2005 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතේ ආචාර්ය කුමාර් රූපසිංහගේ නායකත්වයෙන් යුතු යුද විරෝධී පෙරමුණේ සාකච්ඡුාවක් පැවැත්විණි. එම සාකච්ඡුාව කේන්ද්‍රගත වූයේ ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ කවුරුන්ද යන්නයි. කුමාර් රූපසිංහ ඇතුළු බහුතරයක් විශ්වාස කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනු ලබන බවයි. අපට මේක මෙහෙම කියන්න පුළුවන්: කිලී මහාරාජා වගේම කුමාර් රූපසිංහ ඇතුළු පිරිසගේ ආශාව (ෘැිසරු* වුණේ රනිල් දිනනවා දකින එක. නමුත් යුද විරෝධී පෙරමුණේ හිටිය වාමාංශිකයන් වන ඩල්සි ද සිල්වා සහ චමීර පෙරේරා වැනි අයගේ ආශාව වුණේ මහින්ද රාජපක්ෂ දිනනවා දකින එකයි.

නමුත් කුමාර් රූපසිංහගේ කණ්ඩායමත් චමීර පෙරේරාගේ කණ්ඩායමත් යන දෙපාර්ශ්වයම ප‍්‍රකාශ කළේ තමන් ජාතිවාදයට විරුද්ධ බව සහ ජාතික ප‍්‍රශ්නයට යුදමය විසඳුමක් ලබා දීමට තමන් විරුද්ධ බවයි. ඇත්ත වශයෙන්ම ඔවුන් එක සංවිධානයක් තුළ එකට එක්වී කටයුතු කිරීමේ පදනමත් ජාතිවාදයට විරුද්ධ වීමය. මෙහිදී රනිල් වික‍්‍රමසිංහ යනු එල්.ටී.ටී.ඊ. සංවිධානය සම`ග 2002 දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ නායකයා වීමත් ඔහු ඔස්ලෝ ප‍්‍රකාශනය අනුව ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීමත් නිසා ජාතිවාදයට විරුද්ධවන්නන් අතර වැඩි තර්කානුකූලභාවයක් ලැබිය යුතුව තිබුණේ රනිල් වික‍්‍රමසිංහ මහතාටය. නමුත් චමීර පෙරේරා ඇතුළු පිරිස පැවසුවේ මහින්ද රාජපක්ෂ ජාතිවාදියකු නොවන බවයි. එමෙන්ම ඔහුට බලය බෙදීම සඳහා පෙනී සිටින වාමාංශිකයන්ගේද සහය ලැබෙන බවය.
මෙහිදී කුමාර් පාර්ශ්වය විසින් මතු කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකීය රාජ්‍යය සුරකින බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය සම`ග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් වීම නිසා ඔහුට තෝරා ගැනීමට සිදුවන්නේ යුදමය මාවත බවයි. මේ අවස්ථාවේදී එයට පිළිතුරු දුන් ඩල්සි ද සිල්වා මහත්මිය (ඇය ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් අභාවප‍්‍රාප්ත වයි.පී. සිල්වාගේ භාර්යාවයි.* පැවසුවේ මහින්ද රාජපක්ෂ එම ගිවිසුම් අත්සන් කරන ලද්දේ ඡුන්දය දිනා ගැනීම සඳහා කරන උපක‍්‍රමයක් වශයෙන් පමණක් බවයි. මොනව කරන්නත් ඉස්සර ඡුන්දය දිනාගෙන සිටිය යුතුය යන්න ඇයගේ ස්ථාවරය විය. ජනාධිපතිවරණය ජයගත් පසු සාමය කරා ගමන් කිරීම කළ හැකි බවත්, එහෙයින් මහින්දට සහය දීම නිසා ජාතිවාදයට එරෙහි තම ප‍්‍රතිපත්ති පාවා දීමක් සිදු නොවන බවත් ඩල්සි අක්කා ප‍්‍රකාශ කළාය. සාකච්ඡුාව අවසානයේදී ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුරුන්දැයි ‘රහස්’ මත විමසුමක්ද පැවැති අතර එම මත විමසුම අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා උඩින්ම දිනන බව තීරණය විය.

