[dropcap color=”green”]ව[/dropcap]සර 1979 පමණ වින විට නිකරගුවා රාජ්‍යයේ බලය හිමිකරගත් සැන්ඩිනිස්ටා ව්‍යපාරය දරුණු අභ්‍යන්තර සිවිල් යුද්ධයකට මුහුණ දුන්හ. මේ කාලයේ එම රාජ්‍යෙය් බලය හිමි පක්ෂයේ නායකයා වූ ඩැනියල් ඔර්ටේගා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව තම රටේ සිව්ල් යුද්ධය අවසන් කලහ. සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු සැන්ඩිනිස්ටාවරුන් විසින් රටේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කලද ඒවා සාර්ථක වීම කෙසේ වෙතත් රටේ දරුණු ආර්ථික අර්බුදයක් ඇති විය. වරක් ප්‍රසිද්ධ රැස්වීමක දී ජනතාව ගෙන් ‘ඩැනියල් ඔර්ටේගා’ විමසන්නේ මෙවන් ප්‍රශ්ණයකි.

දැන් මේ රටේ බලයේ ඉන්නේ සැන්ඩිනිස්ටාවරුන් ඔබ ඊට කැමති ද?

මෙයට එක හඩින් ජනතාව ප්‍රතිචාර දක්වන්නේ

ඔව් අපි ඒකට කැමතියි කියාය.

ඔර්ටේගා ඊළගට විමසන ප්‍රශ්ණ වන්නේ

ඒ වුනාට රටේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා නේද යන්නයි.

එයට ජනතාවගේ ප්‍රතිචාර තැනින් තැන ඔව් නැහැ යනුවෙන් පහත් ස්වරයෙන් ඇසෙන්නට විය.

නමුත් අවසානයේ ජනතාව එකම හඩින් ඔව් මේ රටේ ඇත්තටම ආර්ථික අර්බුදයක් තියෙනවා යැයි හඩ නගන්නට විය.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලාංකිකයා සැන්ඩි ස්ටාර්ලාව එතනෝල් සමග සැන්ඩි කර බොනු ඇත. ලංකාවේ සියලුම වාමාංශික පක්ෂ සහ සංවිධාන පවත්වාගෙන යන්නේ නියුරෝසීය ඒකාධිකාරී පිලිවෙතකි. මහජන දේශපාලනය යනු කුමක්ද?

Comments are closed.