පසුගිය නොවැම්බර් මාසයේ “වමේ සංවාදයකට” සහභාගි වන ලෙස පෙරටුගාමී සමාජවා දී පක්ෂය (පෙසප) විසින් කරන ලද ආරාධනයක් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක හෙලා ප‍්‍රතික්ෂේප කලේය. සසප අවධාරනය කලේ එම ඊනියා සංවාදය කම්කරු පන්තිය ධනපති ක‍්‍රමයට හිර කිරීමේ අලුත් උගුලක් මෑනීම සඳහා ව්‍යාජ වම්මුන් ඇතුලු මධ්‍යම පන්තික සංවිධානවල නව කාන්ඩ ගැසීමකට දරන ප‍්‍රයත්නයක් බවයි. (සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් පෙසපට යවන ලද ලිපිය බලන්න. …)

“මැයි දිනය පිලිබඳව මහජන සංවාදයක් ඇති කිරීමට” යයි පෙසප අපේ‍්‍රල් මාසයේ අග සංවිධානය කර තිබූ රැස්වීම් සසප කල එම අනතුරු ඇඟවීම මනාව සනාථ කෙරුනු අවස්ථාවක් විය. “මැයි දිනයට කටුස්සොත් රතු පාටයි” යන විකාර තේමාවක් යටතේ කොලඹ හා මහනුවර පැවැත්වූ මෙම රැස්වීම්වලට ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද පශ්චාත්-නූතනවාදී ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්ෂය (ශී‍්‍රලපෙප) සහ අපකීර්තිමත් ස්ටැලින්වාදය අනුයන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (මාක්ස්-ලෙනින්වාදී) පක්ෂය ද සහභාගී විය.

පෙසප කොලඹ රැස්වීමේ ප‍්‍රමුඛ කතිකයෙක් වූයේ ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුනරත්න නැමැත්තාය. ඔහුගේ කතාවෙන් සෑහෙන කාලයක් මිඩංගු කලේ කම්කරුවා හා ධනපතියා කවුරුන්දැයි නිශ්චිතව හඳුනාගත නො හැකි තරමට තත්වය වෙනස් වී තිබෙන බව අසන්නන්ට තහවුරු කිරීමටයි. පෙසප වමේ සංවාදයක් කැඳවීම සඳහා කල යෝජනාව ආරක්ෂා කරමින්, සසප එය ප‍්‍රතික්ෂේප කිරීම “විවේචනය කිරීමට” ඉදිරිපත් වූයේ ගුනරත්න ගේ පක්ෂයයි. රැස්වීමේ අනෙක් කථිකයන් ඔහුගේ කතාව අඩුවැඩි වසයෙන් පුනරුච්චාරනය කලහ.

ගුනරත්න සිය කතාවේදී මෙසේ කීවේය: “ලංකාවේ ධනවාදය හා ධනපතියො කවුද කියල ප‍්‍රශ්නයක් තියනවා. සම්ප‍්‍රදායික වමේ භාෂාව අනුව නම් මට මේ වෙලාවේ උදවු කරන්නේ ධනපතියො කියන්න පුලුවන් [සත්තකින්ම]”. ගුනරත්නට ලංකාවේ මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් සමග වැඩ කිරීමේ අවස්ථාවක් ලැබී තිබේ. “එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇඳල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා තියෙනවා. ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරනි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හඳුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා.”

මේ ප‍්‍රකාශවල සාරය නම් කම්කරු පන්තියක් යනුවෙන් හඳුනා ගත හැකි පන්තියක් නැත: ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යන්නේ “පීඩිතයන් ය”. කම්කරුවෙක් හා ධනපතියෙක් ගැන ඔහුට ලැබුනේ යැයි කියන තුට්ටුදෙකේ අනුභූතියක් සාමාන්‍යකරනයක් බවට පත් කරන ගුනරත්න කම්කරු පන්තියක් නැති බව ගොඩින්ම නිගමනය කරයි. ඒ හෝ මේ මොහොතේ කම්කරුවෙකු කියන දෙයින් හෝ ඇසට පෙනෙන දෙයින් කම්කරුවා හඳුන්වන්නට තටමන මේ ප‍්‍රවිෂ්ටය පෙන්නුම් කරන්නනේ ගුනරත්න පාදකව සිටින ආත්මීය විඥානවාදී විධික‍්‍රමය යි.

