නිදහසින් පසුව ශ්‍රී ලංකාව ප්‍රථම වරට රැඩිකල් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට නියමිත ය. ලංකාවේ ඉතිහාසය තුළ කැරළි-කෝළාහල, විප්ලව, ස්වභාවික විපත්, පාර්ලිමේන්තු කුමන්ත්‍රණ, සිවිල් යුද්ධ, දේශපාලන පාවා දීම්, මාධ්‍ය සංදර්ශන, මහා පරිමාණයේ යෝජනා ක්‍රම යනා දී විවිධ විෂම විපර්යාස අත්විඳ ඇත. ඒ නිසාම, ඉහත සංසිද්ධීන්වල දී මිනිසුන් හැසිරෙන ආකාරය ද අපි දන්නෙමු. නමුත්, රැඩිකල් ආර්ථික අර්බුදයකට අප මුහුණ දී නැත්තෙමු. දිගු කාලයක් අප පරම්පරාගත දරිද්‍රතාවයකට නැතහොත්, ව්‍යුහාත්මක ගම/ නගරය අතර භේදයකට මුහුණ දෙමින් සිටියත්, අද අප මුහුණ දෙන ආකාරයේ ආර්ථික අර්බුදයක් අප මින් පෙර අත්විඳ නැත.

            ලංකාවේ බහුතර බුද්ධිමතුන් සහ දේශපාලන පක්ෂ ‘ආර්ථිකය’ සහ ‘දේශපාලනය’ සළකා බලන්නේ, වෙන වෙනම ය. එනම්, හුදෙකලා කිරීමෙනි. නමුත්, ලංකාවේ සමාජ-ආර්ථික ගැටලුව නිවැරදිව ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය අය ‘දේශපාලන-ආර්ථික විද්‍යා’ ප්‍රවේශයකට ගමන් කළ යුතු ය.

              ‘ශිරාල් ලක්තිලක’ යන නම ලංකාවේ දේශපාලන සමාජය ඇසූ විට, සිනහවක් මතු වීම [Comic Nature] වැළැක්වීමට නො හැකි ය. නමුත්, පසුගිය දශක තුනක කාලය තුළ ශිරාල්ගේ සමාජ මැදිහත් වීම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකාවේ බහුතර දෙනාට දේශපාලනයේ රැඩිකල් මානය වන ‘විනෝදයේ’-enjoyment- විවිධ ස්වරූප අවබෝධ කරගත හැකි ය.

Ruwan Ferdi

            ශිරාල්ගේ කණපිට පැත්ත වන්නේ, ‘රුවන් ෆර්ඩිනන්ඩ්ස්’ ය. මෑතක දී, රුවන් සහ අනුර කුමාරගේ ඡායාරූපයක් ජවිපෙ ඔවුන්ගේ ඡායාරූප ඇල්බමයකින් ඉවත් කරන ලද්දේ, ”නොදන්නාකමට” ලැජ්ජාවක් නැති කිරීම තුළ ය. සේපාල අමරසිංහගේ විරෝධාකල්පයක් මත ඡායාරූපය ඉවත් කළ බවක් සමහරු හඟවති. නමුත්, සේපාල කියන්නේ කවුද කියා ඉතිහාසය තුළින් හාරා ඇවිස්සුවහොත්, ජේවීපීකාරයන්ට දින කිහිපයක් නින්ද නොයනු ඇත. සේපාල කවුද කියා ජවිපෙ උගත යුතු වන්නේ, ‘කිංස්ලි රත්නායකගෙන්’ මිස නාගානන්ද කොඩිතුවක්කුගෙන් නොවේ.

