ලාංකික මිනිසා තම ජීවිතය පිළිබඳව ආගමික අර්ථයෙන් ඉවත් වන මට්ටමට රටේ ආර්ථික අර්බුදය උත්සන්න වී ඇත. සමහර විට, මෙම මංසන්ධිය 53 වර්ෂයේ ‘හර්තාලය’ සිදුවීමට වඩා අන්තරාදායක විය හැකි ය. ආණ්ඩුවට හෝ විපක්ෂයට මෙතැනින් ඉදිරියට අවිනිශ්චිතභාවයෙන් තොර විකල්පයක් නැත. ඔවුන් දන්නා සියලුම ‘විකල්ප නූතනත්වයන්’ අහවර වී ඇත. 1987 වැනි යුගයක, පීටර් වයිස් නම් නාට්‍ය රචකයාගේ ‘මරාසාද්’ නම් නාට්‍යයේ ව්‍යුහය නැවත සිහිපත් කිරීම මෙහි දී වැදගත් ය.

                      ‘මරාසාද්’ යනු, ප්‍රංශ විප්ලවය කේන්ද්‍ර කොටගත් වෘතාන්තයකි. නමුත්, අප එය ප්‍රංශ විප්ලව සන්දර්භයෙන් ඉවත් කොට ‘මනුෂ්‍යයාගේ මනස’ නම් සන්දර්භයට ඇතුල් කළහොත් තත්වය මෙසේ ය. විප්ලවවාදී මනස් තුළ ඇත්තේ, විකාරරූපී අදහස් ය. අනෙක් අතට, කිසිවක් ගැන අදහසක් නිපදවා ගත නොහැකි නිසා සාමාන්‍ය මිනිසා ‘විඳවීම්’ වලට විවිධ අර්ථයන් සොයති. පාලකයා සහ පාලිතයා අතර බෙදුම්කඩනය සකස් වී ඇත්තේ, විඳවීම සහ අර්ථකතනය කරන්නන් අතර ය. ‘මරා’ ලුවී රජතුමාගේ හිස ගසා දැමීමෙන් වසර හතරකට පසුවත්, ඒ ගැන නො දැන ජනතාවට පණිවිඩ නිකුත් කරයි. ඔහු සිතන්නේ, තම පණිවිඩය ජනතාව අතරට නො යෑම නිසා ජනතාව දුක් විඳින බවයි. පරිභෝජනය නිසා මත් වී සිටින ජනතාවට දැන් අවශ්‍ය වන්නේ, ආගමික අල්පේච්ඡවාදයකි.

                     මරා සමාජයේ සියලු යක්ෂයන්ට එරෙහිව සටන් කරයි. ඒ අතර, මධ්‍යම පන්තියේ සිට කුමන්ත්‍රණකරුවන් දක්වා විශාල පරාසයක යක්ෂයන් සිටිති. මේ සටන ‘මරා’ කරන්නේ, භාෂාවෙනි. ගැටලුව වන්නේ, මරාගේ විප්ලවීය භාෂාව කිසිවෙකුට නො වැටහීමයි. නමුත්, අපට නො වැටහෙන වැදගත් කාරණාව වන්නේ, මේ නාට්‍යය රඟ දක්වන්නේ උමතු රෝහලක උමතු රෝගීන් දායක කරගෙන බවයි. ඒ අර්ථයෙන්, නාට්‍යය පරිකල්පනීය තලයේ සිර වී ඇත. ලංකාවේ දී මේ නාට්‍යය රඟ දක්වද්දී සියලු දෙනාටම අමතක වූයේ, ‘නාට්‍යය’ උමතු රෝහලක් තුළ රඟ දක්වන බවයි. එබැවින්, නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක වන ‘මරා’ සහ ‘සාද්’ යනු, බාහිර යථාර්ථයේ ජීවත් වූවන් නො වන අතර ඔවුන් උමතු රෝගීන්  (Megalomania) ය. නාට්‍යයේ ඊළඟ තීරණාත්මක සාධකය වන්නේ, ‘මරාගේ උමතුව’ මාර්කේස් දි සාද් නම් විපරිත දර්ශනයේ පියා මඟින් අර්ථකතනය වීමයි. සරලව කිවහොත්, ‘නියුරෝසික දේශපාලනයට’ නූතන යුගයේ දී අර්ථකතනය එන්නේ, විපරිත දේශපාලනයෙනි. මේ කිසිවකට සංකේත යථාර්ථයකට පැමිණීමට නො හැකි ය. මරාගේ මතිභ්‍රමවාදී දේශපාලනය අවසන් වන්නේ, සාදියානු දාර්ශනික ස්ත්‍රියක් සහ මරණයේ මූර්තිය වන ”චාලට් කොර්දේගේ” ආගමනයෙනි.

