දහස ලබා අවුරුදු තුනක් ගත වීමට ආසන්න මොහොතක ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු වූ සුවිශේෂී හැරවුමක් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ඩී. ඒ. රාජපක්ෂ මහත්වරු අලුත්, රැඩිකල් ජාතික තීන්දුවක් ගෙන කොම්ප්‍රදෝරු ධනපති දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ජනතාවාදී නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමයි. 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීම එම ගමනේ වැදගත්ම මොහොතයි. මේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්ය භාරයක් කළ සහ ඉන් පසුව මෙරට ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන මඟ පෙන්වන්නෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 105 වැනි ජන්ම දින සැමරුම් දේශනය සඳහා ලැබුණු ආරාධනාව මා සලකන්නේ, එය මගේ සමාජ – දේශපාලන ජීවිතයේ ලද සුවිශේෂ වැදගත් අවස්ථාවක් ලෙසයි.

ඩී. ඒ. රාජපක්ෂ නාමය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි වන්නේ ඔහු ජනාධිපති තුමාගේ පියා වීම යන කාරණය මත යැයි කීමට වඩා නූතන ලංකාවේ දේශපාලන පරිසරය සකස් කිරීමේ ලා තම ශ්‍රමය, කාලය සහ බුද්ධිය කැපකළ කෘතහස්ත දේශපාලන නායකයකු සහ ක්‍රියාකාරයකු නිසා යැයි කීම සාධාරණ වෙයි. යටත් විජිත පාලනයේ අවසාන අදියරේ දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙසටත්, කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවේ සාමාජිකයකු ලෙසටත් කටයුතු කළ ඔහු 1947 ප්‍රථම, දෙවන සහ තෙවැනි පාර්ලිමේන්තු වල බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසත් ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙසත්, වැඩ බලන ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත්, කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයකු ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයකු ලෙසත් මෙරට දේශපාලන – සමාජ ක්ෂේත්‍රයට කළ මැදිහත් වීම හා සේවය ඉමහත්ය. ඓතිහාසිකව සලකා බලන විට මෙරට ග්‍රාමීය කෘෂි ප්‍රජාවට, සෘජුව අදාළ වූ ඉඩම් හා ඉඩම් සංවර්ධන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඔහුගේ මැදිහත්වීම වැඩියෙන් සිදුකළ ක්ෂේත්‍ර වෙයි. ඉන් හැඟවෙන්නේ මෙරට ග්‍රාමීය කෘෂි ජන සමාජය කෙරෙහි ඵලදායීව මැදිහත් වීමට ඔහුට තිබු තදබල වුවමනාව සහ අවකාශයයි. එසේම එදා ආණ්ඩුකරණ ක්‍රියාදාමය තුළ ඔහුට ඔහු ඇළුම් කළ ක්ෂේත්‍රයම පැවැරී තිබූ බවයි.

කොම්ප්‍රදෝරු දක්ෂිණාංශික ධනපති දේශපාලන කණ්ඩායමක් සමඟ මෙරට පීඩිත ජන තීරුවලට සැලසිය හැකි සෙතක් නැති ය යන්න වටහාගත් ඩී. ඒ. රාජපක්ෂ දේශපාලන ක්‍රියාධරයා 1951 දී බණ්ඩාරනායක මහතා සමඟ කළ අභිනිෂ්ක්‍රමණය මෙරට දේශපාලන ඉතිහාසය සුවිශේෂී ජනතාවාදී දිශාවකට යොමු කළ බව මා පවසන්නේ සැක සංකා නොමැතිවය. එදා එකී අභිනිෂ්ක්‍රමණයට හේතු වූයේ පරිපූර්ණ නිදහස් නිවහල් රටක්, නිදහස් නිවහල් රාජ්‍යයක් සේම නිදහස් නිවහල් ජාතියක් ගොඩ නැගීමේ පරම අර්ථයන්ය. එමෙන්ම එම අර්ථ තුනට උපකාරී වන ලෙස ශක්තිමත් ජාතික ජනතාවාදී ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කරගෙනය.

විවිධ බාධක මධ්‍යයේ ඉදිරියට ආ මෙම පරමාර්ථත් ඒවා ඉටු කරගැනීමේ සැලසුම් හා ක්‍රියාමාර්ගත්, පරිපූර්ණව සාර්ථක කරගැනීමට නොහැකි විය. විශේෂයෙන්ම බණ්ඩාරනායක ඝාතනය වගේම 1967 ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා දැයෙන් සමුගැනීම ඊට මූලික හේතු වෙයි. නමුත් එතුමා දැයෙන් සමුගෙන වසර 43 ක් ගත වන විට, ඔහු දැයට හමු වී අවුරුදු 105 ක් ගත වන විට අප නැවතත් ඉහත කී පරම අර්ථ ඉටුකර ගැනීමේ මොහොතකට ළඟා වී සිටීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අවධානයට හසුවිය යුතු යැයි සිතමි. “ශ්‍රී ලාංකීය ජාතික රාජ්‍ය ගොඩනැගීම සඳහා වූ දේශපාලන දැක්මක්” යන මැයින් මා කළ කෙටි දෙසුම එහි අතීත උරුම කරුවකු සේම ප්‍රධාන දායකයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ නාමයට උපහාරයක්ම වනු නොඅනුමානයි.

 

ත්‍රස්තවාදය විනාශ කිරීමේ කටයුත්තේ දී ලක් රජය ලැබූ සාමාර්ථය අති විශිෂ්ටය. එහෙත් පරාජිත ඊළාම් වාදීන්ගේ නොසතුට, වෛරය, ද්වේශය, පළිගැනීමේ චේතනා සහ පළිගැසීම තවදුරටත් ජීවමානය. මේ තත්ත්වය රට අභ්‍යන්තරයේත් ජාත්‍යන්තරයේත් විවෘතව සහ සැඟව පවතින්නකි. එය විටින් විට, විවිධ තැන්හිදී, විවිධ සංවිධාන සහ පුද්ගලයන්ගෙන් විවිධ අයුරින් මතුවිය හැක්කකි. ලෝක බලවතුන්, බලගතු ලෝක සංවිධාන සහ කණ්ඩායම් ශ්‍රී ලංකාව කෙරෙහි වූ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ප්‍රවිෂ්ඨ වන්නේ එහි එක් රූපකායක් ලෙසිනි.