මෙම සිදුවීමෙන් පසු දින යුද විරෝධී පෙරමුණෙන්ම පැන නැංගා වූ ‘ප‍්‍රයත්න’ ව්‍යාපාරයෙහි ‘කෝ ගෲප්’ රැුස්වීමක් කොළඹ 7, පස්වන පටුමගේ පිහිටි කුමාර් රූපසිංහ මහතාගේ ‘සහජීවන පදනමේ’ කාර්යාලයේදී පැවැත්විණි. එහිදී කලින් දිනයේ යුද විරෝධී පෙරමුණේ ඇතිවූ සාකච්ඡුාව පිළිබඳව කතා බහට ගැනුනු අතර එහිදී ඩල්සි අක්කාගේ ප‍්‍රකාශය පිළිබඳව ප‍්‍රතිචාර දක්වමින් අපූරු කතාවක් කීවේ ‘විලූ‍තු’ සංවිධානයේ නායිකා ශාන්ති සචිත්තානන්දම් මහත්මියයි. ඇය කීවේ මෙවැන්නකි.

”ජාතිවාදී පක්ෂ සම`ග ගිවිසුම් අත්සන් කොට යුද්ධය සඳහා යොමුවන පුද්ගලයෙකු අනාගතයේ ජනාධිපති ධුරයට පත්වීම යනු බියජනක නපුරු සිහිනයකි. නමුත් තමන් එසේ ගිවිසුම් අත්සන් කරන ලද්දේ බොරුවට බව ප‍්‍රකාශ කරන ජනාධිපති අපේක්ෂකයෙකු සහ එසේ ප‍්‍රකාශ කිරීම ‘යහගුණයක්’ ලෙස දකින වාමාංශික/සාමවාදීන් ඊට වඩා භයානක නොවේද?”

වෙනත් වචනයකින් කිව්වොත් ඇය ඇසුවේ මෙයයි: වඩා භයානක වන්නේ යුදවාදියෙක් ජනාධිපති වෙන එකද? නැත්නම් බොරුකාරයෙක් ජනාධිපති වෙන එකද?

