මිනිසෙක් කෝපි  කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. 

කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ  කියයි: “මන් විශවාස කරන විධිහට අපි   ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි  කෝප්පයක් ලබා ගන්න කැමතිද?”

 
සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා  මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.
 
මෙය උපුටා ගත්තේ ස්ලාවොයි සිජැක් ගේ මුහුණු පොතේ එක එකවුන්ට් එකක පල වුවකිනි.
 
මෙයට පිළිතුරක් සපයන  ඇන්ඩි බෙස්ට් මෙසේ ලියයි: 
පරණ සෝවියට්  විහිළු කතාවක්  මෙසේයි.

සෝවියට් කාන්තාවක් ආහාර (මස්) විකුණන වෙළඳ හලකට ගොඩ වදියි.

“ඔබල ළඟ මස් විකුනන්න තිබෙනවද?”

“නැහැ අපි ළඟ නැහැ “

“එහෙනම් කිරි තිබෙනවද ?”

“අපි විකුනන්නේ මස් විතරයි. පාරෙන් එහා පැත්තේ කඩේ තමා කිරි විකුනන්නේ. නමුත් ඒ ගොල්ල ගාව  කිරි නැහැ. “

මා මොස්කව් නගරයේ සිටි කාලය තුලදී සෑම දවසකම වාගේ අපි හරක් මස් හෝ කුකුළු මස් සමග බත් ඉව්වෙමු. ඒවා එතරම් මිල අධික නොවුනි. එළවලු හැටියට වැඩිපුරම කෑවේ මා ලු මිරිස්, කැරට්  හෝ බිට්රුට් ය.  පෝලිමේ සිට මේවා ලබා ගත්තත් කවදාවත් මස් නොමැතිව තිබ්බේ නැත. මෙයට හේතුව අහල පහල ගොවිපලවල සියලුම නිෂ්පාදන මොස්කව් වලට එවීම නිසා යැයි බොහෝ අය කිහ. පිට පළාත්වල කෑම නැති බව බොහෝ විදේශික ශිෂ්‍යයන් මා  සමග කිහ. එය සත්‍යයක් දැයි නොදනිමි.
නමුත් බඩ  ගින්නේ පෙලෙන රුසියානුවෙක් හෝ කෙට්ටු රුසියා නුවෙක්  කිසිදා නොදුටිමි.

වරක් මම තව මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගියෙමු. එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල්  වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැත. ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන්  ගෙන් ඇසීමු.
“කඩේ වැඩ කරන මහත ගාල්යා හරි හොඳයි. කඩේට  මස් ජාති මාළු  ඔක්කොම ආවහම  එයා  හැමෝටම පණිවිඩ එවනවා.  පස්ස දොරින් ඔක්කොම විකුනනවා. කිසි අවුලක් නැහැ. බය වෙන්න එපා අපේ ගෙවල් වල කෑම ඕන තරම්.”

මේ දුෂිත සමාජවාදයයි.

(මෙහිදී දුෂිත සමාජවාදයද ? මිනිසුන්ද ? මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ?)

– මෙහි බැරිස්ටා යනු කෝපි  කඩේ වැඩ කරන කෝපි  සාදන්නායි. කිරි වෙනුවට කෝපි ක්‍රීම් බොහෝ ආපන ශාලාවල භාවිතා වේ . 
— මෙහි සිජැක් යනුවෙන් සි අකුර යොදා ලියා  ඇත්තේ ඕනෑ කමිනි. 

