‘Zero Dark Thirty’  චිත්‍රපටිය විසින් අපට හදුන්වා දෙන ස්ත්‍රිය පිළිබද සමාජ මානය දේශපාලනික වශයෙන් සිත් ගන්නා සුළුය. එක පැත්තකින් මෙම චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව වන ‘මායා’ යනු පිරිමින් පිරිමින් විසින් කිරීමට දෙවරක් සිතන දේවල් සෘජුව සහ ඔවුන්ටත් වඩා හොදින් ඉෂ්ට කළ හැකි කෙනෙකි. අනෙක් පැත්තෙන් මිනිසුන්ට වධ දෙනවා නැරඹීමෙන් ලබන අතිරික්ත විනෝදය මධ්‍යයේ වුව ‘ඇය’ ස්ත්‍රියකට හිමි සංවේදීතාවය ඉතිරිකර ගෙන ඇත. ඉන්දිරා ගාන්ධි, ගෝල්ඩා මියර්, මාග්‍රට් තැචර්ට වෙනස්ව ‘මායා’ යනු  එකවර ඉහත භූමිකා දෙක රගන්නෙකි.

අනෝමා ජිනාදරී යනු ද එක්තරා ආකාරයක ‘මායා’ වැනි චරිතයකි. ඇය සෘජුව අසෝක හදගමට වද දෙන්නේ නැත. එය ඇය කරන්නේ වචන හරහා වක්‍රවය. ඇගේ මෙම වචන වලින් මහත් ආශ්වාදයක් ලබමින් හදගමව දේශපාලනිකව ඝාතනය කරන්නේ කුමාර ලියනගේ වැනි විපරිත පිරිමින්ය. ‘Zero Dark Thirty’  චිත්‍රපටියේ මුල් හරියේදී අල්-කයිඩා සැකකරුවෙකුට වද දෙන සී.අයි.ඒ නිලධාරියා දෙවන කොටසේදී ටයි කෝට් පැළද වැදගත් ලිබරල් මහත්මයෙක් වෙයි. කුඩු ලාල්ට කියා හැකියාවක් ඇත්නම් දීප්තිට ගේමක් දෙන්නට (මෙය සංවාදයක් ලෙස පටිගත වී ඇත.) කතා කරන විශ්ව-විද්‍යාල කතිකාචාර්යවරයෙක් දහවල් කාලයේ දුගීන්ට අධ්‍යාපනය සැපයිය හැකි විප්ලවාදී ආකාරය ගැන අහිලන් කදිරගාමර් සමග සාකච්ඡා කරයි. අපි මේ ගැන අහිලන් කදිරගාමර්ට පැමිණිලි කළ හොත් ඔහු අපව අෆ්ගනිස්ථානයේ හිටපු ඇමරිකන් හමුදා නායක ජෙනරාල් මැක්ක්‍රිස්ටල් හමුවට රැගෙන යනු ඇත. ලිබරල්වාදයේ තක්කඩිකම එපරිදිය. ඒ අතින් මායා සහ අනෝමා සෘජුය. අනෝමා තම සංවේදීතාවය රදවා තබා ගන්නේ සාහිත්‍යය තුළය. සත්‍යය කරා ළගා විය හැක්කේ භාෂාවටත් හදගමටත් වද දීමෙන් බව ඇය සොයාගෙන ඇත. ඇගේ සූත්‍රය එතරම් දෝෂසහගත නැති බව ඊට විරුද්ධව කිසිවකු කතා නොකරන නිසා අපට පිළිගත හැක.

කෙසේ නමුත් අනෝමා අමතක කරන්නේ කුමක් ද?

ඇගේ නවකතා වලත්, ඇගේ විරෝධාකල්ප තුළිත්, ඇගේ ස්ත්‍රීවාදය සහ ස්ත්‍රී සංවේදීතාවය තුලත් නැති නම වන්නේ ධර්මජිත් පුනරජීවය. මේ ධර්මජිත් යනු ස්ත්‍රීන්ට පිරිත් කියන, ඇයට පිරිත් නූල් ගැට ගසන පිරිමියෙක් ද? ඔහු ස්ත්‍රීන්ට පිරිත් කී ආකාරය කියන්නේ අප නොව ස්ත්‍රීන්මය. අසෝක හදගමගේ ගාම්‍යා පුරුෂත්වය ගැන කතා කරන අනෝමාට ධර්මජිත් මගහැරෙන්නේ ඇයි? මීගමුවේ The Jadi නම් අවන්හලේ නැත්තේ ජාඩිය. අනෝමාගේ සංවේදිතාවය නම් සුප්ප කෝපයේ නැත්තේ ධර්මජිත්ය. දෙකේ දෙකේ පොල්ලක් අරන් හතර වටේට වනන කුමාර ලියනගේ ද ධර්මජිත් ගැන කිසිවක් නොදනියි.

තුවාලයක් නිට්ටාවට සුව කළ හැක්කේ එය හටගත් හේතුව මගින්මය. අසූව මැද සිට අනූව මැද දක්වා රැඩිකල් ස්ත්‍රීවාදයේ සාරය ආත්ම ප්‍රකාශනයක් බවට පරිවර්තනය කළ රොහාන් පෙරේරාට මේ මෑතකදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රගහලේ කොරිඩෝවේදී ඔහුගේ තුවාලයේ හේතුව ඔහුටම සම්මුඛ විය. ඇය රොහාන්ගේ ප්‍රථම පෙම්වතියයි. ප්‍රේමය යනු ලිංගික සබදතා වලින් අපවිත්‍ර නොවූ මිනිස් සම්බන්ධයක් යැයි අපට කී රොහාන්ට ඔහුගේ ප්‍රථම පෙම්වතිය කුණු හරුප මාලාවකින් සංග්‍රහ කළ අතර මෙසේ ද හඩ ගෑවාය. තෝ මගේ ජීවිතේ කෑවා.

රොහාන්ගේ උදාර පරමාර්ථ අප රැක ගන්නා ගමන්ම අප අවධානය යොමු කළ යුත්තේ කුමන දිශාවකටද? ධනවාදයටත්,සමාජවාදයටත්, විකල්පව ලංකාවේ හටගත් නව-සමාජ-ව්‍යාපාර අවසන් වී ඇති බවයි. සමන් වික්‍රමාරච්චි කියන්නාක් මෙන්ම හදගමට සැගවීමට බිත්තර කටුවක් අවශ්‍ය වී ඇති අතර ධර්මජිත් පුනර්ජීව ඩේවිඩ් ලින්ච් ගේ Blue velvet චිත්‍රපටියේ ෆ්‍රෑන් බූත් ගේ චරිතය බාරගෙන ඇත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අර ස්ත්‍රිය ඉදිරියේ රොහාන් කියන පුරුෂයා අද විශාල චරිතයක්. පහර දුන් ස්ත්‍රියට එදිරිව රොහාන් කියන පුද්ගලයා සමාජිය අතින් විශාල තැනක ඇති. නමුත් ස්ත්‍රිය අමාරුවෙ දැම්ම තරුණයා අද වෙනවිට හිඟන්නෙක්, පොල් කඩන මහත්මයෙක්, මුට්ට කරගහන මහත්මයෙක්, සෙබලෙක්, වුනානම් ඔය ස්ත්‍රිය ඔය විදියට පහර දෙන්න යයිද? මම නම් හිතන්නෙ නැැහ ඒ මට පලවෙනියට සෙක්ස් කරපු මිනිහා කියල හදුන්වාදෙන්න තරම් ස්ත්‍රිය නිර්භීත සහ අවංක අයෙක් වේවි කියලා.

Comments are closed.