may 1

අපගේ සංවාද රාමුවේ මේ දක්වා ඉදිරිපත් කරන ලද සමාජ අවබෝධය සාරාංශගත කරන්නේ නම් එය පහත පරිදි කොටස් දෙකකට වෙන්කළ හැකිය.

 

(A) මුලතිව් කඳවුර පිළිබඳ වාස්තවික නිරීක්ෂණයක දත්ත රැස් කරමින් සිටි LTTE ගරිල්ලා භටයාගේ ධනාත්මක දැනුම. මෙම අදහස පොදු භාෂාවට ඌනනය කළහොත් ගරිල්ලා භටයාගේ මෙම දැනුම මනසට ස්වාධීනව බාහිරින් ඇති ‘යථාර්ථය’ තහවුරු කරයි.

 

(B) කඳවුර නිරීක්ෂණය කරමින් සිටිය දී අහම්බයකින් LTTE ගරිල්ලා භටයා දුටු ලිංගික දර්ශනය. මෙය ඔහුගේ ආත්මය’ බිහිකරන ලදී. මෙමඟින් ප‍්‍රකාශමාන වන්නේ දැනුමට රැගෙන ආ නොහැකි අශ්ලීල විනෝදයයි. මෙම විනෝදය ශිෂ්ටාචාරය නිපදවන දෙයක් මුත් එය ශිෂ්ටාචාරය ශීලාචාර ලෝකය හමුවේ අතහැර දමයි. නමුත් LTTE භටයාගේ ‘නිදහස’ ප‍්‍රකාශ වන තලය ඇත්තේ ද මෙම කලාපයේය.

praba - pottuamm

 

21 වන සියවස ආරම්භ වූ 2000 වර්ෂයේ දී LTTE සංවිධානය විසින් එලිෆන්ට්පාස් පාස් නොහොත් අලිමංකඩ හමුදා කඳවුරු සංකීර්ණය තමන්ගේ සන්නද්ධ බලය යටතට ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය සහ සන්නද්ධ බලය පිළිබඳව මූලෝපායික අවබෝධයක සිටි ශිවරාම් නම් මිලිටරි විශ්ලේෂකයා මෙම ජයග‍්‍රහණය සලකුණු කරන ලද්දේ මෙසේය. ශිවරාම්ට අනුව අලිමංකඩ ජයග‍්‍රහණය මඟින් තහවුරු වන්නේ LTTE සන්නද්ධ බලයේ ගුණාත්මක පෙරළියකි. මෙම ජයග‍්‍රහණය සමඟ ශිවරාම්ට අනුව දකුණු ආසියානු රාමුව තුළ LTTE ය ගරිල්ලා හමුදාවක තත්ත්වයෙන් සාම්ප‍්‍රදායික යුද හමුදාවක තත්ත්වයට විතැන් විය. මිලිටරි විද්‍යාවට අනුව මෙය භූමිය රැකගැනීම නොව භූමිය සතුකර ගැනීමකි. මෙමඟින් ලංකාව නම් දිවයින තුළ ප‍්‍රථම වරට ස්වදේශිකයන් විසින් රාජ්‍යයක් (State) පිහිටුවන ලදී. මේ මූලික පෙරළිය හැර අද වන විට ඉතුරු සියල්ල ඉතිහාසය බවට පරිවර්තනය වී ඇත. අලිමංකඩ කඳවුරු සංකීර්ණය මිලිටරි සටනකින් පසු පරාජය කර උතුරු භූමිය මත පදනම් වූ ‘රාජ්‍යය’ දේශපාලනික අර්ථයකින් පශ්චාත් – යටත්විජිත නිලධාරීවාදී රාජ්‍ය ව්‍යුහයක් නොවේ. මෙම භූමිය දෙමළ ජනයාත්, LTTE සංවිධානයත් නම් කළේ ඊළාම් රාජ්‍යය ලෙසිනි.

අප කතා කරන ගැටලූවට මේ ඊළාම් රාජ්‍යය අදාළ වන්නේ කෙසේද?

පළමුව මූලික වචන කිහිපයක නිරුක්තිය විභාග කරමු.

