පහත පළවන්නේ අනූව දශකය පුරා හිරු කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් කැපවුණු චරිතයක් තම අතීතය අමතක කොට පවතින ක්‍රමයට තමන්ව පාවා දෙන ආකාරයයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබිය යුතුය. නමුත් ගැටලුව වන්නේ මෙවන් පුද්ගලයන් දීප්තිගේ දේශපාලනය ප්‍රශ්න කරමින් වාමාංශික දේශපාලනය කරන අයුරු සමාජයට පෙන්වීමට උත්සාහ දැරීමයි. අනූව දශකයේදී මන්ද පෝෂණයෙන් පෙළෙන තරම් දුක්විද සමාජ පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිට පසුව ඉන් ඉවත් වීම ගැන අපට ගැටලුවක් නැත. ගැටලුව වන්නේ එවන් අය අපට ශික්ෂණය විය යුතු ආකාරය පෙන්වා දීමට යාමයි. පවතින වෙළදපොල ආර්ථිකය මේ අයට ඉස්පොල්ලේ ගොස් ඇති වගට විවාදයක් නැත. එපමණක් නොව මේ අය විනෝද ගමන් යන්නේ සමහර ස්තී දූෂකයන්ද සමගය. අනවශ්‍ය විකාර කරන්නට ආ විට අපට එම සාක්ෂි ඉදිරිපත් කළ හැක. මෙවැනි විහිලුකාරයන් වාමාංශික දේශපාලනයක් නොකරන බව අප නම් හොදින්ම දනිතත් ට්‍රොට්ස්කිවාදීන් ඒ ගැන දන්නවාදැයි අප නොදන්නෙමු. මෙවැනි පිස්සු හුටංලාට පිළිතුරු දිය හැකි ආකාරය ඔබලාම තීරණය කරන්න

විශේෂ ස්තුතිය – නිශාන්ත කුලරත්න (බබා)

 

14160_10200134077541819_753202788_n1374713_10202319883625605_434161024_nunnamed

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. මේ විදිහට ගියොත් කන්ඩත් බැරිවෙනවා. රෙන්ඩත් බැරිවෙනවා. හුකන්ඩත් බැරිවෙනවා. අතේ ගහන වම්මු හොදයිද? හුකන අය හොද නැද්ද? කටට ගන්න වම්මු, පුකේ අරින වම්මු, ගල් කපන වම්මු හොදද? මේක තමයි වමේ මහා හුකන ජාතක කතා වස්තුව සහ පටිසන්ධි හුකුම් නැලවිලි විවරණය.

  2. සමාජ විචාර
    .
    “ මම චේ – අනූෂා රෝසා“ දීප්ති සිතයි.

    ප්‍රාග්ධනය කියවා විවේක ගැනීම නොහොත් දීප්ති ගේ පෙරටුගාමී දේශපාලන විචාර
    —————————————————
    නෙවිල් දීප්ති ගේ දේශපාලනය විවේචනය කරන්නෙකි.

    දැන් දීප්ති ම පිළිගන්නා පරිදි ඒ නිසා දීප්ති නෙවිල් විවේචනය කරමින් කෙටි සටහනක් සහ පිංතූර කිහිපයක් පළ කොට ඇත.

    අපි දැන් ඒ හරහා දීප්ති ගේ ආශාව කියවමු.

    දීප්ති මෙසේ කියයි: “ පහත පළවන්නේ අනූව දශකය පුරා හිරු කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් කැපවුණු චරිතයක් තම අතීතය අමතක කොට පවතින ක්‍රමයට තමන්ව පාවා දෙන ආකාරයයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබිය යුතුය. නමුත් ගැටලුව වන්නේ මෙවන් පුද්ගලයන් දීප්තිගේ දේශපාලනය ප්‍රශ්න කරමින් වාමාංශික දේශපාලනය කරන අයුරු සමාජයට පෙන්වීමට උත්සාහ දැරීමයි. අනූව දශකයේදී මන්ද පෝෂණයෙන් පෙළෙන තරම් දුක්විද සමාජ පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිට පසුව ඉන් ඉවත් වීම ගැන අපට ගැටලුවක් නැත. ගැටලුව වන්නේ එවන් අය අපට ශික්ෂණය විය යුතු ආකාරය පෙන්වා දීමට යාමයි. “