අජිත් ධර්මකීර්ති

මධ්‍යස්ථ මතධාරියා,

1. මිනිස් ස්වභාවය ගැන මාක්ස් බෙහෙවින් ලියා තිබෙනවා. මිනිසාට ආවේනික යම් යම් ස්වභාවයන් තිබෙනවා. උදා – ශ්‍රමකාමී සත්වයෙක් වීම, ලිංගිකමය සත්වයෙක් වීම ආදී. මේවා මිනිසාගේ පොදු ලක්ෂන. තවත් ලක්ෂන තිබෙනවා ඒවා ඓතිහාසික ලක්ෂන. යම් ඓතිහාසික යුගයට ‘මිනිස් ස්වභාවය’ කියා සිතෙන දේ වෙනත් ඓතිහාසික තත්වයක් තුල මිනිස් ස්වභාවය කියලා නොපෙනෙන්න පුලුවනි. අවුරුදු පනහකට කලින් ගම්වල වෙද මහත්වරු මුදල් අපේක්ෂාවක් නැතිව බෙහෙත් කලා තෘප්තිය වෙනුවෙන්. අද වෛද්‍යවරු චැනලින් කඩ දාගෙන ඉන්නවා. වෛද්‍යවරයාගේ ‘ස්වභාවය’ නොමිලේ බෙහෙත් කරන එකද? කඩ දාගන්න එකද? මේ හැසිරීම් එක් එක් සමාජ යුගයේ තර්කනයට යටත් වෙනවා.

2. ධනවාදය අහෝසි කලාට පස්සෙ අපරාධ වැරදි නැති රොමෑන්ටික් ලෝකයක් බිහි වෙන්නෙ නැහැ. සිදුවන එකම දෙය සමාජය ඇතුලේ තිබෙන සූරාකෑමේ සම්බන්ධතා අහෝසි වෙලා වඩා නිදහස් ප්‍රජාතාන්ත්‍රික මිනිස් සම්බන්ධතා ඇතිවීම සදහා පසුබිමක් ඇතිවීම. එපමනයි. මිනිස්සු දෙවිවරු වෙන්නෙ වත් ලෝකය දෙව්ලොවක් වෙන්නෙවත් නැහැ. ඒත් මිනිසුන්ට තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීම සදහා වඩා නිදහස් පසුබිමක් නිර්මානය වේවි.

ඔබේ අදහස කියන්න...

12 COMMENTS

  1. න්‍යායක හෝ විදයාත්මක පරිකල්පනයක එක අකුරක් සිදුවී අනෙක් අකුර සිදුවීමට හෝ අකුරු පැටලී ක්‍රියාව සිදුවීම නිසා න්‍යාය නිතරම පඹගාලක් ලෙස භාවිත වන බව කීමට කැමැත්තෙමි. කතාව සියුම් ලෙස ගලපනු ලැබූවත් එක කතාවකට අදාල සියල්ල තවත් කතා ගොඩක ගැටළුවයි. පැරණි පරම්පරාවට අවශේෂ වෙමින් යන අපගේ සහෝදරවරුන්ගේ සටන් හරයෙන් සමාන වුවත් ක්‍රියාවෙන් අංගවිකල වූ අප විසින්ම ඇති කරගත් නිර්ලජ්ජිත කල්ලිවාදයකි. එහි තිබූ නරකම දෙය නම් ස්ත්‍රිය කෙරේ වන ආශාවයි. ජීවිතය භුක්ති නොවිදින ලද අප සමාන වන්නේ සින්බෑඩි කොර මිනිසාව කර තබාගත් පසු ඉන් ගැලවී ගත නොවුණු ආකාරයටයි. දුක හෙළකට දමා සැප පමණක් කර තබාගෙන යාමට ආශා කළ අපගේ හිස මතට නොසන්සිදෙන ආශාවේ අවගාරය කිදා බැස තිබේ. සම්මත සමාජ දේශපාලන ව්‍යාපාර විසින් මෙය හදුනාගන්නේ කෙසේද?

  2. ඒක හරි. මේකේ උඩ ලියල තියෙනවා උපුටා ගත්තේ facebook එකේ account එකෙන් කියල.

    Günther Van Der Ding
    8 February at 11:18 · Edited ·
    A joke from Slavoj Zizek. Appropriately there is a very similar joke from Soviet era Russia.
    A man walks into a coffee shop and immediately requests to be given a cup of coffee, black, and without any of the cream.
    To which the barista replies, “I’m sorry but we are currently out of cream, so perhaps you will settle for a coffee without the sugar instead?”
    I believe this joke to be absolutely essential to understanding how modern capitalism works today.”
    Like · · Share