                      විප්ලවයට හැඟවුම්කාරකයක් ලබා දීම ගැන මරා සහ සාද් අතර ඇත්තේ, අර්ථකතනවේදී ගැටුමකි. එබැවින්, ‘මරාසාද්’ යනු, උමතුව සහ නිදහස අරබයා විප්ලවයක දී මතුවන නවීකාරක සන්දර්භය යි.

                      ‘මහේෂ් හපුගොඩ’ විසින් වසර 2019 දී රචිත ‘බුදු දහම, සිංහලකම සහ ශුන්‍යතාව’ යන කෘතිය බුද්ධ දර්ශනය සහ මිනිස් විඳවීම (දුක) අතර යම් අර්ථකතන විශ්වයක් ගොඩනැගීමට දරන ලද දාර්ශනික උත්සාහයකි. ඔහුගේ උත්සාහය, ජර්මානු දාර්ශනික මාටින් හෛඩගර්ගේ ‘ශුද්ධ ප්‍රජාව’-pure Community- පිළිබඳ අදහසට තදාත්මික ය.

                       මහේෂ්ගේ ප්‍රණීත දාර්ශනික අදහස වන්නේ, ‘මිනිසාව යථාර්ථයට විසිකර ඇත’ යන හෛඩගරියානු මූලය යි. ඒ අනුව, මිනිසා තම ජීවිතය ගැන සදාතනික අර්ථකතනවේදයක සිර වෙයි. මිනිසා එක පැත්තකින්, මේ ලෝකයට වැටුණේ ඇයි දැයි නො දන්නා අතර අනෙක් පසින්, මිනිසා තම විඳවීමට (දුක) අර්ථයක් අනවරතව ගවේෂණය කරයි. බටහිර දේවධර්මය මිනිස් විඳවීම අර්ථකතනය කරන්නේ, පහත පරිදි ය.

              “දෙවියන් සර්ව බලධාරී ය, සාධාරණ ය, කරුණාවන්ත ය. ඒ නිසාම, ලොව පවතින නපුර සහ විඳවීම යනු ද මිනිසා සඳහා දෙවියන් ඉදිරිපත් කළ සැලසුමේ ම කොටසකි. සාතන් නොහොත් යක්ෂයා විසින් ‘ජොබ්’-Job- නම් මිනිසෙකු හරහා දේව භක්තිය පරීක්ෂා කරයි.

                 දෙවියන් මිනිසාට යෝජනා කරන ප්‍රවාදය පහත පරිදි ය.

ඔබව ඔබ විඳින වේදනාවෙන් දෙවියන් ගලවා නො ගන්නේ නම් ඔබ දෙවියන් පිළිබඳ භක්තිය අත්හරින්නේ ද?”

 

                     ඉතාම සරලව කිවහොත්, දෙවියන් ඔබව ආරක්ෂා නො කරන්නේ නම් ඔබ දේව භක්තියෙක් වීම අතහැර දමනවා ද? මෙතැන දී, ‘දෙවියන් මියගොස් ඇත’ යන ප්‍රවාදයේ හිමිකරුවන් බොළඳ වීම වැළැක්විය නො හැකි ය.

                    දෙවියන් ඉන්නවා යැයි ඔබ විශ්වාස කරන්නේ, ඔබගේ විඳවීමට බාහිර දිව්‍යමය බලයක් අරුත් සපයනවා යැයි ඔබ අනුමාන කරන විටදී ය. දෙවියන් නොමැති තැන ඔබ ගල්ගැසී යන්නේ, ඔබගේ ‘වේදනාත්මක සතුටට’ – pleasure in pain- ඔබ තුළ හැර අන්‍යයන් තුළ අරුතක් නැති බව ඔබට වැටහෙන නිසා ය. අනෙකාගේ අර්ථයෙන්, ඉවතට යන ශේෂය – Excess – කුමක්ද? 