ගුනරත්න සහ ඔහුගේ පෙරටුගාමී පක්ෂය සිය ගුරාලා ලෙස අනු යන්නේ කම්කරු පන්තිය අහෝසිවී, මාක්ස්වාදය ද අවලංගු ව සමාජවාදයට ඉඩක් නැති බව අවධාරනය කරන පශ්චාත් නූතනවාදී ජැක්ස් ලැකාන්, පශ්චාත් මාක්ස්වාදී අර්නේස්ටෝ ලැක්ලාවූ හා ස්ලවෝජ් ජිජෙක් ආදීන් ය. ලැක්ලාවූ හා ඔහු ගේ සහකරු චන්ටාල් මවුෆෙ Hegemony and Socialist Strategy (හෙජමොනි ඇන්ඩ් සෝෂලිස්ට් ස්ට‍්‍රැටෙජි) නම්වූ කෘතියේ දෙවන මුද්‍රනයේ ප‍්‍රස්තාවනාවේ මෙසේ සඳහන් කලහ:

“දැන් අර්බුදයට පත්ව ඇත්තේ, කම්කරු පන්තියේ සත්භාවයේ කේන්ද්‍රීයත්වය මත ද එක් වර්ගයක සමාජයක් තවෙකකට පරිවර්තනය වීමේදී ආරම්භක මොහොත ලෙස කැපිටල් “ආර්” අකුරෙන් අරඹන විප්ලවයක භූමිකාව මත ද දේශපාලනයේ ක්ෂනය නිෂ්පල බවට පත් කරන පරිපූර්නව ඒකීය හා සමජාතීය සාමුහිකත්වයක් පිලිබඳ මිථ්‍යාමය අපේක්ෂා මත ද පාදක වූ සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පයකි…

“මාක්ස්වාදී න්‍යායේ මවා පෑම් සහ වලංගු භාවයෙහි ක්ෂේත‍්‍රය ද පහලට දැමීමේ දී එම න්‍යායට ගැඹුරින්ම ආවේනික යමකින් අප බිඳී වෙන් වනවා නොවේද: ඒ දෙය නම්, සිය ප‍්‍රවර්ගයන්ගේ මාර්ගයෙන් ඉතිහාසයේ සාරය හෝ යටින් පවත්නා අර්ථය ග‍්‍රහනය කර ගැනීමට මාක්ස්වාදයට පවත්නා අද්වෛතවාදී විජිගීශාවය. මෙයට දියහැකි පිලිතුර නම් ඔව් යන්නයි.

“‘සාර්වති‍්‍රක පන්තියක’ සත්භාවීය වරප‍්‍රසාදිත තත්වයක් මත පාදකවූ ඥාන විභාගාත්මක මොනම වරදානයක් වුව අප විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් පමනක් ම ය, අපට මාක්ස්වාදී ප‍්‍රවර්ගයන්ගේ වර්තමාන වලංගු භාවයේ පරිමාව ගැන බැරෑරුම්ව සාකච්චා කල හැක්කේ. අප දැන් පිහිටා සිටින්නේ පශ්චාත්-මාක්ස්වාදී තලයක ය යන්න අප මේ අවස්ථාවේදී පැහැදිලි කල යුතුව ඇත. මාක්ස්වාදය විසින් විස්තාරනය කරන ලද ආත්මීයත්වය සහ පන්ති පිලිබඳ සංකල්පය හෝ ධනේශ්වරයේ සංවර්ධන මාවත පිලිබඳ මාක්ස්වාදයේ දැක්ම හෝ කොමියුනිස්ට්වාදය වනාහී ප‍්‍රතිඝතිතා රහිත පාරදෘශ්‍ය සමාජයක් ය යන සංකල්පය හෝ තවදුරටත් පවත්වාගෙන යා නොහැකිය”. (උපුටා ගැනීම ව්‍යාජ-වමේ න්‍යායික හා ඓතිහාසික සම්භවයෝ මැයෙන් ඩේවිඩ් නෝර්ත් එක්සත් ජනපදයේ සසප දෙවැනි සමුලුවට ඉදිරිපත් කල වාර්තාවෙනි).