විද්‍යාව – අප අවට ඇති දේවල් පිළිබඳ ක‍්‍රමවත් අධ්‍යයනය විද්‍යාව නමින් හැඳින්වෙයි. එහි විරුද්ධ අර්ථය වන්නේ වියවුලයි. මේ අර්ථයෙන් දේශපාලනය විද්‍යාවක් ලෙස සලකන්නේ නම් අරාජිකත්වය වියවුල ලෙස සලකා බැලෙයි. උදාහරණයක් ලෙස මාක්ස්වාදය විද්‍යාවක් ලෙස ධනවාදය තුළ සලකා බැලිය හැකිය. එවිට ‘ප‍්‍රාග්ධනය’ යනු අතිරික්තය නිෂ්පාදනය කිරීම හරහා ධනවාදී සමාජ සමස්තය අසමතුලිත හෝ ව්‍යාකූල කිරීමයි. පශ්චාත්-නූතන  ධනවාදය තුළ සිදුවන්නේ මාක්ස්වාදය ධනවාදී විග‍්‍රහයෙන් දේශපාලන – ආර්ථිකයට (ධනවාදයේ විවේචකයා තැනින් දෘෂ්ටිවාදය විචාරය කිරීම දක්වා විතැන් වීම) මාරු වීමයි. නූතන ගෝලීය ධනවාදය මඟින් ඇති කරන අසමතුලිතතාවයන් විග‍්‍රහ කිරීමේ දී මාක්ස්වාදය සංස්කෘතික විශ්ලේෂකයකු නොව පාරිභෝගික භාණ්ඩ අර්චනය පිළිබඳව න්‍යායික ප‍්‍රවේශයක් බව වටහාගත යුතුය. මාක්ස්වාදයේ රැුඩිකල් හරය සමකාලීන සමාජ යථාර්ථය තුළ අර්ථවත් වන්නේ වාස්තවික ක්ෂේත‍්‍රය තුළ නොව විනෝදයට අදාළ ක්ෂේත‍්‍රයේදීය. පශ්චාත් – මාක්ස්වාදය මතු වන විභවය අප වටහාගත යුත්තේ ඉහත මංසන්ධියේදීය. X කණ්ඩායමෙන් 2004 අග එළියට පැන්න මෙම පශ්චාත් – මාක්ස්වාදී මොහොත සරලමතිකයකු විසින් වාචාල තැනකට ලංකාව තුළ ඇද දමා ඇත. 2004 අග වන විට x අධ්‍යාපන රාමුව තුළ සෙනසුරාදා පැවති අධ්‍යයන පන්තිය තුළ මා උත්සාහ කරනු ලැබුවේ කාල් පොපර් විසින් මාක්ස්වාදය විද්‍යාවක් නොවේ යන්නට අපට පැවතිය හැකි විකල්ප මාර්ග මොනවාද යන්න පැහැදිලි කිරීමටය. එහි දී ජාක් ඩෙරීඩාගේ විසංයෝජනයත් අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් ඉදිරිපත් කළ දේශපාලනයේ ‘හැඟීම්බර පාර්ශ්වය’ ඒකාබද්ධ කිරීමත් ගැන සිත යොමුකරනු ලැබීය. (Affective Dimension)

 

විද්‍යාඥයා යනු කවුද?

ආනුභූතික ගැටලූක් පදනම් කර ගනිමින් එයට උපන්‍යාස ඉදිරිපත් කර එයින් අනාවැකි ගම්‍ය කරගෙන, ඒවා ආනුභූතික පරීක්ෂණයන්ට භාජනය කර නිගමනයකට එළඹීම කරන තැනැත්තා විද්‍යාඥයාය. විද්‍යාඥයෙක් විද්‍යාත්මක වශයෙන් වැදගත් නිපදවීමක් හෝ සොයා ගැනීමක් කරනු ලබයි.

උදා:- ගැලීලියෝ දුරදක්නය නිපදවා අහසෙහි ආකාශ වස්තු නිරීක්ෂණය කළේය. එමඟින් ඔහු බ‍්‍රහස්පතිගේ චන්ද්‍රයන්, සඳෙහි ආවාට ආදී දේ සොයා ගන්නා ලදී.

 

විධික‍්‍රමවාදියා (Methodologist) යනු කවුද?

විද්‍යාඥයාගේ කාර්යය දෙස බලා ඒ පිළිබඳව මත පළ කිරීම හෝ විද්‍යාඥයා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙතෙහි තාර්කිකභාවය සොයා බැලීම විධික‍්‍රමවාදියාගේ කාර්යයයි.