                       මා සිතන්නේ, 2004 සිදුවීමේ දී ‘මගේ වේදනාවට’ කිසිදු අර්ථයක් නැති බව මට පසක් කරන ලද්දේ, මගේම සමීපතර දේශපාලන සගයන් විසින් බවයි. මහේෂ් හපුගොඩ සිටින්නේ ද මෙම ගුරුකුලයේම ය. එනම්, තම සමීප අනෙකාගේ ‘වේදනාත්මක විඳවීමට’ කිසිදු අර්ථයක් නැත යන ආස්ථානයේ ය. කතෝලික කාදිනල්වරයාට පාස්කු වින්දිතයන්ගේ වේදනාව දැනෙන මුත් 2009 වර්ෂයේ හින්දු වින්දිතයන්ගේ වේදනාව ගැන අර්ථයක් නැත. ‘ලෙනින්’ මිය ගියාට පසු ප්‍රායෝගිකව විප්ලවයට අර්ථයක් නැත. මේ සියල්ල, දේව ධර්මයට හිමි ක්ෂේත්‍රයකි. මහේෂ්ට අනුව, බෞද්ධ දර්ශනයට මිනිස් විඳවීම පිළිබඳව ”පසු තත්වය” ගැන විකල්ප නූතන අදහසක් ඇත. අපි ඒ ගැන ක්‍රමවත්ව අධ්‍යනය කළ යුතු ය. ඊට පෙර, අපි ක්‍රිස්තියානු දේව ධර්මයට යොමු වෙමු. 

deepthi.

++++++++++++++++++++++++++++

ජොබ් වනාහි, හදිසියේම විපතෙහි පත්, භක්තිවන්ත, ආදර්ශමත් පුරවැසියෙකි. අනතුරුව , ඔහුව දේවදර්මානුකූල  අද්‍යාපනයකින් යුතු මිතුරන් තිදෙනෙකු විසින් බැහැදක්නා ලදි. මෙම මිතුරෝ මතවාදය (ideology ) ඉතා පිරිසිදු මට්ටමින් නියෝජනය කරන්නෝ වෙති. ඒ සෑම අයෙක්ම ඔහුගේ (ජොබ්ගෙ) වේදනාව සන්කේතවත් කරන්නට, අර්ථ  දක්වන්නට උත්සාහ කරයි. – දෙවියන් වහන්සේ ඔබට දඩුවම් කරනවා විය හැකියි, ( ඔබ ඔබේ පාපය ගැන දැනුවත් නොමැති මුත් ) උන්වහන්සේ ඔබව පරීක්ෂා කරනවා විය හැකියි , යනාදී වශයෙන් .

ජොබ් පිලිබද සාමාන්‍ය පොදු මතය වන්නේ, ඔහු තම දුක් කම්කටොලු සම සිතින් දරාගෙන , ගෞරවනීය ලෙස දිවි ගෙවන ඉවසිලිමත් බැතිමතෙකු යන්නයි. නමුත් , සැබැවින්ම ඔහු එසේ සියල්ල නිහඩව  දරාගන්නකු නොවේ. ඔහු නිතර මැසිවිලි නගයි. ඔහු ස්වකීය වේදනාවට කිනම් හෝ අරුතක් ඇතැයි කිසි විටකත් විස්වාස නොකරයි. ඔහුට අවශ්‍යව ඇත්තේ තම විදවීමට අර්ථයක්  නොමැති බව තහවුරු කිරීමටයි . කිසියම් දිව්‍යමය සැලැස්මකට  ( divine plan ) තම වේදනාව සාධාරණීකරණය කල හැකි යැයි ඔහු පිළිනොගනී.
ඒ කෙසේ වෙතත් , අවසානයේදී දෙවියන් වහන්සේ පෙනී සිට කියා සිටියේ ඔහුගේ මිතුරන් තිදෙනාම සම්පූර්ණයෙන්ම  වැරදි බවත්, ජොබ් කියාසිටි සියල්ල නිවැරැදි බවයි . වේදනාව වනාහි කිසියම් ගැබුරු අර්ථයක් ඇති දෙයක් නොවේය යන ස්ථාවරයට පැමිණි කළ, ඔබට එය වෙනස් කල හැකිය , එයට විරුද්ධව සටන් කල හැකිය . [Ideology  අර්ථ දැක්වීමේ (critique කිරීමේ) මූලිකම මට්ටම , පදනම මෙයයි. – ඔබ එයට ( වේදනාවට ) අර්ථයක් සපයන්නේ නැති විට .]

