මා විසින් මෙම ලිපිය හරහා තෙවැනි වතාවටත් මතු කරන්නට උත්සහ කරන්නේ දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන දිනපතා පුවත්පත සහ සති අන්ත පුවත්පත් වලදී මා ලද අත්දැකීම් ඇසුරින් වර්තමාන ජනමාධ්‍ය භාවිතාවෙහි තිබෙන නරුමවාදී ස්වරූපයන් පිළිබදවය.  නමුත් එම කටයුත්ත පසෙක තබා මා වෙත ලැබී තිබුණු ප‍්‍රතිචාර කිහිපයක් ඇසුරින්  මා මුල සිට ප‍්‍රකාශ කිරීමට උත්සහ කළේ කුමක්සැයි යන්න පැහැදිළි කිරීම අත්‍යාවශ්‍ය යැයි හැගේ. 
එහිදී ජනමාධ්‍යවේදීන් හා වෙනත් පුද්ගලයන් ද මෙම සංවාදයට මැදිහත් වූ අතර ඔවුන්ගෙන් බහුතරයක් එක් කුළකයකට දමන්නේ නම් ඔවුන්ගේ අවිඥාණික ආශාව වන්නේ මහින්ද රාජපක්ෂගේ ආශාව බව පැහැදිළි කිරීමට මට අවශ්‍ය තරම් කරුණු තිබේ. 
මා එසේ ප‍්‍රකාශ කරන්නේ පහත සදහන් හේතූන් නිසාය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති නිර්මාල් රනිජිත් දේවසිරි මහතා පසුගිය ජනවාරි මාසයේ කීවේ මහින්ද රාජපක්ෂ පාලන ක‍්‍රමය පරදවා නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කොට යහපාලනයක් ඇති කරමු ලෙසයි. මෙන්න දැන් මාර්තු මාසයේ ඔහු කියනව ස්ත‍්‍රීන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ  x සුමනසේකරට නීතියේ බලපෑමෙන් මිදී පරිවාස කාලයක් ගත කරන ලෙස.
ඒ වගේම ලංකාඩේලි වෙබ් අඩවිය ද තක්කඩි අයුරින් මහින්ද රාජපක්ෂගේ ආශාව නිරූපනය කරමින් පසුගිය කාලයේ පෙනී සිටියේ මහින්ද විසින් උල්ලංඝනය කළ දෑ සමාජය තුළ නැවත ස්ඨාපිත කොට යහපාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි.
පුද්ගලික අභිලාෂයන් ඉටුකරගන්නේ නැතිව නීතියේ ආධිපත්‍ය පැවතීම තුළින් සියලු දෙනා නීතිය හමුවේ සමානයන් වන බව පැවසූ නිර්මාල් සහ ඒ දේම පතෝල වැටකොලු ආකරයෙන් පැවසූ හිමාෂි කරුණාරත්න වැනි වෙබ් ලියන්නියන් හිතාගෙන ඉන්නේ මා කථා කළේ ,ජිජැක්ගේ අයිතිය සම්බන්ධයෙන් සහ ඊට ඇති අයිතිය දීප්ති සතු බව ය.. 
නමුත් මා පෙන්වීමට උත්සහ කළේ වෙනත් කරුණක් වන අතර නමුත් ඔවුන් දිගින් දිගටම මාගේ ලිපි වලට ප‍්‍රතිචාර දක්වමින් මා මතු කළ කාරණා මගහැර ඊට දීප්තිව අදාළ කරගත්තේය.. දීප්තිව අදාළ කරගැනීම තුළින් නිර්මාල් නොදැනුවත්වම මා වෙත අවිඥාණික ආශාව හෙළි කළේය. ඹහුගේ වයස 50කි. මගේ වයස 27 කි. ඇත්තටම දැන් මගේ වයස 50 ක් බව මට හැගෙයි. නිර්මාල් වයස 27 ක කොල්ලෙකි. මේ වයස 27 කොල්ලා ක‍්‍රියා කරන්නේ මහින්ද රාජපක්ෂම පරිද්දෙනි.
