සාමාන්‍යයෙන් අපේ ජනාධීපතිවරයා තමන්ගේ නමින් සියලු දේ නමි කරනවාට මහත් ආශාවක් දක්වන අයෙකු බව ප්‍රසිද්ධ රහසකි. මේ නිසා මේ වන විටත් පොදු වැසිකිලි වලට හැරෙන්නට රජයේ වියදමින් ඉදිකරණ මංමාවත්.ගොඩනැගිලි,ක්‍රීඩාංගණ ඇතුලු බොහෝ දෑ මහින්ද රාජපක්ෂ නමින් නමිකර තිබෙන අයුරු අප දැක ඇත්තෙමු.
තව ටික කාලයක් යන විට මේ රටේ සියලුම මංමාවත්,ක්‍රීඩාංගණ,පොදු ගොඩනැගිලි, සියල්ලක්ම මහින්ද රාජපක්ෂ යන නමින් නම් කරණු ලැබූ විට ඒවා වෙන වෙනම හදුනා ගන්නට සංකේත භාවිතා කරන්නට සිදු වන ඇති බව පැහැදිලිය.
මේ දවස් වල සිංගප්පූරුවේ කටිටියක් ජනාධිපතිගේ නමින් මලක් නම් කර තිබෙන බව අපට වාර්ථා විය. ජනාධිපතිතුමා සමග තරහෙන් සිටින උදවිය නම් පවසන්නේ මෙසේ එතුමාගේ නමින් නම්කර ඇත්තේ සිංගප්පූරුවේ ජාතික මළ ප්‍රවාහන පද්ධතිය වන බවයි. නමුත් කවදත් ඇත්ත කියන දිනමිණ පුවත් පත පවසන අන්දමට මේ මල පූෂ්පයකි. ඒ කියන්නේ ලස්සන මලකි. මුලින් කී කතාව ඇසීමෙන් තරමක් මළ පැන්න ජනාධිපතිතුමා පසුව සන්සුන් වූ බව වාර්ථාවේ.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නමින් ඕකිඩ් මලක් නම් කිරීමට සිංගප්පූරු උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලායන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට උද්භිත උද්‍යානය නැරැඹීම සඳහා යාමට නියමිත අතර එහිදී ඒ මහතාට ගෞරව කිරීමක් වශයෙන් මේ කාර්්‍යය සිදු කෙරෙන බව වාර්තා වෙයි.
සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැං කෙන් මහතාගේ ආරාධනයකට අනුව එරටට යන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්වීපාර්ශවික වශයෙන් සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට නියමිත අතර සිංගප්පූරු ගුවන් සංදර්ශනයක් නැරැඹීමටද නියමිතව තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට අමතරව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු හා ශ්‍රී ලංකා සංචරන සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහත්වරුද මේ සංචාරයට එක්ව සිටිති.
.http://www.dinamina.lk/2012/02/15/_art.asp?fn=n1202153




