වෙසක් දිනයට පෙර වදනක්

මීට වසර ගණනකට පෙර එක්තරා අදුරු රාත්‍රියක අමාවක කලුවර අතරේ රාජගිරියේ ලංකා ඊ නිවිස් කාර්යාලයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් අතේ සත පහක් නොමැතිව නන්නත්තාර වී සිටි මොහොතක මධුවිත තොල ගාන්නට අවකාශයක් නොමැතිකමින් මහත් සිත් තැවුලට පත්ව සිටින ඒ දුක්බර මොහොතේ සදරුවන්ට දැන් මතක නම් සිගරට්ටුවක් පමණක් බොන්නට වත්කමක් තිබු මොහොතක කුසල් පෙරේරා නම් මිත්‍රයා පැමිණියේ සුභාරංචියක් රැගෙනය. ලින්ක් එකේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් එකට දාලා තියෙනවා අවුලක් නැහැ අපි බෝතලයක් ගහමු. ඒ මොහොතේ සියල්ලන්ම මහත් ප්‍රීතියට පත් වූයේ මිත්‍රත්තවයේ නාමයෙනි. අප දන්නා තරමින් කුසල් යනු සදරුවන් ගේ කුලපග මිත්‍රෙයකු පමණක් නොව ඔහු වෙනුවෙන් බොහෝ උදව් උපකාර කළ ගමන් සගයෙකි.

පසුගිය දවසක ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ සදරුවන් විසින් ලින්ක් නැචුරල් සමාගමේ ‘සමහන්’ වල සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් සීනි ඇති බව හෙලිදරව් කළ අතර පොදු අපේක්ෂකයන් ගැන කතා කරන මාධ්‍යෙවිදීන් එම ආයතනයේ උපදේශකයන් වන බව පවසා මාධ්‍යෙවිදී කුසල් පෙරේරා ගේ පින්තූරයක් ද පළකරනු ලැබීය. මේ නව පශ්චාත්-නූතන මිනිස් සම්බන්ධතාවය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

සදරුවන් විසින් ලින්ක් ආයතයේ දූෂණ වංචා හෙළි කිරීම ඉතා හොදය. නමුත් අවිඥාණකව සදරුවන් ලින්ක් ආයතය හරහා සිය මිත්‍රෙයකු දැඩි විවේචනයකට බදුන් කිරීම අතිශයින්ම පෞද්ගලික කාරණයක් දේශපාලන ප්‍රශ්ණයක් බවට ලඝු කිරීමකි. සාමාන්‍යෙයන් වාමාංශික දේශපාලනයේ සාරය යනු විශ්වාසය සහ මිත්‍රත්වය මත පදනම්ව පවතින සමාජ ක්‍රමයට වඩා උසස් සමාජයක් නිර්මාණය කිරීමය. තවද ලිබරල් සමාජයක දී පවා මිත්‍රත්වයට මේ ආකාරයෙන් හානි සිදු කරන්නේ නැත. අප දන්නා තොරෙතුරු අනුව කුසල් පෙරේරාට ලින්ක් ආයතනයෙන් ලබා ගන්නා සොච්චම් මුදලට වඩා වැඩි මුදලක් සහ සැප පහසු ජීවිතයක් මහින්ද රාජපක්ෂ ගෙන් ලබා ගන්නට පුළුවන. මන්දයත් කුසල් සහ මහින්ද යනු අතිජාත මිත්‍රයන්ය. නමුත් කුසල් මහින්දට දේශපාලනිකව මිස පෞද්ගලික තවමත් විරුද්ධ නැත. කුසල් තවමත් පසන්නේ යම් දවසක මහින්ද ජනාධිපතිධූරයෙන් සමුගෙන අරක්කු කාලක් බොන්නට තමන්ට කතා කළහොත් ඒ අවස්ථාවේ එම ආරාධනාව පිළිගන්නට තමන් සූදානම් බවයි. නමුත් මහින්ද රාජපක්ෂ කුසල්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ උපදේශක තනතුරක් ලබා දෙන්න දැයි අසු විට ඔහු එම යෝජනවා ප්‍රතික්ශේප කලේය.

සදරුවන් විසින් මහින්ද රාපක්ෂගේ පාලනය සහ සජිත් ප්‍රේමදාසගේ වැඩ ගැන ලියමින් මේ අය ඉතා නරක පුද්ගලයන් යැයි කියන ගමන් ඔහු කරමින් ඉන්නේත් මේ අයට සමාන දෙයක් නොවේදැයි  කියා අපට අසන්නට සිදු වෙනවා. විමල් වීරවංශ විසින් රුවන් ෆර්දිනන්දිස් නම් සම්බන්ධීකාරකවරයාව තමන් ගේ වැඩට පාවිච්චි කර පාවා දුන් නමුදු රුවන් කිසිදිනෙක පාවා නොදෙන්නෙනු බව අපට තවමත් විශ්වාසය. සමහර වෙබ් අඩවි වල දීප්ති ඇතුළු අපේ සංවිධානයට මඩ ගසමින් දැඩිව විවේචනය කරන විට පවා අප ඒ අය ගැන කතා නොකරන්නේ අප තවමත් ද්‍රෝහීන්ට දඩුවම් කළ යුතු බවත් ම්ත්‍රත්වයට හානියක් නොකළ යුතු බවත් විශ්වාස කරන බැවිනි.

