මේ වින විට පිටකොටුව නගරය අති අලංකාරය. පෙර තිබු කිසිදු අනවසර ඉදිකිරීමක් දැන් දක්නට නැත. ඒ වෙනුවට දැන් දක්නට ඇත්තේ විරෝධාර හමුදා සොල්දාදුවන් විසින් ගොඩ නගන ලද floating market ය. කිලිටු හැදි නාටාටිමිවරුන්,වෙළෙන්දන්, විථි ගණිකාවන්, මං පහරන්න්, සොරුන්, සල්ලාලයන් නැති පිට කොටුව තනිකරම අධි ආරක්ෂිත කළාපයක ඇති හමුදා කදවුරක් බදුය. නරක වෙනුවට හොදත්,අයපහත වෙනුවට යහපතත්, නරක මිනිසුන් වෙනුවට හොද මිනිසුන්ට නිදහසේ සැරි සරන්නට හැකි නිදහස් පරිසරයත් ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බ පත්තු නොවන බවට ඇති ස්ථිර සහතිකයක් සමග දැන් කොළඹ නගරය සුරපුරක් වී අවසන්ය.

බැලූ බැල්ලමට දැන් කොළඹ නගරය දහවල් කාලයේ අතිශයින්ම සාමකාමීය. බේරේ ඇල හරස් කොට ඉදිකර ඇති floating market හී වෙළෙද සැල් වල වර්ථමාන හිමිකරුවන් ගෙන් බහුතරයක් යනු පෙර පදික වෙළෙදාම් කළ අයම වුදව අතීතයේ නරක,වංචාකාරී,කලුකඩ මුදලාලිලා යැයි හංවඩු  ගැසූ මේ පිරිස දැන් ශාන්තූවරයන් බදුය. ඉස්සර හොරාට මිදි කිරණ,ගමේ ගොඩේ මිනිසුන්ට වංචා කරන කොළඹ කාක්කන් දැන් හොද මිනිසුන් බවට පත්ව ඇත. ආසියාවේ මේ ආශ්චර්ය පිටුපස ඇති නාගරික සංවර්ධනයේ රහස කුමක් ද?

තායිලන්තයේ floating market සංකල්පය යනු එරට ග්‍රාමීය ප්‍රෙද්ශ වල සිටින ගොවීන්ට ඔවුන් ගේ එළවලු සහ පළතුරු පළදාව නගරයට ගෙන ගොස් විකුණා ගන්නට හැකි වන පිරිදි එරට සංස්කෘතිය සහ ජන ජීවිතය  සමග බද්ධව ඇති වූ සංකල්පයකි. එරට විශාල ඇල මාර්ග ඔස්සේ නගරයේ නිශ්චිත floating market එකකට ඔරුවලින් නිශ්චිත දිනෙක පැමිණෙන වෙළෙදන්දන් ඒකරාශී වී වෙළෙදාම් කර යළි ඔරු වලින්ම ගම්බිම් බලා පිටව යයි. එය එරට ප්‍රධාන වෙළෙදාම් ක්‍රමයක් වන්නේ ජන ජීවිතය ඒ මගින් වඩාත් පහසු කරවනව බැවිනි.

නමුත් ලංකාවේ දී floating market යනු ලංකාවේ කවුරු හෝ පුද්ගලයෙකු පිටරට ගිය විට “ෂා මේක නම් මාර concept එකක්” යැයි කල්පනා කර කිසිදු හොයා බැලිල්ලකින් තොරව කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියකි. ලංකාවේ බහුතරයක් ( අධිවේගී මාර්ග ද ඇතුලුව ) මේ අකාරයේ කාගේ හෝ ෂා මේක නම් මාර concept එකක් වර්ගයේ බහුභූතයන් මිස සංවර්ධන ව්‍යාපෘතීන් යැයි කියන්නට හැකිද? රටක් සංවර්ධන කළ යුතු ආකාරය ගැන වඩාත් හොදින් කල්පනා කර බැලූ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයා අන් කවරෙකුවත් නොව ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ ලෙනින්ය.