සනත් ජයසූරිය ගල්කිස්ස ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක් සමග විකල්ප සම්බන්ධයක පැටලීමට ගොස් ඇයට තර්ජන ගර්ජන කළ අවස්ථාවේ ඇයගේ පියා මහින්ද රාජපක්ෂට ඒ සම්බන්ධයෙන් පැමිණිළි කළ අතර එහිදී මහින්ද කීවේ තමාගේ මිතුරෙකු වන සනත්ගේ ආශාව එය වන බැවින් ඔහුට ඒ ආශාව ඉෂ්ඨ කර ගැනීමට අවස්ථාව දෙන ලෙසය..  මාලක සිල්වා දිගින් දිගටම ස්ත‍්‍රීන්ට කරදර කළ අතර එය කරදරයක් වූ තැන මහින්ද කළේ ඔඩෙල් එකේදී මාලකට අම්බානකට නෙලීමය. මේ කිසිදු අවස්ථාවක මහින්ද විසින් නීතියේ ආධිපත්‍ය ආරාක්ෂා කිරීමට කටයුතු නොකළ අතර පොලිසියට සිය රාජකාරිය ඉටු කිරීමට අවස්ථාව සළසා දුන්නේ ද නැත. ඒ නිසා මහින්දට නීතියක් අවශ්‍ය නොවීය.
නිර්මාල් ඊයේ යහපාලනය වෙනුවෙන් පෙනී සිටිමින් නීතියේ ආධිපත්‍ය සුරැුකීමට මහින්දව ගෙදර පන්නමු යැයි ජනතාවට පවසා අද X සුමනසේකර සිදුකළ ස්ත‍්‍රී අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පරිවාස කාල ගැන කියමින් ස්ත‍්‍රී අපයෝජකයාව නීතියේ ආධිපත්‍යයෙන් ස්වාධීන පුද්ගලයකු බවට පත් කර ගැනීමට උත්සහ කරමින් සිටියි. මහින්ද සනත් ජයසූරියව ආරක්ෂා කරමින් සිදු කළේ නීතිය උල්ලංඝනය කර විනෝද වීමය. නිර්මාල් ද සිදු කරන්නේ සුමනසේකරව ආරක්ෂා කරමින් නීතිය උල්ලංඝනය කර සතුටු වීමය.. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි නදී සහ සමනලී තමන්ට සිදු වූ ලිංගික හිරිහැරයන් නොසළකා හැර සිටියාට ඔවුන් දෙදෙනා රැුඩිකල් නිළියන් හෝ ස්ත‍්‍රීවාදිනියන් වන්නේ නැත. යහපාලනය වෙනුවෙන් මෙම ස්ත‍්‍රීන් දෙදෙනා පෙනී සිටියේ නම් ඔවුන් ප‍්‍රථමයෙන්ම කරන්නේ තමන්ට සිදුවූ ලිංගික හිංසනය පිළිබදව පොලිසියට පැමිණිළි කිරීමය. ඒ නිසා නදීලා ලංකාඩේලි එකට ලිපි ලියා කරබාගෙන සිටින්නේ ඇයි දැයි ඔබ කල්පනා කළ යුතුය??
නිර්මාල් ආචාර්යතුමා මට වයස 27 ක් වුණාට මම සංකේත නීතිය කඩා ආතල් ගන්නේ නැත. වෙබ් අඩවි මාධ්‍යකරුවන් සංකේත නීතිය කියන්නේ කුමක්දැයි කියාවත් නොදනියි. ඒවගේම මම හිමාෂි වැනි ස්ත‍්‍රීන්ව මෙහෙයවන පුද්ගලයන්ට කියන්නේ මම පහතින් ලියන කරුණ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
මා පළ කළ ලිපිවලට අදාළ පිළිතුරු ලබා නොදී ඊට දීප්තිවද අනවශ්‍ය අයුරින් සම්බන්ධ කරගත් කුලප්පු වූ මී හරක් රැුළ දීප්ති එලූ උගුලට හසුවී ඇති බව මට දැන් පෙනේ.. ඇත්තටම නිර්මාල් දැන් ඔයා වයස 27 කොල්ලෙකු වී ඇත. බලපුවහම නිර්මාල් සහ මහින්ද අතර කිසිදු වෙනසක් නැහැ..” අනේ මටනම් ස්වප්න බලන්න බෑ, මට නිදාගන්න තියෙනවා”.
මම කථා කරමින් සිටියේ මාධ්‍ය සදාචාරය පිළිබදවය. නමුත් එතනට දේශපාලනය ආදේශ විය.. ඉතින් මම දැන් දේශපාලනික පිළිතුරක් ලබා දී ඇත්තෙමි.
Dasun

