88-89 කාල වකවාණුවේදී ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ළ මර්ධනය කිරීම සදහා සහභාගී වූ හමුදා සාමාජිකයන් විසින් තමන් කළ ඝාතන සහ අතුරුදන් කිරීම් සම්පූර්ණයෙන්ම වැරදි බව මේ වන විටත් අවබෝධ කර ගෙන තිබෙන නිසා තමන් අතින් සිදු වූ එම අත් වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන්ට සිතා සිටින බව විශ්‍රාමික හමුදා සෙබළෙකු අප සමග පැවසීය.

මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ 89-89 කාල වකවානුවේ දේශපාලන අරගලයට සම්බන්ධ වී සිට දැනට දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් සිටින හිටපු විප්ලවාදී මිතුරෙකුගෙන් ඔහු මේ ගැන දක්වන්නේ කුමන ආකල්පයක් ද යන්න ගැන විමසා සිටියමු.

ඔහු ගත් කටටම කියා සිටියේ ඒ ගැන සිතන්නටවත් බැරි බවයි. මන්ද මේ වන විටත් ත්‍රීමාවිතාණ,අරුණ,ගැමුණු, ඇතුලු ශිෂ්‍ය නායකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයන් වන ඩී.එම් ආනන්ද,ගමනායක,රෝහණ විජේවීර ඇතුලු බහුතරයක් දෙනා අන්තරාභවිකයන් ලෙස සිටින අතර ඔවුනට අත් වූ මරණ දරුණු වධහිංසා වලින් ගහණ මරණයන් වූ නිසාම මේ වන විටත් ඔවුන් අන්තරාභවික ලෝකයක යක්ෂයන් ලෙස ජීවත් වන නිසා යම් හෙයකින් ඔවුන්ට වධ හිංසා කර මරා දැමූ හමුදා සාමාජිකයන්ට සමාව ලබා දෙන්නේ නම් ඔවුනට සදාකාලිකවම යක්ෂයන් ලෙස ජීවත් වන්නට සිදු වන නිසා එය කළ නොහැකි බවයි. මේ නිසා කළ යුත්තේ ඔවුන් අපෙක්ෂා කළ සමාජ විප්ලවයට පණපොවා එය යථාර්ථයක් බවට පත්කරවා ඔවුන් ගේ ආත්මයන්ට ශාන්තියක් ලබා දීමයි.

විප්ලවාදීන් කිසි දිනෙක සමාව ඉල්ලා නොසිටින අතර තම අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වර්ථමානයේ සමාව ඉල්ලා සිටිය හැක්කේ ප්‍රතිසංස්කරණවාදීන්ට, සංශෝධනවාදීන්ට සහ අවස්ථාවාදීන්ට පමණක් බවත් අරගලයක් තුළ සිදුවන මිනිස් ඝාතන වලට තමන්ට කැමති ලෙස සමාව ඉල්ලන්ට අයිතියක් කිසිවකුටත් නැති බවත් ඒ ආකාරයෙන් සමාව ඉල්ලීමට හමුදා සාමාජිකයන්ට හැකි නමුදු විප්ලවාදීන්ට කිසි දිනෙක තම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා කියා දෙයක් නැති බව ඔහු අප සමග වැඩි දුරටත් පැවසුවේය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ජෙප්පො කවද්ද යමක් තේරුම් ගත්තෙ උන්ගෙ මිනීමරැවො ඉල් මහේ විරුවො අනික් උන් ද්‍රෝහියො

Comments are closed.