මාක්ස්වාදී ප‍්‍රවර්ගයන් බිඳහෙලා අලූත් ප‍්‍රවර්ග සකස්කල යුතුයයි ප‍්‍රකාශ කල ලක්ලාවූ කම්කරු පන්තිය අහෝසිවී ඇති තතු තුල ජනතාවාදී ව්‍යාපාර හෝ සමාජ ව්‍යාපාරයන් ගොඩ නැගිය යුතු බව යෝජනා කලේ ය. ඔවුන්ගෙන් ප‍්‍රකාශයට පත්වූයේ ධනපති ක‍්‍රමයේ ගෝලීයකරනයට අනුගතව අධිරාජ්‍යවාදයේ නව අවශ්‍යතාවලට කම්කරු පන්තිය යට කිරීම සඳහා ජාත්‍යන්තරවම වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්වල නව දක්ෂිනාංශික හැරීමකි. ලෝක ධනවාදී අර්බුදයේ නව බිඳ වැටීමේ කාල පරිච්චේදයක් 2008 අගෝස්තු ඇමරිකානු මුල්‍ය ආයතන වල කඩා වැටීමෙන් සලකුනු වී සමාජ පිපිරීම් සෑම රටකම ඉස්මත්තට එන තත්වයක ඒවා යටපත් කිරීම සඳහා මෙම ප‍්‍රවනතා ඉටු කරන්නේ අතිශය දුෂ්ට කි‍්‍රයාකලාපයකි.

ගුනරත්නගේ පක්ෂය කම්කරු පන්තිය සමග මොනම සම්බන්ධයක් වත් ඇති සංවිධානයක් නොවේ. කම්කරු පන්තියක් නැතියි කියා සිටින ඔහු ඊනියා මහජන ව්‍යාපාරයන් ගොඩ නැගීමට කැපවූ කන්ඩායම් වර්නනා කරයි. ලංකාව තුල නම් පෙසපය. ජිජෙක් විසින් වර්නනා කෙරෙන, ගී‍්‍රසියේ සයිරිසා (වමේ සභාගය) තවත් එබඳු ව්‍යාපාරයකි. එරට ධනපති පන්තියේ කොටසක් හා ජන මාධ්‍ය ද සයිරිසා පුම්බා පෙරට ගෙනවුත් කම්කරු පන්ති අරගල කොටුකර දැමීමට උපකරනයක් ලෙස යොදා ගනිමින් සිටියි. සයිරිසා නායක ඇලෙක්සි සිප්රාස් සහ ජිජෙක් අතර ගිය වසරේ සැප්තැම්බරයේ පැවති “කුමන්ත‍්‍රනකාරී විවාදය” පෙරටුගාමී පක්ෂයේ වෙබ් අඩවියේ ප‍්‍රමුඛව පලකර තිබුනි. සිප්රාස්, සයිරිසා බලයට ආවත් යුරෝපීය හා ඇමෙරිකානු මුල්‍යාධිපතීන්ට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවට දිවුරුම් දී ඇති පුද්ගලයෙකි.

ගුනරත්න සිය කතාවල දී හා වෙබ් අඩවියේ ප‍්‍රකාශන තුල වැඩකරන ජනතාව හෙලා දැක ඇත්තේ “මෝඩයෝ, අමනයෝ, තකතිරුවෝ” ආදී ඔහුට ම පටබැඳිය හැකි කුනු හරුප වලිනි. ජිජෙක් ලන්ඩනයේ 2011 තරුන කැරලිකරුවන් හැඳින්වුයේ “හැඩි රැලක්, මුර්ගයන්” ආදී හෙලා දැකීම් මගිනි. මෙවන් තුච්ච “මනෝ විශ්ලේෂන” පෙන්නුම් කරන්නේ ඔවුන් නායක්තවය දෙන හා ප‍්‍රවර්ධනය කරන සංවිධානය වන කම්කරු විරෝධී ගමනයි.

