වෝල්ටර් බෙන්ජමින්ගේ උධෘත පාඨයක් මෙසේ ය.

Red Rose …

 

1.ෆැසිස්ට්වාදය නැතහොත්, ජාතිකත්වය මත පදනම් වූ සමාජ විප්ලවය යනු, මාක්ස්වාදී විප්ලවයේ අසාර්ථකභාවයේ ප්‍රතිවිපාකයකි. 

 

ඉහත උද්ධෘතය මෙසේ වෙනස් කරමු.

 

2.රුසියානු විප්ලවයේ අසාර්ථකත්වය යනු,      යුරෝපයේ ජාතිකවාදයේ සාර්ථකත්වය යි.

 

3. ලංකාවේ අරගලය යනු, X විප්ලවයේ අසාර්ථකත්වය යි. 

 dead X.

 

        X යනු, ලංකාවේ පහළ වූ ප්‍රථම බාහිර සතුරෙක් නොමැති සමාජ ව්‍යාපාරය යි. වෙන ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් කට ඇරිය විගස පිට වන්නේ, බාහිර සතුරෙකු පිළිබඳ ඇඟ කිළි පොලා යන කතන්දරයකි. 94 දී, එය UNP ය විය. 2000 දී, එය චෞර රැජින විය. 2005-2009 දී, එය ප්‍රභාකරන් විය. 2015-2019 දී, එය මෛත්‍රී-රනිල් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය විය. 2021 ට පසුව, එය රාජපක්ෂ විරෝධය විය. දැන්, එය IMF විරෝධය වී ඇත.

විජේවීරවාදයේ කුණු ගඳ ගහන මේ බාහිර සතුරා පිළිබඳ ප්‍රබන්ධයට දැන් දශක 4 ක් පමණ ගෙවී ඇත. මේ මතවාදය පරාජය කිරීම අපගේ මැයි දින පණිවිඩය යි.

      විජේවීරවාදය යනු, ලංකාවේ මධ්‍යම පන්තියට රහසින් කඩේ යන මොළයේ වර්ධනය අතරමැද දී ඇණහිටී ඇති ශිෂ්‍ය දේශපාලන ප්‍රවර්ගයකි. මේ අය වැඩ කරන ජනතාව කියා කියන්නේ, ලංකාවේ සුදු කරපටි රැකියා කරන අයට ය.

     1905 අසාර්ථකත්වය 1917 දී සාර්ථක කරගත් පරිදි කළ යුත්තේ, 2004 දී අසාර්ථක වූ X විප්ලවය ඉදිරියේ දී ජයග්‍රහණය කිරීමයි. එහි දී, සාරාත්මක විජේවීරවාදීන්ගෙන් X පිළිබදව ඇසීම නවත්වන්න! 

සකල ලාංකික පීඩිතයනි එක්වව් !

ඔබේ අදහස කියන්න...