 

ඉන්දීය සාධකය

කොටි ත්‍රස්තවාදය භාවිත කළ එක් දේශපාලන වෙස් මුහුණක් වූයේ “විමුක්ති අරගලය” යන්නයි. කොටි ත්‍රස්තවාදයට ඒ නම ලබා දුන්නේ අතීත ඉන්දියාව විසින්ය. ඒ අතීත ඉන්දියාවම නුවූවත් වර්තමාන ඉන්දියාවේ දේශපාලන චලන ජාත්‍යන්තරව සහ කලාපීයවත් රට ඇතුළේත් නැඟෙන, වැටෙන, පෙරළෙන ආකාරය නිරතුරුවම අපේ සූක්ෂම නිරීක්ෂණයට සහ අවධානයට ලක්විය යුත්තේ එහෙයිනි. කුමන ස්වරූපයක් ගත්ත ද, මෙරට ජාතික රාජ්‍ය භූමිකාවට ඉන්දියානු සාධකය කරන බලපෑම ලෙහෙසියෙන් පහසුවෙන් බැහැර කළ හැක්කක් නොවේ.

ඒ නිසාම ඒ තත්ත්වය ගැන විශේෂ සැලකිල්ල යොමු කරමින් ගනු ලබන තිරසාර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍ර සබඳතා අත්‍යවශ්‍යය. අපේ ජාතික රාජ්‍යයේ ස්වාධීනත්වය සහ ශක්තිය වනාහි ඉන්දියාව සමඟ වූවකි. ඉන් බැහැරව ගිය ශ්‍රී ලංකාව යනු ශක්තිමත් ශ්‍රී ලාංකීය ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ ගෝලීය දේශපාලන මඟ වරද්දා ගත් රටකි. එබැවින් අපේ දේශපාලන, ආර්ථික, සංවර්ධන, ආරක්ෂක, වෙළෙඳපළ සහ ගෝලීය මූලෝපාය සකස් විය යුත්තේ ඉන්දීය මිතුරාට අවනත වී හෝ ඔහුගේ අනුමැතියට යටත් වී හෝ නොවේ. ඒවා සකස් විය යුත්තේ ඉන්දියාවේ සිත නොරිද්දායි. නොඑසේ නම් ඉන්දියාවට සතුටක් හෝ දුකක් හෝ නොදැනෙන නොහැඟෙන පරිදිය. 2005 න් පසු ආණ්ඩුව මේ තත්ත්වය මනාව වටහාගෙන කටයුතු කිරීම නිසා ලද ප්‍රතිඵල බොහෝය.

 

ජාතික ගැටලුව

ඊළාම්වාදය ගැන ජාතිකවත්, කලාපීයවත් ගෝලීයවත් ගොඩනැගුණු ශාස්ත්‍රීය කතිකාව අපේ සියුම් අවධානයට ලක් විය යුත්තකි. මෙම ශාස්ත්‍රීය හෝ බුද්ධිමය කතිකාව සිදු කළ ලොකුම බාධාව වූයේ රටේ සමස්ත ගැටලු තේරුම් කර ගැනීමට, මතුකර ගැනීමට සහ පැහැදිළි කර ගැනීමට අවහිර වන ආකාරයෙන් ඊළාම් ගැටලුව නිතර නිතර, හැම තැනකදීම, රටේ ඇති එකම හා විශාලම ගැටලුව ලෙස මතුකර දැක්වීමයි.

ඒ නිසාම ඔවුන්ට අනුව එය රටේ ඇති එකම “ජාතික ප්‍රශ්නය” නොඑසේනම් “ජාතික ගැටලුව“ බවට පත්වීම අප කවුරුත් අත්දුටු දෙයකි. 1977 න් පසුව වර්ධනය වූ නව ලිබරල්වාදී ආර්ථික වෙනස්වීම් නිසා ඇති වූ බරපතල ආදායම් විෂමතා, ඒ නිසාම සමාජය තුළ විද්‍යමාන වූ දුප්පතුන්ගේ සහ පොහොසතුන්ගේ මහා පරතරය, එසේත් නැතහොත් බහු පරිභෝජනවාදීන්ගේ සහ හුල්ලන්නන්ගේ මහා පරතරයක් සමාජය තුළ වර්ධනය වූ බවත් ඉන් පසුව මතු වූ වාර්ගික, තරුණ, ගොවි, කම්කරු, වෘත්තීය, සිවිල් ගැටුම් හෝ අරගල වනාහි 77 න් පසු ඇති වූ තත්ත්වයේ විවිධ ප්‍රකාශ වීම් බවත් වටහා දීම සඳහා කිසිදු අධ්‍යයනමය උදව්වක් මෙම ඊළාම්වාදී බුද්ධිමතුන්ගෙන් හෝ ඊළාම්වාදී ශාස්ත්‍රීය කතිකාවෙන් සමාජයට ලැබුණේ නැහැ.

ඒ වෙනුවට සිද්ධ වූයේ ඊළාම් අරගලය යන්න සුවිශේෂී, ස්වායත්ත වාර්ගිකමය අනන්‍යතා දේශපාලන හේතූන් මත ඉපදුනු එකක් බවත් ඒ සඳහා විසඳුම සුවිශේෂි ලෙස “ජනවාර්ගික ගැටලුව“ විසඳීම සඳහාම වෙන්වූ සුවිශේෂී එකක් විය යුතු බවටත් අර්ථකථන සහ පැහැදිලි කිරීම් සැපයීමයි.

