රී ලංකාවේ ප්‍රභලතම මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය (ITN) සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩ්ස් මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව එසැණින් රුවන් ෆර්ඩිනැන්ඩ්ස් මහතා විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ස්වාධීන රූපවාහිනිය වැනි ප්‍රභල ආයතනයක් මේ දක්වා අනුගමනය කළ පක්ෂපාතී දීන මාධ්‍ය සම්ප්‍රදායෙන් ගොඩගෙන ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් කිරීම සඳහා ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.
මේ වන විට ජාතික රූපවාහිනියේ සභාපතිධූරය සඳහා නම්කර ඇති සෝමරත්න දිසානායක පිළිබඳව විශාල විරෝධයක් ගොඩ නැගී එන පසුබිමක් තුල ස්වාධීන රූපවාහිනියත් එවන් පුද්ගලයෙක්ට යා නොදී රැක ගැනීමේ අවශ්‍යතාවය විකල්ප මාධ්‍යවේදීන් රුවන්ට පෙන්වා දී ඇති අතර, අප කළ විමසුමකදී ඔහු සඳහන් කලේ පදවිය භාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී ඇති සම්මුතිය අනුව ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා‍වේ සභාපති ධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පත්කිරීම් කරන අතර ලේක් හවුස් සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරු සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සුදුසු පුද්ගලයන් පත්කරනු ඇත.

ඔබේ අදහස කියන්න...