ඔහු ඔක්තෝබර් විප්ලවයෙන් පසු පවසන්නේ මෙවන් අදහසකි. අපේ සමහර සහෝදරවරු කඩා බිද දැමීමට බොහොම ආසයි. අපි ඒ ප්‍රශ්ණය සොයන්නට ඕන. කඩා දමන්න ඕන. ඒ වුනාට ප්‍රමාණය සහ ස්ථානය දැන ගන්න ඕන. මොස්කව් නගරය ප්‍රති නිර්මාණය කරන සැලැස්ම ඔහේ පටන් ගන්න. පැරණි ස්මාරක ගැනත්, රුසියානු ජනතාවගේ මහා ප්‍රඥාණව නිසා අපට ලැබී ඇති සංස්කෘතික උරුමය ගැනත්, අප දැක්විය යුතු ප්‍රතිපත්ති, හැම දෙයක්ම අවලස්සන කරන කඩ පෙළත්, කුණු රොඩු ගොඩ ගැසෙන තැනත් නැතිකර දමන්න ඕන. ක්‍රෙම්ලීනය, රතු චතුරස්ස්‍රය, ශුද්ධ වූ බැසිල්ගේ දේවස්ථානය වැනි තැන් වල වෙනස් කිරීම හොද නෑ. ඒවා අමරණීය කලා වස්තු. ඒ හන්දා ඒවා හැකි තරම් හොදට ආරක්ෂා කරන්න ඕන. තවත් එක ඉල්ලීමක්. ඉවාන් විලදිස්ලාචොච්වල මොස්කව් නගරය තුළ ගස් සිටුවා එය හැකි තරම් දුරට උද්‍යාන නගරයක් බවට හරවන්න ඕන… මොස්කව් නගර ප්‍රතිනිර්මාණ සැළැස්මේ එක මූල ධර්මයක් ලෙස එය ගණන් ගන්න. මේවාට නිදර්ශණ වල ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ගන්නට පුලුවනි… මොස්කව් ගග දෙපස ඉවුර ගස් සිටුවා අලංකාර කිරීම ගැනත් කල්පනා කර බලන්න. අමිලකර වාතයෙන් පිරි පිරිසිදු වටපිටාවක් අපි මොස්කව් නගරයට ලබා දෙන්න ඕන.

තමන් භෞතිකවාදින් යැයි කියා ගන්නා ඇතැම් වාමාංශිකයන් මනුෂ්‍ය ජීවිතයේ සරල ප්‍රශ්ණ පසෙකලා සංකීරණ න්‍යායික ගැටලු විසදන්නට න්‍යාය ටොන් ගණන් දේශනා කරමින් තමන් ලෙනින්වාදීන් යැයි කියන නමුදු භාවිතාවෙන් ඔවුන් අපට ඔප්පු කර පෙන්වන්නේ ඇත්තටම ඔවුන් ගේ ලෙනින්වාදය යනුම බඩගෝසතරවාදයක් වන බවය. හෙගල් ගේ විඥාණවාදයට නිගරු කරමින් ෆොයර්බාහ් පසුකර යමින් මාක්ස්වාදී භෞතිකවාදීන් ලෙස තමන් කටයුතු කරන බව පෙන්වන්නට හදන වාමාංශිකයන්ට ගෝඨාගේ නරග නිර්මාණය අවබෝධ කර ගන්නට විද්‍යාවක් නැති වීම අහම්බයක් නොවේ. ඔලුවෙන් හිටගෙන සිටි හේගල් ව මාක්ස් කකුල් දෙකෙන් සිටෙව්වා යැයි වැනි සරළ ගොන් තර්ක මතු කරන මැට්ටන්නට මෙන් නොව මාක්ස්ට හේගල් යනු අති සංකීර්ණ දාර්ශණිකයෙකි. මාක්ස් ජය ගන්නට උත්සහ කරන ගැටලුව සහ ඇතැම් වාමාංශිකයන් දැනට පවසමින් සිටින ගැටලු අතර වෙනස අහසට පොළොව තරම්ය. මේ නිසාම ලෙනින් පැහැදිලිවම විප්ලවයට පෙර හේගල් මුලු මනින්ම කියවන්නට ගනු ලබන උත්සහය හිතන තරම් සරළ නැත. විඥාණවාදය සහ භෞතිකවාදය අතර ලෙනින් අත් දකින වෙනස තේරුම් ගන්නට ඔහුගේ ඉහත වාක්‍ය ඛණ්ඩයම ප්‍රමාණවත් නොවන්නේ ද?

