Categorized | Political

වෙඩි උණ්ඩයෙන් මිල අඩු කිරීම

වෙඩි උණ්ඩයෙන් මිල අඩු කිරීම
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ආණ්ඩුව විසින් හදිසියේ ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව හලාවත නගරයේ දී අද (15 බදාදා) පැවැත්වූ ධීවර උද්ඝෝෂණයට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

හමුදාව විසින් එල්ල කළ බව පැවසෙන එම වෙඩි ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් මෙලෙස මරණයට පත්වූ බව පැවසෙන්නේ 18 හැවිරිදි තරුණයෙකු බවද පැවසේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් ධීවරයින් දෙදෙනෙකුද රෝහල් ගත කර ඇතැයි නවතම ආරංචි මාර්ග පවසයි.

පුරා සිව්වන දිනටත් පැවති මෙම උද්ඝෝෂණයන්හිදී ආණ්ඩු‍වේ ඉන්ධන සහනාධාර යෝජනා බොරුවක් බවත්, වහා ඉන්ධන මිල පහත හෙළන ලෙසත් ඉල්ලා සිටියහ. හලාවත මාලු වෙළඳ පොලේ සිට නගර මධ්‍යයට පාගමනකින් පැමිණෙමින් සිටි උද්ඝෝෂකයන් පාලනය සඳහා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබුණු අතර උද්ඝෝෂකයින්ගේ ගමන අවහිර කිරීම සඳහා පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරන ලදී.

වෙඩි උණ්ඩයෙන් මිල අඩු කිරීම, 7.0 out of 7 based on 1 rating

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

2 Responses to “වෙඩි උණ්ඩයෙන් මිල අඩු කිරීම”

  1. desapremiya says:

    ass offers to military at past must be carefully in the future

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)
  2. ආසිරි says:

    මහින්ද රාජපක්ෂ කියන්නේ නූතන ඉඩියමින්

    VA:F [1.9.9_1125]
    Rating: 5.0/5 (1 vote cast)

Trackbacks/Pingbacks


3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us