    දීප්ති මෙසේ කියන්නේ පිංතූර තුනකින් නිරූපණව කෙරනෙ දේ පිළිබඳය. දීප්තිට මෙම පිංතූර වලින් පෙන්නුම් කරන්නේ නෙවිල් “තම අතීතය අමතක කොට පවතින ක්‍රමයට තමන්ව පාවා දෙන ආකාරයයි.“

    මේ පිංතූර තුනෙන් එකක් නෙවිල් කිසියම් ස්ථානයක සුව පහසු ව පුටුවක වාඩි වී සිටින පිංතූරයකි. දීප්ති මෙම පිංතූරයට දී ඇති සිරස්තලය “ ප්‍රාග්ධනය කියවා විවේක ගැනීම‘ යන්නයි.

    දැන් මෙය නෙවිල් “තම අතීතය අමතක කොට පවතින ක්‍රමයට තමන්ව පාවා දෙන ආකාරය“ පෙන්නුම් කරන්නේ කෙසේදැයි කිව හැක්කේ දීප්තිටම පමණි. මෙවැනි පිංතූර ගත හැකි අවස්ථා වල දීප්තිමත් අනන්තවත් සිටඇත. ඒ කාලයේ මංගල සමග එක්ස් කණ්ඩායම සමග ගිය විනෝද ගමන් දීප්ති ට මතක ඇත.

    දීප්තිට අනුව මිනිහෙකු විවේක ගැනීම “පවතින වෙළදපොල ආර්ථිකය …….ඉස්පොල්ලේ “ යාමකි. එතකොට විවේක ගමන් යන හැම කෙනෙකුම “පවතින වෙළදපොල ආර්ථිකය …….ඉස්පොල්ලේ “ ගිය අයයි. දීප්තිට මිනිස්සු අන් අයගේ විනෝදයට ඇලුම් කරන එකත් වැරදියි. තමන් විවේක ගැනීම හෝ විනෝද වීමත් වැරදියි.

    දීප්ති කියන්නේ මිනිසෙකුට මෙලෙස විවේකීව සිටිය හැක්කේ ප්‍රාග්ධනය කියවීම වැනි මාක්ස්වාදී බර වැඩක් කළොත් පමණි. දීප්ති එහෙම වැඩ කරයි. එසේ නොකරන අය මෙලෙස විවේක ගැනීම බූර්ෂුවා වැඩකි. දීප්ති කවදාවත් විවේකයක් විනෝදයක් නොලබන අනුන් ගේ විනෝදය විවේචනය කරමින් ඊට ඉරිසියා කරන පරම මාක්ස්වාදී චරිතයකි. ඉඳහිට බියර් හෝ වයින් වීදුරුවක් හෝ විස්කි ටිකක්වත් වැරදිලා හරි කටේ තියන්නේ නැත. කාගේ හෝ මංගල උත්සවයකට ෆයිව් ස්ටාර් හෝටලයකට ගොස් එහෙම කළත් ඒ ප්‍රාග්ධනය කියවා වෙහෙසට පත්වීමෙන් පසුය. යුරෝපීය චිත්‍රපටි උළෙල ට ගිය විට පෙර කළ මෙන් වයින් වීදුරුවක් පානය කරන්නට තිබිය යුතු යැයි දීප්ති මෑතකදී කීවේ හරියට තමන් වයින් පානය කරන සංස්කෘතික පසුබිම ගැන පරිචයක් ඇත්තෙකු මෙනි.