අප මේ වන විට එක් අතකින් සංවර්ධනය යැයි කියමින් නගරයෙන් මිනිසුන් පිටමං කරමින් සිටින අතරම අනෙක් පසින් මිනිසුන් ගම හැරදා වඩ වඩා නගරයට සංක්‍රමණය වීම ඇරඹී ඇත. සොරගුනේ වනාන්තරය මැදින් මහා මාර්ගයක් ඉදිකර මුළු ජෛව පරිසර පද්ධතියක් විනාශ කර දමන අතරම සංචාරක කර්මාන්තය නගා සිටුවන්න යැයි කියමින් නැගෙනහිර පළාතේ වෙරළ තීරය මුලු මනින්ම විදේශීකයන්ට බදු දී අවසන්ය. රතුපස් වල මිනිසුන් බී මට පිරිසිදු දිය පොදක් සොයන විට උතුරු මැද පළාතේ සමස්ථ මිනිස් ජීවිතයම වකුගඩු රෝගයට ගොදුරු වී අවසන්ය. සමාජ ප්‍රශ්ණ යනු දේශපාලන ශබ්ද කෝෂයේ අන්තර් ගත න්‍යායික ගැටලු යැයි කියමින් අනුර කුමාරලාට තව දුරටත් ජනතාව රවටන්නට පුලුවන.

මේ වන විටත් සමස්ථ ලෝකයේම මිනිස් වර්ගයා මුහුණ පා සිටින අර්බුදය යනු මිනිස් ජීවිතය පිළිබද පැහැදිලි ඛේදාන්තයකි. මේ වන විටත් ලංකාවත් ඇතුලුව ලෝකයේ බහුතරයක් වාමාංශික ව්‍යාපාරයන් විසින් ද සංජානනය කර නැති නව අනතුරකට දෛනිකව මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින බව දන්නේ අතලොස්සකි.

ඌව මැතිවරණයෙන් කම්හල් බාස් ගේ පුතා මහ ඇමති කරන්න යැයි ඉල්ලන වාමාංශික සාමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනිකව කෙතරම් පසුගාමීද? ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් විප්ලවාදී දේශපාලන පක්ෂයක් නොවන බව රටට නිළ වශයෙන් හෙළි කලේ අනුර දිසානායක නායකත්වයට පත් කිරීමෙනි. පාර්ලිමේන්තු මැතිවරණ වලින් බලය ලබාගෙන පසුව විප්ලවය කරන්නට සිතා සිටින ජනතා විමුක්ති පෙරමුණට සමාජ ප්‍රශ්න ලෙස පෙනෙන්නේ මොනවාද යන්න අප කවුරුත් හොදින් දනිමු.

නමුත් අපට විසදන්නට ඇති ගැටළුව තුළ අපට හමුවන සැබෑම සමාජ ප්‍රශ්න නිරාකරණය කරන්නට හැකි විප්ලවාදී දේශපාලනයක් බිහි විය යුතුව ඇත. ඒ සදහා වමේ පොදු සංධානයක් බිහිකිරීම මගින් රට වෙනස් කරන්නට හැකි යැයි සිතා සිටිනවා නම් හෝ තමන් දැනටමත් කරමින් ඉන්නේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික කර්ත්‍යවයක් යැයි සමහරුන් සිතනවා නම් ඇත්තටම ඔවූහූ ප්‍රංශයේ ශාන්ත ඈන් රෝහලට යවා ප්‍රතිකාර ගත යුතු මට්ටමේ රෝගීන්ය. හතර දෙනෙකුට  එකට එකතු වී පොඩ් තේ කඩයක්වත් කරන්නට බැරි වාමාංශිකයන් සිටින රටක තව දුරටත් විප්ලවය ගැන පොර ටෝක් දීමත් හොදය. පාවාදීම්,කේලාම්,බොරු බේගල්, තමන්ගේ බේරුමට අනෙක් ඕනෑම අයෙකු පවාදිය හැකි අන්ත පුද්ගලවාදී මිනිසුන් සිටින රටක විප්ලවවාදී ජීවගුණය රැක ගැනීම විප්ලවයට ජීවමානව සම්බන්ධ වී අරගල කරනවාටත් වඩා දුෂ්කර ව්‍යායාමක් බව අපට කියා දෙන්නේ දක්ෂිණාංශිකයන් විසින් නොව වාමාංශිකයන් විසින්මය.

