[dropcap color=”black”]වෘ[/dropcap]ත්තයක් දිගේ ගමන් කරන්නෙකුට එක වරක් පේන දෙය යළි යළිත් පේන බවත්,එමගින් ඒ තැනැත්තා භීතියට පත්වන බවත් කියවෙන්නේ අසෝක හදගම ගේ සින්තටික් සිහින නාට්‍යයේ චරිතයකගේ මුවිනි. පසුගිය දිනවල වැලිවේරියේ සිදු වූ නාටකීය,ත‍්‍රාසජනක සහ ශෝකී ජවනිකා පෙළ ගැසෙන විට අප දුටුවේ වෘත්තයක ගමන් කරන්නෙකු ගේ අත්දැකීමයි.
වෘත්තයක ගමන් කරමින් එකම දේ යළි යළිත් දකිමින් ත‍්‍රාසයට පත් වී නන්දොඩවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. දුප්පත් මිනිසුන්ට පාරේ කිරිබත් උයාගෙන කෑමට උගැන්වූයේ ඔවුන්ය. දැන් වෘත්තයේ දෙවන වරට මෙම කිරිබත් කෑම ඔවුන් දකින විට භීතියට පත්ව නන් දොඩවයි. දයාන් ජයතිලක හා තිසරණී ගුණසේකර ද අනාදිමත් කාලයක සිට වෘත්තයක ගමන් කරමින් එකම දෙය යළි යළිත් දකිමින් භීතියට පත්වෙයි. වෘත්තයක ගමන් කර එකම දෙය යළි යළිත් දකින මිනිසුන් නැවතත් වෘත්තය දිගේ ගමන් කිරීම අරඹා ඇත. මෙවර ඔවුන් ගේ භීතිය නිසා කවුරු රැුවටේදැයි අපි නොදන්නෙමු.

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ආණ්ඩුව හදන්නේ මේ සිද්ධිය ජවිපෙට බැර කරන්න. නමුත් ලනකාවේ ජනතාවටත් ජවිපෙටත් දැන් වෙලා තියෙන්නේ අර මාර්ටින් නිමොලර් කිව දේ. හැබැයි මාර්ක්ස් ට අනුව , ජවිපෙට කියන්න තියෙන්නේ
    History repeats itself, first as tragedy, second as farce.

    දයාන් ල ගැන කතා නොකර ඉමු. වචන වියදම් කරන්නේ මොකටද වුර්ක හම පොරවාගත් බැටළුවන් වෙනුවෙන්. තිසරණි ගැන නම් දුකයි .

  2. ඒ වගේම පෙරටුගාමී මහත්වරුන්ට කියන්න තියෙන්නේ – මේ මිනිස්සුන්ට වැරදුනා තමයි , නමුත් ඒ ගැන “අපි කිව්වා ඔහෙලට ” කියල කුණු වින්දනයක් ගන්නේ නැතුව විරෝධයට එකතු වෙන්න කියල

