ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ සහකාර ලේකම් මාලා විජේතිලක මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයාට කෑම එක ගෙනත් දීම ටිකක් ප්‍රමාද වූ නිසා කෑම එක ඔලුවේ හැලීමට පක්ෂ නායකයා ක්‍රියාකර ඇති බවයි.

පිරිමින් ගෙන් සහ පක්ෂ නායකයන් ගෙන් සිදුවන විවිධ හිරිහැර අන්වීක්ෂ වලින් නරඹා මාරාවේශයෙන් විවිධ විවේචන ඉදිරිපත් කරන ස්ත්‍රීවාදීන් දැන් සිටින්නේ කොහේද? අන්ටිගනීලා,ජාකොස්ටලා,බ්‍රිෙයට්ස්ලා,ජුඩිත් බට්ලර්ලා,ගයාත්‍රි ස්පිවැක්ලා,දැන්කෝ. ඇයි ඔබලා නිශ්ශබ්ද? මාරාන්තික ෆැසිස්ටි දේශපාලනයට පවා ඉදිරියට පැන තම ජීවිතය පවා පරදුවට තබමින් ස්ත්‍රීන් ගේ උත්තරීතර භාවය වෙනුවෙන් සටන් කළ යශෝධරාවන් දැන් කොහොද? සිමොන්දි බුවාර්ලා, දැන් අලුත් යුගයක් පැමිණ ඇත.

ස්ත්‍රීවාදිනියනි! එළියට බසිව්! පිරිමින්ට විරුද්ධ වව්! අරගල කරව්! උද්ඝාෂණ කරව්!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.