ඇෆ්ගන් කතාව: හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ  ඇෆ්ඝනිස්තානය නිදහස් රටකි. සාමාන්‍ය දියුණු වෙමින් පවතින මිශ්‍ර ආර්ථිකයක්, හොඳ විශ්ව විද්‍යාලයක් (කාබුල්) තිබූ රටකි. අතීතයේදී අවකන් නමින් හැඳින්වුණු බෞද්ධ රටක් වූ ඇෆ්ඝනිස්තානය හත්වන සහ අටවන ශතවර්ෂ වලදී මුස්ලිම් ආගමික රටක් විය.

11
60 දශකයේ ඇෆ්ඝන් තරුණියන් පෙළපාලියක

 

සෝවියට් දේශය  සමග ගෑස් අපනයන ගිවිසුමක් ආරම්භ කිරීම ප්‍රශ්නයක  උල්පත වුනු අතර සෝවියට් දේශය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයකින් හස්ලාෆ් අමින් බලයට පත්විය. මුජහෙදින් ඉස්ලාමික සංවිධානය ඔහුට විරුද්ධ කැලෑ තුල සටන් කළහ. ඔවුන්ට තරමක ඇමෙරිකානු සහයක් විය.  එයට වැරැද්දක් මට කිව නොහැක.  සෝවියට් හමුදා 1979 දී ඇෆ්ඝනිස්තානය ට හමුදා යැව්වේ 20 වසරක මිත්‍ර ගිවිසුමක ප්‍රතිපලයක් ලෙසය. සෝවියට් වරු බබ්රක් කර්මාල් බලයේ පිහිටවූහ.

12
කාබුල් වෛද්‍ය විද්‍යාලයේ සිසුවියන්

 

සෝවියට් හමුදාවලට එරෙහිව සටන් වැදුණු මුජහෙදින් වරුනට අවියෙන්, මුදලින් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය උදව් කළහ. මුජහෙදින් වරු අල්ලාගත්  රුසියන් භටයන්ට සැලකුවේ ඉතා කෘර ලෙසය. දෙකකුල  පණ  පිටින් හම  ගසන ලද සෝවියට් සෙබලෙකු මම සෝවියට් දේශයේදී දුටුවෙමි. හම ගසා බෙලි කපා මරා දැමීම ඔවුන් නිතර කල දෙයකි.

13
ඇෆ්ඝන් රජයේ (1966) මුද්‍රණාලය

 

බබ්‍රක් කර්මාල් අයින් කර මොහම්මඩ් නැජිබුල්ල්ලාහ් බලයට පැමිණියේ 1991 පමණය. බටහිර රටවලට කර්මාල් හා නජිබුල්ලා ඒකාධිපතියන් විය. ඔවුන් මරා සිරගත කලේ, මර දැමුවේ නිදහස සඳහා සටන් කරන ඉස්ලාමික තලිබාන් භටයන් යයි කිවූ අතර ඔවුන් බටහිරයන්ගේ  වීරයන් විය. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන බොහෝ විට කතා කෙරුණි.

සටන දරුණු වත්ම  සෝවියට් හමුදා 1987 දී ඇෆ්ඝනිස්තානය හැර ගියේය. ඇමෙරිකාව ස්ටින්ගර් නම් මිසයිල් වර්ගය පවා මේ සටන්කාමීන්ට සැපයුවේය. මුජහෙදින් වරු තලිබාන් යනුවෙන් තමන් නම් කර ගත්  අතර 1991 වන විට ඇෆ්ඝනිස්ථානයේ බොහෝ පෙදෙස් අල්ලාගෙන සිටියහ.  1992 වනවිට තලිබාන් වරු කාබුල් අල්ල ගත්හ. වෘෂණ කෝෂ දෙක ගැට ගසා ජීප් රථයක ඇදගෙන ගොස් දැඩි වද හිංසා කර එල්ලා  මරණ ලද නජිබුල්ලා ගේ මළ  සිරුර පසුව හමුවුණි.

තලිබාන් පාලනය ඉතා දරුණු විය. සෝවියට් දේශයේ මාදි නම් විශ්ව විද්‍යාලයේ උගත් ඉංජිනේරුවකු වන මගේ මිතුරකු තලිබාන් විසින් මරා  දමා තිබුණි. ඇෆ්ඝන් රටේ බොහෝ සෝවියට් උපාධිධාරීන් සිටි  අතර බොහෝ අය පකිස්ථානයට මෙන්ම  එංගලන්තටද සමහරක් සෝවියට් දේශයටද පලා ගියහ. බොහෝ අය මරා දැමුණි. මගේ මිතුරාගේ බිරිඳගේ රැකියාවෙන් ඇයව එලවා  දමා තිබුණි. ගැහැනුන්ට වැඩ කිරීම තහනම් විය. ඔවුන් එළියේ යනවිට හිස සහ ඇඟ සම්පුර්නයෙන්ම ආවරණය කර යා යුතුය. වෙනත් රැකියා කිරීමට නොහැකි හෙයින්  ඇය හිඟා කෑවාය. දරු තිදෙනා කුසගින්නේය. ඔවුන් ජිවත් වුයේ ගුහාවකය.