ඒ නිසා සදරුවන් හොදින්ම දන්නා කුසල් ගැන වෛරී රචනාවක් ඔහු අතින් ලියවෙන්නේ වෙන යමක් නිසා නොව ඔහු හොද වෙළෙද ප්‍රචාරණ ශිල්පියෙකු වන නමුත් දේශපාලනය තවමත් ඔහුට ආගන්තුක වන නිසාය. වරෙක ජිජැක් පවසන පරිදි ප්‍රසිද්ධ ගැමි තරුණ ගොවියා ගේ බිරිද සහ වංශාදිපතියාගේ කතාවේ දී ඇටවල දූවිලි ගෑවුනා යැයි කියා සතුටු වී වැඩක් නැත. අප විසින් කළ යුත්තේ ඒ බෝල දෙක කඩා දැමීමය. ලින්ක් ආයතනය විසින් මේ රටට කරන හානියට වඩා ඉතා බරපතල හානියක් කොකාකෝලා,මැක්ඩොනල්ස්,කේ.එෆ්.සී. ආයතන වලින් සිදු කරන අතර චමිපිකගේ වාමු විමෝචන ප්‍රති පත්තියට මුවා වී වානහ ලක්ෂ පනහකින් නැගෙන දුම නිසා රෝගී වන පිරිස අති මහත්ය. රතු පස්වල හෝ තුන්තානේ ජල ගැටලුවට වඩා රජරට වකුගඩු ප්‍රශ්ණය ඉතා බරපතලය. මාළු වලට පෝමලීන් එක් කරන කෘෂි නාශක වලින් ආසනික් මුදා හරින රටක ලින්ක් සමාගම කරන හානිය ගිණිය හැකිද? ගැටළුව වන්නේ සදරුවන්ට මේවා ගැන ලියන්ට බැරි වන්නේ ඔහුට විරුද්ධ කුසල් පෙරේරලා මේ සමාගම් සමග සම්බන්ධයක් පවත්වන්නේ නැති බැවිනි.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Mama sandayage honda yaluwek thaamath. Eth me tika nokiya beha.

    Sandaruwan kiyanne edaa lndalama kuhakayek. Yaalukam uoota wedak neha.

    Lanka E news kiyanne thamunge guilty eka – His kama waha ganna karana vikaarayak. JVP eken 83 ayin unaata passe oouta business mind ekak misa deshapalanayak thibune neha.

    Bonna vitharak anunta viyadam kalaata thamanta udaw kala yaluwekutath satha 5 k denne nethi kunek.

    Thamunge hondama yaaluwa unath yam bebalena wedak kaloth moo irisiyaawe merenna hadanawa. Ewaata garahanna aluth theory hadanawa.

    Moo peniyage thathweta wetune boho issara.

    Champikata viruddawa kunu harupa lipiya liwwe moo. Eth prageeth athurudahan unaama eka liwwe prageeth kiyala moo yalukam pawaa dunna.

    Prageethge siddiya moota UK yanna pedunu chance ekak vitharai. Uoota hemadaama one welaa thibune pawulath ekka rata penala daruwanta uganwannai.

    Moo den prageeth gena anduwata Sandayaata keeyak wath dunnada ahanna.

    Prageeth nethi wechhcha wele indala moo kale uoowa Amathi warunta paawala dena ekai. Mewaa api ass dekata dekapuwa.

    2006 di E news eka Mahindata pakshawa use kalaa. E Mahindagen loku salli contract ekak balaa genai. Eka hari giye nethi unaama Anty Mahinda unaa. Ewaa apata nam amathaka neha.

    Moo gena kala kirila kotinama uge Amma mahana unaa.

    Aththatama moo amu paaharayek.

    MATA THERUM GANNA BERI MAMA THAAMATH MOO EKKA YAALU KAM PAWATHWANNE AYI KIYALAI.

    E ekkama mama umbalata kiyanne moo wage ewunta uththara liyala hero kenek karanna epaa.

    E wagema mage anith coment ayin kalaa wage mekath ayin karanna epaa. Samaajaya me gena dena gatha yuthui.

    Thawa karanawak. Me den Mahinda uoota koti 20 k vithara dunnoth moo e news wahanawa. SURE AND SHOT.

  2. You are correct. I know Kusal. He calls Mahind Rajapaksha just Mahinda. I have seen it myself. Ofcourse I am sure he can get a very high position from President. I admire him for having such a courage to stand on his feet and continue his struggle for the just solution for the minority.

Comments are closed.