මමයි රාජා චිත්‍රපටියේ දෙවන කොටස පුරා ප්‍රදර්ශණය වීමට ආසන්න බව කොළඹ ප්‍රකාශකයන් ගෙන් දෘෂ්‍යමාණ වෙයි. මමයි රජා චිත්‍රපටිය පුළුල් ප්‍රේක්ශක සහභාගිත්වයෙන්  යුතුව බොස්ක් ඔෆීස් වාර්ථා තබා තිරගත වන විට ලංකාවේ එක කට්ටියක් ආනථ වූ අතර අනෙක් කට්ටියක් ගොඩ ගියේය.

80 දශකය මුල දක්වා ලංකාවේ ජාතික ගැටළුව වර නැගුවේ ආර්ථික අසමානාත්මතාවය මත පදනම් වීමෙනි. එකළ ජාතික ගැටළුවට අදාල ශබ්ද කෝෂයේ පැවතුනේ  ප්‍රමිතිකරණය,ඉඩම් බෙදා දීමඋතුරේ ගොවියන්ගේ ලුණු වලට සහතික මිළක්,ස්වයං-නීර්ණය,තමිල් ඊලාම් වම වැනි වචනය. 83 ජූලි කලබල වලට පසු ඇති වූ තත්ත්වය ජේ.ආර් ට සමීකරණය කිරීමට නොහැකි විය. ඔහු ප්‍රථම වරට නිර්දය ලෙස උතුරේ ගැටළුව ත්‍රස්තවාදය ලෙස නම් කළේය. එමගින් සිදු වූයේ රටේ  ආර්ථික අසමානතාවය මත බිහි වූ දේශපාලන ගැටළුවක් සංස්කෘතික ගැටළුවක් බවට ඌණනය වීමය. සරලව කිවහොත් එදායින් පසු ලංකාවේ දේශපාලන ප්‍රශ්ණ සංස්කෘතිකරණය විය. එහි පරිණත අවස්ථාව වූයේ සිංහල වර්ගවාදී ප්‍රකාශකයන් ගේ පුද්ගලික ජීවිතයේ අන්තනෝමතික හුරු පුරුදු දේශපාලන ප්‍රවර්ග ආදිය මගින් ජාතික ගැටළුව නාමකරණය වීමයි. රෝහණ විජේවීර යනු ලංකාවේ දේශපාලනය සංස්කෘතිකකරණය කළ පළමුවැනියාය. විමල් වීරවංශ සහ චම්පික රණවක යනු මෙම මාවතේ ඊලග ප්‍රකාශකයන්ය. දේශපාලන ප්‍රශ්ණ බිහි වන්නේ ආර්ථික අසමානතාවය මගින්ය යන සුබසාධන අදහස චන්ද්‍රිකාට එන විට අතාර්කික වී පැවතුණි.

චක්‍රයේ පටන් ගත් තැනට දැන් සියළු දෙනා යළිත් පැමිණ ඇත. දෙමළ ප්‍රශ්ණය සංස්කෘතික ගැටළුවක් නොව දේශපාලන ගැටළුවක් බව පිළිගැනීමට දැන් ජාත්‍යන්තර තර්ජනයක් ද බිහි වී ඇත. නගර අලංකාරය, මහජනයාට නිදහසේ ප්‍රකාශ වීමට ඉඩ දීම, අන්තර්ජාලය විපරිතයන් ගේ වැඩ බිමක් බවට වීම වැනි කාරණා මගින් සපථ වන්නේ ද දේශපාලන ප්‍රශ්න යනු සංස්කෘතික අර්බුදයක් නොවන බවයි. වික්ටර් අයිවන් පවා වෘත්තය දිගේ වටයක් කැරකී පළමු තැනට ඇවිත් ඇත. පශ්චාත්-ඓතිහාසික සමයක දේශපාලනය යළි කුළු ගැන්වීමට පන්ති හීනමානය තව දුරටත් ප්‍රයෝජනයට ගත නොහැක.

ඔබේ අදහස කියන්න...