ලන්ඩනයෙන් ගිය මිතුරකු අත ඇයට පවුම් පනහක් යැවීමි. මට ඒ දවස් වල එය ලොකු මුදලකි.  ඇය බිම දිගාවී ඔහුගේ දෙපා නමදිමින් බොහෝ වේලාවක් හැඬු  බව ඔහු මට පැවසිය. රූමත් ගැහැණියක වූ ඇය තලිබාන් සටන්කාමීන් අතින්  සොළොස් වතාවකට වඩා දුෂණ ය වී තිබුණි.  පවුම් පනහ ඇයට විශාල මුදලක් වී තිබුනි. ඇයට දරුවන් සමග පකිස්ථානයට පලා යාමට  ඒ මුදල ප්‍රමාණවත් බව පවසා තිබුණි. අසල තිබු තවත් ගුහා  වල දරුවන් සමග කනවැන්දුම් ගැහැණුන්  අති විශාල ප්‍රමාණයක් සිටි බවත් කන්නට යමක් නැතිව  සාගින්නෙන් මියය යන දරුවන් සිටි බවත් ඔහු පැවසුවේය.

මේ විස්තර කිසිවක් ඒ දිනවල බටහිර මාධ්‍ය මගින් වාර්තා කලේ නැත. මුජහෙදින් යනු මිතුරන්ය.

තලිබාන් වරු පෞරාණික ඉමහත් වැදගත් කමක් ඇති බෞද්ධ ප්‍රතිමා මෙන්ම වෙනත් ඓතිහාසික නටබුන් විනාශ කිරීමත් ත් සමග ලොවේ අවධානය ඔවුන් කෙරේ වඩාත් යොමු වුනි.

නමුත් සියල්ල වෙනස් වුයේ 2001 දී  ඇමෙරිකාවට  ත්‍රස්තවාදීන් පහර දීමත් සමගය. බින් ලාඩන් ඒවා මෙහෙයවුයේ ඇෆ්ඝනිස්ථානයේ හා සවුදියේ සිටය. ඉන්පසු  බටහිර මාධ්‍ය  මගින් දිනපතාම වගේ තලිබාන් කණ්ඩායමේ  දුෂ්ට ක්‍රියා ගැන වාර්තා කෙරිණි. ඇමරිකන්/බ්‍රිතාන්‍ය හමුදා මගින් කළ ඇෆ්ඝනිස්ථාන් ආක්‍රමණයට අප හැමෝගෙම සහය පළවිනි. අදත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට සහය පල කරමි. ඔවුන් කරන්නේ මානුෂික සේවයකි. දුෂ්ට  අගතිගාමී ආගම්වාදී  තලිබාන් වරුන් ගෙන් ජනතාව බේරා ගැනීමට  ඔවුන් දෙන සහය බලවත්ය.

මේ සියල්ල මට බටහිර සමහරුන්  සමාජවාදී ඒකාධිපතියන් යයි හඳුන්වන අය ගැන අදහස මදක් වෙනස් කරන්නට හේතුවුනි. තලිබාන් වරු විනාශ කල බොහොමයක් දේ මේ “ඒකාධිපතින් ” විසින් රැක ගෙන තිබුණි. ඔවුන් යටතේ  ඇෆ්ඝන් වරුන්ට තලිබාන් වරුන් දුන්නාට වඩා  නිදහස තිබුණි.  ගැහැනුන්ට ඉගෙනීමට මෙන්ම රැකියා කිරීමටද නිදහස තිබුණි.

සිරියානු පාලක අසාඩ් දරුණු විය හැකිය. ඔහු දරුණු වුයේ ඇතැම් විටක මේ අන්තවාදී  ආගම්වාදී එවුන් සිර ගත කිරම නිසාය. ඇතැම් විට ඔහු අහිංසකයන් සිර කරන්නටද සුන්නි ජාතිකයන්ට පහර දෙන්නටද ඇත.

එහෙත් සමස්තයක් වශයෙන්ගත් කල ඉස්ලාම්වාදීන්ට වඩා ඔහු ප්‍රගතිශිලිය.  සිරියාවේ ගැහැණු පිරිමි දෙපසම එක පන්තිවල උගනිති. විශ්ව විද්‍යාල වලද එසේමය. ඔවුන් ගේ ජිවන තත්වය සවුදියට වඩා අඩු වුවද ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා  ඉහලින් තිබුණි.  අසමත්වූ සමාජවාදී ක්‍රමයන් මදින්  මද වෙනස් කරමින් පෞද්ගලික බැංකු වලට ඉඩ දීම සිදු වුයේ 2001 පමණය. අසාද් යටතේ අනිකුත් ආගම් ඇදහීමට බාධාවක් ද නැත.

එසේ නම් සිවිල් යුද්ධයක් පටන් ගත්තේ ඇයි?

Ajith Dharmakeerthi

 

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...