 

නව ලිබරල් වාදය

මෙහි තවත් පැත්තක් ද තිබෙන බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊළාම් ත්‍රස්තවාදය හෝ ඊළාම් අරගලය ස්වායත්ත හුදෙකලා ප්‍රපංචයක් ලෙස තේරුම් ගැනීම ලිබරල්වාදයේ නියම ස්වභාවය සමඟ කදිමට ගැලපෙයි. වාර්ගික, ආගමික, භාෂාමය ගැටලු හෝ ගැටුම් පමණක් නොව පරිසර විනාශය, දූෂණය, අකාර්යක්ෂමතාව හා නාස්තිය, දරිද්‍රතාව, සාගතය වැනි කාරණා පවා ඔවුන් තේරුම් කරන්නේ ලිබරල් ධනේෂ්වර ක්‍රමය ඒ ගැටලු වලට හේතු වන බව වසන් කරමින් එසේ වසන් කරන්නේ ලිබරල් ධනේෂ්වර ක්‍රමය ඒ ගැටලුවලට හේතු වන බව වසන් කරමින්. එසේ වසන් කරන්නේ නැතිනම් නව ලිබරල් ධනේෂ්වර ක්‍රමය විචාරයට, විශ්ලේෂණයට සහ විවේචනයට ලක් කිරීමට ඔවුන්ට සිදුවෙයි.

එය නොකර එකී ගැටලුවලට ලිබරල් ධනවාදය දක්වන සෘජු දායකත්වය සහ මැදිහත්වීම හිතාමතාම අමතක කර දැමීමට මේ බුද්ධිමතුන් ඉතාම දක්ෂයි. කපටියි. එහෙමත් නොවේ නම් එතරම්ම බුද්ධිමත්, අප වැනි රටවල් වලට බලවත් රටවල් හා සංවිධාන වල අත පෙවීම සඳහා හේතු වන “පීඩිත ජනවර්ග“ සඳහා වන “මහා අනුකම්පාව“ ලියලා වැඩෙන්නේ එවැනි කුහක හා අවිද්‍යාත්මක දැක්මක් නැතහොත් සටකපටකම් මඟින් සැඟවූ අන්ත වර්ග බේදවාදයක් මත යැයි කීමට දෙවරක් සිතා බැලිය යුතු නැහැ. එක අතකින් එය පටු කුහක අවිද්‍යාත්මක දැක්මකට වඩා ලිබරල් වාදයට අතිශයින් පක්ෂග්‍රාහීව ලෝකයම ඊට අනුරූප ලෙස, හිතකර ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයකි.

එවැනි තත්ත්වයන් මත එකී බුද්ධිමය හේතු දැක්වීම් සහ බුද්ධිමය පටු පැහැදිලි කිරීම් වල ප්‍රතිඵලයක් වූයේ කලාපීයව සහ ගෝලීයව ඊළාම් වාදයට පක්ෂපාතී වගේම උපකාරී බලවත් මතයක් වටපිටාවක් සහ යුක්ති යුක්තතාවක් නිර්මාණය වීමයි. අදටත් ගෝලීය බලවතුන්ගේ සහ ගෝලීය සංවිධාන වල ශ්‍රී ලංකාව කෙරෙහි වූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හැසිරවෙන එක් ප්‍රධාන හේතුවක් වන්නේ එකී බුද්ධිමය කතිකාවතයි.

අපේ ජාතික රාජ්‍ය ශක්තිමත් කිරීමට බාධාකාරී ලෙස මතුව ඇති ප්‍රධාන අභියෝගයක් ලෙස එය නම් කිරීමට කැමැතිය. අභියෝගය වන්නේ එම ශ්‍රී ලංකා විරෝධී ඊළාම්වාදී කතිකාව රට තුළත්, කලාපීයවත් ගෝලීයවත් දිය කර හැරීමේ ක්‍රියාවලිය පටන් ගත යුත්තේ කොතැනින්ද? යන්නයි. එසේම එය දිය කර හැරීම සඳහා කළ යුත්තේ කුමක්ද? යන්නයි. ඒ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මූලෝපායික අවධානයක් යොමු කළ යුත්තේ මෙරට ජාතික රාජ්‍යය ආකෘතිය ශක්තිමත් කිරීමට එය කළ යුතුම කාර්යයක් වන නිසාය.

රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ එම සංවර්ධනය සමාජයීය කිරීම එහි ලා යෝජනා කළ හැකි ප්‍රධාන ප්‍රතිකර්මයි. ආර්ථික සංවර්ධනය සිදුවිය යුත්තේ සාර්ව ආර්ථික මිණුම් දඬු වලට පමණක්ම උචිත ලෙස නොවේ. එනම් සාර්ව ආර්ථික විද්‍යා න්‍යායන් සනසන ලෙසට පමණක් නම් ආර්ථික සංවර්ධනය සිදුවන්නේ එය මහා ගැටලුවකි. ඒ වෙනුවට සිදුවිය යුත්තේ ආර්ථික සංවර්ධනය රටේ සියලු ජනයාගේ දෛනික ආර්ථික ජීවිතය පහසු කරවන සමාජයීය ආර්ථික සංවර්ධනයක් බවට පරිවර්තනය කර ගැනීමයි. ආර්ථික සංවර්ධනය මහ බැංකු වාර්තා තුළට හෝ ආර්ථික විද්‍යාඥයින්ගේ විශ්ලේෂණවලට පමණක් ගාල් නොවී එකී ආර්ථික සංවර්ධනයේ ගුණාත්මක දෛනික ප්‍රතිඵල රටේ සියලු මිනිසුන් භුක්ති විඳින තත්ත්ව තහවුරු කළ යුතුය.

සාර්ව ආර්ථික සංවර්ධනය මඟින් පොදු ජනයාට යහපතක් ඇති කරන්නට නම් ආර්ථික විශ්ලේෂකයන්ගේ ඉහළ සංවර්ධන නිරීක්ෂණ සහ පොදු ජනයාගේ ජීවිත අතර පරතරයක් නොතිබිය යුතුමය. එක්කෝ එකී පරතරය අවම විය යුතුය. එවිට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ නිසි ලෙස භුක්ති විඳින මිනිසකුට ඊළමක් හෝ වෙනත් රාජ්‍යයක් පිළිබඳව හැඟීමක් මූලික නොවනු ඇත යන්න මාගේ විශ්වාසයයි. එසේම බෙදුම්වාදී “බුද්ධිමය” කථිකාවලට ඇති ඉඩකඩ ද බොහෝ සෙයින් අඩුවීමට ඒ තත්ත්වය බලපායි. එසේ වන්නේ කිසිදු බෙදීමකින් තොරව සංවර්ධනයේ ප්‍රතිලාභ එක ලෙසට භුක්ති විඳීමට ඉඩ හසර ලැබෙන නිසාවෙනි.