            අපි පළමුව, රුවන්ට එමු. 2000 වර්ෂයේ සිට 2015 දක්වා ලංකාවේ වෙනස් වූ ආණ්ඩු හැදුවේ රුවන් බව අන් කාටවත් වඩා දන්නේ, ජවිපෙ නායකයන් ය. උදාහරණයක් ලෙස, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ දී ජවිපෙ සමඟ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ රුවන් ය. BMICH එක පිටුපස වරායට අයිති නිල නිවසක් තුළට වී සියල්ල මෙහෙය වූයේ ද රුවන් ය. එකල, එතැනට රහසින් විමල්, නන්දන වැනි ජවිපෙ නායකයන්  එකතු විය. අනුර කුමාර එවකට අරලියගහ මන්දිරයේ පැවති පුහුණු වැඩසටහන් වලට ඍජුවම සහභාගි විය. ඔහුගේ ප්‍රකටම දේශනය වූයේ, ‘උඩු රැවුල සිංහල සංස්කෘතියේ බලයේ ආභරණයක් වන ආකාරය යි’. අද දවසේ මුහුණු පොත්වල සිටින අපතයන් සහ ජවිපෙ අලුත් පොරවල් මේ ඉතිහාසය ගැන කිසිවක් දන්නේ නැත.

            1989 වර්ෂයට පෙර ජවිපෙ මුදල් ලේකම්වරයෙකු වී සිටි රුවන් ෆර්ඩිනන්ඩ්ස් මංගලට සම්බන්ධ වන්නේ, ඔහුගේ එවකට බිරිඳ හරහා ය. 89 ජවිපෙ පරාජයට පසුව, ලංකාවේ ධනවාදී සංවර්ධනය අලුත් අක්ෂයක් වටා භ්‍රමණය විය. චිලියේ බලය පිනෝචේ විසින් ලබාගත් පසුව ක්‍රියාත්මක වූයේ, මර්ධනකාරී ආකෘතියකින් ය. පිනෝචේ යනු, ඒකාධිපති පාලකයෙකි. මෙපරිදිම, 78 සිට ප්‍රේමදාස මහතාගේ මරණය සිදු වූ 1993 වසර දක්වා ලංකාවේ ධනේශ්වර සංවර්ධනය සිදු වූයේ, මර්ධනකාරී ආකෘතියකින් ය. ඒ ගැන විස්තර ඉතිහාසයේ ඕනෑ තරම් සටහන් වී ඇත. සරලව කිවහොත්, ලංකාවේ ධනේශ්වර සංවර්ධනයට තිබු ‘බාහිර බාධාවන්’ (යථාර්ථය) ප්‍රේමදාස යුගයෙන් අහවර විය. 90 දශකය මැද වන විට, ලංකාවේ මර්ධනකාරී ආකෘතිය සතු වූ ඔපය ක්‍රමයෙන් අතුරුදහන් විය. ඒ වෙනුවට, චන්ද්‍රිකා යුගය සමඟ ධනවාදයේ අලුත් මුහුණුවර වූ ‘මානුෂික මුහුණුවරක්’ සහිත ධනවාදය ආරම්භ විය. මා මෙම නව තත්වය හැඳින්වූයේ, ‘පශ්චාත්-නූතනවාදය’ ලෙසිනි.

New Form ?

            ‘පශ්චාත්-නූතනවාදය’ යනු, කිසිදා ලංකාවේ ප්‍රවාදගත කිරීමට නො හැකි වූ ප්‍රවාදය යි. (මේ තත්වය, වෙනත් වාමාංශික ආකෘතිවල සිට අප වෙතට අවතීර්ණ වූ විවිධ පුද්ගලයන්ට ද අදාළ ය.) මේ ප්‍රවාදයේ මූලික ලක්ෂණ කිහිපයකි. පුපුරා යන සුළු පරිභෝජනවාදයක් ආත්ම කොටගත් සුඛ පරමවාදයකි; ජීවිතයේ නිෂ්ටාව, දුක වෙනුවට happiness යන ධර්මය මෙහිදී වඩාත් තීරණාත්මක ය; ව්‍යාජ තලයක ක්‍රියාත්මක වන සියල්ලට ඉඩ දෙන ලිංගික තහංචිහරණයකි; මෙය ලිංගික තාපසවාදයක හිර වී සිටි බහුතරයකට ලිංගික විපරිතභාවයක් යෝජනා කරන ලදී; අවසන් වශයෙන්, ආත්මරාගී පුද්ගලවාදය කලින් පැවති ‘සාමූහික’ බවට ආදේශ විය.