ජොබ් හි පළමු වතාවට දෙවියන් පෙනී සිටින විට එය දිස්වන්නේ , මට ශීර්ෂ පහකින් බියකරු රකුසන් මැවිය හැකියි ආදී වශයෙන් වහසිබස් දොඩමින් යන, හොලිවුඩ් සංදර්ශනයක් වාගේය. නමුත් , ඔහුගේ බලය පිලිබද පුරසාරම් දෙඩවීම පිටුපස ඇති සත්ත්‍යය වන්නේ, එහි විරුද්ධ පැත්ත වසාගැනීමට ඔහු ගන්නා උත්සාහයයි. දෙවියන් වහන්සේ විදහා දක්වන්නේ ඔහුගේ අසමත් භාවයයි, පරාජිත භාවයයි . මේ අරුතින් ගත් කල, ජොබ්ගෙ විදවීම ක්‍රිස්තුස් වහන්සේගේ විදවීම දෙසට ඉලක්ක ගත වේ.

අපි යුදෙව් ආගමේ සිට කිතුනු ආගම දෙසට ගමන් කරමු. මානවයාත් දෙවියනුත් අතර පවතින මේ නිම නොවන බෙදුම, ඛන්ඩනය  – මානවයාට ස්වකීය විදවීමට අරුතක් සපයාගැනීමට කිසිසේත්ම  නොහැක යන අදහස –   දෙවියන් වෙතම එල්ල කල විට,  


“පියානනි! ඔබ මා අතහැර දැමූයේ මන්ද! ” යන ක්‍රිස්තුස් වහන්සේගේ අසරණ මොරදීම අප විසින් වටහාගත යුත්තේ මෙලෙසයි. මෙය වටහා ගත යුත්තේ , දරුවාගේ අපේක්ෂා ඉටුකර දීමට අසමත් පියකු සහ එහිම අනෙක් පස යන අරුතිනි. නින්දාවට ලක් කෙරෙන්නේ පියාගේ අසමත් භාවයයි , නොහැකියාවයි. දෙවියන් වහන්සේ අසමත් නොවන්නේමැය. එසේනම් , ක්‍රිස්තුස් වහන්සේගේ යනු, දෙවියන්  වහන්සේගේ අසමත් භාවයත්, ස්වකීය වේදනාවෙහි ඇති නිරර්ථක භාවයත් යන ද්විත්වයෙහිම නියෝජනයයි.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. සහෝදරයා…ජාතිකචින්තන ව්‍යාපාරයට වාමාංශික දේශපානය පාර්ශ්වයෙන් දෙන්න තියෙන හොඳම පිළිතුර මොකක්ද?චීනයත් එක්ක බැලුවාම වමේ දේශපාලනයත් අවසාන අර්ථයකින් ජාතිකවාදයකින් කෙළවර වෙනවා කියන ප්‍රසිද්ධ අදහස විසංයෝජනය කරන්නෙ කොහොමද?මේකටත් ලිපියක් බලාපොරොත්තු වෙනවා.

  2. මා සිටින්නේද මහේෂ් ගේ අදහසෙහිම හෙවත් ඔහුගේ ගුරු කුලයේය. 2004 වෙදන්ව ඔබට මිස අපට දැනෙන්නේ නැත. කෙතරම් “ද්‍රෝහියන් ” සිටියද ඔවුන් ද්‍රෝහී කුමකටදැයි ඔවුන්ද නොදනී.

Comments are closed.