ආර්ථික සංවර්ධනය එහෙමත් නැත්නම් ආර්ථික සංවර්ධනය සමාජයීය කිරීමට ඒකාබද්ධව ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් විධිමත් කිරීම, බහුපාර්ශවීය කිරීම, ගුණාත්මක කිරීම හා තහවුරු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු භාෂාමය, ආගමික, වාර්ගික, ප්‍රදේශීය, කුල, පංති, නිලධාරී හෝ සංස්කෘතික හේතුවකින් හෝ හේතු කීපයක් නිසා හෝ සීමා නොවිය යුත්තකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදී මිණුම් දඬු මඟින් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදයේ දිග පළල තීරණය විය යුත්තේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ජන සම්මුතින් වල ගුණාත්මක හැසිරවීම් හා මිණුම් දඬු මඟින් පමණයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය තීරණය විය යුත්තේ යන්න ඉන් අදහස් වෙයි.

එහිදී සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ සාමාජිකයින් බවට පත්කර ගැනීමට ඇති සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කළ යුතු වා සේම එම සහභාගිත්වය, ගුණාත්මක යහපත් දේශපාලන පරිසරයක් ගොඩ නඟා ගැනීම සඳහා යොදා ගත යුතුයි. සුළු ජාතීන් හෝ මහ ජාතීන් නැති ශක්තිමත් ජාතික රාජ්‍යයකට අවැසි ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතික පුරවැසි සමාජයක් බිහිකර ගත හැක්කේ එවිටය. එහිදී ඉතාම සුපරීක්ෂාකාරී විය යුතු කරුණ වන්නේ අතහැරීමට හෝ මඟ හැරීමට ඉඩ ඇති කිසිවෙක් නොසිටීමට වග බලා ගැනීමයි.

 

ශක්තිමත් පුරවැසි සමාජය

ආර්ථික සංවර්ධනය සමාජීය කිරීම සහ රටේ ශක්තිමත් ශ්‍රී ලාංකික පුරවැසි සමාජයක් බිහි කිරීම සඳහා වූ ප්‍රජාතන්ත්‍රීයකරණ ක්‍රියාවලිය තුළ නාගරික නිර්ධනීන්, දිළින්දන් සහ පහළ පාන්තික කණ්ඩායම් සේම ගම්බද නිර්ධනීන්, කෘෂි කම්කරුවන් සහ පහළ පාන්තික ජනයා ද වතුකර කම්කරුවන් සහ නිර්ධනීන් ද මුහුදුකරයේ ධීවර කම්කරුවන් සහ ධීවර නිර්ධනීන් ද සම අවස්ථාලාභීන් බවට පත්කොට ආර්ථික දේශපාලන සමාජ සංවර්ධනයේ අත් උදව්කරුවන් සහ පරිපූර්ණ ප්‍රතිලාභ ලබන්නන් බවට පත්කිරීම අංක එකේ අවශ්‍යතාවකි.

එහිදී ජනාධිපතිතුමා විසින් දැනටමත් ප්‍රකාශ කොට ඇති සහ දැනටමත් ක්‍රියාශීලිව පෙනී සිටින සාමය ස්ථාපිත කිරීම, ආර්ථික සංවර්ධනය සහ ඊට අනුබද්ධව ගම්බද ආර්ථිකය ගොඩ නැඟීම නැතහොත් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කොට ශක්තිමත් කිරීම යනාදී අනාගත ඉලක්ක අපේ ප්‍රශංසාවට ලක්විය යුතුය. තවද විනයානුකූල රටක් පිළිබඳ ඔහු ඇතුළු ආණ්ඩුවේ අභිප්‍රායට අප දැඩි කැපවීමකින් උදව් උපකාර කළ යුතු බව මගේ යෝජනාවයි. සාමය, ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය එකම විටෙක සිදුවූ තුන්දරු උපතක් නොවේ. ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දෙමව්පියන්ගේ දරුවකු ලෙසට සාමය නම් කිරීම වඩා උචිත යැයි මට හැඟේ. තිරසාර සාමයක් තහවුරු කිරීමේ උපායමාර්ගය වන්නේ එකී දෙමව්පියන් වන ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් ප්‍රවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීමයි.

 

ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශ රාජ්‍යය

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ තහවුරු වීම මට්ටම් කිහිපයක දී සිදුවිය යුතුයි. එසේම එය නොකඩවා සිදු විය යුතුයි. මතවාදී තලය, ආයතනික මට්ටම සහ සිවිල් සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැස තහවුරු වන විට ප්‍රජාතන්ත්‍රවාදය එම සමාජයේ සංස්කෘතික පුරුද්දක් බවට මුල් බැසීම සිදුවෙයි. පුරවැසි මනසේ පැළපදියම් වන, මතවාදයක් ලෙස තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදය ඉන්පසු හෝ ඊට සමගාමීව රටේ ආයතන තුළ, ව්‍යාප්ත වනු ඇත. ආයතන තුළ තහවුරු වනු ඇත. ඒ මඟින් සමස්ත සමාජය තුළ ප්‍රජාතාන්ත්‍රීය සංස්කෘතියක් ස්ථාපිත වෙයි.