            චන්ද්‍රිකාගේ සිට ඉන්පසුව පාලන බලයට පැමිණි සියලුම පාලකයන් භාවිතයට ගත්තේ, ඉහත පශ්චාත්-නූතනවාදී සාරධර්ම ය. ඉතිහාසය ඔවුන්ට එවැනි පාඩමක් කියා දුන්නේ මන්ද? සෘජු රාජ්‍ය මර්ධනය මඟින් ධනවාදය සංවර්ධනය කරන්නට උත්සාහ කරන විට දී, ඊට විකල්පව වාම සහයෝගීතාවය හට ගන්නා බව නව පාලක පන්තිය වටහා ගත් නිසා, ඔවුහු පරමාණුකකරණය වන පශ්චාත්-නූතන පාලන ක්‍රම වෙත අවිඥාණකව යොමු විය. මෙමඟින්, ‘පන්තිය’ පිළිබඳ අදහස රැඩිකල් පරිවර්තනයකට ලක් විය. තමන්ට ඉහළින් සිටින පන්ති සාමාජිකයන්ට වඩා තමන්ගේම පන්තියේ සාමාජිකයන්, තමන්ගේ ජීවිතයේ තරඟකරුවන් බවට පත් වූයේ ද 90 දශකයේ පශ්චාත්-නූතන අදහස් හරහා ය. සේපාල, පානදුරේ ලාල් වැනි අලුත් මෝස්තර බිහි වූයේ, FM නාළිකාවලින් මිස මුද්‍රිත මාධ්‍ය හරහා නොවේ.

            ‘රුවන් ෆර්ඩිනන්ඩ්ස්’ යනු, ඉහත පශ්චාත්-නූතන ධනවාදයේ මුඛ්‍ය ආත්ම ප්‍රකාශකයා ය. ”පැහැදිලි දේශපාලන වැඩසටහනකට සංවිධානාත්මක බලයක්” ආරෝපණය කිරීම නම් ලෙනින්වාදී ප්‍රවාදය පශ්චාත්-නූතන දේශපාලන සංස්කෘතිය තුළ අභියෝගයකට ලක් වෙයි. ෆර්ඩිගේ දක්ෂතාවය වූයේ, උපයෝගීතා දර්ශනයකට අනුව සමාජය සංවිධානය කිරීමයි. ‘මාතොට’ සඟරාව ආරම්භ කිරීමට සවිඥාණිකව මැදිහත් වූයේ, ඔහු මිස මංගල නොවේ. පශ්චාත්-නූතන සමාජ සබඳතා ක්‍රියාකාරී වන්නේ, තිරස් අක්ෂය සිට නොව සිරස් අක්ශය සිට ය. උඩ-යට වශයෙන් පැවති පැරණි සාම්ප්‍රදායික බලය ක්‍රියාත්මක වන ආකෘතිය පශ්චාත්-නූතන යුගයක දී ක්‍රියාත්මක වන්නේ, සමතල අක්ෂයක සිට ය. මංගල සමරවීර මෙසේ කියන්නේ ඒ නිසා ය: “අපි ළඟ සර්ලා, මැඩම්ලා, අයියලා, අක්කලා නැහැ. ඉන්නේ, ‘නම්’ තියෙන කට්ටිය විතරයි”.

 

            ”මාධ්‍ය අවකාශයක”[media space] පමණක් ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ආකෘතිය විනාශයට ලක් කරන ප්‍රවේශයක් ෆර්ඩිගේ දේශපාලනය සතු ය. මෙය බහුතර දෙනාට තේරෙන්නේ, දිය කිරීමේ න්‍යායක් ලෙසිනි. ෆර්ඩිගේ මැදිහත් වීම වැටී ඇත්තේ, ”විප්ලවය සහ ජනප්‍රියවාදය” යන උපක්‍රම දෙකටම විකල්පයක් ලෙසිනි. ඔහු මෙය, 2005 දී විශිෂ්ට අන්දමින් අත්හදා බලන ලද අතර එමඟින්, ජනප්‍රියවාදී උපක්‍රම තෝරමින් සිටි ජවිපෙ සහ විප්ලවවාදී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ LTTE ය යන ප්‍රපංච දෙකම අර්බුදයට යවන ලදී. එහි දී, ඔහු ජවිපෙ වෙනුවට ‘විමල්’ යොදාගත් අතර LTTE ය වෙනුවෙන් ‘එමිල් කාන්තන්’ යොදා ගන්නා ලදී. ඉත්තන් සියලු දෙනා කපා දැමීමට රාජපක්ෂලාට හැකි වූයේ, ෆර්ඩි ‘මංගල’ වෙනුවෙන් හැදු නව-සන්දර්භය නිසා ය. ඉන්, අවසානයේදී මංගල ද කැපී ගියේ ය.



