අතීතය දෙසට ගඟ ගලන්නේ ඇයි?

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම නිසා තැතිගත් වෘත්තික සංගමයක නායකයෙක් x කණ්ඩායමේ සිට අද දක්වා මා සමඟ දේශපාලනය කරන සගයකු අමතා මෙවන් ආකාරයේ උදාන අදහසක් යෝජනා කරන ලදී.

 

”අනාගත දේශපාලනය හිතන්න තියෙන එකම ව්‍යාපාරය තමයි x ව්‍යාපෘතිය. නමුත්  ශ්‍රී ලංකාව නම් ඉතිහාසය තුළින් එය පරීක්ෂා වූ පසු එය අසමත් නේද?”

දශකයක පමණ කාලයක්  x දේශපාලනය තුළ පොරබදා තවත් දශකයක පමණ කාලයක් x විරෝධියකු ලෙස ක්‍රියා කිරීමෙන් පසුව තමාට ඒ නිසා ලද නීරස සහ තෙහෙට්ටුව විමතිකයකු ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය. ”මට වැටහෙන්නෙ නැහැ පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ දීප්ති කරන්නෙ මොකක්ද කියල.”

ඉහත හැඟවුම් දෙක සඳහා දිය හැකි පිළිතුර කුමක්ද?

1990 වර්ෂයේ ‘යාත්‍රා’ සඟරාවේ පළමු කලාපය සඳහා සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීමට මම සුසිල් සිරිවර්ධන මහතා හමු වූයෙමි. එවකට ඔහු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ ලේකම්වරයෙකි. දැන් දළ වශයෙන් දශක 3 1/2 ක් පමණ ගෙවී ගොස් ඇත. 2015 සිදු වූ හදිසි පෙරළිය සමඟ දැන් සුසිල් සිරිවර්ධන මහතා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ලේකම්වරයෙකි.

සුසිල් සිරිවර්ධන මහතා තල දර්පණය තුළින් තමන්ගේ ප‍්‍රතිබිම්භය නරඹන විට ඔහු නොසිතන්නේ ඒ තුළ ඇති තමන්ගේ ඇස් දෙක ගැනය. අප යමක් බාහිරින් නරඹන විට ඒ තුළ අප නොදකින්නේ අපගේම දෙනෙතයි. සමහරවිට එය අපට පෙනුණත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. හේගල්ගේ දර්ශනය සුසිල් සිරිවර්ධන මහතා තාර්කිකව වටහාගෙන ඇත්නම් ඔහුට පේ‍්‍රමදාසලා දෙදෙනකු හමු වී නැත. ඔහුට හමු වී ඇත්තේ ඔහුවමය. බොහෝ දෙනා ඔහුව සලකන්නේ විචාරක බුද්ධිමතකු ලෙසය. විචාරක බුද්ධිමතා යනු යථාර්ථය නම් වියමන මත තමන්ගේ දෑස නොදකින අන්ධයෙකි. මේ අන්ධභාවය නිසාම වෘත්තයක ගමන් කරන්නාට එකම දෙය යළි යළිත් හමුවෙයි. මෙම විෂම චක‍්‍රයෙන් මිදීමේ මාර්ගය x කණ්ඩායමේ පළමු පාඩම වූ ව්‍යුහවාදයෙන් ලබාගත නොහැකිද?