ඉන් හැඟවෙන්නේ මැතිවරණ හෝ නියෝජන ආයතන වලින් එහාට යා යුතු දිග පුළුල් ගමන් පථයක් ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යශ්‍ය වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ණත්වයට තව බොහෝ දේ අවශ්‍ය බව අප ඉන් උගත යුතු පාඩමයි. 1970 මුල් ගණන්වලදී ගුනාර් මිර්ඩාල් බුද්ධිමතා ලංකාව හැඳින්වූයේ ආසියාතික ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශ රාජ්‍යය වශයෙනි. එදා සිට මේ දක්වා අතරමැදදී ගිලිහුණු තැන් නැවත අත්පත් කරගත යුතුයි. කැඩුණු තැන් පිළිසකර කරගත යුතුයි. මේ ඊට හොඳම කාලයයි. ජනාධිපතිතුමා නිතර ප්‍රකාශ කරන සහ ඔහුගේ මූලික අභිලාෂයක් වන විනයානුකූල සමාජයක් ගොඩ නැඟීම අර්ථවත් වනුයේ එවැනි සංස්කෘතික උවමනාවකට අනුබද්ධව බවය.

රටක ප්‍රතිපත්ති සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ප්‍රතිඵල තක්සේරු කිරීම හැසිරවෙන ප්‍රධාන මෙහෙයුම් කාරක බලවේගයක් ලෙස විනයගරුක සමාජයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යය. සිංගප්පූරු හෝ කොරියානු හෝ සංවර්ධන අරමුණු කෙරෙහි, ගම්බද උපන්, ග්‍රාමීය අතීතකාම ඇති මා වැන්නකු එතරම් මනාප නොවූවත්, එම දෙරටේම අද අප දකින ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛ පළමු පියවර වූයේ විනයානුකූල සමාජ පරිසරයක් ගොඩනැඟීම කෙරෙහි තදබල ක්‍රියාමාර්ග ගැනීමය යන්න මා ප්‍රකාශ කරන්නේ රටක් සමාජයක් විනයගරුක කළ යුතුය, විය යුතුය යන්න තදින්ම විශ්වාස කරන බැවිනි. ඕනෑම රටක මැද පංතිය අපේක්ෂා කරන ප්‍රධාන දෙයක් වන්නේ රටක විනයගරුක භාවයයි.

ඇතැම් විට නීතිය සහ පිළිවෙළ හෝ විනයගරුක සමාජය පිළිබඳව වන තදබල සමාජ වුවමනාව දේශපාලන උප්පරවැට්ටිකරුවන්ගේ් සටකපට බල ලෝභී උවමනා සඳහා යොදා ගත හැකිය යන්න පසුගිය ජනාධිපතිවරණයේ දී අප අත්දුටුවෙමු. එය එසේ අන්තවාදී බලලෝභීන්ගේ ප්‍රාණ ඇපයට යටත් කර ගැනීමට අප ඉඩදිය යුතු නැත. ඒ වෙනුවට සිදුවිය යුත්තේ විනයගරුක සමාජයක් පිළිබඳව වූ මහජන වුවමනාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ආකෘති මතින් පිළිගෙන ඒ සදහා කැප වෙන දේශපාලන – සමාජ ක්‍රියාකාරිත්වයක් ගොඩනැඟීමයි. ඒ සඳහා සුදුසුම ආණ්ඩුව සහ සුදුසුම මොහොත මේ කාලය බව මගේ වැටහීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අප අවධානය යොමුකොට ඇත්තේ ලෝක බලවතුන්ගේ තර්ජනවලට බියෙන් නොවේ. ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා පිළිවෙළ පවත්වාගෙන යාම හා සාමය තහවුරු කිරීම යනාදී ජාතික අභිලාෂ නිරන්තරයෙන්ම, ජාතික, කලාපීය සහ ගෝලීය සන්දර්භයක ලා සලකා බැලීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් ඒවා පළමුව ජාතික න්‍යාය පත්‍රයකට සේම ක්‍රියාකාරිත්වයකට ඇතුළත්වීම අත්‍යවශ්‍යය. එය රටකට, අභිමානයක් ගෙනෙයි. දැනටමත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති ජාතික න්‍යාය පත්‍ර තුළ ඒවාට ලැබී ඇති ප්‍රමුඛතාව වඩ වඩාත් පසසා දිරිමත් කළ යුතුය.

ජාතික රාජ්‍යය ශක්තිමත් කිරීම පිළිබඳ ප්‍රවේශයකින් බලන විට රටක ආර්ථික සංවර්ධනය එක් අතකින් හුදෙකලා විය යුතුය. තවත් අතකින් කලාපීය සහ ගෝලීය සන්දර්භයක පිහිටුවිය යුතුය. මෙය අර්ථ විරහිත ප්‍රකාශයකැයි කෙනකුට සිතෙන්නට පුළුවන. හුදෙකලා වීම යන්නෙන් අදහස් කරන්නේ රටක ආර්ථික සංවර්ධන අරමුණු කලාපීය සහ ගෝලීය බලපෑම්වලින්, අණකිරීම්වලින්, කොන්දේසිවලින් සහ අතපෙවීම්වලින් ස්වායක්ත විය යුතුය යන්නයි. රටක ජාතික අභිලාෂ පැන නැඟිය යුත්තේ එරට පුරවැසි සමාජය සතු ඓන්ද්‍රිය වුවමනාවල ඵලයක් ලෙස විනා වෙනත් රටක හෝ කලාපයක හෝ ගෝලීය සංවිධානයක් හෝ බලවතුනගේ හෝ හැරවීම්, නැවීම් හා අණකිරීම්වලට අනුව නොවේ. එවැනි හැරවීම්, නැවීම් සහ අණකිරීම් වලින් ස්වායක්ත වීම නැතහොත් හුදෙකලා වීම ජාතික රාජ්‍යයක ශක්තිමත් පැවැත්මට, පැහැදිලි අනන්‍යතාවට සේම පුරවැසි සමාජයේ අභිමානයට හේතුවන්නේය. ඒ සඳහා අපට භාවිතා කළ හැකි වැදගත් මාර්ගයක් වන්නේ නොබැඳී විදේශ ප්‍රතිපත්තියයි.