මේ නිසාම දැන් නිදහසේ පිට කොටුවේ සැමට ඇවිද යන්නට පුලුවන. රෑ කඩකයින් කොත්තු කා ත්‍රී රෝද රථයකින් ගෙදර යන්නට හැකි වට පිටාවක් උදාකර දෙන්නට දෙමල මිනිසුන් හතලිස් දහසකගේ ජීවිත මහපොළොවට යටකළ  අයට ජාතියේ නාමායෙන් දැන් එයට පොලි සමග වන්දි ගෙවන්නට සිංහල බෞද්ධයන්ට සිදුව ඇත.

Floating-market floating-market-tour-bangkok img_7_0

 

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. කතාව ඇත්තය. එසේම ඔබද තවමත් වාමාංශික දේශපාලනේ යෙදී සිටියි.

  2. සාන්ත බස්තියන් ඇල, බේරෙ වැව, ආදී ජලමාර්ග ලන්දේසි යුගයේදී භාන්ඩ ප්‍රවාහනයට යොදාගත්තා. ඒ ජලමාර්ග පිරිසිදු කර නැවත ආර්ථික වාසි ගත හැකි සංචාරක වැඩකට යොදාගන්න පුළුවනි ඉතා සුළු මුදලක් වියදම් කලානම්. නමුත් හැමදාම සිද්ද වෙන්නෙ ගැලපෙන දේවල් නෙමෙයි. මේ එකිනෙක සංබන්ධ බේරේ ජල පද්ධතිය සහ කොළඹ තියෙන දියවන්නාව, කොට්ටේ පැත්තෙ තියෙන සියලු ජලමාර්ග එකිනෙක ජාලගතයි..ඒ ජාලය නැවත පිහිටෙව්වා නම් එය අලුත්ම සංචාරක ආකර්ශනීය ස්ථානයක් වෙනවා. නමුත් ඊට වඩා බාල මට්ටමේ පොට්ටිකක් හදලා කන්න බොන්න පෙට්ටි කඩ වෙනුවට වීදුර කඩ ටිකක් දාන එක ද නාගරික සංවර්ධනේ..බේරෙ වතුර තාම කොලපාටයි. ඒ කොළපාට වතුර උඩ ඉදිගෙන කනවා බොනවා තියා මම නම් ඔ්‍ය පලාතෙවත් යන්න කැමැත්තක් නැහැ.. වතුර ටික පිරිසිදු කරන එකත් දීර්ඝකාලීන වැඩපිලිවෙක් විදියට කෙරෙනවා නම් හොදයි..

  3. මේ මාකට් එක පාවෙන්නේ නෑ ඒක තමයි ඓතිහාසික ජෝක් එක,, බේරේ වතුර කුණු කරන මයික්‍රොසිස්ටිස් නීලහරිත ඇල්ගීය වගේ ම කුණු පෙණ ගුලියක් විතරයි. බේරේ කුණු ගඳ එන්නේ ඇහැට පේන කුණක් නිසා යයි හිතන අය බේරේ සුද්ද කරන්න කුණු අයින් කරන්න ප්ලෑන් ගහයි, නමුත් බේරේ වතුරේ දියවෙලා තියෙන නයිට්‍රේට හා ෆොස්පේට අතර අනුපාතය නිසා වාර්ෂිකව සිද්ද වෙන මේ ක්‍රියාව හේගල් ගේ අභාවයා ගේ අභාවය වගේම ඇතුළතින් වෙන දෙයක්. කුණු ගඳ එන්නේ සල්ෆේට බිඳිම නිසා නිකුත් වෙන සල්ෆ ඩයොක්සයිඩ් හා වෙනත් ක්‍රියාවන්ගෙන් එන ඒමයිඩ නිසා. මහත්වරුනි බේරෙට අලුත් වතුර පුරවන්න, ලංකාවට අලුත් ජනතාවක් අරන් එන්න. දෙකම හරි අමාරුයි නේද?