ව්‍යුහවාදය (Structuralism) යම්කිසි සංයුක්ත උදාහරණයකට යොදා අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු. හේගල් සහ මාක්ස් විසින් උගන්වන දයලෙක්තිකය යන පාඩම [උචිත අර්ථයෙන් දයලෙක්තික අවබෝධය යනු අප අධ්‍යයනය කරන වස්තූන්ගේ හරය තුළම එහි ප‍්‍රතිවිරුද්ධ දේ ඇත යන්න අධ්‍යයනය කිරීමයි] සමඟ ලැකාන්ගේ ‘හැඟවුම්කාරකයේ තර්කය’ (Logic of Signifier) යන න්‍යාය යොදා උදාහරණයක් තෝරා ගමු. හැඟවුම්කාරකය යනු චින්තනය යන්න උත්පාද වන්නේ භෞතික සංඥාවක් හරහා යන්නය. ඒ අනුව හැඟවුම්කාරකයේ තර්කය යනු යථාර්ථය එහි මූලිකම අණුව වන ආශාවේ ව්‍යාකරණවලින් යථාර්ථය නිශේධනය කිරීමයි. දයලෙක්තිකය කෙනෙකු වරදවා තේරුම් ගත්තත් මෙම හැඟවුම්කාරකයේ තර්කය වටහා ගැනීම අතිදුෂ්කරය. පසුගිය සතියේ අප කළ සාකච්ඡුාව උදාහරණයකට ගන්නේ නම් අර සිනමාකරුවා සල්ලි නොදුන් විට ප‍්‍රතිගාමියෙකි. සල්ලි දුන්නොත් විප්ලවවාදියෙකි. නමුත් මේ සිදුවීම් දෙකම යථාර්ථයේ සිදු වී නැත. සිදු වී ඇත්තේ ‘හෙට එන්න’ යන කටහඬ මඟින් යථාර්ථය අර්ථකථනය කිරීමයි. එසේ නම් ‘ව්‍යුහවාදය’ යනු යථාර්ථය ගැන කරන ක‍්‍රමවත් අධ්‍යයනයක්ද? නොඑසේ නම් යථාර්ථයෙන් ඉවතට යන ශේෂය (සිරිවර්ධනගේ ඇස මෙන් මෙතැන දී ඉවතට යන්නේ අර්ථකථකයාගේ ආශාවයි) ගැන කරන අධ්‍යයනයක්ද?

නව තත්්වාරෝපිතය වටහා ගැනීමට සරල උදාහරණයකට යමු.

මෙහෙම හිතන්න! ඔබ යනව ලූම්බිණි ශාලාවේ පෙන්වන ‘නාට්‍යයක්’ බලන්න. නාට්‍යයේ නම ‘ගැලීලියෝ. එහි මුල් පිටපත ලියල තියෙන්නෙ බර්ටෝල් බ්‍රෙෂ්ට් කියන ජර්මන් නාට්‍යකරුවා. තදාත්මික වීම විවේචනය කරන ප‍්‍රධාන නාට්‍යවේදියා තමයි බ්‍රෙෂ්ට්. නාට්‍යය නරඹන්න ඔබ පෝලිමේ ඉන්නකොට එකවරම ඔබට මුණගැහෙනව පරණ හොඳ මිත‍්‍රයෙක්. ඔහු ඔබට මෙහෙම කියනව. ”මමත් මේ නාට්‍යයේ චරිතයක් රඟපානව” ඉන්පසු ඔබ නාට්‍යය නරඹනව. නාට්‍යය හරහා ඔබ ඉගෙන ගන්නව ආගමික ආධිපත්‍යය ඉදිරියේ විද්‍යාව අසරණ වෙන හැටි. ඒ විතරක් නෙවි සමකාලීන යථාර්ථය තුළ හුවමාරු වටිනාකම් ලෝකය විසින් විද්‍යාවේ සත්‍යය යටපත් කරන ආකාරය. ඊට පසුව සති අන්තයේ පළවන නාට්‍ය විචාර සමූහයක් ද ඔබ කියවනව. ඔබ දැන් ඉන්නෙ හරිම සතුටෙන්. මන්ද දැන් ඔබ ඉන්නෙ නාට්‍යයෙන් ලැබූ ‘ආනන්දය’ ප‍්‍රඥාවක් දක්වා වර්ධනය කරගෙන. ඉන්පසු ඔබ තව තවත් අධ්‍යයන සඳහා යොමු වෙනවා. සුචරිත ගම්ලත් ‘ගැලීලියෝ’ ගැන ලියල තියෙන දේවල් කියවනව. සමානතා පක්ෂයේ ජාත්‍යන්තර වෙබ් අඩවියට (WSWS) අසාමාන්‍ය තෘප්තියකින් ගොඩවදින ඔබ ජාත්‍යන්තර මාක්ස්වාදී චින්තකයෙක් ගැලීලියෝ නාට්‍යය ගැන ලියා ඇති දේවල් උනන්දුවෙන් කියවනව. දැන් ඔබට හරිම සතුටුයි. දවසක් ඔබ හිතමිතුරන් සමඟ බොරැල්ලේ EAP එක තුළ හොඳට මධුවිතෙන් සප්පායම් වෙමින් ‘ගැලීලියෝ’ ගැන අංගාරා කුලකය සමඟ සාකච්ඡුා කරනව. 