  3. සිසෑක් කිව්වෙ කෑම ගෑන කතාවක් නෙමෙ දුශ්ටිවාදය කොහොමෙද අපෙ ජිවිත වල වෑඩ කරන්නෙ කියල ඒත් අජිත් මෙක කියන්න ගිහිල්ලා දුශ්ටිවාදයෙකෙ පෑටලෙනව දෑන දනම,,විනෝදය වෙනුවෙන් we know but we do රුසියාවෙදි කාපු කෑම ගෑන කියනව අනික ඒ උදාහරනය ලන්කාවට සෙට් නෑ we dont know about whip cream even we have no this cofee tradition with milk or withcream but its ok as a metaphor
    අනික ව්ප් ක්‍රිම් යුරෝපෙට අය්ති සම්ප්‍රදයක් ඒක zizek සෙට් වෙනව https://www.youtube.com/watch?v=cW1zUh94uMY

  4. අනුර ඔබ හරි. මේ කොටස් දෙකකට ලියපු ලියුමක්. සි හා ජි වෙනසත් ඕනෑ කමින් කලේ දෙවැනි ලිපිය ලියන්න බලා ගෙන. මේ ලියුමේ දෙවැනි ලිපියක් එනවා. ඒකත් කියවන්න. දැනට ලියල තියෙන්නේ භාගයක්. වෙන පරිවර්තන වැඩක් නිසා කල් ගියා .

  5. ජිජැක් වසංගතය
    ස්ලාවෝජ් ජිජැක් /සිසැක් /සිජැක් මේ කී නොකී විදියට නම උච්ඡුාරනය වන ස්ලෝවේනියානු දාර්ශනිකයාගේ නම හා ඔහු ගේ ලිපි බූන්දි වෙබ් අඩවියේ සිට කී නොකි වෙබ් අඩවි /බ්ලෝග් අඩවි/ෆේස් බුක් ගිනුම් වල අරක් ගෙන ඇත. ජිජැක් කියන්නේ මොකද්ද ? අපට නම් කිසිවක් නොතේරේ ඒවා ප‍්‍රසිද්ධ කරන පරිවර්තනය කරන අයට තේරෙනවාදැයි අපි නොදනිමු එක් කොමෙන්ටුවක තිබුනු පරිදි ගූගල් ට‍්‍රාන්ස්ලේෂන් තිබෙන නිසා මස් මැෂිමක සතුන් එක පැත්තකින් දමා අනෙක් පැත්තකින් මස් පැකට් පිට කරන ලෙස පරිවර්තනය කරන ඒවාය.
    අපට මතක හැටියට ජිජැක් ගැන අප පලමුවෙන් සිංහලෙන් කියෙව්වේ දීප්ති කුමාර ගුණරත්නගේ ලන්ඩන් සඟරාව හරහාය. පසුව සුමිත් චාමින්ද සිළුමින පුන්කලස අතිරේකයේ ලිපි පෙළක ජිජැක් හා ඔහුගේ දේශපාලනය ගැන පලවිය. රාවය පුවත්පත, ප‍්‍රවාද සඟරාව,පෙර දිග සුළං සඟරා,ති‍්‍රමාන සඟරා,අවිරෝව්රා සඟරා,ලංකා හා ජන රළ පුවත් පත් හරහා යලි වරින් වර ජිජැක් අප කරා ආවේය. මධ්‍යස්ථානය බ්ලෝග් අඩවිය හරහා හා පුදුමය කියන්න ලෝක සමාජවාදී වෙබ් අඩවියද ජිජැක් ගැන කතා කලේය. මේවායේ ලියන අය නම් ජිජැක් දිරවා නෙ ඇතැයි අපි සිතුවද අපට නම් ඉතුරු වුනේ හිසේ කැරකිල්ලක් පමණි. කිසිවක් අපට නොතේරෙනි.
    කුමක් හෝ රහසක් පුදුමයක් විශ්මයක් ජිජැක් තුල තිබෙනවා වා විය යුතුය. ජිජැක් දන්නා බව පෙන්නන්නට සැවෝම දඟලන්නේ එම නිසා විය යුතුය.
    අපි නම් දන්නේ නලින්ද සිල්වා ගැන පමණි මොකද අපි ඉංගී‍්‍රසි නොදන්නා සිංහල මෝඩයන් නිසාය. එම නිසා අපි නලින් කියවා නලින් දිරවාගෙන ඇති බව බය නැතිව කිව හැක. අපි නලින්ගේ සීමාවද දනිමු.
    නලින් නාථ දෙවියන්ගෙන් දැනුම ගන්නවා යැයි කියන විය ඔහු මෝඩයෙක් උම්මන්තකයෙක් ජාතිවාදියෙක් යැයි කොන්ටම් භෞතිකය /මාක්ස්වාදය/හේතුවාදය/හෙගලියානු වාදය මත සිට ගෙන කෑ ගහන හා දැන් ජිජැක් උඩ දමන අය ගැන සිතන විට අපට මතක් වෙන්නේ චැප්ලියානු විහිළුය.
    Like · · Share
    Duminda Kumara likes this.

