මේ  ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ “නංගියා සංකල්පය” ලිපිය ලියන ලද්දේ 2014 වසරේදී පමණය. ඒ ත්‍රිමාණ සඟරාවේ පලවූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. වැදගත් නිසා පල කරමි. පහත කී චර්යාවන් තිබුණ ප්‍රධාන නගරවල විසු තරුණියන්ට මිස ගම්බද තරුණියනට නොවේ. ප්‍රධාන නගරවලද කොටසකට පමණි. නමුත් ඔවුන් ඇතිකළ බලපෑම විශාල විය.

ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ “නංගියා සංකල්පය”  –

පෙරටුගාමීන් විසින් වැදගත් වැඩක් පටන් ගෙන තිබේ. ඒ නංගිලා වගුගත කිරීමය. බැලූ බැලුමට සොමි වැඩක් සේ පෙනුනද මෙය දීර්ඝ ලෙස කතා කල යුතු දෙයකි. මීට කලින් මා පල කල කොමෙන්ටුවකට නිරංජලා ගේ සිතිවිලි ලෙස කපා දමා  තිබුනද මට ඒ ගැන  තරහ විය නොහැක. එය පල කලේ මවාගත් දීප්ති  කුමාර් ගුණරත්නම් චරිතයක් ගැන හෙවත් පෙරටුගාමී  හා පෙරටුගාමී සමාජවාදී අවුල නිරාකරණය කර ගැනීමටය. දැන් එය අවසාන නිසා ඒ ගැන කතා කර පලක් නැත. සිඳු  විය යුත්ත ඒ වෙලාවට දයලෙක්තිකවාදීව සිදුවනු ඇත.
මේ නංගියා සංකල්පය වැදගත් යැයි  සිතෙන්නේ මේ නිසාය  – සෝවියට් දේශයේ සෝවියට් තරුණියන් ගැන මෙවැනිම මතවාදයක් අප සාකච්චා  කළෙමු   . මේ පිළිබඳව වටහා ගැනීමට   “ඉන්ටෙර්දේවෝච්කා ” හෙවත් “Inter Girl” නම්   චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/   නරඹන ලෙස ඉල්ලා සිටිමි.
ඉන්තර් ද්යෙවුච්කා හි කතාව  සැකෙවින් මෙසේය.
ලෙනින්ග්‍රාද් නගරයේ ජිවත්වන හෙදියක වන තාන්යා සයිට්සේවා උදයේ හෙදියක ලෙස කටයුතු කරන අතරව රාත්‍රියේ පැය කිහිපයක් විදේශිකයන් සඳහා  මුදලට ලිංගික පහස සපයන්නියක් වෙයි. මෙසේ කරන්නේ ඇයට අවාෂ්‍ය නිදහස සෙවීම උදෙසාය. මව හා පියා සිතන්නේ ඇය හෙදියක් ලෙසය. ඇයට හමුවෙන ස්වීඩන විදේශිකයෙක් ඇය හා පෙමින්  බැඳේ. ඇය ස්වීඩනයට යනමුත් එහි ජිවිතය අප්‍රිය වන්නේ ස්වීඩන සැමියා අගේ අතීතය ඉඳහිට මතක් කරන නිසාය.  ඒ අතර ඇගේ ලෙනින්ග්‍රාද් ජීවිතය ගැන ඇගේ  මවට දැන  ගන්නට ලැබී මව සිය දිවි හානි කර ගනියි.
ස්වීඩනය එපාවී නැවත  රුසියාවට යාමට පිටත්වෙන හෙදිය වාහන නතුරකට ලක්ව මියයයි.

සෝවියට්  ආණ්ඩුවේ හා පක්ෂයේ ඇතැම් මර්දනකාරී පිළිවෙත්  හා බටහිර සුඛෝපභෝගී  භාණ්ඩ හිඟ කම නිසා බොහෝ සෝවියට්  තරුණියන්  විදේශිකයන්  ඇසුරු කිරීමට  පටන් ගති. මෙයින්  බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්,  සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ නියෝජිතයන්  සමගත් ලිංගිකව ඇසුරුකිරීමට   පෙළඹුණි. මෙසේ කල සෝවියට් නංගිලා ගෙන් බොහෝ දෙනෙක්  නිදා ගත් තැනැත්තා සමග ආදරයෙන් පෙලුනේ  නැත.  එසේ කල අයද බොහෝ සිටි මුත් ඒ අය ගැන කතා ලියවෙන්නේ නැත.

ඔවුන්ට අවශ්‍ය වුයේ ලිංගික ඇසුර තුලින්   හෝ අවශ්‍ය බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkman  etc) එසේ නැති නම් සෝවියට්  ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට පන ගැනීමටය. ශ්‍රී ලංකා වෙන්  පැමිණි පිරිමි ශිෂ්‍යයනුත්  මේ ගැටේට අසු වුයේ සැබෑ  භක්තියෙනි. 
බොහෝ අය අවසානයේ මෙය වටහා ගෙන නන්ගිලාව UK, Germany වැනි රට වලට ගෙනත් දැම්මහ. තවත් අය ඔවුන් සිංගප්පුරුව වැනි රට වලට ගෙන ගොස් විකිණුහ.

 සමහර නංගිලා මුදල් රස්සා හොයා   ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට හා මෝරුන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට නැවත කෙසේ හෝ පැන ගත්හ.  සෝවියට්  දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන  විදිහකට Dating Agencies  හෙවත් මනමාලයන් සොයන ඒජන්සි හරහා ක්‍රියාත්මක වේ. 

මට නංගියා සංකල්පය වැදගත් වන්නේ  මෙතනය.  අපි එදා කතා කලේ තමන්ට පමණක් ආදරය කරන, කොල්ලන්ට ආදරය පෙන්නන , තම වැඩේ කෙසේ හෝ කර ගන්න, ඒ ගමන්ම රති රමණය කරද සතුටු වන සෝවියට්  නංගිලා පිරිසක් බිහි වුනු හා එමගින් අසූව  දශකය අග භාගයේ සිට සෝවියට්  සමාජයේ පිරිහීම හා අවසානයේ බිඳ වැටීමය. 

පෙරටුගාමින්ගේ (පෙරටුගාමී සමාජවාදීන් නොවේ) මේ සංකල්පයේ වැදගත්කමත් එයයි  . 2003 විතර  X කණඩායම පල කල (London සඟරාව) බුද්ධික බණ්ඩාර නමැති අය ලිවූ “පාලු සුසානයක  මල සිරුරක් සමග රමණය කිරීම හෙවත් ලාංකිකයාගේ විවාහ ජීවිතය ” කියවූ බව මට මතකය.  එය වැදගත් මාතෘකාවක් වුනත් එයට ලැබුණු ප්‍රතිචාරය  මද යයි සිතේ . නංගියා සංකල්පය එයට එහා යන දෙයක් බව මගේ හැඟීමයි. ඒ අය  මෙතනට අනවශ්‍ය  අතර සංකල්පය අදට අවශ්‍ය දෙයක් බව පිලිගනිමි.
 
Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...