චිත්‍රපට සංස්ථාව තුළ දේශපාලනය ගැන කතා කරල විප්ලවවාදීන් වෙන්න ඒ වගේම චිත්‍රපට විග්‍රහ කරලා දාර්ශණිකයන් වෙන්න අවස්ථාව අරන් දුන්නෙ දීප්ති කියන පුද්ගලයා බව විහිළු සහගත ලෙස අමතක කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ශයේ අශ්ලීල ස්නායු අපගේ දේශපාලනය සමග අනවශ්ය ලෙස පැටලීමට උත්සහ ගනිමින් සිටින බවක් මේ වන විට පෙනී යනවා. අපි මෙම ග්‍රව්න්ඩ් එක නිර්මාණය කළේ හැමෝටම සෙල්ලම් කිරීම පිණිසය. සියළු දෙනාට පැමිණ සංවාද කිරීම සදහාය. නමුත් කුමාර් ගුණරත්නම්ගේ අශ්ලීල ස්නායු අපේ ග්‍රව්න්ඩ් එක තුළ දගලමින් මේ තැන ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට තටබනවා. මේ පුතාලා සිතාගෙන සිටින්නේ අපි බබාල කියලයි. අපි ප්‍රතිචාර දැක්වුව හොත් එකී පිට්ටනියේ නැවත සෙල්ලම් කිරීමට ඔවුන්ට අවස්ථාව උදා නොවනු ඇත.

පුබුදු ජයගොඩලා එක පැත්තකින් UNP එක සමග මරාගෙන මැරෙන තරමට මඩ ගහ ගනිමින් අනිත් පැත්තෙන් UNP සභාපතිවරයකු සිටින චිත්‍රපට සංස්ථාවට ගිහින් එහි විප්ලවවාදය ගැන කථා කිරීම තුළින්ම පෙරටුගාමී සමාජවාදී පක්ශයට  ඉදිරි දර්ශනයක් නැති බව පෙනී යනවා. ඔවුන්ගේ මනෝරාජික ට්‍රොට්ස්කිවාදී අදහස් වල තිබෙන විරුද්ධාභාශයන් ඕනෑ තරම් මේ අයුරින් පෙන්වා දිය හැකිය. අපේ ග්‍රවුන්ඩ් එක තුළ ඕන මගුලක් නටාගත්තාට අපට කමක් නැත. නමුත් පිස්සන් ලවා රොටී පුච්චමින් විප්ලවවාදී සංවිධාන වලට මඩ ගහමින් සමාජයට පෙන්වමින් සිටින් බොරු විප්ලවවාදී පිස්සු තත්ත්වයන් මගින් සමාජය චලනය කරවීමට කිසිදු අවස්ථාවක අප ඉඩ දෙන්නේ නැත. අපි මෙම දේශපාලන පොන්නයන්ට කියන්නේ අපි නැති තැන්වල චන්ඩි පාට් දමන්නේ නැතිව අපිද සෙල්ලම් කරන තැනකට පැමිණ චන්ඩි පාට් දමන ලෙසයි. අරගලයේ සීමාවන් අපි ගණනය කරන්නේ කොතැනක සිටදැයි එවිට මේ පිස්සන්ට දැකගත හැකි වනු ඇත.
අපි හොදාකාරවම දන්නවා පෙරටුගාමී සමාජවාදී පක්ශයයි ( මේ වන විට එහි dominant එක අහිමි වෙමින් පවතියි ) ඔවුන්ගෙන් කැඩි ගොස් ඉන්නො, දද, ගෙඩි, කුශ්ට බවට පත් වූ පුද්ගලයොයි හරහා විප්ලවවාදී ඩෙංගු උණ හදාගත්ත අය යම් කිසි උපක්‍රමයක් භාවිතා කරන බව අපට විරුද්ධව. මේ උපක්‍රමයට අපි හැමෝම දන්න නමක් දානවා ‘පොල්ල හංගගෙන ඇට දෙකෙන් කෙළීමේ’ වයාපෘතිය කියලා. මේ දේ මේ විදිහට පැහැදිළි කළොත් ‘ පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පුබුදු ජයගොඩ සහ දුමින්ද නාගමුව වැනි අය කරන්නේ අපෙන් සෘජුව න්යායිකව ප්‍රශ්න අසනව වෙනුවට නාට්ය නිළියන්ගේ කන්යාභාවය විපරිත නළුවන්ගෙන් ආරක්ශා කරන පුද්ගලයොයි , අංගොඩ මානසික සෞඛය විද්යා ආයතනගේ නේවාසික ප්‍රතිකාරවලින් පැනල ආව පිස්සන්වයි දාල අපට කෙළින්න හදන එක. අපි පැහැදිළිව කියනව මේ වගේ දෙකයි පනහෙ  counting වලට අපි අහු වෙන්නෙ නැති බව. මේ වගේ පොන්න දේශපාලන වැඩ අපි 2004 දි නම් කළේ ‘අමාරිස් දේශපාලනය ‘ කියලයි.
පුන පුනා අපි ලංකාවේ ඇති සහ ඇති වෙමින් තිබෙන සියළු වාමාංශික දේශපාලන පක්ශ වලට දැනුම් දී සිටින්නේ ” වාමාංශික දේශපාලනයේ ඉදිරි දර්ශනය හදන්න හැකි වෙන්නේ විවෘතව එහි ඉදිරි දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම තුළ පමණක් ” බවයි.
bruce_lee 2-
අපේ මිතුරෙකු හිතාගෙන ඉන්නව විප්ලවවාදී දේශපාලන පක්ශ කියන්නෙ සෙංකඩගල ලී බඩු සාප්පු වගේ තැන් කියල. අපි ඔහුට කියන්නෙ අපේ පක්ශයේ ලේකම් කිසිදු දවසක ලී බඩු සාප්පුවක වැඩ කර නැති බවයි. ඒ නිසාම ඔහුට ඔබට වඩා හොදින් විප්ලවවාදී දේශපාලනය සහ පුටු මේස එහා මෙහා කිරීම අතර වෙනස වටහා ගත හැකියි. පුටු මේස එහා මෙහා කරන්නෙත් , තුවාල කැලැල් ගහන ස්ත්‍රී කකුල් දෙස අනුරාගයෙන් බලා සිටින්නේත් කවුරුන් දැයි අපි දනිමු !
ස්ත්‍රියක් කොටහළු වූ පසු පිච්ච මල් දැමූ වතුර වලින් ඇයව නාවා සුද්ද කර ස්පන්චියක් කන්නට දී පිරිසිදුකම නැති කළ විප්ලවවාදියාට සිදු වූ එකම අභාග්ය කුමක්ද ?
වේ ප්‍රෝටීන් ගැසූ පිම්බූ ඇඟක් මිස කුමන හෝ විප්ලවවාදීත්වයක් ඇඟට එන්නත් වූයේද ?
ගැහැණුන් සමග නිදා නොගන්නා පුද්ගලයන් කෙට්ටු වන බවටත් ගැහැණුන් සමග නිදා ගන්නා පුද්ගලයන් මහත් වන බවටත් වන මත්යා විශ්වාසයක් ගම්වල පිරිමින්ගේ ඔලුවල තිබෙනවා. ඒ නිසාම විප්ලවවාදී බොයිලර් කුකුළු මඩුවල නොසෙල්වා හදන ලද කුකුළන්ගේ වෙළඳපොළ වටිනාකම ඉහළ යන බවටද අසත්ය ප්‍රචාරයක් පැතිරෙමින් යනව.