    දීප්ති කියන්නේ දීප්ති ශික්ෂණය විය හැකි ආකාරය කිව හැක්කේ දීප්ති කියන ආකාරයට දේශපාලනය කරන අයට පමණි. එනම් මාක්ස්වාදී ව්‍යාපාරයක කැපවූවන්ට පමණි. එහෙම නොවන අය දීප්ති ව විවේචනය කරන්න ආවොත් දීප්ති කරන්නේ ඔවුන් ගේ ෆේස් බුක් පිංතූර වලට කැප්ෂන් ලියමින් ඒවාට තමන් ගේ විග්‍රහ දීමයි. ඒ අනුව ලිබරල්වාදියෙකුට ගතානුගතිකවාදියෙකුට නිර්මාක්ස්වාදියෙකුට දීප්ති විවේචනය කරන්නට බැරිය. දීප්ති ට දේශපාලන විවේචනය ‘ඉන් හවුස්‘ වැඩකි.

    දීප්ති සමග එකතු වී සමාජවාදය ගොඩ නගන්නන් එසේ ගොඩ නගන අනාගත ලංකා සමාජයේ ඔවුන් ගේ මතයට පක්ෂපාති නොවන අයට සිදුවුනු ඇති ඉරණම දැන් පැහැදිලි නේද? මාවෝ ගේ සංස්කෘතික විප්ලවයේදී මෙන් ඔවුන් කුඹුර ට දක්කනු ඇත. කාම්පුචියාවේදී මෙන් ඔවුන් බලහත්කාරයෙන් නගරයෙන් පිටමං කරනු ඇත. ඉතින් ඒවා කරගන්නට ලංකාවේ ජනතාව අලුතින් සමාජවාදී ව්‍යාපාර බලයට ගෙන ආ යුතු මන්ද? දැන් වත්මනෙහි ඔවුනට සිදුවී ඇති හරිය මදිද?

    හැබැයි දීප්ති ට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ඕනෑම අයෙකුගේ දේශපාලනය විවේචනය කරන්නට පුළුවන.

    දීප්තිට කවදාවත් අන් අයගේ විවේචන ඉවසීමේ හැකියාව නැත. මිනිසෙකුගේ අදහස් අදහස් වශයෙන් ගෙන එය විවේචනය කිරීමේ ආත්ම ශක්තිය නැත. ඔහුට අවශ්‍ය කලින් කලට ඔහු අනාවරණය කර ගන්නා ඔහු ගේ සූත්‍රය කියන දේ පිළිගන්නා ගෝල බාලයන්ය. ඔහුගේ කටහඬින් ඔහු කතා කරන ශෛලියට ඔහු ගෙන් උගත් දේ නැවත කියන ගිරා පැටවු ය. එහෙම නැත්නම් දීප්ති සමග එකට ෆැසිස්ට්වාදී සමාජවාදය වෙනුවෙන් ඊනියා දේශපාලනය කරන ඊනියා වාමවාදීන් ය. ඔවුන් දීප්ති ගේ දේශපාලනය විවේචනය කරන්නේ නැත.

    නමුත් මෙයින් පිටස්තර අයට දීප්ති ගේ දේශපාලනය විවේචනය කරන්නට තහනම් ය. ඒ කියන්නේ දීප්තිට විවේචකයන් අරහං යන්නයි.

    “ අනවශ්‍ය විකාර “ නොහොත් තව දුරටත් තමන් විවේචනය කරන්නට ආවොත් නෙවිල් ආශ්‍රය කරන සත්‍රී දූෂකයන් ගැන හෙළි කරන්නෙමි යි දීප්ති කියයි. මෙය මා විවේචනය කරන්නට එපා යන තර්ජනය නොවේද? විවේචනයට බය එවුන්ට සමාජය භාර දුන් විට සිදුවන දේ ලංකාවේ ජනතාව හොඳට අත්විඳ තිබේ. අදත් අත් විඳිති. ඉතින් ආයෙමත් දීප්ති ලා වැනි පෙරටුගාමීන් හරහා එකම දේ යලිත් අත්විඳින්නට ලාංකේය ජනතාවට අවශ්‍යද?