තාක්ෂනික විප්ලවයට ද ඒ හා සම්බන්ධිතව නිෂ්පාදන කි‍්‍රයාවලීන්ගේ ඇතිව තිබෙන විප්ලවීය වෙනස්කම්වලට ද ධනවාදයේ මූලික නිෂ්පාදන සම්බන්ධතාව වන වැටුප් ශ‍්‍රමය සහ ප‍්‍රාග්ධනය අතර සම්බන්ධතාව අතික‍්‍රමනය කිරීමට හැකිවී නැත. සිදුව ඇත්තේ කම්කරු පන්තිය “අහෝසි වීම” නොව, ශ‍්‍රමයේ රූපාකාරයන් වෙනස් වීමයි. නුතන තාක්ෂනික ඥානය ද නිපුනතා ද සහිතව කම්කරුවෝ, පෙර කම්කරුවන් ශ‍්‍රමය වැය කිරීමේදී මෙන්ම, ලාභය නිෂ්පාදනය කිරීමේ වෛෂයික සමාජ සම්බන්ධතාවයෙන් යුතුව ප‍්‍රාග්ධනය ඉදිරියේ සිටිති.

අද්‍යතන මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය කෙරෙහි ගුනරත්න වයිරයෙන් දැවෙයි. ඊට හේතුව, ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි සමාජවාදී සමානතා පක්ෂ පමනක්ම කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ද ඇතුලු සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්ප හා මූලධර්ම තරයේ ආරක්ෂා කරන බැවිනි. අනෙකුත් සියලු වමේ යයි කියාගත් සංවිධාන මාක්ස්වාදය ද කම්කරු පන්තිය ගැන ද යම් උත්සුකයක් ඇතැයි කල මවා පෑම් පවා හැරපියා ධනේශ්වරයේ කඳවුරට සීග‍්‍රයෙන් මාරුවී ගියේ 1991 සෝවියට් සංගමය බිඳ වැටීමත් සමගයි.

ගුනරත්න තම වෛරය වමාරා ඇත්තේ මෙසේය: “අද වෙන කොට ට්‍රොට්ස්කිවාදය ඉවරයි. මගේ අදහස ගෝලීය ධනවාදය විග‍්‍රහ කිරීම සඳහා ලෝක දැක්මක් විධියට ටෙ‍්‍ර‍්‍රාට්ස්කිවාදයට තව දුරටත් බැහැ. ට්‍රොට්ස්කිවාදය හැම වෙලේම අවධාරනය කරන්නේ වාස්තවික යතාර්ථය. එහෙත් ගෝලීයකරනය එක්ක ප‍්‍රශ්නය තිබෙන්නේ ආත්ම මූලිකත්වය තුල”.

මෙම තකතිරු ප‍්‍රකාශ කරන පුද්ගලයා ට්‍රොට්ස්කිවාදය ගැන පමනක් නොව හජාජාක නිෂ්පාදනයේ ගෝලීය කරනය ගැන කර ඇති බැරෑරුම් විශ්ලේෂනය ගැන පවා දැනීමක් නැත්තෙකි. නිෂ්පාදනයේ ගෝලීයකරනය හාත්පසින්ම මාක්ස්වාදී විශ්ලේශනයකට භාජන කලේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනි. වාස්තවික යතාර්ථය ඥානනය කිරීමකින් තොරව ධනපති ක‍්‍රමය තුල මෙම වෙනස් කම් ද එතුල, ධනපතිවාදයට වැඩකරන ජනතාව ගැට ගසන දහසක් දෘෂ්ටි බන්ධන ද වටහා ගැනීමත් ඒවා කපා හෙලීමත් කල නොහැකිය.

ලෙනින් වෛෂයික යථාර්ථය ඥානනය සම්බන්ධයෙන් කල මෙම අවධාරනය අතිශය වැදගත්ය: “ඔබ ජීවත්වීම හා ඔබගේ කටයුතුවල යෙදීම ද යන දරුවන් ලැබීම ද, නිෂ්පාදිතයන් නිෂ්පාදනය කිරීම හා ඒවා හුවමාරු කර ගැනීම වෛෂයිකව ආවශ්‍ය සිද්ධි දාමයක්, වර්ධනයේ දාමයක් පැන නංවයි. මෙය ඔබගේ සමාජ විඥානයෙන් ස්වාධීන වන අතර, එය සමාජ විඥානය විසින් කවර කලෙකවත් මුලුමනින් ම ග‍්‍රහනය කර ගනු නොලැබේ.

