ස්වර්ණා මල්ලවාරච්චි නම් සිනමා නිළිය හේගලියානු අර්ථයකින් සිංහල සමාජයේ උත්ප‍්‍රාසය සංකේතවත් කරයි. මා එසේ කියන්නේ ඇයි? සිංහල සමාජයේ බහුතර පහළ මැදපාන්තික පිරිමින් ස්ත‍්‍රියකගෙන් බලාපොරොත්තු වන්නේ අම්මාගේ භූමිකාවයි. මවගේ භූමිකාවට එහා ගමන් කරන පිරිමි වෙස් මුහුණු හෝ සමාජ භූමිකාව තර්ජනයකට ලක් කරණ ස්ත‍්‍රියක ලාංකික අර්ථයෙන් බියකරුය. ප්‍රොයිඞ් කියන්නාක් මෙන් තම වැඩිහිටි ජීවිතය පුරාම අම්මාට ආදේශ කළ හැකි ස්ත‍්‍රීන් පිරිමි මනස ගවේෂණය කරන බවට විවාදයක් නැත.

චිත‍්‍රපටය (Film) සහ සිනමාව (Cinama)  අතර වෙනසක් බටහිර විචාරකයන් සලකුණු කරයි. චිත‍්‍රපටයක් යනු නරඹන්නට ඇති දෙයකි. නමුත් සිනමාව යනු සමාජ කාරණයකි. මේ තත්ත්ව දෙක අතර පරතරයක් ඇත. ස්වර්ණා මල්ලවාරච්චි නම් නිළිය රිදී තිරයේ තාරකාවියක් නොවේ. ඇය චිත‍්‍රපට කර්මාන්තය තුළ බිහි වු අර්චත වස්තුවක්ද නොවේ. ඇගේ නිරූපණය නිසා සමාජ කතිකාවක් නිෂ්පාදනය විය. ‘සිනමාව’ යනුවෙන් මම අදහස් කරන්නේ මෙම තත්ත්වයයි. උදාහරණයක් ලෙස ‘දඩයම’ චිත‍්‍රපටයේ රත්මලීගේ චරිත නිරූපණය හරහා ස්වර්ණා ලංකාවේ පාසල් ගුරුවරයාට එතෙක් හිමිව තිබු සමාජ ආකල්ප වෙනස් කළේය. අප මෙවර Missing අතිරේකය මගින් සාකච්ඡා කරන්නේ ස්වර්ණා මල්ලවාරච්චි නම් නිළිය බිහි කළ ස්ත‍්‍රීවාදය සමතික‍්‍රමණය කරන කතිකාවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2017 ජනවාරි- පෙබරවාරි ද්විත්ව කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

Missing 2017 Jan Feb by 3MANA on Scribd

ඔබේ අදහස කියන්න...