[dropcap color=”red”]අ[/dropcap]නුව දශකයේ දේශපාලන වැඩකටයුතු කරමින් සිටින අතර දී ජීවිතයේ අර්ථය කුමක්ද යන ප්‍රශ්ණයට පිළිතුරක් ගවේෂණය කරා. ඒ වන විට ලංකාවේ දකුණ බටහිර පාරිභෝගික භාණ්ඩ වසංගතයෙන් උමතු වෙලාහිටියේ.ඒ කාලයේ අපට තිබුණු අවබෝධය අනුව ද්‍රවමය වශයෙන් ඉතාම ඉහළ වර්ධනයක් බටහිර ශිෂ්ටාචාරය ලබාගෙනයි තිබුනේ. නමුත් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් හිස් ශිෂ්ටාචාරයක්. මේ අදහස සංකේතවත් කළ අනූව දශකයේ ජනප්‍රිය සටන් පාඨය අපට හමු වුනේ රාජනිශ්ගේ දර්ශණයෙන්. ඔහුට අනුව බටහිර ග්‍රීක නවකතාකරුවකු වූ නිකොස් කසන්සාකිස් අතින් ලියැවුණු සොර්බා තමයි ග්‍රීකයා නම් නව කතාවේ ප්‍රධාන චරිතය වූ සොර්බා කියන්නේ භාග මනුෂ්‍යෙයක්. ඔහු ලෞකිකව පොහොසත්ව ජීවත් වෙන්න දන්නව.නමුත් ඔහුගේ විඥාණය ද්‍රව්‍යය ඉත්මවා ගිය උසස් විඥාණයක් නෙවි.

සොර්බා ගේ මේ අඩුව පුරවන්න රාජනිෂ් අලුත් අදහසක් එකතු කරා. සොර්බාව පරිපූර්ණ මනුෂ්‍යෙයක් වෙන්න නම් ඔහු බුද්ධ විය යුතුයි. ඒ කියන්නේ ඔහු ආධ්‍යාත්මික විය යුතුයි. අනූව දශකය අවසාන වන විට X කණ්ඩායමේ ගෘහය තුළ ජීවත් වුනේ සොර්බා තමයි බුද්ධ කියා ගත් පිරිසක්. ගෞතම බුද්ධ විසින් දේශනා කළ දර්ශණයට අනුව ප්‍රඥාව තියෙන්නේ අපි ඇතුලෙ. ඒ නිසා අපි කිසිවකු අනෙකාට ඊර්ෂ්‍යකල යුතු නැහැ. ලෝකයේ කේන්ද්‍රය තමයි පෙරදිග. බටහිර කියන්නේ විකේන්ද්‍රීය වන ශිෂ්ටාරයක්. ඔවුන් දැන් තාක්ෂණ දියුණුව නම් මිරිගුවට පසු  පෙරදිගට ඊර්ෂ්‍ය කරනව.දැන් ඔවුන්ගේ විකල්ප සිහිය සන්සුන් කරගන්න අපි දිශාවට හැරිලා.එක්තරා ඓතිහාසික නිශ්චිත මොහොතකට පසු ආධ්‍යාත්මිකව පිරිසිදු වූ ශ්‍රාවකයන් පිරිසක් තමන්ගේ රහස අහන්න කැමතිද කියා දීප්ති ගෙන් අහුවා. ඔහු කිවා බැහැ කියල. එවිට සොර්බා තමයි බුද්ධ කී මිනිසුන් දීප්තිට මෙහෙම තර්ජනය කළා. ඔබේ රහස් සියල්ල අපි හෙළි කරනව සමාජයට! එවිට එම ශ්‍රාවකයන්ගේ නායකයන්ගේ මුහුණු වල නහයෙන් ලේ පනින්න දීප්ති ගැහුව. එම පහරින් පසු සොර්බා තමයි බුද්ධ කී පිරිස ද්‍රව්‍යවාදීන් වුණා. පුරුෂ බාධාවකින් තොර අව්‍යාජ ස්ත්‍රිය කියන්නේ පුරුෂ ෆැන්ටසියක් බව සියළුදෙනාට පැහැදිලි වුණා. අනෙකාගේ මුහුණට ලේ පනින්න පහර දීමට පසු මේ ලෝකයේ පළමු කොමියුනිස්ට් පක්ෂය බිහිවුනා. ඒ තමයි ක්‍රිස්ත්‍රියානි පල්ලිය. මාක්ස් ගේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ ලෞකිකකරණය කරන ලද දේවධර්මය! භික්ෂු සාසනය කියන්නේ ලෞකික ලෝකයෙන් ඉවත් වූ දේවධාර්මික නාසි පක්ෂය. භික්ෂූන් අනෙකාට රහසක් ඇතැයි සිතා එය වටහා ගන්නට උත්සහ කිරීම අහම්බයක් නොවේ.

                               එතකොට බොල්ෂෙවිකයෙක් යනු කවුද?

මිනිසෙක්ව දෙවියෙක් ලෙස විශ්වාස කළ මිනිස් ශිෂ්ටාචාරයේ පළමු සම්‍යක් දෘෂ්ටික බැතිමතුන්ය.

                              ඔවුන් ගේ නායකයා කදු නගින්නෙක්-  ඒ ලෙනින්ය.

      පහසු තැන් වල පදංචි වී ලෙනින් දෙස බලා ත්‍රාස්සයෙන් මුසපත් වන්නන් අදත් විරල නැත.

2013 අගෝස්තු මස 08 වන දින සවස 3.00 ට ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයට එන්න

  අපිත් එක්ක සොර්බා ගේ නැටුම නටන්න.!

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. එතකොට බොල්ෂෙවිකයෙක් යනු කවුද?

    මිනිසෙක්ව දෙවියෙක් ලෙස විශ්වාස කළ මිනිස් ශිෂ්ටාචාරයේ පළමු සම්‍යක් දෘෂ්ටික බැතිමතුන්ය. – brilliant sentence.
    Stalin should be the Satan who killed real bolsheviks …then.

  2. මෑතක් වෙනතුරුම මම නම් හිතං හිටියේ පිරිමි කොච්චර ශක්තිමත් හා බුද්ධිමත් උනත් ගෑණු අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ කියලා. ඕක හරියටම පැහැදිලි කරන්න නම් මට කියන්න වෙන්නේ මගේ යාලුවෙක්ගේ කියමනක්.

Comments are closed.