ෆර්ඩිගෙන් මා උගත්තේ කුමක් ද?

 

          ෆර්ඩි යනු, ජවිපෙ විසින් ‘ජාතික විමුක්තිය’ උදෙසා ඉතාම ක්‍රමානුකූලව, විධිමත්ව, අන්තය ගැන සිතා කරන ලද අසාර්ථක විප්ලවයක ප්‍රතිඵලයකි. 89 දී රෝහණ විජේවීර විසින් ආරම්භ කළ විප්ලවය අවසන් වූයේ, ”පශ්චාත්-නූතන ධනවාදයෙනි”. වසර 30 ක් පමණ ‘නූතන-දෙමළ රාජ්‍යයක්’ වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක් කළ LTTE ය එය අවසන් කළේ, ”රාජපක්ෂ පවුල” බලයට පත් කිරීමෙනි. මින් අදහස් වන්නේ, සංයුක්ත නිදහස සඳහා කරන අරගල අවසන් වන්නේ, අප සිතන ආකාරයට නොවේ යන්න ය. ලෙනින්ගේ විප්ලවය අවසන් වූයේ, ස්ටාලින්වාදයෙනි. මාඕවාදය අවසන් වූයේ, ධනවාදය කාර්යක්ෂම කරන පක්ෂ-රාජ්‍ය [party-state] ආකෘතියකින් ය. මේ සෑම තැනකදී ම ඉලක්කය වැරදී ගොස් ඇත.

          ෆර්ඩි 1989 දී උගත් දේ මම 2004 දී උගත්තෙමි. කෙතරම් ඥාණාත්මකව, විධිමත්ව දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කළත්, අවසන් මොහොතේ දී එය වැරදී යාමට හැකි ය. සෑම දේශපාලන සහ සමාජ ව්‍යාපාරයක්ම, අවසානයේ තමන්ගේම කකුළට වෙඩි තබා ගැනීමෙන් අවසන් වෙයි. සමාජය යනු, නොනවතින යුද්ධයක් පවතින ස්ථානයක් මිස සුසංවාදී කළ හැකි සමස්තයක් නොවේ. වාදය සහ ප්‍රතිවාදය අතර සංවාදයක් බිහි කළ නො හැකි ය. අප බිහි කරන එවැනි ඕනෑම ‘සංවාදයක්’ මහත් විනාශයකින් කෙළවර වීමට හැකි ය. පවුලට එරෙහි රැඩිකල් ලිංගික විප්ලවයක් සිදු කළ හිපි ව්‍යාපාරය අවසානයේ පවුලෙන්ම කෙළවර විය. රාජපක්ෂලාව තැනුවේ, ලිබරල්වාදය මඟිනි. ජාතිවාදයේ තර්කනය අපට ඇතුල් වූයේ, ලිබරල් සංවාද අභ්‍යන්තරයෙන්ම ය. ට්‍රම්ප්ගේ ආගමනය සකස් කළේ, ඔබාමාගේ අසාර්ථක සමාජ ප්‍රතිසංස්කරණයෙනි.

            එම නිසා, අප ‘විශ්වාස කරන්නන්ගේ සාමූහිකයෙන්’ (Spirit of Trust) ‘අවිශ්වාස කරන්නන්ගේ සාමූහිකයට’ (Spirit of Distrust) මාරු විය යුතු ය. හොඳ මිනිස්සුන්ගෙන් අවධානය ඉවතට ගෙන නරක මිනිසුන් නිරීක්ෂණය කළ යුතු ය. මා සමඟ දේශපාලනය කළ යහපත් යැයි සිතූ මිනිසුන් ෆර්ඩි ළඟ වැඩ කරන්නේ, විෂ සහිත නරක මිනිසුන් ලෙසිනි. කුසල් ධර්ම රැස් කරන අයගෙන් අප පව්කාරයන් දෙසට අවධානය යොමු කළ යුතු ය. ෆර්ඩි ළඟ සිටින බහුතරය පින්බර මිනිසුන් නොව පව්කාරයන් ය. පව්කාරයන් සමඟ වැඩ කිරීම අප්පිරියාවක් වුවත්, එවන් මිනිසුන් සමඟ වැඩ කිරීමෙන් ලෝකය වෙනස් කළ හැකි බව ෆර්ඩිගෙන් අපට ඉගෙන ගත හැකි වැදගත්ම පාඩමයි. දෘෂ්ටිවාදයෙන් ඇස ඉවත් කිරීමට ඇති හොඳම තැන ද එය යි.