  4. මෙම ලිපිය ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ ඇසිඩ් වැස්ස කෘතියේ න්‍යායික සාරය සමග ඉතා හොඳින් ගැලපෙන දේශපාලන ව්‍යාපෘතියක අවශ්‍යතාවය පෙන්නුම් කරනා ඉතාමත්ම ඉතා හොඳ ලිපියකි. “ජේ. ආර් ගෙන් පසු ලංකාව” “වී වෙනුවට රෝස” ( අමිල චතුරංග නමැත්තෙකුගේ “සංවර්ධනවාදී” කමෙන්ටුවකට රුකුල් දෙමින් NEWS EDITOR විසින් සම්පාදනය කොට ඇති කමෙන්ටුවකින් අවධාරණය කොට ඇත්තේ වී වෙනුවට රෝස වැවිය යුතුය යන්නය. මෙය එදා මෙදා තුර X දේශපාලනයේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලෙන දේශපාලන ස්ථාවරය වේ). වැනි ලිපි අතිශය ජනප්‍රියත්වයට සහ මොඩ් කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ ජනාදරයට පාත්‍ර වූ තීරණාත්මක ලිපි කිහිපයකි. අවශ්‍ය නම් තවත් මෙවැනිම ලිපි රැසක් නම් වශයෙන් ඉදිරිපත් කල හැකිය. ඒවා මාරම concepts ය. එනම් සංවර්ධනවාදී ධනාත්නක චින්තක ජේ ආර් ටද වඩා ශ්‍රිලංකාවේ සංස්කෘතිය, දේශගුණය සහ වෙනත් භෞමික කාරනා සහ සංවර්ධනය ගැන සැලකිලිමත් වී නිර්මාණය කල ඒවාය.

    “රටක් සංවර්ධන කළ යුතු ආකාරය ගැන වඩාත් හොදින් කල්පනා කර බැලූ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයා අන් කවරෙකුවත් නොව ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ ලෙනින්ය.”

    එය සැබෑය. පෙරටුගාමී පක්ෂයේ අදහස ඉතාමත්ම නිවැරදිය. ධනවාදයේ එකතැන කුණුවීම පරාජය කොට “ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය” නිර්මාණයකොට සමාජ සංවර්ධනයේ ඉදිරි පියවර තැබූ නායකයා ලේනින්ය. ලෙනින්ගේ සංවර්ධන ව්‍යාපෘතීන් සහ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීම ඔහුට කරනා විශාල අගෞරවයක් වන බැවින් එය පසුව සවිස්තරාත්මකව සටහන් කිරීමට කල්තබන්නෙමි.

    “ඔහු ඔක්තෝබර් විප්ලවයෙන් පසු පවසන්නේ මෙවන් අදහසකි. අපේ සමහර සහෝදරවරු කඩා බිද දැමීමට බොහොම ආසයි. අපි ඒ ප්‍රශ්ණය සොයන්නට ඕන. කඩා දමන්න ඕන. ඒ වුනාට ප්‍රමාණය සහ ස්ථානය දැන ගන්න ඕන…………”

    මෙය ලෙනන්ගේ ඉතාමත්ම ඉතා නිවැරදි අදහසය. මෙය මෙසේ සටහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයට මාගේ හද පිරි ස්තුතිය ප්‍රධානය කරමි. ලෙනින්ගේ ක්‍රියාව කුමක් වුවද, කලයුතේ කුමක්ද සහ ඉදිරියට අනීවාර්යෙන් සිදුවීමට නියමිත කුමක්දැයි යන විද්‍යාත්මක දැනුම තුල කටයුතු කිරීම ලෙනින්ගේ ප්‍රතිපත්තිය විය. ඔහු ප්‍රකාශ කල කාරණය වුයේ සමාජ ප්‍රගමනය පිලිබඳ මහා දැනුම ඇත්තේ පක්ෂයට බවත්, රට පුරා පමණක් නොව ලොව පුරාද එම “දැනුමේ” ආධිපත්‍ය එසේ නොමැති නම් අධිකාරීත්වය පැතිරවිය යුතු බවය. ඒ අනුව බලන කල ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 70 වසරකට පසුව අසාර්ථක වුයේ ලෙනින්ගේ නමැති දෙවියාගේ වරදකින් නොවේ. එනම් ඔහුගේ ඇවෑමෙන් අනතුරුව පක්ෂයේ නායකත්වයට පත්වූ අය “විද්‍යාත්මක දැනුම” ලබා ගැනුම අත්හිටුවා ( ලෙනින්ට අනුව “විද්‍යාත්මක දැනුම” ලැබෙන්නේ කොහෙන්ද යන්න අදාළ නැත. එනම් “දැනුම” යනු “දැනුමය” ) වෙනත් පිස්සු කෙලීම හේතුවෙන් කල යුත්තේ කුමක්ද යන්න “විද්‍යාත්මකව” “සොයා ගැනුමට” නොහැකි වූ බැවිනි. අහෝ එය කොතරම් නම් ඛේදවාචයක්ද ?