    අනෙක් පින්තූර දෙකේ ඇත්තේ නෙවිල් ස්ත්‍රියක සමග සමීපව සතුටින් සහ කෙළි ලොල්ව සිටින අවස්ථා දෙකකි. දීප්ති එම පිංතූර දෙකට දෙන සිරස්තල නම් “රෝසා ලක්සම්බූර්ග් සමග අනාගතය දැකීම“ සහ “වේ ගේ දෑතේ එල්ලුණු රෝසා“ යන්නයි. මෙයින් දීප්ති කියන්නේ නෙවිල් සහ ඔහු සමග සිටින ස්ත්‍රිය වාමාංශිකයන් නොවන බවයි. එය උපහාසයට ලක් කිරීමයි.

    දීප්ති වනාහී මිනිසුන් අතර ආදර සම්බන්ධතා පිළිබඳ අදහස උත්කර්ෂයට නංවමින් බණ දේශනා කරන්නෙකි. ඉතින් මෙහිදී ඔහු කරන්නේ එවැනි සම්බන්ධයක සිටින බව පෙනෙන දෙදෙනෙකු ඔවුන් දීප්ති ගේ තර්කයටඅනුව වාමාංශිකයන් නොවන නිසා සහ ඉන් අයෙකු වන නෙවිල් දීප්ති ව විවේචනය කරන නිසා ඔවුන් උපහාසයට ලක් කිරීම යි. මෙය දේශපාලනික කුහක කමක් නොවේද?

    දීප්ති කියන්නේ තමා සහ අනූෂා හරියට චේ සහ රෝසා වගේ බවයි. නමුත් දීප්ති ට චේ ගේ දෑතේ එල්ලුණු රෝසා ගේ පිංතූරයක් තිබේද? දීප්ති, දැන්වත් එබඳු එකක් බූලිත නලින් වික්‍රමගේ ලවා ෆොටෝ ෂොප් හෝ කරවා තුනමානේ පළ කරන්න. එවිට ඔබට නෙවිල් පාරජය කළ හැක.

    නෙවිල් ගේ දේශපාලනය කුමක් දැයි අපි නොදනිමු. නමුත් යමෙකුගේ දේශපාලනය විවේචනය කළ හැක්කේ ඔවුන් කියන විදියට දේශපාලනය කරන අයට පමණ යැයි යන්න ෆැසිස්ට් ප්‍රකාශයකි. දීප්ති වමේ පෙරටුගාමී නායකයෙක් කොට ඔහු ලවා ජවිපෙට පහර දී ඔහුගේ වල්ගේ එල්ලී සමාජවාදී දෙව්ලොව යන්නට සිහින දකින සියලු ඊනියා සමාජවාදීන් ට දැන ගත යුතු දෙයක් තිබේ. ඒ දීප්ති ගේ සමාජවාදය ආ දිනයට ඔහු කියන විදියට නොනටන අයට දීප්ති ගෙන් ලැබෙන්නේ දැන් දීප්ති නෙවිල් ට ප්‍රතිචාර දක්වන ආකාරයේ ‘බෙහෙත්‘ නම් එවැනි එක මතයක් දරන අය පමණක් බලයේ සිටින සමාජයක් අපට අවශ්‍ය දැයි යන්න තීරණයකරනු ඇත්තේ ලාංකේය ජනයා බවය. මේ දක්වා ලංකාව සදහට ෆැසිස්ට්වාදයට යට කරන්නට ආ සියලු බලවේග පරාජය කරන්නට ලාංකේය ජනයා සමත් වී ඇත. මේ වතාවේ ලාංකේය ජනයාට මුහුණ දෙන්නට සිදු වී ඇති තත්වය කෙළෙස තීරණය වේදැයි දැන්ම කිව නොහැක. අද පවත්වා තත්වයට ලාංකේය ජනයා ට සාර්ථකව මුහුණ දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සම්පදායන් යල් ප්‍රථිෂ්ඨාපනය කළ හැකි වුව හොත් දීප්ති ගේ ෆැසිස්ට්වාදය ඒ සමගින් පරදිනු ඇත. එසේ නොවුවහොත් දේශපාලනය මගින් දීප්ති ට තම ෆැසිස්ට්වාදී අභිලාෂයන් සපුරා ගැනීමට නොහැකි වනු ඇත.