“මානව වර්ගයාගේ ඉහල ම කර්තව්‍යය වන්නේ ආර්ථික වර්ධනයේ මෙම වෛෂයික තර්කනය (සමාජ ජීවිතයේ විකාශනය), එහි පොදු හා අති මූලික විලක්ෂනයන්ගෙන් යුක්තව අවබෝධ කරගෙන, තමන්ගේ සමාජ විඥානය ද සියලුම ධනේශ්වර රටවල දියුනු පන්තීන්ගේ සමාජ විඥානය ද හැකිතාක් නිශ්චිත, පැහැදිලි සහ විචාරාත්මක ආකාරයකට ඊට අනුකූලව හැඩ ගස්වා ගැනීම ය”. (ලෙනින්: සංගෘහිත කෘති, 14 වන වෙලුම මොස්කව් 1977, 325 පි.)

ගුනරත්න, ධනපති නිෂ්පාදනයේ ගෝලීයකරනය සමග මුදා හැරුනු ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන් විසින් අවශෝෂනය කර ගැනුනු මධ්‍යම පන්තික සමාජ තට්ටුවල එක නියෝජිතයෙකි. ඔහු හෝ එම සභාවේ කතාකල එක අයෙකු හෝ “වාස්තවික යථාර්ථය” -එනම් අද ලෝක දේශපාලනය සංලක්ෂිත වන, ගෝලීයකරනය තුල ධනවාදයේ පරස්පරවිරෝධයන් තියනුවී බිඳවැටීමක් කරා එය ගමන් කිරීම හා මානව වර්ගයා න්‍යෂ්ටික බලයෙන් අතුගෑවී යාහැකි තුන්වන ලෝක යුද්ධයක තර්ජනයක් මතුවීම–ගැන කතා නොකිරීම පුදුමයක් නොවේ. රැුස්වීමේ කථිකයෝ කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ගැන හා මාක්ස්වාදය ගැන අසාරදර්ශනය වපුරා අධිරාජ්‍යවාදයට තම කැපවීම පෙන්නුම් කලහ.

පෙසප හා එහි දක්ෂිනාංශික හවුලේ කි‍්‍රයාකලාපය පෙන්නුම් කිරීමට අනෙක් කථිකයන් දෙදෙනෙකුගේ වාගාලාප ගැන සඳහන් කිරීම වටී. පෙසපෙන් කතා කල චමීර කොස්වත්ත ගුනරත්නගේ අවලාද ද පුනරුච්චාරනය කරමින් කම්කරුවන් හෙලා දැක්කේ මෙසේය: “එදා සූරා කෑමට විරුද්ධව සටන් කලා. පැය 8 වැඩ දිනයකට. අද ශ‍්‍රමිකයෝ පැය දොලහේ වැඩ ඉල්ලනවා? ඕටී ඉල්ලගෙන කරනවා. එදයි අදයි මේ වෙනස කුමක් ද? පන්තියක් අද හඳුනගන්න පුලුවන්ද? … පන්ති තියෙනවද? එදා හිටපු නිර්ධනයගෙයි අද ඉන්න නිර්ධනයගෙයි වෙනසක් තියෙනවද? ඒ වෙනස මොකක්ද?” [මේ ප‍්‍රශ්න වලට ඔහු උත්තර දුන්නේ නැත.] අසංවිධිත කම්කරුවන් “සංවිධානය කරන්න ගියාම ධනවාදයට ඒක උරා ගන්නවා. මේක තමයි ඉතිහාසයේ අත්දැකීම …. එදාට වඩා ධනවාදය අද සංකීර්නයි”.