2005 සිට අනුගමනය කරමින් සිටින්නේ පැහැදිලිවම නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. එහි ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතුමය. තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසන් කිරීමේ අවසන් මොහොතේ දී ජනාධිපතිතුමා ස්වකීය රාජ්‍යයේ විදේශතාන්ත්‍රික උපායමාර්ග ක්‍රියාවට නැඟූ ආකාරයත් එහිදී සිටගත් මූලධාර්මික පදනම් දෙසත් අවධානය යොමු කරන විට පෙනී යන්නේ නිදහසින් පසු ඉතිහාසයේ අන් කවර ආණ්ඩුවකටත් වඩා ජනාධිපතිතුමාගේ ආණ්ඩුව නොබැඳි විදේශ ප්‍රතිපත්ති කෙරෙහි පෙනී සිටින බවයි. එය අප වැනි රටවල් අයත් ලෝකයට මහඟු ආදර්ශයකි. දැන් අප තවදුරටත් කළ යුත්තේ මෙම නොබැඳි විදේශතාන්ත්‍රික ප්‍රතිපත්තිය තිරසාරව ඉදිරියට නඩත්තු කිරීමය.

 

ඉසුරුමත් රටක්

එය දේශපාලනික වශයෙන් ද ආර්ථික වශයෙන් ද වෙළෙඳපළ වශයෙන් ද ආරක්ෂකමය වශයෙන් ද විතරක් නොව සංස්කෘතිකමය වශයෙන් ද නොබැඳි ප්‍රතිපත්තියක් විය යුතුයි. එනම් යළි අවධාරණය කරන්නේ නම් අපගේ අභිමානනීය ‘හුදෙකලාව‘ පවත්වා ගනිමින් කලාපීය සහ ගෝලීය සම්බන්ධතා ජාලය ස්වකීය ජාතික අභිලාෂ ඉටු කර ගැනීමේ ගාමක බලවේගයක් ලෙස යොදා ගැනීමේ හා හැසිරවීමේ විදේශතාන්ත්‍රික මූලෝපායන් වඩ වඩාත් සූක්ෂකම ආකාරයෙන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය වන්නේය. මන්ද මහා අනතුරකින් ගැලවුණ රටක් දෙස ලාභ අපේක්ෂාවෙන් අවධානය යොමුකරන ලෝකයක අප සිටින නිසාය.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, නැතහොත් මහින්ද චින්තන ඉදිරි දැක්ම මඟින් ජන සමාජය සමඟ ගිවිසගෙන ඇති “ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ” අභිලාෂය ක්‍රියාවට නැඟීමේදී ඉහත කී ආකාරයේ ගෝලීය හා කලාපීය හැසිරීමක් අත්‍යවශ්‍යය. එම ගිවිසුම හුදු ආර්ථික ගිවිසුමක් ම නොවේ. එය සංස්කෘතිකමය ගිවිසුමක් ද වෙයි. “බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක්” යන තේමාවෙන් කියවෙන්නේ එයයි. අප අපේ සංස්කෘතික අනන්‍යතාව පැලැස්තර දමා නඩත්තු කළ යුතු නැත. එහෙත් ගොඩනැඟෙන ස්වදේශීය සහ ජාතික අභිමානය විසින් අපේ සංස්කෘතිය ලොව වඩාත් තර්කාන්විත, බුද්ධිමය සහ මානවවාදී සංස්කෘතියක් වනවාට සැක නැත්තේ ඒ සඳහා අවශ්‍ය මූලික පදනම වසර දහස් ගණනක් තිස්සේ තවමත් නොනැසී පවත්නා නිසාය.

ආර්ථික සංවර්ධනය සඳහා යන ගමනේදී ලෝක මූල්‍ය ආයතනවල, ආධාර දෙන කණ්ඩායම්වල, බලවත් රටවල්වල පර්යේෂණාගාරයක්, අත්හදාබැලීම් භූ®මියක් බවට රටක් පත් නොවිය යුතුය. තුන්වැනි ලෝකයේ රටවල් යැයි නම් කරනු ලබන රටවල්වලට ගොඩ ආ නොහැකි ප්‍රපාත හෝ අගාධ නිර්මාණය වූයේ එකී ඉරණමට ගොදුරු වූ නිසාය. ගතින් ඇමෙරිකානු, අප්‍රිකානු සහ ආසියානු රටවල් බොහොමයක් මේ සඳහා උදාහරණ සපයයි. ලතින් ඇමෙරිකානු රටවල් මේ වන විට ඒ ඉරණමෙන් ගැලවීමේ සාමූහික තීරණයක් ගෙන කටයුතු කිරීම අප සියලු දෙනාගේම සතුටට කරුණක් වෙයි. නමුත් බොහේ රටවලට ඒ ඉරණමෙන් ගැලවීමේ ශක්තියක් හෝ අධිෂ්ඨානයක් හෝ නැත. අපේ රටේ ද සමහර දේශපාලන පක්ෂවලට එවැනි අධිෂ්ඨානයක් හෝ වුවමනාවක් නැත.

ඔවුනට අවශ්‍ය මේ රට නව ලිබරල්වාදයේ පිළිකන්නක් බවට පත්කිරීමටය. එහෙත් 2005 සිට ඉදිරියට ආ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත් එහි නායකත්වය වන ජනාධිපතිතුමාත් ශ්‍රී ලංකාව එකී ඉරණමෙන් ගැලවීමේ ජාතික ප්‍රතිපත්තියක් මත, ජාතික තීන්දුවක් ගෙන මේ වන විටත්, එහි ප්‍රතිඵල අත්කරගනිමින් සිටීම අප ලද භාග්‍යයකි. ප්‍රතිඵල අත්පත්කර ගනිමින් සිටිනවා යන්නෙන් හැඟවෙන්නේ අපේ ජාතික රාජ්‍ය ගොඩනැඟීමේ මුල් පියවර තබා වසර කිහිපයක් ගත වී ඇති බවයි. නමුත් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ගත් එම තීරණ අපේක්ෂිත අයුරින් වේගවත් නොවීමට හේතුව වූයේ කොටි ත්‍රස්තවාදයයි.

