වසර 2005

මහින්ද රාජපක්ෂ 2005 දී තමා වටා බලවේග එක්රැස් වන විට එක දෙයක් හොදින් දැන සිටියේය. පාරිභෝගික ලෝකය ආගමක් වූ ලෝකයක මිනිසුන් ගේ DNA අණුව වන්නේ පක්ෂය,ප්‍රතිපත්තිය,ජාතිය,ආගම නොව “ආශාව” බවයි. එබැවින් මහින්ද රාජපක්ෂට අනුව විමල්ලාට,චම්පිකලාට,ඩලස්ලාට සහ තවත් බොහෝ දෙනාට ‘සාරයක්’ නැත. ඔවුන්ට ඇත්තේ ආශාවක් පමණි. පසුගිය වසර නවය යනු ඔවුන් ගේ ආශාවන් ලංකාව තුළ ඉෂ්ට කරගත් ආකාරයයි. ඔවුන්ගේ ආශාවන් මගින් ලංකාව යටත්විජිතකරණය වීමයි.

වසර 2014

වසර 2005 දී අනුන්ට සාරයක් නැතැයි සිතා ක්‍රියා කළ මහින්ද අන් සියළු දෙනා පරාජය කර ජය ගත්තේය. මෙවර ඔහුගේ උපාය සම්පූර්ණයෙන් වෙනස්ය. මෙවර ඔවුගේ සූත්‍රය මෙසේය. අනුන්ට විතරක් නෙවි තමන්ටත් සාරයක් නැහැ කියලා මහින්ද දැන් දන්නව. තමන්ට බනින්න,අවලාද කරන්න, නින්දා කරන්න අනුන්ට ඉඩ දීලා මහින්ද දැන් තමන් ගේ ඡන්ද ව්‍යාපාරය දැන් පටන් අරගෙන තියෙනව. තමන්ටයි, අනුන්ටයි දෙකටම සාරයක් තියෙනව කියලා හිතාගෙන වැඩට බහින විපක්ෂයේ උදවිය අන්දොස් වීම ඒ අනුව අහම්බයක් ද?

ඔබේ අදහස කියන්න...