තවත් වැදගත් කාරණයක් තමයි X දේශපාලනය නොමැති නම් X නොවන නිවැරදි දේශපාලනය කුමක් දැයි ලංකාවට හදුන්වාදීමට අලුත් ගෙඹි දාර්ශණිකයෙක් අවශ්යව තිබෙන බව. මෙවැනි ගෙම්බන් හැමදාම කළේ X තුළ සිට X නොවන සාරය හෝ X තුළ සිට X නොවන කඩාවැටීම කුමක්දැයි සෙවීමය. මේ ගෙම්බාට නොවැටහෙන්නේ X නැති තැන X නොවන්නෙහි සාරයක් නොමැති බවය.

බොහෝ දෙනා සිතුවේ X දේශපාලනය යනු සංස්කෘතික දේශපාලනයක් බවයි. මේ මර උගුලෙහි පැටලුණු පෙරටුගාමී සමාජවදී පක්ශය සහ කුමාර් ගුණරත්නම්ගේ අශ්ලීල ස්නායු තවමත් මේ මඩ වලේ දගලමින් අපට කෝචොක් දමන්නේ සැබවින්ම ඔවුන්ගේ රෝග ලක්ශනය X දේශපාලනය වන නිසාය. දීප්තිගේ ශාපයට ලක් වී අසාධාරණයට ලක් වූ මේ මැදි වියේ තරුණ ජීවිත වලට ක්ශමා කරනු මැන දේවයන් වහන්ස !
X දේශපාලනය සම්බන්ධයෙන් වූ අපගමනය පිළිබදව මහේශ් හපුගොඩ සහෝදරයා නිවැරදි උපමානයක් මේ වන විට ලබා දී තිබේ. මෙම නව උපමානයට අනුව X කණ්ඩායම හරහා දීප්තිවාදය තුළ සිදු වී ඇත්තේ ලංකාවේ ප්‍රතිවිරෝධතාවල ගර්භාශය ලෙස සංස්කෘතිය සැළකීමයි. වෙනත් විදිහකින් කිවහොත් සිදුව ඇත්තේ ආර්ථිකය තුළ ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ගැටළුව අවවර්ධිත තත්ත්වයක් තුළ එහි “දේශපාලනය” සංස්කෘතිය තුළ ප්‍රකාශමාන වීමයි. මෙය ලංකාවේ සිටින ට්‍රොට්ස්කිවාදීන්ගේ සීමාව සමතික්ක්‍රමනය කිරීමකි. එපමණක් නොව දෘශ්ටිවාදය විසින්  ආර්ථික තලය මෙහෙයවන බවට වූ සාක්ශියක් ද වේ.