    “අප දැක්විය යුතු ප්‍රතිපත්ති, හැම දෙයක්ම අවලස්සන කරන කඩ පෙළත්, කුණු රොඩු ගොඩ ගැසෙන තැනත් නැතිකර දමන්න ඕන. ක්‍රෙම්ලීනය, රතු චතුරස්ස්‍රය, ශුද්ධ වූ බැසිල්ගේ දේවස්ථානය වැනි තැන් වල වෙනස් කිරීම හොද නෑ. ඒවා අමරණීය කලා වස්තු. ඒ හන්දා ඒවා හැකි තරම් හොදට ආරක්ෂා කරන්න ඕන. තවත් එක ඉල්ලීමක්. ඉවාන් විලදිස්ලාචොච්වල මොස්කව් නගරය තුළ ගස් සිටුවා එය හැකි තරම් දුරට උද්‍යාන නගරයක් බවට හරවන්න ඕන… මොස්කව් නගර ප්‍රතිනිර්මාණ සැළැස්මේ එක මූල ධර්මයක් ලෙස එය ගණන් ගන්න. මේවාට නිදර්ශණ වල ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ගන්නට පුලුවනි…මොස්කව් ගග දෙපස ඉවුර ගස් සිටුවා අලංකාර කිරීම ගැනත් කල්පනා කර බලන්න. අමිලකර වාතයෙන් පිරි පිරිසිදු වටපිටාවක් අපි මොස්කව් නගරයට ලබා දෙන්න ඕන.”

    ඉහත සඳහන් ලෙනින්ගේ අදහසින් මොනවට පැහැදිලිවන්නේ නගරලන්කාරය සහ නගර සැලසුම්කරණය කල යුත්තේ කෙසේද යන්න වන ඔහුගේ “විද්‍යාත්මක දැනුමය” ගෝටාභය රාජපක්ෂට ඇත්තේ ලෙනින්ට වැනි “දැනුමක්” නොවේ. එබැවින් ඔහු ඇමෙරිකාවේ හෝ තාය්ලන්තයේ හෝ වෙනත් ඕනෑම තැනක දකින දකින දේ ලංකාව තුලද කරමින් සිටි. ලෙනින් කලේ දකින දකින දේ නොවේ. ඒ අනුව ගෝටාභය රාජපක්ෂ කොළඹ නගරයේ ගස් සිටුවන්නේ නැත. සිටුවනෙන් මල්ගස් පමණි. ලෙනින් එසේ නොවේ ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ආදර්ශකොට ගනිමින් නගරය “කලාත්මක” ලෙස “අලංකාර” කිරීම වෙනුවෙන් ඇප කැප විය. “සෞන්දර්ය” පිළිබඳව ලෙනින් සතු වූ මහා දැනුම් සම්භාරය පක්ෂයේ නායකයා ලෙස ආධිපත්‍යයක් ලෙස සමාජය වෙත ප්‍රධානය කෙරුනේ එලෙසිනි. ලෙනින් ඇතුළු පක්ෂයේ මෙම (“සෞන්දර්යාත්මක”) අධිකාරීත්වය ගිලිහී යාමේ ප්‍රතිපලය 70 වසරකට පසු දක්නට ලැබුන බව නැවතත් මතක් කල යුතුය.

