[dropcap color=”red”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා එම පක්ෂයෙන් ඉවත් වූයේ මතවාදීව ඇති වූ ගැටුම් හේතුවෙනි. එහිදී ඔහු පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවර සහ ඔහුට පක්ෂය නිසා මගහැරුණ දේ පිළිබදවත්  පැහැදිලි කතාවක් කලේය. පසුව මහින්ද චින්තනය දිනවන්නට ආණ්ඩු පක්ෂයට එක් වූ එතුමා අධිරාජ්‍යවාදී කුමනන්ත්‍රණකරුවන්ට එරෙහිව ආණ්ඩු පක්ෂය තුළ ප්‍රබල මතයක් ගොඩ නැගූ අතර එක්සත් ජාතින් ගේ සංවිධනයේ මූලස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පවා කරමින් තම ප්‍රගතිශීලි බව රටට පෙන්විය.

පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණත් සිය අධිරාජ්‍ය විරෝධි අරගලය සහ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට රැගෙන ගියහ. උතුරේ ගැටලුව යුද්ධයෙන් හැර විසදන්නට වෙනත් විකල්පයක් නැති බව පුණ පුණා පැවසූ එම පක්ෂය අවසානයේ වසර 2009 දී හතලිස් දහසක පමණ පිරිසක් ඝාතනය කරමින් අවසන් වූ සිවිල් යුද්ධයේ දී ජනතාව ඒකරාශී කරමින් මහපාරේ කිරිබත් පිසිමින්,රතිඥ්ඥා පත්තු කරමින් යුධ ජයග්‍රහණය සැමරීය.පසුගිය ජනාධිපතිවරණයේ දී යුධ වීරයා වූ සරත් ෆොන්සේකා මහතා ගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක්ඉටු කළහ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම සිංහල බෞද්ධ මාක්ස්වාදීන් ගෙන් පමණක් සමන්විත වන අතර ඊට ප්‍රති පක්ෂ මතයේ සිට කුමාර් පාර්ශවය පක්ෂය හැර ගියහ. ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශහිතයිෂී ජාතික පෙරමුණ මගින් සිය දේශප්‍රේමීත්වය විදහා දැක්විය. විමල් වීරවංශ විසින් දේශහිතයිෂී ව්‍යාපාරය රැගෙන ගිය අඩුව ඒමගින් නැති විය.

අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට කේ.ඩී ලාල් කාන්ත මහතා තෝරා පත් කරන්නට සියල්ල සූදානම් වන අතර ලාල් කාන්ත යනු විමල් වීරවංශ වගේම අතිශයින්ම රට ගැන හිතන දේශප්‍රෙමියෙකි. ඒ අනුව බොහෝ දෙනා මේ වන විටත් අහන ප්‍රශ්ණයක් වන්නේ මහින්ද රාජපක්ෂ ගේ රජය නැති වීමෙන් පසු විමල් විරවංශ මහතාට සිදු වන්නේ කුමක්ද යන්නයි? ඇත්තටම ඒ ගැන කිසිම ගැටලුවක් ඇති නොවන අතර ලාල් කාන්ත සහෝදරයා ගේ නායකත්වය යටතේ අනාගතයේ දී විමල් වීරවංශ සහෝදරයා දේශප්‍රේමී දේශපාලනයක් වෙනුවෙන් නැවතත් ජනතා විමුක්ති පෙරමුණට එක් වන්නට නියමිතය. ලාල් කාන්ත සහෝදරයා වැනි දේශප්‍රේමී නායකත්වයක් යටතේ දේශප්‍රේමී විමල් විරවංශ සහෝදරයා  අනාගතයේ දී නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන් මගට එක් වීම අනිවාර්ය බව දේශපාලන විශ්ලේෂකයන් පැහැදිලි කරයි.. මෙවර ඔහු ජ.වි.පෙ සමග එක් වන්නේ ශ්‍රී පාදය වන්දනාමාන කළ සීගිරියේ සියළු ස්ථාන නැරඹු සහ ලංකාවේ හතර දිග්භාගයේ හොදින් ඇවිද පළ පුරුද්දක් සහිත සහෝදරයෙකු වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි ඉදිරි ගමන් මගට සුභ පැතුමි!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ජෙප්පන්ට දැන් මීටර් නෑ. ඉන්නෙ චාචාලයො විතරයි. හිටපු උනුත් මීටර් වගේ පෙනුනට උනුත් චාටර් බඩු. හුලං විතරයි. මුකුත් නෑ. ලාල් ටිල්වින්ට වඩා මහතයි. සාධාරණ ස්ටෝර්ස් අධිපති වගේ. බඩු සාධාරණ නෑ. නම සාධාරණ.

Comments are closed.