    1 share

  6. පව්කාරයට නාථ දෙයියෝද මොලේ දුන්නේ ? ඉතින් නාථ ට කියල ඉතුරු ටිකත් කොරව ගන්න බැරිද? චැප්ලියානු විහිළු කරන අයව ත්රිශුලයෙන් මකා දාල සිල්වා ව ලංකාවේ ජනාධිපති කරන්න. ආ බෑනේ සිල්වා වදින ජාතිවාදියෝ ටික කුලේ බලන හැත්තක්නේ. පෘතුගීසි කාරයන්ව ගන්න ගන්නේ නෑනේ ඒ අය. ඒ නිසා වැඩක් වෙන එකක් නැහැ. නාථ ට කියලවත් බලන්න.

  7. ජිජැක් ගැන බොහෝ දෙනා ලියන පරිවර්තනය කරන දේවල් නොතේරෙන බව අප පැවසුවේ අවංකවමය. ජිජැක් හෙගල්ගේ දයලෙක්තිකය මාක්ස්ගේ දෘෂ්ඨිවාදය සම්භන්ද අදහස් ලැකෑන්ගේ මනෝ විශ්ලේෂණය මත පදනම් වන බව අපි දනිමු. ඒ අප කලින් සඳහන් කල මූලාශ‍්‍ර වලට පින්සිදුවන්නටය. ඒ අනුව ජිජැක්ගේ අදහස් අහලකටවත් පැමින හැක්කේ නලින් ද සිල්වා ට බව අපේ අදහසයි. ලංකාවේ වමේ දේශපාලන සංවාදයන් තුල දීප්ති ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පෙරටුගාමී පක්‍ෂය මනෝ විශ්ලේශණය හා හෙගලියානුවාදය සම්භන්ද දේශපාලනයට අවශ්‍ය තරමේ දැනුම සමාජ ගත කොට ඇත. (ඒවා සම්භන්දයෙන් විවේචනාත්මක අදහස්ද ඇත.) ජිජැක්ගේ පදනම් ඒවා නම් නලින් හා ජිජැක් අතර වෙනස් කම් මෙන්ම සමාන කම් ද තේරුම් ගැනීම අපහසු නැත. අප පැවසුවේ අප දැනුම ගත්තේ නාථ දෙවියන්ගෙන් කියා නොවේ. විද්‍යාඥයෙක් රජ රට වකුගඩු රෝගයට විද්‍යාත්මක පරීක්‍ෂණ ඇසුරේ හේතු පැහැදිලි කිරිමත් නලින් ද සිල්වා වකුගඩු රෝගයට හේතුව නාථ දෙවියන්ගෙන් ගත් දැනුමෙන් පැහැදිලි කරනවා යැයි කීමත් ආකෘතිකව සමාන බව පැවසීමයි දැනුම සම්භන්දයෙන් නලින්ගේ ස්ථාවරය හා මනෝ විශ්ලේශණය දැනුම සම්භන්දයෙන් ගෙනෙන විචාරය අපට අනුව සමානය.
    වාමාශික දේශපාලන සංවාදයන් තුල හෙගල්ගේ වැදගත් කම වන්නේ මිනිස් චින්තනයේ ආකෘතිය පැහැදිලි කිරිමයි. නලින් ද මගේ ලෝකය හරහා කරන්නේ ද එයයි. හෙගල්ගේ සීමාව මාක්ස් හා ඔබේ ජිජැක් (limit of hegal) සලකුණු කලේ කෙසේද නලින්ගේ සීමාවද සලකුණු කල යුතුය. අපට අනුව මාක්ස්වාදයේ දරිද්‍රතාවය තුල මාක්ස්වාදීන් විවේචනය කිරීමේ දී නලින් විවේචනය කරන්නේ සෝවියට් ආකෘතියේ මාක්ස්වාදයය. නලින් අපෝහකයේ රූපිකය තුල හෙගලියානු දයලෙක්තිකය යැයි විවේචනය කරන්නේ හෙගල්ගේ දයලෙක්තිකය නොව එංගල්ස් විසින් වැරදියට අර්ථ නිරූපණය කල හෙගල්ගේ දයලෙක්තිකය පිලිබඳ අදහසය. නලින්ට හමුවන්නේ හා ඔහු විවේචනය කරන්නේ ලිබරල්මානවවාදි මාක්ස්ය. (සටහන අවසානයේ ඇති රූප සටහන බලන්න) ජිජැක් ලැකෑනියානු මනෝවිශ්ලේශණය සම්භන්දයෙන් අධානගා‍්‍රහී ලෙස පක්‍ෂපාතය. පෙරදිග සුළං සංවිධානය (ශි‍්‍ර ලංකා පෙරටුගාමී පක්‍ෂය)හා සමාජවාදී ශිෂ්‍ය සංගමය මාක්ස්වාදය හා ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිකය සම්බන්ද සංවාදය සම්භන්දයෙන් නලින්ගේ ප‍්‍රතිචාරය වූයේ පෙරදිග සුලං සංවිධානය මාක්ස් බේරා ගැනීමට ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයේ සරන යන බවත් එහෙත් බොහෝ මාක්ස්වාදීන්ට අනුව ෆරැන්ක්ෆර්ට් ගුරුකුලය විඥානවාදී වන බවයි. ඔහු ඒ ගැන ඊට වඩා දෙයක් කීමට ප‍්‍රවේශම් විය.
    අප ජිජැක්ගේ පරිවර්ථන ගැන කල විවේචනයට ඔබ අපට දමා ගසා ඇත්තේ දාර්ශනික දර හැවකිනි.
    අපට අනුව ඉදිරිවාමාෂික දේශපාලනයත් ගොඩනැගිය හැක්කේ නලින්ද සිල්වාගේ හා දීප්ති කුමාර ගුණරත්නගේ දේශපාලන ව්‍යාපෘතීන් කෙරේ විවේචනාත්මක වීම තුල පමනි. අපට යලිත් අවසානයේ කීමට ඇත්තේ ඔබ සිතන නලින් ද සිල්වා මෙන්ම ජිජැක්ද ඊට වඩා සංකීර්ණ බවයි.