උදා:- ගැලීලියෝ ගැලලි ගණිතමය සම්පරීක්ෂණ ක‍්‍රමය හඳුන්වා දෙමින් එය ඔහුගේ පරීක්ෂණ සඳහා යොදාගැනීම. නිදසුනක් ලෙස ඔහු බරින් අසමාන වස්තූන් දෙකක් එකවර පොළොවට පතිත වේ යන්න ඔප්පු කිරීම සඳහා ගණිතය උපයෝගී කරගෙන පසුව ඒ සඳහා පරීක්ෂණයක් සිදු කිරීම දැක්විය හැකිය.

සංයුක්ත උදාහරණයක් හරහා ගොස් ඉහත සංකල්පවල තාර්කිකභාවය සමාජ චින්තනය තුළ පරීක්ෂා කරමු. යථාර්ථයට වඩා න්‍යාය අතිමූලිකය යන හේගලියානු අදහස මත අපි සාකච්ඡුාව පටන් ගමු.

 

(A) ප‍්‍රභාකරන් විද්‍යාඥයෙකි. ඔහු ඉදිරිපත් කළ න්‍යාය මෙසේය.

සන්නද්ධ අරගලයකින් තොරව දෙමළ ජනයාට නිදහසක් අත්වන්නේ නැත.

 

ටොසී ඔත්තු සේවයේ නායක පොට්ටු අම්මාන් යනු ප‍්‍රභාකරන් නම් විද්‍යාඥයාගේ විධික‍්‍රමවාදියාය. ඔහු තහවුරු කරන්නේ ප‍්‍රභාකරන් ඉදිරිපත් කළ විද්‍යාවේ තාර්කික ව්‍යුහයයි.

ප‍්‍රභාකරන්ගේ විද්‍යාවට අනුව 2000 වර්ෂයේ දී LTTEය ‘තමිල් භූමිය’ සලකුණු කළ අතර ශේෂව පැවතියේ මතවාදී අරගලයයි. මතවාදී අරගලයේ දී සමහර මත කාලය සමඟ වෙනස් වන අතර සමහර මත ස්ථිතිකය. ඒ අදහස් දරන්නන්ගේ ශරීර විද්‍යාත්මකව ඉවත් කිරීම හැර විද්‍යාවකට වෙන විකල්පයක් නැත.

BalrajBalraj

2000 වර්ෂයට පසු LTTE ව්‍යාපාරය සතු දැනුම් කාණ්ඩ 2 ක් ඇත.

(A) යුද හමුදාව සහ සිංහල සමාජය පිළිබඳ වාස්තවික ඥානය – බාල්රාජ් සිට තීපන් දක්වා සන්නද්ධ නායකයන් මඟින් නිරූපණය වූයේ මෙම දැනුමයි.

(B) අප කලින් සාකච්ඡුා කළ LTTE ගරිල්ලා භටයා දුටු ලිංගික දර්ශනය හරහා අත්පත් කරගත් ඥානය. මෙම ඥානය සංවිධානය තුළ එකතු වන්නේ ටොසි ඔත්තු සේවයට පමණි. මෙය අනෙකාගේ අශ්ලීල විනෝදය පිළිබඳ දැනුම ලෙසද වටහාගත හැකිය. (මතුපිට තලයේ  ඕනෑම ව්‍යාපාරයක් මෙම දැනුම ගැන නිහඬය)

ඉහත දැනුම් වර්ග දෙක ස්වයං ප‍්‍රතිවිරෝධාත්මකය. මේ නිසාම ව්‍යාපාරය තුළ අභ්‍යන්තරික ගැටුම් ඇති වන විට ඒවා ක‍්‍රියාත්මක වන තලයන් දෙක වන්නේ ද ඉහත ව්‍යාපාර දෙකයි. LTTEයට මනෝ විශ්ලේෂණය ගැන වැටහීමක් නැති වුවත් අනෙකාගේ විනෝදය පිළිබඳ වාස්තවික දත්තයන් ටොසී ඔත්තු සේවය හරහා පොට්ටු අම්මාන්ගේ මේසය මත කඳු ගැසෙයි. පුද්ගල නාශක සන්නද්ධ මෙහෙයුම්වල දී පුද්ගලයා පිළිබඳ වාස්තවික සමාජ විද්‍යාත්මක කාරණාවලට වඩා අදාළ පුද්ගලයා සතු අශ්ලීල විනෝදයන් (ඔවුන් වේදනාවෙන් සතුටු වන තැන නැතහොත් ඔවුන්ගේ අවිඥානක ආශාව) වඩා කේන්ද්‍රීය බව පොට්ටු අම්මාන් අත්දැකීමෙන් දනියි. මේ හේතුව නිසා තමිල් ඊළමේ විධික‍්‍රමවාදියා බවට ඔහු නිරායාසයෙන් පත්වෙයි. අප කෙනෙකුව විනාශ කරන විට වඩා තීරණාත්මක සාධකය වන්නේ ඒ තැනැත්තාගේ ‘ආත්ම රාගය’ නොව ‘මරණ ආශයයි’. නැතහොත් කෙනෙකුගේ වේදනාත්මක සතුට විඳින තැනයි. ඔත්තු සේවයක් පහර දෙන්නේ කෙනෙකුගේ ලූබ්ධියට මිස බුද්ධියට නොවේ.