එහෙත් ත්‍රස්තවාදය පවතිද්දීම පෞද්ගලීකරණයට ඉඩ නොදීම, ගෝලීය ආර්ථික අර්බුදයට දොරගුල් විවර නොකිරීම, උතුරු ඇමෙරිකානු රටවල් සහ යුරෝපීය රටවල අණ නොපිළිපැදීම, ගෝලීය හැසිරවීම් හා බිය කිරීම යනාදිය කෙරෙහි ආණ්ඩුව දැක් වූ ස්ථාවරය සහ ගත් ක්‍රියාමාර්ග තුළින් පැහැදිළි වූයේ ශක්තිමත් ජාතික රාජ්‍යයක් කෙරේ ආණ්ඩුව දැක්වූ ස්ථිර අධිෂ්ඨානයයි. දැන් අප සිදුකළ යුත්තේ එම අදිටන පූර්ණත්වයට පත්කර ගැනීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුවට ලබාදීමයි. එහිදී එකඟතා කීපයක් ඉදිරිපත් කළ හැකියි.

 

පොදු අරමුණු

ආර්ථික සංවර්ධනය, සාමය තහවුරු කිරීම, ශ්‍රී ලාංකීය පුරවැසි ජාතිකත්වය ගොඩනැඟීම, විනයගරුක සමාජ – දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම, ප්‍රජාතන්ත්‍රවාදයේ නොනවතින වර්ධනයන්ට ඉඩ ලබාදීම යනු එම එකඟතායි. මෙම එකඟතා යථාර්ථයක් බවට පත්කර ගැනීමේදී රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය පොදු මතවාදයකින් හැසිරීම අත්‍යවශ්‍යය. ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේදී රාජ්‍ය අංශයේ කැපවීම පමණක් ප්‍රමාණවත් නැත. කවර අංශයකට කවර සුවිශේෂී අරමුණු තිබුණත් ඒවා සියල්ල ජාතික අභිලාෂ ඉටුකර ගැනීමේ පොදු අරමුණකට උපකාරී විය යුතුය. ජාතික අභිලාෂවලට හානිකර අරමුණු කිසිම අංශයක් විසින් ගොඩනඟා ගත යුතු නැත. මන්ද ජාතික අභිලාෂ යනු පොදුජන සමාජයේ අභිලාෂ වන නිසයි. සංවර්ධනය පිළිබඳ අප භාවිතා කරන අන්තර්ජාතික උදාහරණ, එසේ වූයේ එවැනි ජාතික අභිලාෂ එම රටවල ප්‍රමුඛතම අභිලාෂ ලෙස, අංශ බේදයකින් තොරව සියලු අංශ මඟින් භාරගෙන ඒවාට සහයෝගය දුන් නිසාය.

එවැනි රටක හැසිරීම ප්‍රමාණාත්මකව සේම ගුණාත්මකව ද අගය කළ හැකි වන්නේය. මහා උදාහරණ මඟින් නොව, මිල ඉහළ යාමේ වේගයට සාපේක්ෂව වේගයෙන් බර අඩුවන ටොෆි සහ මිල ඉහළ යන වේගයට සාපේක්ෂව හුලං වැඩියෙන් පුරවන හුලං වැඩිවෙන ළමයින් වෙනුවෙන් නිපදවෙන කඩ චෝරු, ගාස්තු වැඩිවන වේගයට සාපේක්ෂව රැවුම් ගෙරවුම් වැඩිවන පෞද්ගලික ප්‍රවාහන සේවය යනාදිය මඟින් පෙනෙන්නේ අපේ මහා සමාජය ගුණාත්මකව ජාතික අභිලාෂ මතවාදයකින් හැසිරවෙන්නේ නැති බවයි.

 

තිරසාර වගකීම

එසේ නම් ඉහතින් වූ එකඟතා ඉටුකර ගැනීමට අප කළ යුත්තේ ශක්තිමත් සහ පුළුල් ජාතික අභිලාෂ මතවාදයක් සමාජය තුළ ස්ථාපිත කිරීමයි. ඒ සඳහා ප්‍රංස දාර්ශනිකයකු වූ ලුවී අල්තුෂර් පැහැදිලි කරන මතවාදී යාන්ත්‍රණ සහ සංකල්පය වෙනත් ආකාරයකින් යොදාගැනීමට මා සූදානම්.

රාජ්‍ය සතු මතවාදී යාන්ත්‍රණ වන පවුල, ආගමික ආයතන, ප්‍රාථමික, ද්විතියික, තෘතීය අධ්‍යාපන ආයතන, වෘත්තීය තාක්ෂණ ආයතන, ජනසන්නිවේදන ආයතන, සිවිල් සමාජ ආයතන, රාජ්‍ය පරිපාලන ආයතන, පෞද්ගලික පරිපාලන ආයතන, නීතිය හා සාමය පවත්වා ගෙන යන ආයතන, මෙන්ම වෙළෙඳපළ, කර්මාන්ත, කලාව, විනෝදාස්වාද කර්මාන්තය යනාදී සාර්ව සහ ක්ෂුද්‍ර මට්ට්මේ සියලු ආයතන, සංවිධාන සමූහ සහ පුද්ගලයන් ජාතික අභිලාෂ මතවාදයකින් හැසිරවිය යුතුය. මෙහෙයවිය යුතුය.

එය පොදුජන සමාජයේ අවිඥානික හැසිරවීමක් බවට පත් කෙරිය යුතුය. නගරය, ගම, වතුකරය, වැඩබිම, ගොවිබිම, පවුල, පල්ලිය, කෝවිල, පාසල, වීදිය, පදිකවේදිකාව යන සියලු ක්‍ෂේත්‍ර තුළ ජාතික අභිලාෂ මතවාදය තහවුරු කළ යුතුය. එයට රාජ්‍ය සහ පෞද්ගලික බේදයක් අනවශ්‍යය.

එම මතවාදය තහවුරු කිරීම මර්දනීය උපක්‍රම හරහා නොව වින්දනීය උපක්‍රම හරහා සිදුකිරීම අනිවාර්යය. එවැනි මතවාදයකින් හැසිරවෙන මිනිසකු සහිත අපේ රට ආසියාවේ මතු නොව ලෝකයේම ආශ්චර්ය බවට පත්වනු නොඅනුමානය. ඒ අරමුණ පෙරදැරිව ශක්තිමත් හා ගුණාත්මක පාර්ලිමේන්තුවක් ගොඩනැඟීම අප සැමගේ වගකීමක් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එසේම ඒ ගොඩනැඟූ පාර්ලිමේන්තුව තනි නොකර රොද බඳිමින් ජාතික අභිලාෂ සඳහා සහයෝගය දීම අපේ තිරසාර වගකීම වෙයි.