  3. පසුගාමී ලාංකීය සමාජයේ අතීත සහ අද කැරලි කාරීත්වය පිලිබදව න්‍යයාත්මක දේශපාලනික කියවීමක් ජ.වි.ප ඇතුලු පරණ වමට තිබුනේම නැත.මේ සහ බැදුනු ,මගේ දේශපාලන ජීවිතයට ඓන්දර්යව සම්බන්ධ අතීත සිදුවීමකින් මෙම කොමන්ටුවට පිවිසෙමි.1983 කාලය සිංහල ජාතිවාදීන්ගෙන් දකුණේ ජීවත්වු දෙමළ ජනයා ඉලක්ක කර ජාතිවාදී තර්ස්තය මුදා හල කාලයයි.මේ වන විට මා ජ.වි.පෙ කිරියාකාරිකයක් ලෙස මා නියෝජනය දිස්තිරික්කය විසින් රත්නපුර දිස්තිරික්කයේ පක්ෂ සංවර්ධන වැඩසටහනක් සදහා මා ඇතුලු තරුණ කංඩායමක් ඒ වන විට එහි දිස්තිරික්ක ලේකම් වරයා ලෙස සිටි අභයවර්ධන සහෝදරයාට යොමු කලා.මේ කාලඅවකාශය තුල රත්නපුර දිස්තිරික්කයේ ජීවත්වු දෙමළල වතුකම්කරු ජනතාවට සහ දෙමළ ව්‍යාපාරිකයන්ට සිංහල ජාතිවාදී තරස්තය දරුණුම ආකාරයට මුදාහැර තිබුනා.පැලමඩුල්ලෙ චන්දරේ සහොදරයාගේ නයකත්වය යටතේ පක්ෂ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ සහොදරයන්ගේ සහයෝගය ඇතුව ජාතිවාදීන්ගෙන් පීඩනයට පත් ජනතාවට අවශ්‍යය ආරක්ෂාව සහ අහාර පුලුවන් ආකරයට තාවකාලිකව ලබාදුන්නා. මෙවැනි දේ කලෙත් වතුදෙමළ ජනතාව දේශපාලනිකව දිනාගැනීමට හැකිවේ යැයි සිතාය.විප්ලවවාදී දේශපාලනයක් කරනවා යයි කියන ජ.වි.පෙ ට පසුගාමී ලංකාවේ අතීත කැරලි කාරීත්වයන් සහ වර්තමාන ධනවාදී සමාජයේ රතුපස්වල වැනි ගම්වල පැවති කැරලි කාරී තත්වය තේරුම් කරගැනීමට අවශ්‍යය න්‍යායාත්මක දේශපාලන විශලේෂණයක් නොමැත.මෙහි අතුරුඵල ලෙස විජිත හේරත් වර්ගයේ පරජාතන්තරවාදය ඉල්ලා කරන පුහු උද්ගෝෂණ පිටකොටුවේ තැන් තැන් වල අපට ඉදරි කාලයේ තවදුරටත් බලාපොරොත්තු විය හැක.ජ.වි.පෙ.න් ඉවත් වු පුබුදු ජාගොඩ මාධ්‍යය සාකච්චාවක් පවත්වා පවසනුයේ මෙය රතුපස්වල ජනතාවගේ ගැටලුවක් නොව මුලු රටේම ගැටලුවක් බැවින් සියලුම සමාජව්‍යපාරයන් එකට පෙලගැසිය යුතුබවයි.ලස්සන රැඩිකල් කථාවකි!ඔහු කියන පොදු ජනතාවත් සමග බද්ධ සමාජ්‍ව්‍යාපාර ඔහුගේ ඔලුවේ මිස ලාංකීය මහපොලවේ ඇත්තේ නැත.මම පුංචි උදාහරණයක් කියන්නම්.ගම්පහ දිස්තිරික්කයේ මගේ අසල්වැසියාගේ බිරිද සමග මාගේ බිරද අතර කරන දෙබසක්(;ඔයා දැක්කද ටි.වී එකේ රතුපස්වල පාසැල් ලමයෙක් යුධහමුදාවෙන් මරල දාල වතුර ඉල්ලල කරන උද්ගෝෂණයකදි;?අනේ මෙයා ඔව් පව් නේද මගෙ දුවගෙ වයස මයි.ඒ දෙමව්පියන්ට හරිම ගින්දරක් නේද?ආ ඒක නෙමයි අපිත් එක්ක ඉරිදට බීච් යන්න දාගත්ත එක වෙනසක් නෑනේද?)ඔන්න ලාංකීය ජාතියේ ආත්මය!පුබුදු ගේ කථා හරියට 1980 දශකයේ පමණ වි.කො.ස. සගයන් ඈත ගම්වලට ගොස් කම්කරුමාවත පුවත් පත විකුණු ආකාරයට සමානයි(වීදි සටන් බසිවු,බැරිකේඩ නන්වව්,හතරවන ජත්‍යයන්තරය ගොඩනගවු,ලග එන විප්ලවය සදහා පෙල ගැසෙව් කියා කෑගසමින්)පොලට එලවලු ටිකක් කෙසෙල් කැනක් විකුණාගනීමට පැමිනි ගැමියන්ගේ විහිලුවට ඔවුන් ලක්වුනේ ඔය ආකරයටය.පුබුදු කට ඇරපු ගමන් කියන්නේ නව ලිබරල්වාදය කියාය,නමුත් පවතින නුතන ධනවාදි සමාජය කිරියාත්මක වන්නේ ආසියානු වටිනාකම් හරහාය=මර්ධනය,අතුරුදහන් කිරීම,විනාශ කිරීමආදීවශයෙන්.පරජාතන්තරවාදය අද ධනවාදයට අවශ්‍යය නැත. . මෙම දැනුම ලංකා පෙරටුගාමී පක්ෂයේ මැදහත්වීම හරහා මෙවුන්ට ලැබුනු බව අපි කවුරුත් දනිමු.ගැටලුව වන්නේ මොවුන් මේවා ඇප්ලයි නොකර මාධ්‍යය සංදර්ශන පැවත්වීමය. වෙනස් වී ඇත්තේ ශබ්දකෝෂය පමණි ආත්මය තවම පැරණි ජ.වි.පෙ මය.යුද්ධය කාලයේ මානෙල් මල් පලදවපු විජිත හේරත් කියන දේශපාලන නරුමයා අදවන විට හමුදාවට අනතුරු අගවයි.රූකාන්ත ,චන්දරලේඛා නඩුවේ විත්තිකරුවන්ට වුනදේ ගැන කියයි.ඔවුන්ගේ හෝ ජෙනරල් සමග ගොඩනගන ආන්ඩුවකින්ද මොවුන් දඩුවම් දෙන්න යන්නේ?මේ දේශපාලන තොත්ත බබා කාව රවටන්නද මේවා කියන්නේ?මෙවැනි දේශපාලන අදබාලයන්ට ජ.වි.පෙ නායකයන් වීමට ඉඩදුන්නේ කුමාර ගුණරත්නම්ද?

