[dropcap color=”black”]මේ[/dropcap] පවතින ධනවාදී සමාජ-ක්‍රමයට විරුද්ධ වන්නේ ඉතාම සුළු පිරිසකි. බොහෝ දෙනෙක් තමා ජීවත් වන සමාජ ක්‍රමයට කියන නම ධනවාදය ( Capitalism ) කියාවත් දන්නේ නැත. මේ තත්ත්වය නිසා රාජ්‍යයන්ට මෙම සමාජ-ක්‍රමයට විරුද්ධ වන්නන් ඉතාම පහසුවෙන් හදුනා ගැනීමට හැක. ඒ සදහා ඔවුන් සරල පහසු ක්‍රමයක් අනුගමනය කරයි.

සෑම කෙනෙකුගේම පුද්ගලික තොරතුරු එකතු කළ විට තමන්ට අවශ්‍ය කිහිපදෙනාගේ තොරතුරු නිකම්ම එකතු වෙයි. ස්නෝඩන් යනු එලෙස තොරතුරු එකතු කිරීමට යොදාගත් තාක්ෂණික නිළධාරියෙකි. ඔහු සේවය කලේ සෘජු ලෙස CIA සංවිධානයට නොවේ. ඊට අනුබද්ධ පුද්ගලික ආයතනයකය.

දැන් ගැටලුව වන්නේ ඔත්තු සේවාවන්ට අදාල පුද්ගලයන් හදිසියේම තම භූමිකාව උඩුයටිකුරු කරන්නේ මන්ද යන්නය. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ පුද්ගලික ජීවිතයට සවන් දීම හෝ එම ජීවතය නැරඹීම අප හිතනවාට වඩා ක්ෂිතිමය අත්දැකීමකි. මේ නිසා ඇතිවන සාංකාව නිසා ඉන් ගැලවීමට එක් වරම මෙවැනි අය හිතාගැනීමට නොහැකි ක්‍රියාවකට මුල පුරයි. එවැනි ක්‍රියා කලින් පුරෝකථනය කළ නොහැක.

ලෝකයේ ඕනෑම රාජ්‍යයක් හෝ ඕනෑම සංවිධානයකට මෙම ස්නෝඩන් ගැටළුවට මුහුණ දීමට සිදුවීම අනාගතයේ දී අනිවාර්ය වෙයි. මේවා නිදහස පිළිබද දේශපාලන ගැටලු සමග පටලවා ගත යුතු නැත. අප මේවා වටහා ගත යුත්තේ පවතින සමාජය තුල බිහිවන පිළිකා සෛල විශේෂයක් ලෙසිනි.

ඔබේ අදහස කියන්න...