කදිරගාමර් නාශක ව්‍යාපෘතියේ දී පොට්ටු අම්මාන් තම තීරණාත්මක ඔත්තුකරුවන් තම මේසය අසලට ගෙන්වාගෙන පහත ප‍්‍රශ්න අසයි. පොට්ටුගේ ගැටලුව වන්නේ කුමක්ද? කදිරගාමර් ගමනක් යන විට ඔහුගේ ආරක්ෂකයන් ඔහු සඳහා යොදා ඇති

රැකවරණයට අනුව එකම මොඩලයේ, එකම පැහැයේ බෙන්ස් මෝටර් රථ 3 ක් යොදාගනියි. මේ හේතුව නිසා ඔහුට ප‍්‍රහාරයක් එල්ල කරන ප‍්‍රහාරකයන්ට දුෂ්කර තත්ත්වයක් බිහි වෙයි. මින් කුමන වාහනයේ ද ඔහු ගමන් කරන්නේ? මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සඳහා පොට්ටු තම ඔත්තුකරුවන්ගෙන් පහත ප‍්‍රශ්න අසයි.

 

(A) ඔහුට ගමනක් යන විට සංගීතය අසන පුරුද්දක් තිබෙනවාද?

 (B) ඔහු එවැනි විටෙක සංගීතය අසන්නේ CD වලින්ද රේඩියෝවෙන්ද?

 ඉහත ප‍්‍රශ්න දෙකට පිළිතුරු දෙන ඔත්තුකරුවන් කියන්නේ ගැටලූ දෙකටම ‘ඔව්’ යන පිළිතුරයි. B ප‍්‍රශ්නයට පිළිතුරු දෙන එක ඔත්තුකරුවකු කියන්නේ ඔහු ගමන් යන විට සංගීතය ශ‍්‍රවණය කරන්නේ FM රේඩියෝවකින් බවය. මෙම පිළිතුරු සාවදානව අසා සිටින පොට්ටු අම්මාන් මෙසේ කියයි. ” FM  අහන්න ඒරියල් එක දිග අදින්න වෙනව. කාර් 3න් ඒරියල් එක දිගට ඇදපු කාර් එකේ තමයි ඔහු යන්නෙ” කුමන හේතුවකින් හෝ එම සිදුවීමෙන් ඔහු ගැලවෙන අතර අවසානයේ ඔහුගේ ජීවිතය නිමා වන්නේ නාන තටාකයක අත්වාරුව අසලදීය. නමුත් විධික‍්‍රමවාදියාගේ මූලධර්මය එකමය. දැන් ගැටලූව වන්නේ දේශපාලන සංවිධානයක් තුළ ක‍්‍රියාත්මක වන මෙම ‘දැනුම්’ වර්ග දෙකට සමාන අවස්ථාවන් ලබා දෙන්නේ කෙසේද යන්නය. 2005 වර්ෂය වන විට පොට්ටු අම්මාන් සතු අනෙකාගේ විනෝදය පිළිබඳ දැනුම ‘ව්‍යාපාරය’ තුළ ඛාදනය වී තිබුණි. වඩා අධිනිශ්චය වී තිබුණේ යථාර්ථය පිළිබඳ දැනුම නොහොත් වාස්තවික දැනුමයි. ව්‍යාපාරය තුළම රැුස්වූ ආත්මීය දැනුම වඩා අවනිශ්චය වූ අතර එහි ඵලයක් ලෙස මහින්ද රාජපක්ෂව අතිශය සාවද්‍ය ආකාරයකට ඔවුන් කියවූයේය.

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...