  3. ඒ කියන්නේ වීර නෙවිල් හිටියේ වීර භාෂණ ඔහුව වීර කඩේ යවන කාලයේයි. නිදහස් නෙවිල් කියන්නේ වීර දීප්තිට ඇලජික් රූපයක්.

    නෙවිල් මන්දපෝෂණය හදා ගත්තා ය කියා ලංකාවේ සමාජවාදී විප්ලවය වන්නේ නැත. නෙවිල් පෙම් කරන්න ගත්තා ය හෝ විනෝද චාරිකාවක් ගියා ය කියා එය ක්‍රමයට අනුගත වීමකැයි කියන්නට ද බැරි ය.

    මේ ඡායාරූපවලින් දීප්ති හිතන තරම් දෙයක් කියවෙන්නේ නැත. එහෙත් ඒවා සමග ලියා ඇති දේවලින් දීප්තිගේ මානසික මන්දපෝෂණය නම් පෙනේ.

  4. සුජාතබව පිලිබද ගැටලුවක් මේ හරහා පෙනී යනවාය කියලා මට සිතෙනවාය. ලංකාවේ දර්ශන ඉදිරිපත් කරන අයවලුන් තමුන් ඉදිරිපත් කරන දර්ශනය තුල ජීවත් වන්න උත්සාහ කරන් නැහැ. ඒ වගේම බහුතර දාර්ශනිකයින් තමුන් හොඳ ලමයෙක් හොද මිනිසෙක් සමාජය විසින් ගරු බුහුමන් ලැබිය යුතු අයෙකු ලෙස පෙන්වනවා.
    යමකු අදාල නොවන ස්ත්‍රියකට සමීපව සිටින සේයාරුවක් දැමුවායැයි සිතමු. ඉදින් ඔහු හොර සුචරිතවාදියෙකු නොවේ නම් ඔහු කරන්නට ඇත්තේ මා මේ ස්ත්‍රිය සමග යහන්ගතවීම ඔබට ගැටලුවක් වන්නේ කෙසේදැයි පෙරලා ඇසීමයි..නමුත් සිදුවන්නේ එය නොවේ. ඔහු එය ඔහුගේ මහා චරිතයට වූ කැලලක් ලෙස ගෙන පිංතූර දැමුවන් වෙත පෙරලා පහර දීමයි..

    මාක්ස්වාදියෙකු නම් නිවාඩු ගත කිරීමට කැලේ යා යුතු නැතිය, ගෑනු සමග සංවාස නොකල යුතුය කියාල කැලෑ තියරි කොහේද තියෙන්නෙ.? ඒ කවුරු හොයාගත් ඒවාද? අවාසනාව කියන්නේ ඔව් මම ගෑනු එක්ක බුදියාගත්තා තමයි. ඔවු මම නිවාඩු ගතකරන්න කැලේ ගියා තමයි..ඉතිං බොට මොකදැයි අසන්නට මේ පිංතූර වල සිටින උන්ට කොන්දක් නැති එකය. එසේ තමුන්ද පෘතග්ජනයෙක් බව පිලිගන්නට අකමැති මේ බහුබූත දාර්ශනිකයින්ගේ බහුබූත මනෝවිකාර මේ දූපත තුල කුලල් කා ගන්නා තවත් එක නරි කැලක් පමණැකැයි මට සිතේ….

Comments are closed.