ව්‍යාජ වාම ප‍්‍රවනතා දක්ෂිනාංශික හවුල්වලට ආවරනය සපයමින් උඩගෙඩි දෙන හැටි නසසපයෙන් සහභාගී වූ ලීනස් ජයතිලකගෙන් ප‍්‍රකාශයට පත් විය. ඔහු මෙසේ සඳහන් කලේය: “වැඩකරන ජනතාව මේ රටේ ඉතිහාසයේ කරපු දියුනුම සටන 1953 හර්තාලය” යි මුනිච්චාවට කී ඔහු ලංකා ඉතිහාසයේ අමතක කල නොහැකි අනෙක් නැගිටීම් තරුනයන් අතරින් පැන නැගී බව කීවේය. එකක් 1971 ජනතා විමුක්ති පෙරමුන සිදුකල කැරැල්ල හා එම පක්ෂයම 1988-1990 සිදුකල ෆැසිස්ට් කැරලි ය. අනෙක එල්ටීටීඊ යේ බෙදුම්වාදී සන්නද්ධ අරගලයයි. ගාම්භීර කමක් ආරූඪ කරගෙන ජයතිලක මේ සටන්වල ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගතයුතු යයි ප‍්‍රකාශ කලේ හිතා මතාම එම පාඩම් වහංගු කරමින් නසසපයේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය ආවරනය කරමින් අසන්නන් නොමග යැවීමටයි.

ට්‍රොට්ස්කිවාදයෙන් පල්ලම් බසිමින් සිටි තතු තුල ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හර්තාලය කැඳවූ නමුත් ඊට විප්ලවවාදී නායකත්වයක් සම්පාදනය කලේ නැත. 1971 ජවිපෙ කැරැල්ල කම්කරු පන්තියෙන් ඉවතට හැරුනු අතිධාවනකාරී කි‍්‍රයාවකි. ජවිපෙ පාදකව සිටියේ සිංහල වර්ගවාදය, ස්ටැලින්වාදය හා ගුවෙරාවාදය එකට කලතාගත් දේශපාලනයක් මතය. 1983 ඇරඹු කොලඹ ආන්ඩුවල වර්ගවාදී යුද්ධයට සහයෝගය දෙමින් දකුනට පැදගිය ජවිපෙ 1988-1990 සමයේ කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් කැරලිවල නිරතවී පසුව ධනපති සංස්ථාපිතයට එක්ව සිටී. ධනපති එල්ටීටීඊය බෙදුම්වාදී කැරැල්ල ගෙන ගියේ මහා බලයන් මත විස්වාසය තබාගෙනය.

1964 ශී‍්‍රලනිපය සමග සභාග ආන්ඩුවකට ලසසපය රිංගන විට එහි සාමාජිකයන් වූ වික‍්‍රමබාහු කරුනාරත්න සහ සිරිතුංග ජයසුරිය ඇතුලු පිරිස 1971 ජවිපෙ මඩිනවිට සභාග ආන්ඩුව ඇතුලේය. මොවුන් 1979 නසසපය පිහිටුවූ තැන පටන් ද ලංකාවේ සියලුම ධනපති පක්ෂ සමග පෙරමුනු ගැසීමේ කැත ඉතිහාසයකට උරුමකම කියයි. 1988-1990 සමයේ නසසප ජවිපෙ හා ගම්බද තරුනයන් මැඩීමට හැදු ආන්ඩුවට සම්බන්ධ කල්ලි සමග කි‍්‍රයා කලේය. නසසප දැන් එජාපය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෙක් ලෙස හුවා දැක්වීමට එය සමග සන්ධාන ගත කි‍්‍රයාවල යෙදෙයි. නසසපය එල්ල කරගෙන සිටින්නේ අලුත් කාන්ඩ ගැසීම ඇමෙරිකානු ගැති එජාපය පසුපස ගාල් කර ගැනීමටයි.