            මිනිසුන් යම් ව්‍යාපෘතියකට එකතු කිරීමේ දී වඩා විශ්වාසදායක මූලධර්මයට මාර්ගය වැටී ඇත්තේ, විශ්වාසය ඔස්සේ නොව අවිශ්වාසය ඔස්සේ යනු ‘නිෂේධනයට’ රැඩිකල් ආස්ථානයක් යෝජනා කිරීමයි. ෆර්ඩිගේ අවිශ්වාසයේ තර්කනය මත ගොඩනැඟුණු දේශපාලන ව්‍යාපෘතිය සතුව පැවති විශ්වාසයේ නාභිය වූයේ, මංගල සමරවීර ය. දැන්, මේ නාභිය හිස් ය. ෆර්ඩිට එම නාභිය පිරවීමට හැකි විශ්වාසදායක මිනිසෙක් ඔහුගේ ජීවිත කාලය තුළ යළි හමු නොවනු ඇත. නූතනත්වය යනු, අවසානයේ සියල්ල අහිමි වීමයි. මගේ යෝජනාව මෙය යි. අපි ෆර්ඩිගේ ව්‍යාපෘතිය තවත් රැඩිකල් කිරීමට නම්, එහි කේන්ද්‍රය ද පිරවිය යුත්තේ අවිශ්වාස කරන පව්කාරයෙක්ගෙනි. මින් අදහස් වන්නේ, දේශපාලන ව්‍යාපෘතියක අන්තර්ගතය පමණක් නොව ආකෘතිය ද -Form- අවිශ්වාසය මත පදනම් විය යුතුය යන්න ය. මට මේ පාඩම උගන්වන්නට ෆර්ඩි කළ සහ කරමින් සිටින පාපකාරී වැඩ අතිවිශාල ය. ලෝකය වෙනස් කළ හැකි කවුළුව ඔහු හැර ඇත. මේ අවබෝධයට වසර 20 ක් ගත විය. ෆර්ඩි පිළිබඳ මුහුණු පොත් ළදරු වලිප්පුකාරයන්ගේ අර්ථකතනය ඛණ්ඩනය කළ හැක්කේ එසේ ය.

Shiral.

        අපි දැන්, ශිරාල් ලක්තිලක දෙසට හැරෙමු. දේශපාලනය කිරීමට කලින් දේශපාලනය ඉගෙන ගත යුතු ය යන පාඩම මෙතැන දී වැදගත් ය. ලංකාවේ ‘දේශපාලනය’ කෙනෙකුට උරුම වන්නේ, එක්කෝ පවුලෙනි. නැතහොත්, සම්ප්‍රදායෙනි. ලංකාවේ බහුතරයක් වාමාංශික දේශපාලකයන් දේශපාලනයට ඇතුල් වන්නේ, පවුල උරුමයෙන් නොවීම සතුටට කරුණක් නොවේ. මන්දයත්, ඔවුන් අපි සිතනවාට වඩා සම්ප්‍රදායට ඇලී ගැලී සිටින නිසා ය. දේශපාලනයේ දී ශිරාල් මුහුණ දෙන ‘අනුර කුමාර’ වර්ගයේ ව්‍යාජ දේශපාලකයන් මුහුණ නොදෙන අභියෝගය කුමක්ද? (පක්ෂයට සල්ලි තිබෙන නිසා අනුර කුමාරට මේ වර්ගයේ අභියෝග තම ජීවිත කාලය තුළම හමු නොවනු ඇත.)

