නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ වන විට කොළඹ පැවැත්වෙන ඕනෑම රැස්වීමකට සහභාගී වෙයි. ඉන් සමහර ඒවාට පැමිණෙන ඔහු ප්‍රසිද්ධියේම මෙසේ කියයි. මට ප්‍රකාශ කරන්න අදහසක් නැහැ. ඒත් මට මේ හැම මළදානෙකටම ආරාධනා කරනවා. ඇත්තටම කිවිවොත් නිර්මාල් එතනදී අවංකය. .තක්කඩී වන්නේ ඔහුට ආරාධනා කරයි අයයි.

මේ මෑතක දී එසේ රැස්වූ රැස්වීමකදී ඔහු අලුත් අදහසක් ප්‍රකාශ කරන ලදි. එම අදහසට අනුව දැන් මිනිසුන් ලංකාවේ ජීවත් වන්නේ ග්‍රෝත්‍රික සමාජයකය. එම සමාජය සිවිල් සමාජයට පෙර පැවති තත්ත්වයකි. අප වර්ථමානයේ ජීවත් වන්නේ ග්‍රෝත්‍රික සමාජයක යැයි ඔහු කියන විට එය නිවරදිය. නමුත් ඔහු ඉතිහාස මහාචාර්යවරයෙක් නිසා එම අදහස වැරදි වන තැනද දත යුතුය. අප දැන් ජීවත් වන්නේ ග්‍රෝත්‍රික සමාජයක බව කියන විට එය ෆැන්ටසියකි. එබැවින් මෙම ග්‍රෝත්‍රික සාමාජය අතීතයේ පැවති එකක් නොවේ. අතීතයේ පැවතියා යැයි අප පරිකල්පනය කරන එකකි. එබැවින් මෙම ග්‍රෝත්‍රික සමාජය පශ්චාත්-නූතන ග්‍රෝත්‍රික සමාජයකි.

නිර්ල්ට තම අදහස නිවරදිව කීමට බැරි වූයේ බොහෝ විට අධ්‍යයන පංතිවල විවේක කාලයට පසු ඔහුට ඒවාට සහභාගී වීමට නොහැකි වූ නිසාය. මන්දයත් බිරිදට කරපිඥ්ඥා මිටියක් ගෙන යාම අධ්‍යයන කටයුතු වලට වඩා ඇගට ගුණ නිසාය

නිර්මාල් ගේ කතාව අහමු

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අනූව දශකයේ මැද භාගයේ ආරම්භ වූ X කණ්ඩායමේ දේශපාලනය තුළ එහි නායකත්වය උත්සාහ කරන ලද්දේ ඉහත සාකච්ඡා කරන ලද විශ්ව විද්‍යාල වාමාංශික ඔලු වල සුජාතභාවය නැති කිරීමටය. එය පුද්ගලික කෝන්තර ප්‍රශ්ණයක් නොවන අතර එය ඉතිහාසයේ ගාමක ගතිකයක් සමතික්‍රමණය කිරීමකි. 90 දශකය තුළ X කණ්ඩායම විසින් අහෝසි කරන ලද සමාජ-දේශපාලන තලයේ ( මෙය ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයට අයිති නැත.) බුද්ධිමය ආධිපත්‍ය අදටත් අපට අහිමි වී නැත. කුමුදු කුසුම් කුමාර හිතන්නේ දැන් පෙරළා යළිත් විශ්ව ව්ද්‍යාල බුද්ධිමතුන්ට තමන්ගේ හෙජමොනික බලය ලැබී ඇති බවයි. විශ්ව-විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ෆැසිස්ට් මැර දේශපාලන නායකයන් සමග අතට අත දෙන යුගයක ඔවුන්ට මේ රටේ ඇති බුද්ධ්මය සුජාතභාවය කුමක්ද? අනික තවමත් ලංකාවේ විශ්ව-විද්‍යාල ගුරුවරයෙකු කට ඇරිය විගස ඉන් වහනය වන්නේ ග්‍රෝත්‍රික අදහස්ය. උදාහරණයක් හැටියට කුමුදු කුසුම් කුමාරගේ සයිබර් අවකාශයේ බිත්තිවල ඒල්ලා ඇති බොහෝ බටහිර බුද්ධිමතුන් 20 වැනි සියවසේ ෆැසිස්ට්වාදීන්ය. ජාතිවාදය අපට කොටස් දෙකකට බෙදිය හැක.(01) ජීව විද්‍යාත්මක ජාතිවාදය (02) ආධ්‍යාත්මික ජාතිවාදය. ගදාමර් සහ හෛඩගර් යනු ආධ්‍යාත්මික ජාතිවාදීන්ය. කතිකා කවයේ ප්‍රධානියෙකු වන දිමුතු සමන් වෙත්තසිංහට අනුව නලින් සුවාරිස් අදීන බුද්ධිමතෙකි. අපට අනුව නම් ඔහු ජාතිවාදී Island පුවත් පතට තම කීර්තිය පතුරවා ගන්නට ලිපි ලියූ ආධ්‍යාත්මික ජාතිවාදයෙකි. කුසුම් වැනි න්‍යාය සහ දර්ශණය මතුපිටින් පහුරුගාන පුද්ගලයෙකුට මෙවැනි ආධ්‍යාත්මික ජාතිවාදයක් ගැන වැටහීමක් නැත. ඔහුට අනුව ඉතිහාසය,ඓතිහාසික භෞතිකවාදය වැනි ඥාණවිභාගාත්මක කේෂත්‍ර කියා දෙයක් නැත. එමනිසා X කණ්ඩායම යනු ඕපපාතිකව පහළ වීමකි. X කණ්ඩායමට අවශ්‍ය වූයේ සමාජයේ වැඩ කරන යහපත් මිනිස්සුන්ට මඩ ගැසීමටය. මේ ඔහුගේ විචාර බුද්ධියේ තරමය. ඔහු වැනි ලිබරල් ධනවාදී දේශකයන් සහ විප්ලවවාදී දේශපාලකයන් අතර වෙනසද අහසට පොළොව මෙනි. කුසුම් කුමාර ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ( එය පොදු අරමුදලක් සහ පොදු දේපලකි) වන ලේක් හවුසිය සම්පූර්ණයෙන්ම විනාශය කරා ගෙන ගිය බන්දුල පද්මකුමාර ගැන මුණිවත රකි. ඔහුගේ විචාර බුද්ධිය හැම විටම යොමු වන්නේ ඔහුගේ ආතල් කඩන අයට එරෙහිව මිස සමස්ථයට එරෙහිව නෙවේ.

Comments are closed.