කිසිදු වාමාංශික පක්ෂයක් හෝ සංවිධානයක් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ( V Party ) දීප්තිගේ අදහස් සමාජගත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් තත්ත්වයක් තුළ සත්හඩ පුවත්පත අපට බොහෝ සේ උපකාරී විය. විශේෂයෙන් id අතිරේකය එහිලා සුවිශාල මෙහෙවරක්ව කළේය. Ak 47 අතිරේකයට වඩා id හරහා දීප්ති සහෝදරයා ට සමාජගත කිරීමට අවශ්‍ය වූ බොහෝ දෑ අපගේ පක්ෂ කාඩර්වරුන්  සාමාන්‍ය පාඨකයා අතරට ගෙන ගිය බව පක්ෂය සහ සමාජය තුළ සිදුවන දයලේක්තික විපර්යාස තුළින් මේවන විට දක්නට ලැබෙයි.

පාලමක් වශයෙන් සත්හඩ යොදාගෙන අපි ජනතාව අතර සැරිසරුවෙමු. ඒ නිසා සත්හඩ නිළ වශයෙන් මුද්‍රණය කිරීම නතර කිරීම සම්බන්ධයෙන් ඔබ වෙත දැනුම් දී සිටීම යුතුකමක් වශයෙන් අපි සලකන්නෙමු.
අපි නුදුරේදීම id අතිරේකය හරහා සමාජගත කළ”දේශපාලනය කිරීමේදී වාමාංශිකයාගේ අවිඥාණික බලපෑම ” සහ අපගේ ඉදිරි දර්ශණය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිළ වෙබ් රේඩියෝව හරහා ඔබ වෙත ලබා දෙන්නෙමු.
සත්හඩ කිරීමේදී බොහෝ විමතිකයන් පැවසූ පිස්සු කතා මධ්‍යයේ අප සමග සිට දීප්තිට සහ අපට ශක්තිය දුන් සියලු දෙනා වෙත අපගේ හද පිරි තුති පුද කර සිටින්නෙමු.

                              අපි ලංකාවේ අධිපති මාධ්‍ය අවකාශය තුළ කළ නොහැක්ක  වූ විකල්ප අවකාශයන්  ගොඩ නැඟීම ID අතිරේකය හරහා  සිදු කෙරුවෙමු. දැන් එය අවසන්ව ඇත. මින්පසු අපගේ සම්පූර්ණ කායික-මානසික ශ්‍රමය යොදන්නේ පක්ෂයේ මතවාදී අරගලය තියුණු කිරීමටය.

                       ප්‍රධාන පක්ෂ තුනෙහි තත්වය ගත්විට එහි ඒවා තුළ මිනිස් බුද්ධිය තහනම් කර ඇත. කුමාර මහත්තයා පවා 2011 ට පසු වැඩ පටන් ගත්තේ බුද්ධියට මුල්තැන දෙනවා කියාය. නමුත් ඔවුන්ද  අවසානයේ බුද්ධිය තහනම් කරන ලදී.

                    ඉදිරි මාර්තු මාසය වන විට පක්ෂයේ සැලසුම අනුව පහත කෘතීන් ක්‍රමිකව ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන්නෙමු.

  1. ව්‍යුහවාදය යනු කුමක්ද? – කර්තෘ : අනුෂ්ක ආරියරත්න  [ මෙම විෂය අප පක්ෂයේ සමහරුන් වසර හතක් උගන්වාත් තවමත් දන්නේ නැත. කළ්‍යානන්ද සහ නිර්මාල් යනු මෙයට කදිම උදාහරණ දෙකකි.]

2. ඔබ කවුද? – කර්තෘ : දීප්ති කුමර ගුණරත්න –මාක්ස්ගේ ස්වායත්ත ව්‍යුක්තනය පිළිබඳ අදහස් ප්‍රවර්ධනයකි.