        ශිරාල් සමාජය සමඟ ගැටෙනවාට වඩා ගැටී ඇත්තේ, නායකයන් සමඟ ය. ඔහුට ජී. ඇල්. පීරිස්, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන යන නායකයන් හමු වී ඇත. අවසානයේ ඔහුට හමු වූයේ, සජිත් ප්‍රේමදාස ය. දැන්, යළිත් ඔහු චක්‍රය සම්පූර්ණ කරමින් රනිල් ළඟට පැමිණ ඇත. වෘත්තයක ගමන් කරන්නාට එකම දේ යළි යළිත් පුනරාවර්තනය වෙයි.

        ශිරාල් සහ නායකත්වයන්ගේ වෙනත් අනුගාමිකයන් අතර මහා වෙනසක් ඇත. ඔහු උපතිස්ස ගමනායක හෝ පොට්ටු අම්මාන් කෙනෙකු නොවේ. ශිරාල් අතින් නොදැන හෝ සිදු වන්නේ, නායකයන්ගේ විනෝදය හෙළිදරව් වීමයි. මේ හේතුව නිසා, කවුරුවත් දන්නේ නැති වූවත් ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයන් කිහිපදෙනෙක්ම ඔහු නිසා විසංයෝජනය විය. ‘මංගල සමරවීර’ වැනි ලිබරල් දේශපාලකයෙක් ඔහුව ළඟටවත් වද්දා ගත යුතු නැති පුද්ගලයෙක් ලෙස නම් කළේ, මීට බොහෝ කලකට පෙර ය. අනෙක් පසින්, මෙම විසංයෝජන ක්‍රියාවලිය නිසා ශිරාල්ට අමුතු වාසියක් වැඩිපුර ලැබුණේ නැති වුවත් ඉන්, ඔහුට වූ හානිය බරපතල ය. උදාහරණයක් ලෙස, ඔහු මෛත්‍රීට ඉතා කිට්ටුවෙන් සිටි නමුත් මෛත්‍රීගේ සමහර තීරණ වලට වඩා බලපෑවේ ‘තිරිවාණ ඉන්දික’ නම් පැරණි ජවිපෙ සාමාජිකයෙක් බව හෙළිදරව් වූයේ, ශිරාල් නිසා ය. දේශපාලන නායකත්වයේ ‘සමණල සාධකය’ නැතහොත්, ලැකානියානු මනෝවිශ්ලේෂණ භාෂාවෙන් කිවහොත් ‘විනෝද සාධකය’ අර්ථකතනය කළ හැකි වූයේ, ශිරාල්ගේ නො දැනුවත් මැදිහත් වීම් පදනම් කොටගෙන ය. 2015 වර්ෂයේ සිදු වූ ‘යහපාලන පෙරළියට’ අවශ්‍ය පදනම සෝභිත හිමියන් සහ කරු ජයසූරිය හරහා වැටුණේ, ශිරාල්ගේ අවිඥාණක ක්‍රියාකාරීත්වය හරහා ය. පෙරහැරට අවශ්‍ය කසකාරයන් ගෙනාවේ ඔහු ය. නමුත්, අවසානයට පෙරහැරේ ගියේ වෙන පිරිසක් ය. UNP යේ ඊළඟ නායකත්වයට සජිත් ගේන්නට වැඩ කළේ, ඔහු ය. නමුත්, ඔහුට වැරදී ගොස් මංගල විසින් සජිත්ව UNP යෙන් ඉවත් කර මහ පාරට ඇද දමන ලදී. මහ පාරට විසි වී ගිය සජිත්ව ඊළඟට පාලනය කළේ, ජලනි ප්‍රේමදාස මිස ශිරාල් නොවේ. වැඩකට නැති BMW ජීප් රථයක් පමණක් ඡන්දයට පසුව ශිරාල්ට ඉතුරු විය. මංගලට ජනාධිපති වීමට නම්, සජිත්ව UNP යෙන් ඉවත් කළ යුතුව තිබිණි. දැන්, මංගල ද නැත. හැමෝම සතුව පැවති සංවිධාන ආකෘති බිඳ වැටී ඇත. ඡන්දයක් කිට්ටු වන විට, කරේ එල්ලී රැඩිකල් අදහසක් හෝ කියන්නට ජේවීපීකාරයන්ට දැන් කිසිදු නායකයෙක් නැත. අහස යට දැන් හැම දෙයක්ම අවුල් ය. ‘ශිරාල්ගේ සැළැස්ම’ හරහා ෆර්ඩිගේ සැළැස්ම ගමන් කිරීමෙන් දෙදෙනාටම අලුතින් සිතීමට කාලය පැමිණ ඇත.