  4. අවදියෙන් ඉන්න සහෝදරයා – කටට මසුරන් දැමිය යුතු කොමෙන්ටුවක් (කටින් කිව්වා නම්) ලියා පල කර තිබෙන්නේ. කුමාර සහෝදරයාගෙන් මන් ඔය ප්‍රශ්නය අහන්න කියා හිටියේ. බැරි වුණා . මන් දන්නා පෙසපේ සහෝදරවරු හොඳ අවංක සහෝදරවරු. නමුත් පෙසපේ බොහෝ සහෝදරවරුන්ගේ ආත්මය තවම පැරණි ජවිපෙ යන කතාවට මම එකඟයි.
    මම වුනත් ලංකා පෙරටුගාමී පක්ෂය ගැන විශාල පැහැදීමකින් ඉන්නේ. ඔවුන්ගේ පොත් පත්තර විශාල ප්‍රමාණයක් කියවනවා මේ දවස්වල. දැන් ඇත්තටම කිවොත් සහෝදරයා – අර ඔයාගේ බිරින්දන් කතා කල වගේ අපි වුනත් කරන්නේ එකනේ. වැලිවේරිය ගැන කතා කරන ගමන් උපන් දින උත්සව වලටත් සහභාගී වෙන්න වෙලා තියෙනවා. එතැනදී වෙන මුණක් ගෙන ඉන්න වෙනවා. මේ දෙබිඩි ජිවිතේ ගැන කුමාර් ගුණරත්නම් සහෝදරයත් වරක් කතා කලා හොඳ උදාහරණ ඇතුව . දීප්ති සහෝදරයා මේ නරුමයන් කියන්නේ ඒකටද . කොහොම වුනත් අපි කාට කාටත් , දේශපාලන තීරණයන් ඉතා ඉකමනින් ගන්න වෙනවා .ඒ ගන්න එක හරියටම හරියන එකේ වෙන්න ඕනේ. එකයි ප්‍රශ්නය.

  5. ගමයා1 සහෝදරයා ලියපු දෙයක් සම්බන්ධයෙන් යම් දෙයක් ලියන්න හිතුනා.අවංක කම තියෙන මිනිසුන් සමාජය තුල ඉන්නවා.පෙ.ස.ප. ගැන ගත්තත් එහෙමයි.දරුවො දෙමව්පියන්ට අවංකයි ,දෙමව්පියො දරුවන්ට අවංකයි,මහින්ද රාජපක්ෂ ජනාධිපති පවුලට අවංකයි,ඔහුගේ හිතවතුන්ට අවංකයි.කුමාර ගුණරත්නම් ඔහුගෙ projection එකට අවංකයි.ඔය වගේ අපේ projection එක ඇතුලෙ ඕන විදියට අර්තකථනය කලහැකියි.නමුත් මට තේරෙන විදයට දේශපාලනයෙදි අවශ්‍යය වෙන්නේ අව්‍යාජත්වය.දශක ගණනක් තිස්සෙ ජ.වි.පෙ ඇතුලු කුමාරගුණරත්නම් ලට අව්‍යාජත්වය කියන පරම සත්‍යය ජයගන්න බැරුව ගියා.ඒ නිසා ලොකු විනාශයන්ට මුහුනදෙන්න සිද්ධවුනා.වර්තමානයට අනුව ගත්තොත්, වුවමනාවෙන්ම ,එකම අරමුනක් සදහා සටන්කරන තමන්ගෙ පංති සගයන්ගෙ පක්ෂයේ නම හොරෙන් ගන්න තරම් ‘ව්‍යාජවුනා.මට මොවුන් පිලිබදව පිලිකුලක් සමග කණගාටුවක් තමයි තියෙන්නෙ.

  6. Regarding Avadiyen inna’s last sentence: For the name Rossiiskaia sotsial-demokraticheskaia rabochaia partiia (RSDRP), or Russian Social Democratic Worker Party with it’s factions of Bolshviks and Mensheviks, lenin said “we need to take our proper name when we can.” So in Avadiyen Inna Sahodaraya ,1918 the name Rossiiskaia kommunisticheskaia partiia or Russian Communist party was adopted which changed later to Communist Party of USSR. Ultimately all the parties who wants socialist/communist revolution would want to change the name to Communist party and in Sri lanka the name holder is revisionist small time bourgeoisie party. (sorry to type in English – to save time)

Comments are closed.