එය අපේ ජාතික රාජ්‍යය ශක්තිමත් කිරීම සඳහා වූ දේශපාලන දැක්මක් මතු නොව දේශපාලන ක්‍රියාමාර්ගයක් ද වෙයි. මෙරට ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපාරයේ පුරෝගාමීන් අතර පුරෝගාමියකු වූ ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමාට අපට කළ හැකි එකම කළගුණ දැක්වීම එයම යැයි මා පවසන්නේ කිසිදු චකිතයකින් නොවේ.

ඒ කළගුණ දැක්වීමට අවශ්‍ය අවබෝධය, ශක්තිය හා ධෛර්යය මෙරට ජනතාවට ලැබේවායි ප්‍රාර්ථනය කිරීම ඉතා වැදගත්ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

Former x group Member.

Silumina

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. Damma Disanaike, a rural and opportunist academic, has told nothing here, but argued for strengthening the ‘fascist’ project of the state through ‘vindaniya’ (not coercive) means. In subservience to the Rajapaksha authoritarianism, he advocates to dismantle the liberal democratic model and instate a fascist nationalist project, which is nothing new. He has been careful enough not to talk about topics like ‘post-war reconciliation’ etc, instead instructs not to anger India. The much decadent or dead ‘Nation State’ is his fake wish. But where are the Tamils etc in that so-called state and how about forces of globalization, he mentions nothing about them. He joined the govt to receive perks and perks only, because his salary was not enough to send his daughters to good schools and educate them in English medium; but he is against making English the medium of instruction in Universities. These double-minded, double dealing academics (without proper credentials) have pushed the ideologically fascist project of the regime forward and they have to be responsible for the extreme militarization of this country. Instead of praising a rural nationalist/feudal leader like DA/Mahind/Rajapassa, at least he could learn something about democracy from SWRD if he has time to read his speeches. Both ‘Kalakanni’ politicians and academics are a menace to this country and our politics have to be against them, and not just ‘fascist, wife-beating only for family politics’.

    • Why don’t you think about Dr. Nirmal Ranjith who has had the same family background ? But he is on the side of opposition.

  2. මම මුල්ම කොටස කියෙව්වා ඩී ඒ රාජපක්ෂ ගැන තියෙන. සුද්දා 1948 ලංකාවෙන් යනකොට ප්‍රධාන ආර්ථික බෝග තුනක් දාල ගියා. තේ රබර් පොල්. ඊට අමතරව තියෙන අමතර කෘෂි බෝගත් සුද්දා හඳුන්වා දීපුවා..සුද්දගෙන් පස්සෙ ඩී ඇස් සේනානයක උන්නැහේ ගොයිතැන් බත් වෙනුවෙන් වැඩකලා. මහවැලියෙන් වතුර දීලා වී වගා කරන අයට වතුර බෙදාල දුන්නා. නමුත් වී වගාව කියන්නෙ අපනයන බෝගයක් නෙමෙයි. ලංකාවෙ වී වගාවට යන වියදම බොහොම වැඩියි අනෙක් රටවලට වඩා.ඒ වගේම ලංකාවෙ වී වගාවේ අක්කරයකට ලැබෙන අස්වැන්න ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල් එක්ක සංසන්දනය කලාමත් සාපේක්ෂව අඩුයි. වැව් අමුනු හැදුවාට පෝර බෙදුවාට..නිකං ඉඩකඩං බෙදුවාට කෘෂි තාක්ෂණයෙන් අපි තාමත් ඉන්නෙ යටත් විජිත යුගයේ. සුද්ද ගියාට පස්සෙ අපේ රටේ තව අපනයන දෙකක් එකතු වුනා. එකක් ජංගි. අනෙක ගෑනු..ගෑනු මැදපෙරදිගටත්, ජංගි යුරෝපෙටත් යැව්වා. අපිට හැකි වුනානම් අඩුතරමෙ පළතුරක් හරි පිටරට යවන්න පුළුවන් මට්ටමට හදාගන්න ආන්න එතකොට අපිට කියන්න පුලුවන් කෘසිකර්මයේන ආර්ථිකයට ලැබෙන දායකත්වය වැඩිවුනා කියල. එහමෙ නැතුව ඉන්න ගොයියොටික සතුටුවෙන්න සහනාදාර කුට්ටි බෙදුවාට පොරගෙන් රටට ආර්ථිකයට මිනිස්සුන්ට සෙතක් වෙනවද ආයිබොවන්ඩ? නැහැ නෙව.

      • මට එහෙම එකක් මතක නැහැ..තුන්වේලටම මහා බත් පිගන් ගිලලා අලසව ඉන්න අපේ ගැමි ජනතාව පුරුදු වෙලා. මේ තරං බත් තොගයක් එක දවසට කන මිනිස්සු අනික් රටවල නැතුව ඇති කියලා මම හිතනවා. වී වැඩිවුනා, හාල් වැඩිවුනා.හාල් ලාබ වුනා. අනිද් දෛ්වල් මිල වුනා..මිනිස්සු බත් ගොඩායි අනික්වා ටිකායි ගිලින්න හුරු වුනා..

        අපේ රටේ තාක්ෂණය නියම අයුරින් භාවිත කරනවා නම් මේ ලංකාවට අවශ්‍ය වී ටික ඉඩම් ප්‍රමාණය බාගෙකින් නිෂ්පාදනය කරත හැකි.එහෙම කරලා අලුත් බෝගයක් දෙකක් සාර්ථකව හදුන්වා දුන්නොත් සමහර විට මීට වඩා සාර්ථකව ගම්වල මිනිස්සුන්ට රට නොයා, ආන්ඩුවේ සහනාදාරවලට දත නියවන්නේ නැතුව, ජීවත්වෙන්න පුලුවන් වෙයි.

Comments are closed.