        විවිධ නායකත්ව වල ‘විනෝද ආර්ථිකයන්’ නිසා ඒවා සමඟ ගනුදෙනු කිරීම අර්බුදයකින් කෙළවර වෙයි. ශිරාල්ට සිදු වී ඇති දෙය ගැන ‘ලංකා නිව්ස් වෙබ් අඩවියේ’ අයිතිකරුවා වන චන්දිමට, බොරුවට මිස ඇත්තට සිනහ විය නොහැකි ය. මන්දයත්, චන්දිමගේ ක්‍රියාකාරිත්වයන් හරහා ඔහුගේම අශ්ලීල විනෝදයන් හැර වෙන දෙයක් හෙළිදරව් නො වන බැවිනි. ශිරාල් යනු, පශ්චාත්-නූතන ධනවාදී යුගයක දේශපාලන නායකත්වය නම් ප්‍රපංචයේ අර්බුදය අපට පෙන්වන කැඩපතයි. අවංක බොරුකාරයන්ට සහ කන්‍යා සිවිය විද්‍යාත්මකව අපට ඔප්පු කරන විප්ලවවාදීන්ට මේ අනාවරණය කළ නො හැකි ය.

        සමකාලීන නායකත්ව අර්බුදය ජය ගන්නට එම ”නො හැකියාව” ප්‍රකාශ කරන ආකෘති තුනක් හටගෙන ඇත.

 

1.නායකයෙක් නොවන මිතුරෙකු බිහි වීම. මා මෙයට කියන්නේ, ‘මචං මානසිකත්වය’ කියා ය. නායකයා හැමදෙනාගේම මචං වීම මෙහි දෘශ්‍යමානය යි. Facebook සමාගමේ අයිතිකරු වන මාර්ක් සකර්බර්ග් යනු, පශ්චාත්-නූතන නායකයෙකි. ඔහු රඟපාන්නේ, ක්‍රියා කරන්නේ, ඔහුගේ පාලිතයන්ගේ කොටසක් ලෙසිනි. ඔහු අප සමඟ විහිලු කරන අතර අප සමඟ බොන්නට පැමිණෙයි. නමුත්, සංකේත අධිකාරියක් ලෙස ගත් විට, මෙවැනි නායකයෙක් අපව ඉතා තදින් අවශ්‍ය මොහොතේ දී සූරා කයි. මෙය, නායකත්වය අරබයා නරුම ස්ථාවරය යි.

 

2. දෙවැනි විකල්පය වන්නේ, විශේෂඥ ඥාණය මත පදනම් වන නායකත්වය යි. එහිදී, නායකත්වය යනු, විද්‍යාව හෝ තාක්ෂණය ඔවුන් තුළින් කතා කිරීමයි. මෙවැනි නායකයන් වගකීම බාර නොගන්නා අතර එම භූමිකාව විද්‍යාවට සහ තාක්ෂණයට භාර දෙයි. අවසන් මොහොතේ දී, අත පිස දමා ගනියි. කොවිඩ් සමයේ දී රූපවාහිනී නාලිකා උතුරා ගොස් ඇත්තේ, මෙවැනි නායකත්ව රටාවල් වලිනි.