  8. //වාමාශික දේශපාලන සංවාදයන් තුල හෙගල්ගේ වැදගත් කම වන්නේ මිනිස් චින්තනයේ ආකෘතිය පැහැදිලි කිරිමයි. නලින් ද මගේ ලෝකය හරහා කරන්නේ ද එයයි//

    නලින් ට සම්මුති සත්‍යය/පරමාර්ථ සත්‍යය කියා දෙකක් උවමනා වන්නේත්, හේගල් තුල මෙහෙම දෙයක් නැත්තෙත් මොකද?

  9. //අපට අනුව ඉදිරිවාමාෂික දේශපාලනයත් ගොඩනැගිය හැක්කේ නලින්ද සිල්වාගේ හා දීප්ති කුමාර ගුණරත්නගේ දේශපාලන ව්‍යාපෘතීන් කෙරේ විවේචනාත්මක වීම තුල පමනි. අපට යලිත් අවසානයේ කීමට ඇත්තේ ඔබ සිතන නලින් ද සිල්වා මෙන්ම ජිජැක්ද ඊට වඩා සංකීර්ණ බවයි.//
    එකඟයි. ඔබේ ප්‍රථම කොමෙන්ටුවට අදාල පිළිතුරකි එතන දී ඇත්තේ. ජිජැක් ගේ ඒ ලිපිය ගැන දෙවන කොටස ලිවීමට තවම වෙලාව මද කමක් ඇත. නලින්ද සිල්වා මහතා අසූ ගණන් වල සෝවියට් දේශයේ “සමාජවාදී පන්තිය ” පිළිබඳව දිවයින පුවත්පතට ලිවූ අගනා ලිපි පෙළ ගැන මට හොඳ මතකයක් තිබේ. ඔහු ඒ දිනවල මගේ ප්‍රියතම ලේඛකයෙකි.

Comments are closed.