මෙම තත්ත්වය නිශ්චිත උදාහරණයක් මගින් පැහැදිළි කරගනිමු.

විජය පුවත්පත් සමාගමේ හිමිකරු සහ එහි සේවකයන් අතර පවතින ආතතිසහගත තත්ත්වය මග හැරීමට කිසිදු අවස්ථාවක එහි හිමිකාරීත්වය සේවකයන්ගේ පඩි වැඩි කරන්නේ නැත. ඒ වෙනුවට හිමිකරු තම සේවකයන්ගෙන් පැමිණෙන ආතතිය මගහැරීම සදහා සිදු කරන්නේ ඔවුන්ට පොඩි ගාණක් දී විනෝද චාරිකාවක් යෑමට සැළැස්සවීමය. කර්මාන්ත ශාලාව තුළ තිබෙන ආතතිය ඉන් පසු විතැන් වන්නේ විනෝද චාරිකාව අතරතුර එයට සහභාගි වූවන් මත් පැන් බොන තැනටය. මත්පැන් බොන සේවකයන් හොදට බී විනෝද වන ගමන් හිමිකරුගේ අම්මා මතක් කර බනින්නේ ඒ නිසාය. දේශපාලන තලයේ ඇති ප්‍රශ්නයක් සංස්කෘතික තලයට මාරු වූවා යනුවෙන් අදහස් කරන්නේ එයයි.
ගැහැණිය සම්බන්දයෙන් සාම්ප්‍රදායක අදහසක් ඇති අයෙක් හිතන්න පුලුවන් ගැහැණිය අයිති විය යුත්තේ එක් පුද්ගලයෙක්ට කියල. මෙසේ සිතන පුද්ගලයා දේශපාලන පක්ශයක සංවිධායකයෙක් නම් ඔහු විප්ලවවාදියෙකු වන ගමන් සාම්ප්‍රදායක පිරිමියෙක් වෙනවා. මෙහෙම වෙන්නෙ ඉබ්බගෙ දර්ශනය ගෙම්බා ක්‍රියාත්මක කරන්න ගියාමයි. පැහැදිළිවම කිව යුතුයි මෙය විකෘති තත්ත්වයක්. මේ වන විට ගෙම්බාට සංවිධානය තුළ දී ඉගැන් වූ ඩෙරීඩාගේ පාඩම් මාලාව හොදටම අමතක වෙලා වගෙයි. ඩෙරීඩට අනුව කෙනෙකු සාලයෙදි හෙලා දකින දෙය අවිඥාණිකව කුස්සියෙදි අනුමත කරනවා.
තමන් සමග හිතමිතුරු වී සිටි ස්ත්‍රිය දීප්තිට විරුද්ධව PostModern නමින් මඩ Profile එකක් කරන විට මී පැටියෙකු සේ කර ඇර සිටි පුද්ගලයෙක් ප්‍රබෝධට සමපාත නොවේද ? ඔහු දීප්තිව ආරක්ෂා කලේ එළෙසය.
සමබිම ගැන කතා කරන අය AK 47 ගැන කතා නොකරන්නේ මන්ද ? සන්දර්භ දෙකක පැවතියද මේවායින් සංකේතවත් වන්නේ ( මිලිටරි සංකේතය ) ඉහත සදහන් කළ සංස්කෘතියට විතැන් වීමයි.

සහෝදරයා, අපි නැවත වරක් පවසන්නේ අපි තල්ලු කරන්නේ නැහැ, ගහනවා !
අපි මේ දේ ඉගෙන ගත්තේ බෲස්ලීගෙන් නොව බෲස්ලිගේ චිත්‍රපටයක තිබූ දෙබසක් ගැන දීප්ති කී කතාවකිනි..

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මොකද මේ ගිරිය කඩාගෙන කෑගහන්නෙ? තොපිට වඩා අයිතියක් මටත් තියෙද්දි මම මේ නිදාගෙන ඉන්නෙ. බෲස්ලි මැරුණ විදිහ උෟවත් දැනගෙන හිටියෙ නෑ. කටවහගෙන හිටපියව්! ‘බුරන බල්ල කන්නෙ නෑ!”

Comments are closed.