 

3. තුන්වැනි විකල්පය වටහා ගැනීම ඉතා දුෂ්කරය. මෙම විකල්පය වන්නේ, අශ්ලීල අනුහස් නායකත්වයේ මතු වීමයි. පුද්ගලයෙකු තම පුද්ගලික ජීවිතයේ හුරු-පුරුදු, ඇබ්බැහිකම්, අගතීන්, අපගමනයන්, ලිංගික විපරිතකම් නායකත්ව බල රටාවට ඇතුල් කර නායකත්වය නම් සංකේත ප්‍රබන්ධය ඇතුළතින් විනාශ කිරීම. මෙමඟින්, ‘මහා අනෙකා’ සෘජුව මූර්තිමත් වෙයි. මෙවැනි නායකයන්ගේ බලය ක්‍රියාත්මක වන්නේ, ඒ කෙනාගේ දැනුම මත නොව කැමැත්ත මත ය. මෙවැනි පුද්ගලයෙකු සමඟ මහජනතාව යනුවෙන් හඳුන්වන ප්‍රපංචය තදින් අනන්‍ය වනවා මිස විරෝධය දක්වන්නේ නැත. එයට හේතුව වන්නේ, මෙම තුන්වැනි විකල්පය මතුපිට තලයේ දී පවතින ක්‍රමයට එරෙහිව දේශනා පවත්වන නිසා ය. මේ හේතුව නිසා, ජනප්‍රියවාදයේ සංකීර්ණතම ප්‍රකාශනය මතු වන්නේ මෙම තෙවැනි විකල්පය මත ය. උදාහරණයක් ලෙස, සජිත් ප්‍රේමදාසගේ කතාවලට සවන් දෙන්න! ඒවා පැහැදිලිවම ක්‍රම විරෝධී, ජනතාමය ප්‍රකාශනයන් වේ. එක් අතකට, මේ ආකාරයේ අශ්ලීල විනෝදය ප්‍රකට කරන නායකත්වයන් යනු, විශේෂඥයන් විසින් මර්ධනය කරන මාස්ටර්වරයාගේ යළි පැමිණීමකි. ඒ අනුව, තිස්ස විතාරණගේ රෝග ලක්ෂණය වන්නේ, ගෝඨාභය රාජපක්ෂයි.

 

                 ශිරාල් ලක්තිලක තම ජීවිතය පුච්චමින් අපට උගන්වන්නේ, ඉහත තුන්වැනි විකල්පය යට ඇති හිතුවක්කාර විනෝදයන් ය. බොහෝ සංකේතීය නායකත්වයන්ට සැඟවී ඇති අශ්ලීල විනෝදයන් විසින් විශාල පක්ෂ යාන්ත්‍රණ, රටවල්, ජාතීන්, කර්මාන්ත, බැංකු, ගුවන් සේවා විනාශ කර දමයි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය විනාශ වූයේ, මහින්ද රාජපක්ෂගේ ‘විනෝදය’ තර්ජනයට ලක් වූ නිසා ය. යුද්ධය දිනුවේ, රට ගොඩනැගීමට යන ප්‍රවාදය ද දැන් අහෝසි වෙමින් පවතියි. විවිධ නායකයන් තීන්දු-තීරණ ගන්නේ, සිහියෙන් නොව අවසිහියෙන් බව විද්‍යාමාණ ය. ශිරාල් තම ජීවිතය ඊනියා මාධ්‍යකරුවන් ඉදිරියේ නින්දාවට ලක් කරමින් පෙන්වා දෙන්නේ, මේ අවසිහිය යි. අනාගත අභියෝගය වන්නේ, මේ මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේ ද යන්න ය. 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

 

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. X “ කන්ඩායමට රුවන්/මන්ගල ආර්තිකව උදව් කීරීම ප්‍රසිද්දියෙ කියන්න පුලුවන් උනාට , සමබ්ම පක්ශයට බැසිල් උදව් කීරිම අපුල දනවන්නක්!

      • දීප්තිම ඔප්පු කරමින් සිටී ! ඔහු මෙ දිනව්ල රටෙ උද්ගත වී ඇති තත්වය සාමාන්‍ය කරනය කරමින් සිටී.
        ජවිපෙට අවලාද ගසමින් සිටී එය කරන්නෙ බැසිල්ගෙ දැක්ම වෙනුවෙන් .

    • ඔව් භාවනා කරන්න පුලුවන් මෙ ලිපිය දිහා බලාගෙන! මන්ද Subjec and Object can not be distinguished, everything is mixed up it looks like Scheling’s Absolute!

      • එතකොට දැන් රුවන් ෆෙර්දී දිප්තිට උදව් කරන්නේ නැත්ද? එහෙම වෙන්න පුලුවන්ද?

Comments are closed.