    ලෙනින්ගේ තවත් මුඛ්‍ය ආදර්ශයක් වුයේ ලොව ඒ වන විට නිපදවා තිබූ දියුණුතම “විද්‍යාත්මක දැනුමේ” ප්‍රතිපලයක් වූ රෝල්ස් රොයිස් කාරයක් ඔහුගේ භාවිතාවට ගැනුමය. ලෙනින් මින් ඉඟි කොට සිටියේ සකල දේශවාසී සියලු දෙනාට ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් යුතු වාහනයක් ලබා දෙන බවය. එනම් දැන් විවිධ කාර් නිර්මාණය වන්නේ පන්ති සමාජය නිසාය. නමුත් ලෝක සමාජවාදය යටතේ එය එසේ නොවේ. එනම් ලෝක සමාජවාදය යටතේ සිදුවන්නේ වන්නේ ලොව ඒ වන විට පවතින “දියුනුතම විද්‍යාත්මක දැනුම” යොදා නිෂ්පාදනය කරනා ලද කාරයක් සකල දේශවාසී සියලු ජනතාවට ලබා දීමය. ඒ අනුව ලෝක සමාජවාදය තුල කෙතරම් විශාල මාර්ග පද්ධතීන් තැනෙනු ඇතිද ? කෙතරම් අහිතකර වායු සහ වෙනත් අහිතකර ද්‍රව්‍යන් ( ලෙනින්ට අනුව කෙදිනක හෝ සම්පූර්ණ පරිසර හිතකාමී වාහන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය “විද්‍යාත්මක දැනුමේ සංවර්ධනයක්” සිදු වීම අනීවර්යයකි. එසේ නොවුවහොත් කෙතරම් පරිසර හානියක් වුවද ඉන් ආරක්ෂා වී සිටීමේ විද්‍යාත්මක සහ තාක්ෂණික සංවර්ධනයක් මිනිසා විසින් අත් කරගැනීම ඓතිහාසික භෞතිකවාදයට අනුව නියතය. අප මේ සාකච්චා කරනුයේ එසේ වනතෙක් කල යුතු දේවල්, එනම් ලෙනින්වාදී භෞතිකවාදය පිලිබඳවය ) විමෝචනය වනු ඇත්ද ? ඒ සඳහාද ආදර්ශමය විසඳුම ලෙනින් විසින් ලබා දී ඇත. එනම් ගස් කොලන් සිටුවා සහ වෙනත් ක්‍රම මගින් අම්ලකර වායුන්ගෙන් පිරි නගරයක් නිර්මාණය කිරීමය. ගෝටාභය මේ දක්වා අසමත් වී ඇත්තේද එයයි. එනම් ගොඩනැගිලි තුලට වායු සමීකරණ මගින් සුපිරි වාතය ලබා දුන්නද එළිමහන් පරිසරය වෙත එවැනි තත්වයක් නිර්මාණය කිරීමට අසමත්වී ඇත.

    ලිපියේ සඳහන් කොට ඇති පරිදිම “මාක්ස්වාදී භෞතිකවාදීන් ලෙස තමන් කටයුතු කරන බව පෙන්වන්නට හදන වාමාංශිකයන්ට ගෝඨාගේ නගර නිර්මාණය අවබෝධ කර ගන්නට විද්‍යාවක් නැති වීම අහම්බයක් නොවේ.” එය සැබෑය ගෝටාභයට විද්‍යාවක් නැතුවා සේමා වාමන්ශිකටින්ටද නැත. ඒ අනුව මේ ලිපියෙන් මොනවට ප්‍රකටකොට සිටින්නේ ඒ සඳහා වන ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ මහා විද්‍යාත්මක දැනුම් සම්භාරයයි.

    “මේ වන විට එක් අතකින් සංවර්ධනය යැයි කියමින් නගරයෙන් මිනිසුන් පිටමං කරමින් සිටින අතරම අනෙක් පසින් මිනිසුන් ගම හැරදා වඩ වඩා නගරයට සංක්‍රමණය වීම ඇරඹී ඇත. සොරගුනේ වනාන්තරය මැදින් මහා මාර්ගයක් ඉදිකර මුළු ජෛව පරිසර පද්ධතියක් විනාශ කර දමන අතරම සංචාරක කර්මාන්තය නගා සිටුවන්න යැයි කියමින් නැගෙනහිර පළාතේ වෙරළ තීරය මුලු මනින්ම විදේශීකයන්ට බදු දී අවසන්ය. රතුපස් වල මිනිසුන් බී මට පිරිසිදු දිය පොදක් සොයන විට උතුරු මැද පළාතේ සමස්ථ මිනිස් ජීවිතයම වකුගඩු රෝගයට ගොදුරු වී අවසන්ය. සමාජ ප්‍රශ්ණ යනු දේශපාලන ශබ්ද කෝෂයේ අන්තර් ගත න්‍යායික ගැටලු යැයි කියමින් අනුර කුමාරලාට තව දුරටත් ජනතාව රවටන්නට පුලුවන.”