⋆ ගැලීලියෝ යනු මෙතැන දී කල්පිතව පෙන්වන ලද නාට්‍යයකි. 

 දිනක් ඔබ ඉරිදා දිනක සැන්දෑවේ රාජිත දිසානායකගේ නාට්‍යයක් නැරඹීම සඳහා කොළඹ ඒමට බස් නැවතුමක නතර වී සිටින විට අහම්බයෙන් එතැනට අර ‘ගැලීලියෝ’ නාට්‍යයේ රඟදක්වන ලද මිතුරා එනව. දෙදෙනාම ප‍්‍රීතියෙන් ඉපිල යනව. දෙන්නම දිගට හරහට එක එල්ලයකට නැතිව සංවාද කරන්නට පටන් ගන්නවා. එක පාරටම නාට්‍යයේ රඟපාපු නළුවා නිශ්ශබ්ද වෙනව. කෙනෙක් නිශ්ශබ්ද වෙන්නෙ ආශාවෙන් ආවේගයට මාරු වුණාම.

රංගන ශිල්පියා තම මුහුණට බැ?රුම් පෙනුමක් ආරූඪ කරගෙන අපගේ නාට්‍යලෝලියාට මෙහෙම කියනව.

”මචං ගැලීලියෝ නාට්‍යය යන අතරතුර වේදිකාවේ අඳුරු මුල්ලක ජාලරය අස්සෙන් මට අමුතු ශබ්දයක් ඇහුණ. ඒ මොහොතේ මම නිරූපණය කළේ ක‍්‍රිස්තියානි පූජකයෙක්ගෙ භූමිකාව. ගැලීලියෝ පල්ලියට හොරෙන් වැරැුදි වැඩක් කරනවද කියන එක බලන එක තමයි එම චරිතයේ අන්තර්ගතය. මම මගේ චරිත නිරූපණය අවසන් වූ වහාම අර ශබ්දය ඇසෙන පැත්තට හිමින් හිමින් බළල් අඩි තිය තිය ගියා. ඊට පස්සෙ මා දුටු දර්ශනයෙන් මම තුෂ්ණිම්භූත වුණා. මම වෙව්ලූව. දාඩිය දැම්ම. හයියෙන් හුස්ම ගන්න ගත්ත. උඹ දන්නවද මම දැක්කෙ මොකක්ද කියලා. නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟදක්වපු නළුවගේ පුරුෂ ලිංගය නාට්‍යයේ ප‍්‍රධාන නිළිය උමතුවෙන් වගේ උරනව. ප‍්‍රමෝදයෙන් පිනා ගිය නළුව කෙඳිරි ගානව. මම ඒ නිළිය රඟපාන ටෙලි නාට්‍ය ගොඩක් බලල තියෙනවා. ඇය ගැන ෆැන්ටසි මගේ ඔළුව ඇතුළේ වැහි වහින්න ගත්ත. ප‍්‍රධාන නළුව ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. හිතට ලොකු තරහක් ආව. මට දැන් මේ නාට්‍යයේ කිසි බරක් නැහැ මචං. යථාර්ථය පෙන්නුම් කරන නාට්‍යයක ප‍්‍රධාන මිනිස්සු හැසිරෙන්නෙ මෙහෙමනම් ‘ගැලීලියෝ’ ගැන මොනව හිතන්නද? මම ඒ අහම්බයෙන් දැකපු දර්ශනය ගැන මම මට ම දොස් කියා ගන්නව. ඒක මට කරදරයක්. මට මගේ ඇඟ ඇතුළෙන් කටහඬක් ඇහෙනව. ඒ කටහඬ මට කියනව අර නිළියව මරන්න කියල.”

