රුසියාවේ සිදු වූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරය සැමරීමට හැකි පරිමිත ආකෘතිය වන්නේ, ලෙනින්ගේ බුද්ධිය නැවත ආලෝකමත් කිරීමයි. කොන්ටෙන් මෙයසූගේ දර්ශනය සහ ව්‍යුහවාදය ඇතුළත් ලැකානියානු මනෝවිශ්ලේෂණය අතර විවාදය නිශ්චිත වශයෙන්ම මාධ්‍ය කේන්ද්‍රයේ දී ඔක්තෝම්බර් මස 8 වනදා සවස 4.30 ට  පැවැත්වීමට අදහස් කරනු ලැබේ. රැස්වීම් සංවිධානය වීම පිළිබඳ රාජ්‍යමය සීමාවක් පැනවෙන්නේ නම් සංවාදය පුද්ගලික නිවසකට හෝ රැගෙන යා හැකි ය. අපගේ පැත්තෙන් මූලික ගැටලුව වන්නේ, අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් ඩිල්ශාන් සහෝදරයා විදේශගත වීමයි. එබැවින්, විවාදය මේ මස ඉරිදාට පෙර පැවැත්විය යුතු ය. විවාදය ඉතා විධිමත්ව සහ ප්‍රමිතිගතව video කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත. අපගේ සම්බන්ධීකාරකවරයා සමඟ නිරන්තරව සම්බන්ධ වීමෙන් ඉරිදාට පෙර විවාදය යථාර්ථයක් කළ හැකි ය. විවාදයේ මතුවන කරුණු ආශ්‍රිත ප්‍රශ්න වර නැඟීමට අවශ්‍ය කුඩා පිරිස පමණක් සංවාදයට සජීවීව සහභාගි වීම සෑහෙන බව අපගේ අදහසයි. විවාදය පසුව youtubeගත කළ හැකිය.

Sri Lanka Vanguard Party

Pain Artist

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.