යන්න දැනට අවිනිශ්චිතය.  ඒ නිසා මෙතන ලෙනින්වාදී නිමේෂයක් ඉතුරුවී ඇත.

සමහරුන්ට අනුව මේ වන විට හැමදෙයක්ම ජනාධිපති වරයාට අවශ්‍ය අයුරින් දිගටම සිදුවේ. 

New Theory -” ඉත්තා නිපදවන්නේ මම තමයි. හැබැයි ඉත්තාටත් වැඩක් තියෙනවා. තත්ත්වය සංකීර්ණ වන්නේ , මමත් නොවන , ඉත්තාත් නොවන , තුන්වෙනි පාර්ශවයක් විසින් ඉත්තාගෙන් වැඩ ගැනීමට ඇති හැකියාවයි. එවිට තීරණාත්මක මොහොතේදී මමත්ඉත්තාත් යන දෙදෙනාම කැපී යා හැකිය.”

Lenin-

[කිසිදු මාධ්‍යයක පැල-නොවන මෙවැනි වාර්තා ඉදිරියේදී 3mana වෙබ් අඩිවියෙන් බලාපොරොත්තු වන්න.]

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.