90 දශකය විසින් මතුකළ දේශපාලන අවකාශයන් සහ පුද්ගල ප්‍රතිරූපයන් මේ වන විට අභාවයට ගොස් ඇත. සමහර අංශ වලින් එය අපටමත් අදාලය. අපගේ ඉතිහාසය තුළ අපගේම චින්තනයේ සහ ව්‍යවහාරයේ කුමක් මිය ගියේ ද? කුමක් ජීවමාන ද යන්න ගැන අප දැනුවත්ය.

කුමුදු කුසුම් කුමාරට අදාලවත් කිව හැක්කේ ඉහත ටිකමය. අප හා සම්බන්ධ යම් දේවල් ඔහු තුළ මිය ගොස් ඇති අතර සමහර දේවල් ‘වරදකාරීත්වය’ නම් මනෝභාවය තුළ ගිලී ගොස් ඇත. විශ්ව-විද්‍යාලය හෝ එහි ගුරුවරුන්ට අදාලව අපට අලුතින් කීමට දෙයක් නැත. ලංකාවේ අනාගතයේ ඇති කළ හැකි පුළුල් දේශපාලන ව්‍යාපෘතියක් තුළ මිස විශ්ව-විද්‍යාල අධ්‍යපනයට අනාගතයක් නැත. සිදු වීමට නියමිත වන්නේ මැදපන්ති කයන් තම දරුවන් පිටරට විශ්ව විද්‍යාල වලට පැටවීමය.

බොහෝ දෙනා ලංකාවේ දී තමන් සහ අපගේ දේශපාලන ව්‍යාපෘතියට අදාලව ගොඩනගන ආඛ්‍යානය පුද්ගලවාදීය. එය කුමුදුටත් අදාලය. උදාහරණයක් ලෙස ලියනගේ අමරකීර්තිට රැඩිකල් බුද්ධිමතෙකු ලෙස පිළිගැනීමක් නොලැබුනේ ඔහු X දේශපාලනය නිශේධ කළ නිසාය.  කොටින්ම මාලින්ද සෙනෙවිරත්න, ධම්මික අමරකෝන් වැනි ජාතිකවාදී බුද්ධිමතුන්ට පවා කළ එළිය ලැබුනේ අප නිසාය. X දේශපාලනයට පෙර SSA හී යම් රැඩිකල් නව මාක්ස්වාදී චින්තනයක් හටගත් මුත් එය පසුව අවසන් විය.

දේශපාලන ව්‍යාපාරයකින් වියෝ වී හුදකලාව බුද්ධිමතුන් පැණ නගින්නේ නැත. අනෙක් අතට පැරණි X හී අභ්‍යන්තර ව්‍යුහය ගැන බොහෝ දෙනාට ඇත්තේ කාල්පනික අදහසකි. උදාහරණයක් වශයෙන් ප්‍රභා මනුරත්න යනු X දේශපාලනය තුළ ප්‍රමුඛ කර්තව්‍යයක් කළ  අයෙක් නොවේ. ඇය වැඩිපුරම කරන ලද්දේ පර්වර්තන කතා කාර්යයකි. නිර්මාල් යනුද X නිසා තම චින්තනය දියුණු කරගත් අයෙක් නොවේ. ( මේ ගැන මනා අවබෝධයක් ලබා ගන්නට සමාජ විචාර නම් Face Book පිටුව හොදින් පරිශීලනය කරන්න.) ඔහුගේ චින්තනය අයත් වන්නේ පූර්ව X යුගයකට මිස පශ්චාත් X යුගයකට නොවේ.

තීරණාත්මක ලෙස අපට නිර්ණාමිකව ලියන අයට විචාරාත්මක පිළිතුරක් දිය නොහැක. එවැනි ලිපි අනුමානයට මිස අන්තර්ගතයට වැඩි තැනක් නොදෙනු ඇත. අන්තර්ජාලය තුළ අපට විරුද්ධව නිර්ණාමිකව ලියන අය ගැන අනුමාණ කිරීම හැර අපට කිරීමට හැකි වෙනත් දෙයක් නැත. කෙසේ නමුත් නිර්ණාමිකව අපට විරුද්ධව ලිපි ලියන්නේ අපගේ අදහස් ධනාත්මක ලෙස සලකා බලන්නන් බවද ( මින් සමහර අය උමතු රෝගීන් වුවත්) අමතක  කළ යුතු නැත. අනාගත දිනෙක අපගේ දේශපාලන ව්‍යාපාරය තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අනුමාන කරන්නන් හැර අන් අය අපට අවලාද නගයි ද? තම වරදකාරී හැගීම අන් අය මතට පැටවීම හරහා අනෙක් මිනිසුන්ව බිය වැද්දිය හැකි ද?

විතණ්ඩවාදීන්ට අවශ්‍ය වන්නේ සත්‍යෙය් පාක්ෂිකබාවය අතරහැර තම තර්කය පමණක් තහවුරු කිරීමට සංවාදය යොදා ගැනීමයි. නරුමවාදියා තමා ඉතා හොදින් දන්නා දෙය විශ්වාස නොකරයි. හේගල් ගේ දර්ශනයේ ආරම්භක පාඩම් දෙක ගැන අපට ඇති අවබෝධය පුළුල්ය.

 

ඔබේ අදහස කියන්න...