පෙසප කැඳවූ ඊනියා මැයි දින සංවාදය සලකුනු කලේ ලංකාව තුල මාක්ස්වාදයට හා කම්කරු පන්තියට එරෙහිව දක්ෂිනාංශික මධ්‍යම පන්තික කල්ලි ගොනුවීමකි. ජාත්‍යන්තරවම මෙවන් කල්ලිවල භීතිය උත්සන්න වී ඇත්තේ ලකාන්, ලක්ලාවූ ප‍්‍රමුඛ කොටස් අහෝසිවී ගියේයැයි කී කම්කරු පන්තිය විප්ලවවාදී අරගලවල දර්ශන පථයට පැමිනීමයි. මහා ධන සම්පත් එක ධ‍්‍රැවයක ද දිලිඳුකම අනෙක් ධ‍්‍රැවයේද ගොඩ ගැසෙමින් සමාජ පිපිරීම් සඳහා කොන්දේසි සකස් වී ඇත. මෙම කන්ඩායම් එක පොදියට රොක් කරනු ලැබ ඇත්තේ කම්කරු පන්තිය හා මාක්ස්වාදය කෙරෙහි පොදුවේ පවත්නා සතුරු කමිනි.

කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් හා සමාජවාදය ගැන උනන්දුවන බුද්ධි ජීවීන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ කුනුවන ධපති ක‍්‍රමය රැකීමට කැපවූ ජාත්‍යන්තර ප‍්‍රවනතාවන්ගේ දිගුවක් නියෝජනය කරන පෙසප ප‍්‍රමුඛ මෙම හවුල තරයේම ප‍්‍රතික්ෂේප කරන ලෙසයි. ඔවුන්ගේ කර්තව්‍ය විය යුත්තේ සසපට හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයට බැඳී සමාජවාදී විප්ලවය සඳහා නායකත්වය ගොඩනැගීමට සටන් කිරීමයි.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. සතුුරන් දෙදෙනෙකු විසින් එක විට එකම අදහසක් ප‍්‍රකාශ කර ඇත.

    විජේ ඩයස් ආරක්ෂා කරන්නේ මාක්ස්වාදය සම`ග මුසු වුණු ලෙනින්වාදය සහ ට්‍රොස්කිවාදයයි.

    දීප්ති ගුණරත්න විසින් ආරක්ෂා කරන්නේ මාක්ස් විසින් අනුමත කළ එහෙත් ලෙනින් විසින් මහා වාදයක් මැද එතරම් ගණන් නොගත් ධනේෂ්වර සංවර්ධන කි‍්‍රයාවලියයි.

    දීප්තිගේ අවුල වන්නේ විජේ ඩයස් කියන පරිදිම අනුභූතික නිදසුන් ගෙන හැර පෑමය.

    විජේ ඩයස්ගේ අවුල වන්නේ ඔහුම අනුමත කරන ‘වාස්තවික යථාර්තය‘ වන ධනේෂ්වර සංවර්ධන කි‍්‍රයාවලිය ප‍්‍රතික්ෂෙප කිරීීීමයි.

    විජේ ඩයස්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්ණය නම් ඔබ විසින් ධනේෂ්වර සංවර්ධන කි‍්‍රයාවලිය පිළි ගන්නවාද නැද්ද යන්නයි.

    දීප්තිගෙන් ඇසිය යුතු ප‍්‍රශ්ණය නම් ඔබ විසින් ඔබටම එරෙහිව තවදුරටත් ලෙනින්වාදයෙහි බොරුවට එල්ලී සිටින්නේ මන්ද යන්නයි.

    මේ දෙදෙනාටම විප්ලවයක් කළ නොහැක්කේ එවැන්නක් සිදුවීමට නියමිත නැති බැවිනි.

    මන්ද අනාගතයේදී ධනේෂ්වරය විසින් සිය අර්බුදයට විසදුම ලෙස තමන් විසින්ම සමාජවාදය තෝරා ගන්නා හෙයිනි. ( කම්කරුවන්ට කොටස් වෙළ`දපොළ විවෘත කිරීම මගින් *

    එවිට කම්කරු පන්තියට කළ හැකි බිජ්ජක් නොමැත. ඔවුනට උරුම කාර්යය වන්නේ මේ දැන් පරිදිම ධනේෂ්වර ප‍්‍රතිසංස්කරණ ඉල්ලා වෘත්තීය අරගල කිරීම පමනි.

    ධනේෂ්වරය විසින්ම විසදුම් සොයා ගන්නා තුරු අවශ්‍යය නම් නිරභීත කොල්ලන් හට චේ ගුවේරා පන්නයේ විප්ලවයක් කර තවත් කියුබාවන් නිර්මාණය කළ හැක.