3. මෙලන්කොලියාව , පශ්චාත් යටත් විජිත ආත්මය සහ ස්ත්‍රීකාරක සිංහල-බෞද්ධ විරාගී පිරිමි ආත්මය කර්තෘ : මහේෂ් හපුගොඩ

 4. විරාමයක කල්පිතයක් [ ස්ත්‍රිය අඳුරු සිනමා ශාලාව තුළ Vick’s balm ලෙස.] ලෙස්ටර්, ධර්මසිරි, සනත් ගුණතිලක සහ සිනමාවේ නව අවකාශ

                            සම කර්තෘවරු : දීප්ති කුමාර ගුණරත්න සහ මහේෂ් හපුගොඩ

5. මට හඩන්න බැහැ – කිසලොව්ස්කිගේ දස පනත චිත්‍රපට මාලාව  පිළිබඳ කෘතිය  කර්තෘ : පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ

6. දීප්ති, අපේ කාලයේ ගුරුගීතය – කර්තෘ : මහේෂ් හපුගොඩ

මෙතෙක් කල් අප සමඟ පුවත්පත් අතිරේකයක් හා සම්බන්ධ වූ පක්ෂ හිතවතුන්  සහ හිතවතිනයන් පක්ෂය අමතා පක්ෂ අරගලයට දායක වන්න.

                                                                       අපට දුන් ධෛර්යයට  ඔබට ස්තූතියි!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.   

 

 මෙවැනි දුෂ්කර කාලයක අප සමග එකට වැඩ කළ සත්හඩ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටමද අපි ස්තුති කරන්නෙමු.
විශේෂයෙන් සකූ විතානගේ මිතුරා විසින් id නිර්මාණශිලී කිරීමට කළ කාර්යය වෙනුවෙන් ඔහුට අපි සුබපතන්නෙමු.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. This is a TRAGEDY!
    However, I knew the opportunity that was given to Deepthi and the ‘window’ that was opened to us to systematically learn the all-encompassing Socio-Political Theory of the Vanguard Party through the Sath Handa ‘id’ supplement, in a country like this, was too good to be true!
    Reading the id supplement was something I looked forward to from every Friday evening. I bought the paper on Saturday morning and soon after lunch sat down and read it [the supplement] from first page to the last in to the late evening. Most of the time I do not read the rest of the paper except Saku Withanage’s short story because I really like his language style.
    When the paper was not available three Saturdays ago I called the distribution manager and he told me a machine is broken and the paper was distributed only in Colombo. Fortunately a friend of mine was in Colombo and I got that paper. But for two Sundays since then the paper was not available in Kandy. I was going to write to Deepthi when I saw this notice in 3 Mana.

    Anyway, as it is said “Every Good Thing Must Come to an End.” What we have to do is to strive to find a “New Beginning” each time that happens. ‘Knock on another door when one door closes’.

    I take this opportunity to thank everyone who supported Deepthi and contributed to the supplement and I hope all of you will continue this almost impossible task of “revolutionizing the Sri Lankan mind-set” and “revitalizing the Sri Lankan psyche”. I have heard that in one of the sermon of the Buddha he describes four types of people,
    1) those who go from light to light,
    2)those who go from darkness to light
    3)those who go from light to darkness and
    4)those who go from darkness to darkness
    If he was preaching this sermon today he would definitely take the Sri Lankan Buddhist society as an example of the forth kind. It is these people Deepthi has sacrificed his entire life to change. It is a “mission impossible” especially when you have limited resources, but it is a mission that is worth giving your best try specially because though Deepthi may not have the resources he has a good team around him.

    I would like to suggest, please try the best you all can to put out ‘id’ as a magazine once in two months. Now that you already have a reader base, I am sure we will be able to sell it and cover the costs and perhaps even make a small profit. I strongly feel it is a project worth giving your best shot. I look forward to reading the other upcoming 6 publications listed in the above 3Mana article/notice.

    I also would like to suggest that it is high time Deepthi and the team SERIOUSLY consider what is called “Crowd funding” in its basic sense.

    We too are ALWAYS with you.
    Wish you ALL THE VERY BEST friends. Please do not give up on us!
    THANK YOU ALL SO MUCH.

Comments are closed.