ශාන්ති විසින් මතු කරන ලද්දේ ආචාරධාර්මික ප‍්‍රශ්නයකි. ශාන්තිගේ කතාව එදා කිසිවෙකු බැ?රුම්ව නොගත් බව සහතිකය. රනිල්ට පක්ෂ වූ සහ මහින්දට පක්ෂ වූ සාමවාදීන් දෙගොල්ලාටම අවශ්‍ය වූයේ සත්‍යවාදී වීම නොව ‘සාම න්‍යාය පත‍්‍රය’ ජයගැනීමයි. මහින්ද වෙනුවෙන් එකට එක්වූ ජ.වි.පෙ., හෙළ උරුමය, මංගල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාකාරයන් සහ පැරණි වාමාංශිකයන්ට අවශ්‍ය වූයේ යූ.ඇන්.පී. අපේක්ෂකයා බලයට පත්වීම වැළැක්වීම පමණි. ඡුන්දය ආසන්නයේදී දෙමළ ජනතාවට ඡුන්දය වර්ජනය කරන්නැයි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැනුම් දුන් අතර ඒ හේතුවෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට ලැබෙන්නට තිබූ දෙමළ ඡුන්ද අහිමි විය. එල්.ටි.ටී.ඊ. ඡුන්ද වර්ජනයෙහි සහ ජෙ.වී.පී. සහ හෙළ උරුමය ඡුන්ද ව්‍යාපාරයෙහි සම්ප‍්‍රයුක්ත ප‍්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්ෂ මහතා කෙස් ගහෙන් හෙවත් වැඩි ඡුන්ද 180,000 කින් ජනාධිපති ධුරයට පත්විය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී වසර අටක් ගත විය. ඔහුගේ දෙවන පදවි ප‍්‍රාප්තියේ තුන්වන වර්ෂ පූර්ණය පවත්වන ලද්දේ ‘පොදුරාජ්‍ය මණ්ඩලයේ’ සභාපති ධුරයට හෙවත් ‘කුමා ස්ටිකර්ස්’කාරයා කොළඹ පුරා ප‍්‍රදර්ශනය කොට ඇති ආකාරයට ‘පොදුරාජ්‍ය මණ්ඩලයේ මහා නායක’ ධුරයට පත්වීමත් සම`ගය. වසර අටකට පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි සහ ඔහුගේ ඡුන්ද ව්‍යාපාරයට සෘජුව සහ වක‍්‍රව දායක වූ අතිබහුතරයක් දැන් සිටින්නේ ඔහුට විරුද්ධවය. මංගල සමරවීර, රුවන් ෆර්ඩිනැන්ඩස්, ටිල්වින් සිල්වා, කුමාර් ගුණරත්නම්, සමන් රත්නප‍්‍රිය යනු මේ සඳහා නිදසුන් කිහිපයකි. ඔහු සම`ග උරෙනුර ගැටෙමින් සිටි ජාතික හෙළ උරුමයට පළ නොකියා පළා බෙදමින් පවතී. ජනාධිපති මහින්ද සම`ග සිටින්නේ ආනයනය කරන ලද සහෝදරයන් දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුල් සමාගම හැරුණු විට එදා ඔහුගේ පරාජය අපේක්ෂා කළ රාජිත සේනාරත්න, බන්දුල පද්මකුමාර, ඒ.එච්.එම්. අස්වර්, දුමින්ද සිල්වා, ධනසිරි අමරතුංග, සජින් වාස් වැනි අයයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට හැකියාව ඇත්තේ පදවි ප‍්‍රාප්තියෙන් වසර හතරක් ගිය පසු පමණකි. ජනාධිපති ධුර කාලය 2016 නොවැම්බර් දක්වා පවතින නමුත් අවශ්‍ය නම් වසර හතරක් ඉක්ම ගිය පසු හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලය ඇත. එවන් අවස්ථාවක් උදාවන්නේ 2014 නොවැම්බරයෙන් පසුය. ඒ සියල්ල ‘දැනුමට’ අදාල කාරණා වුවත් ඉන් පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය හැකි යැයි යන ‘විශ්වාසයක්’ ආණ්ඩු විරෝධීන් බොහෝ දෙනෙකු තුළ ඇත. විශ්වාසය යන්න අවිඥානයට සම්බන්ධ දෙයක් බැවින් එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව 2014 නොවැම්බර් 18 වන දිනට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බව ප‍්‍රකාශ කිරීමෙන් පළක් නොවේ. එවිට ඔවුහු මෙසේ කියනු ඇත: ”‍මහින්ද කොහොමහරි ඡුන්දයක් තියාවි.”‍ මෙසේ කියන බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ එම හදිසි ජනාධිපතිවරණය 2014 මාර්තු මාසයට පෙර පවත්වනු ඇත යන්නයි. 2014 මාර්තු මාසයේදී ජිනීවා නගරයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැුස්වීම පැවැත්වේ. එහිදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය විසින් 2013 වසරේ ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව කවුන්සිලය විසින් සම්මත කරගන්නා ලද යෝජ්නාව සම්බන්ධයෙන් ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2012 සහ 2014 වසරවලට වඩා ප‍්‍රබල වූද, සමහරවිට මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඇතුළත්වූ ද යෝජනාවක් ඉදිරිපත් වීමටද ඉඩ තිබේ. එම යෝජනාවට එරෙහිව දේශපේ‍්‍රමී වේදිකාවක් මත ඡුන්ද ව්‍යාපාරය ගෙන ගොස් තුන්වන වරටත් ජනාධිපතිවරණය ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියා කරනු ඇතැයි යන්න එම තර්කයේ පදනමයි.