    මගේ අදහස නම් මේ තිබෙන ක‍්‍රමයට වඩා එය හො`ද බවය.

    අසා සිටි ඔබ සැමට ස්තූතියි.

  2. කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් හා සමාජවාදය ගැන උනන්දුවන බුද්ධි ජීවීන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ කුනුවන ධපති ක‍්‍රමය රැකීමට කැපවූ ජාත්‍යන්තර ප‍්‍රවනතාවන්ගේ දිගුවක් නියෝජනය කරන පෙසප ප‍්‍රමුඛ මෙම හවුල තරයේම ප‍්‍රතික්ෂේප කරන ලෙසයි. ——————–මම සැහෙන කාලයක් ගම්ලත් අදුරු තම හා පරණ විප්ලවවාදී කොමියුනිස් ස්පාටස්සිට් කට්ටිය අනුගමනය කලා. ට්‍රොට්ස්කි වාදය කියන්න සමාජවාදී අරගලයේ එක ගඩොලක් හා පිහිටුවන සමාජවාදී සමාජය නමැති ගෙයි එක බිත්තියක් පමණයි. දීප්ති කියන කතාවේ ඇත්තක් තිබෙනවා. ලංකාවේ අරගලය ඉදිරියට ගෙන යන්නේ ඉහත වාමාංශික සන්ධානය මිසක් ට්‍රොට්ස්ක්ය්වාදීන් නොවන බව අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ධනවාදී රටවල් ට්‍රොට්ස්කි සංවිධාන අද අතරමන් වෙලා ඉන්නේ. හෙට අනිද්දට ඔවුන්ගේ බහුතරයත් අපට එකතු වෙනවා. එදාට සසපත් එතනට එයි.

  3. මේක කියෙව්වට පස්සෙ මම දැන් හොදටම සමාජවාදී වෙලයි ඉන්නෙ. හොද පුතාල වගේ මාව අරගෙන ගිහින් පිස්සන්කොටුවට දාපල්ල.

  4. අර තාත්තා කිව්ව වගේ මේව දැක්කහම පිස්සු තමියි…හහ්.හහ්..මචංල අ‍ැයි බන් මේ ප්‍රශ්න දැක්ක ගමන් සමාජවාදයෙන්ම චූන් වෙන්නෙ . වෙනස් විදිහට හිතන්නම බැයිද praxis ගැන කියල (commiuinty )ඒකට සාමූහිකය කියන නොගැලපෙන වචනඑකතුකරල සුමිත් වාමින්දත් අලුතින් කියල මේ හැමෝම ගහන පරණ පදේම ගහන්න පටන්ගත්ත ” ධනවාදය භංගවේවා !!!ධනවාදය භංගවේවවා!!! විකොසෙ (සසප)හැම ලිපියක්ම පොතක්ම පත්‍රිකාවක්ම අවසානෙට ඉවරවෙන්නෙ 4 වෙනි ජ්‍යාත්යන්තරයේ ජ්‍යාත්යන්තරමට බැඳී ඒ වැඩපිලිවෙලට සටන් කිරීමෙන් අදාල විමුක්තිය ලබාගත හැකි බවයි… වාසු /දී්ප්ති/ ජෙප්පො (ජෙප්පො නන් ඉතින් අමුම අමු මැටි කරත්තනෙ )හැමෝම ගිරව් වගේ බර බර වචන දාල අන්තිමට සමාජවාදෙට එනව හොදයි අපි මේකම praxis එකක් විදිහට ගෙන වැඩ පටන්ගන්න පුලුවන් ඒත් සිද්ද වෙන්නෙ තේරැම් ගැනීම නෙමෙයි අනිකට කෙලවලන්න ඇති මනෝමූලික අවශ්‍යතාව විතරයි . ඒක වැඩක් නෑ මචංල තේරම් ගැනීමක් නැතිව ( නිදහස්ව හිතන්න බැරි කම )එක එකාගෙ කයිය වැඩක් නෑ අර තාත්ත කිව්ව එක ඇත්තටම සිරා

Comments are closed.