Stalin 2

 x දේශපාලනය පටන් ගන්නේ වෙනත් දේශපාලනයන් සාර්ථක වන ස්ථානයට පසුවය. ගැලීලියෝ නම් නාට්‍යය නිසා අපගේ x දේශපාලනය හට නොගනියි. වෙනත්  ඕනෑම දේශපාලනයක් ක‍්‍රියා කරන්නේ නාට්‍යයේ අර්ථය නම් අඩවිය තුළය. නමුත් x දේශපාලනය පටන් ගන්නේ ‘ගැලීලියෝ’ නාට්‍යයේ අර්ථය හෝ සංගතභාවය අහෝසි වන තැනදීය. පසුගිය දිනෙක ජවිපෙ පැරණි සාමාජිකයකු වූ ප‍්‍රියන්ත ලියනගේ මහතා මෙසේ පක්ෂය වෙත ලියා තිබුණි. ”විජේවීර සහෝදරයාගේ නිවසේ අත්උදව්වට සිටි කරුණා සහෝදරියව අමතක කරන්න එපා” නමුත් කරුණා සහෝදරිය යනු තදබල භීෂණ යථාර්ථය තුළ විජේවීර සහෝදරයාගේ ලිංගික සබඳතා නරඹමින් සිටි ගුප්ත ඇස් දෙකයි. පක්ෂය විසින් යතුරු හිලෙන් බලන අයව රක්ෂණය කරන්නේ නැත. ස්ටාලීන්ට ලෙනින්ගේ විනෝදය අනර්ථවත්ය.

එබැවින් x දේශපාලනය පටන් ගන්න ‘ව්‍යුහය’ යනු ‘ගැලීලියෝ’ නොව අර අශ්ලීල ජවනිකාවයි. ‘ගැලීලියෝ’ නාට්‍යය යනු ‘යථාර්ථය’ (Reality) නම් අර අඳුරු ගොම්මනේ සිදු වූ රාගික ජවනිකාව යථයි (Real). මෙම ‘යථ’ යනු සිංහල භාෂාවට අලුත් වචනයකි. එය සංකල්පයක් නොවේ. එය ආකෘතියක් නැති අර අශ්ලීල විනෝදයට දෙන අසාර්ථක නමකි. වසර 20 ක අපගේ දේශපාලනය තුළ අපගේම පක්ෂ සාමාජිකයන් පවා x දේශපාලනය ලෙස වග විභාග කරනු ලැබුවේ ‘ගැලීලියෝ’ නාට්‍යය මිස අර අශ්ලීල ෆැන්ටාස්මැතික (පතුලක් නැති අඳුරු කුහරය – අනෙකාගේ ආශාව) ජවනිකාව නොවේ. මෙම විස්ථාපිත සත්‍යය මඟහරිනතාක් එවැනි අය x දේශපාලනයේ නිරත වූවන් නොවේ. එනිසා x දේශපාලනය ලංකා ඉතිහාසය තවම පරීක්ෂා කර නැත. ඒ වෙනුවට ලාංකේය දේශපාලනය කරන්නේ x දේශපාලනය විසින් සොයා ගත් ක්ෂතිමය අත්දැකීම මඟහැර යාමයි. නැතහොත් එයට අවලාද නැඟීමයි. එසේත් නැතිනම් එයට නින්දා කිරීමෙන් සතුටු වීමයි. සාත්‍රේ මාක්ස්වාදය ගැන මෙසේ කීවේය. ධනවාදය පවතිනතුරු එය අපගේ ක්ෂිතිජයයි. අපට ඒ අනුව මෙසේ ප‍්‍රකාශ කළ හැක. අර අශ්ලීල ජවනිකාව යථාර්ථය නිෂ්පාදනය කරන බව නොපිළිගන්නා තෙක් x දේශපාලනය ජීවමානය.

 Deepthi Kumara Gunaratne

 

ඔබේ අදහස කියන්න...