එවන් හදිසි ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයාට අභියෝග කිරීම සඳහා විපක්ෂය පැත්තෙන් පොදු අපේක්ෂකයෙකු අවශ්‍යය. එම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා සිය බලවේග එකතු කරගත යුතුය. ස්වාභාවිකවම ඒ සඳහා විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කරගත යුතුය. ඒ සඳහා උතුරේ දෙමළ ජාතික සන්ධානය, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සම`ගි බලවේගයට සම්බන්ධ බලවේග, සරත් ෆොන්සේකා සහ මාදුළුවාවේ සෝභිත හිමියන් සම`ග සිටින බලවේග පමණක් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එකතු කරගත යුතුය. ඒ සියල්ලට වඩා මෙම සැලසුම සම්පූර්ණ වීමට නම් දැන් අකැමැත්තෙන් ආණ්ඩුවේ රැුඳී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමතිවරුන් පිරිසක් ඒ සඳහා එක්කරගත යුතුය. විපක්ෂයේ පක්ෂ සහ සංවිධානවල සහභාගිත්වයෙන් විපක්ෂයේ මහා සන්ධානය පොදු අපේක්ෂකයෙකු වටා ගොඩනැගූ පසු, කලාවෙන් කලාව පිරෙන සඳ මෙන් ආණ්ඩු පාක්ෂිකයන් සහ ආණ්ඩු පක්ෂය සරණං ගච්ඡුාමි කියා ඇති ව්‍යාපාරිකයන් සහ ධන කුවේරයන්ද ඒ සඳහා අද්දවා ගැනීම වනාහි කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි. මේ අනුව 1994 සහ 2005 සිදුවූ ආකාරයේ පෙරළියක් තුළින් පොදු අපේක්ෂකයකු ජයග‍්‍රහණය කිරීමට මහඟු‍ ඉඩක් පවතින බව මේ ආඛ්‍යානය තුළින් පැහැදිලි වේ.

මෙම භූමි දර්ශනය මෙසේ දිග හැරෙන අතරතුර අප විසින් මතු කළ යුතු ප‍්‍රශ්නයක් ඇත. ඒ රාජ්‍යය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා සහ සමාජ ප‍්‍රතිසංස්කරණයක් සඳහා වන න්‍යාය පත‍්‍රය පෙරට ගන්නේ කෙසේද යන්නය. මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නා වූද, ආණ්ඩුවේ ආඛ්‍යානයට විකල්ප ආඛ්‍යානයක් ඉදිරිපත් කරන්නා වූද සිවිල් සමාජයේ වගකීම වන්නේ ප‍්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවට බලපෑමක් එල්ල කිරීමය. එහෙත් ආණ්ඩුව ප‍්‍රතිසංස්කරණ විරෝධී ආස්ථානයක සිටින විට එම ප‍්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා ආණ්ඩු පෙරළීම අරමුණු කරගත් විපක්ෂ බලවේග සම`ග අතිනත ගෙන කටයුතු කිරීමට සිවිල් සමාජයට සිදුවීම නොවැළැක්විය හැකිය. එහෙත් එවන් බල හුවමාරුවකින් හෙවත් ආණ්ඩු පෙරළියකින් පමණක් ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීමට හැකිද යන ප‍්‍රශ්නය අප විසින් නැගිය යුතුවේ. විපක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සම`ග එකතුව ක‍්‍රියාකරන අතරම හුදු ආණ්ඩු විරෝධය මත කටයුතු නොකොට සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගැනීමට සිවිල් සමාජය විසින් කටයුතු කළ යුතුය. එම ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයෙහි අඩුම වශයෙන් ගත් කළ ආණ්ඩුවේ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සහ මානව හිමිකම් පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මෙහි අඩංගු වැඩපිළිවෙළ ඇතුළත් විය යුතුය. එවන් ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් මහජනයා අතර උද්ඝෝෂණය කිරීම, ප‍්‍රචාරය කිරීම සහ මහජනයා සංවිධානය කිරීම හදිසි අභියෝගයකි. ‘ප‍්‍රයත්න’ සාකච්ඡුාවේදී වසර අටකට පෙර ශාන්ති සචිතානන්දම් කියූ පරිදි ඒ කටයුත්ත කළ හැක්කේ සත්‍යවාදී වීමෙන් මිස කෙටි පාරවල් සෙවීමෙන් නොවන්නේය

මිථුනගේ දේශපාලන විග්‍රහය

උපුටා ගැනීම: ‘සමබිම’ පුවත්පතේ දෙසැම්බර් කලාපයෙනි

ඔබේ අදහස කියන්න...