13 COMMENTS

  1. මා අවුරුදු ගනනක් ලංකාදීප පුවත්පතේ වැඩ කළ අයෙක් මි. දසුන් යනු කුමක් දැයි මා හොදින් දනී. දිප්තිගෙන් මා අසන්නේ එක පැනයකි. ඔබ දේශපාලනය යැයි එකම දේ කරමින් තව කොමපණ කබ්බන් ප්‍රමාණයක් තව කෙතරම් වසර ගණකක් ෆෝම් කරනවාද ? හැකිනම් ඔබ නිසා සමාජයට බිහි වූ රොගියෙකු නොවන එක් වැඩදායි පුද්ගලයෙකු නම් කරන්න ?

    • නරක මිනිස්සු තමයි ලෝකය වෙනස් කරන්නෙ.

  2. එයට මා එක්‍ගයි. වංගීස වැනි නරක මිනිසුන් ද අප රැක ගත යුතුයි.

  3. දසුන්, ‘හිමාෂි වැනි ස්ත්‍රීන් මෙහෙයවන පිරිමින්’ යන යෙදුම ඔබ පාවිච්චි කරන්නේ ඇයි කියා පැහැදිලි කරනවාද? හිමාෂි යනු පළපුරුදු වෙබ් මාධ්‍යවේදිනියක් වගේම වෙබ් අඩවියක සංස්කාරකවරියක්. ඇය රාජපක්ෂ රෙජීමය පැවති සමයේත් මාධ්‍යකරණයේ යෙදුණු නිර්භීත ස්ත්‍රියක්. දසුන් ‘ඇය වැනි අය මෙහෙයවන පිරිමින්’ යනුවෙන් ලියන විට ඔබට එසේ ලියවෙන්නේ ඇයට ස්වාධීන පැවැත්මක් නැතැයි ඔබ හිතන නිසා නේද?

  4. දීප්ති කියන ගුරුවරයා වන්ගිශ වැනි නොමග ගිය තරැනයො හරි මාර්ගයට ගන්න හදනවා.විනය,හික්මීම,ශිලාචාර විම උගන්නනවා. හැබැයි ඔහු භාවිතා කරන ක්‍රමය වෙනස්. (// වන්ගිශ වැනි නරක මිනිසුන්ද අප රැක ගත යුතුය// බාප්පෙ එක තමයි මොවුන් මෙ කරමින් ඉන්නෙ )

  5. නරක මිනිස්සුනං ලෝකය වෙනස් කරන්නෙ දැන් ලෝකය වෙනස් වෙලානෙ.. හා නැද්ද

  6. නරක මිනිස්සු නෙමෙයි ලෝකය වෙනස් කරන්නෙ.. නරක මිනිස්සු කියල තමන්ට කියනවට බය නැති හොඳ මිනිස්සු විසින්

  7. ‘Cause I know, what you don’t know
    You bad person
    I know, what you don’t know
    You bad person
    I know, what you don’t know
    You bad person
    I know, what you know

  8. මේ වෙලාවෙ දීප්ති වටේ ඉන්න කබ්බො හිතං ඉන්නෙ තමන් හෙන පොරවල් නිසා තමන්ට දීප්තිට ලංවීමට හැකිවූ බවයි.. ඇත්තටම උන්ට ඕනෙත් තමන්ව දීප්තිව දන්නව කියල අනිත් අය හිතන එකයි.. දීප්ති මේක දන්නව.. හැබැයි ඉන්නෙ දන්නෑ වගේ.. මොකද මුං කබ්බො උනත් මුං නැති උනොත් පැවැත්ම අර්බුධයට යන නිසා..හැබැයි මං හිතන්නෙ මේ අවස්ථාවාදී කබ්බො ලං කරගන්නවට වඩා හොඳයි දීප්ති ඇත්ත අවුලට මුහුණ දෙන එක.. ඉතිහාසය තේරුම් ගනියි ඒක දිප්තිගෙම අවුලක් නෙමෙයි කියල..

  9. ‘මින්නේරි දෙයියො කියල කෙටිකතා පොතක් තිබුණ. එ්කෙ එක කෙටිකතාවක නම තමයි ‘පිරිමි ගෑණුන්ගේ නම්වලින් ලියන්නේ ඇයි?” කියල. එ්කෙ‍ මෙහෙම තිබුණා.

    ‘මම හිතනවා එයාල පිළිවෙලකට ඉන්න කොට මම අර්බුධයට යනව කියල. ඒක හින්ද මම එයාලව අර්බුධයට යවන්න ඕන. එතකොට තමයි මට සැනසීමක් එන්නෙ. ඒත් මට නින්ද යන්නෙ නෑ. එයාල වැඩේ හරියට කරයි කියල මට හරි බයයි. මට හිතෙන්නෙ මම වගේ කැත විදිහට එයාලත් හිතනව නම් හොදයි කියල. ඒත් එයාල කැත විදිහට හිතන එකක් නෑ වගේ. උන් වැරදි කළේ නැත්තනම් මං පරාදයි.ෂිහ්! මට නින්ද යන්නෙ නෑනේ.දැන් මම මොකද කරන්නෙ?”

    ඔන්න එ් වෙලාව දුව ඇවිත් තාත්තට මෙහෙම කියනව. ‘අනේ තාත්ති මාකස් කියන්නෙ කවුද තාත්ති?

    ‘ඔයා ඒකවත් දන්නැද්ද? මාකස් තමයි අම්මියි මමයි බැදපු අලුත අැනෙක්සිය හොයල දුන්නෙ.”

Comments are closed.