    ලිපියේ ඉහත ඡේදය කදිමය. මීට කලකට ඉහත 3මානයේ ලිපි දෙකක්ම මගින් කියා සිටියේ පානීය ජාල අර්බුදය යනු ධනවාදයේ අර්බුධයක් වන්නේ පානීය ජාල ව්‍යාපෘතීන්ගේ අවශ්‍ය සංවර්ධන ඉලක්කයන් අත් කර නොගැනීම නිසා බවය. එනම් පිරිසිදු නල ජලය හෝ බෝතල් කරනා ලද ජලය ලබා දීමට පවතින සමාජ ක්‍රමය අසමත් බවය. ජල අර්බුධය සඳහා වන ලෙනින්වාදී විසඳුම වන්නේ කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් දැන් ඔබට ඇති බැවින් තවදුරටත් එය විස්තර නොකළ යුතුය. එනම් ලොව සිටි ශ්‍රේෂ්ටතම “පරිසරවාදියා” වෙතින් අප පිබිදීම ලබාගත යුතුය. ජෛව විවිධත්වය, වනාන්තර, මුහුදු තීර වැනි ලිපියේ උදාහරණ ලෙස සඳහන් කොට ඇති කාරනා අර්බුධයට ලක්වන්නේ නිසි “විද්‍යාත්මක දැනුමක්” තුල කටයුතු නොකිරීම නිසා සහ නව “විද්‍යාත්මක දැනුම” සොයා ගැනුමට ධනවාදය අසමත් නිසාය. හේගල් ගැන නොදන්නා වාමාන්ශිකයින්ට නොතේරෙන්නේ එයයි යන්නේ ලිපියෙන් කදිමට පැහැදිලි කොට ඇත.

    “විඥාණවාදය සහ භෞතිකවාදය අතර ලෙනින් අත් දකින වෙනස තේරුම් ගන්නට ඔහුගේ ඉහත වාක්‍ය ඛණ්ඩයම ප්‍රමාණවත් නොවන්නේ ද?”

    ලිපියේ ඉහත වාක්‍යයෙන් ලේනිගේ වාක්‍ය ඛණ්ඩයේ අර්ථය අප වෙතින් ප්‍රශ්නකොට සිටිනා අකාරය ඉතාමත්ම සිත් ඇදගන්න සුළුය. ඒ අනුව එහි ප්‍රතිපක්ෂය නියෝජනය කරනා ගෝටාභය විඥාණවාදියෙකු වන අතර ලෙනින් භෞතිකවාදියෙකු වේ. එනම් දෙදෙනාගේ දේශපාලන ව්‍යාපෘතීය සමාන වුවද ඔවුන් ආදර්ශ කොට ගන්නා උද්‍යාන, නගර ආකෘතීන් වෙනස්ය. එසේම නිසි විද්‍යාත්මක දැනුමක් නොමැති වීම තුල විශාල වියවුලක් ඇති වී ඇත. දෙදෙනා අතර වන සැබෑ වෙනසින්, විඥාණවාදය සහ භෞතිකවාදය අතර වන වෙනස පෙන්නුම් කොට ඇත. එවැනි උසස්තම ලිපි අතරින් මෙම ලිපිය අගනා මානික්‍යයකි.

    මෙම ලිපිය කියවීමේදී ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය මෙතෙක් දරා සිටි දේශපාලන ස්ථාවරය යම් අකාරයකින් වෙනස් කොට ඇති බවක් පසක් වේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේශපාලන සන්ධානයක් තුලින් ජනාධිපති කරවීම බරපතල ලෙස විවේචනය කොට එසේ යෝජනා කරන්නන් ශාන්ත ඈන් රෝහලට යැවිය යුතු බව කියා සිටීම එක කාරණයකි. එසේම මෙතක් කල් ලිපි රචනා කල ලේඛන ශෛලිය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඇත. තවත් වැදගත් කාරණයක් වන්නේ NEWS EDITORගේ භූමිකාවේ විශාල වෙනසක් සිදු වී තිබීමය. ඔහුගේ ප්‍රතිචාරයන් කලින් NEWS EDITORගේ මෙන් නොවේ. ඉතා වෙනස්ය.

    ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයට ජයවේවා.

Comments are closed.