වසංගත රෝගවලින් දාර්ශනිකයන්ටත් ගැලවීමක් නැත. හේගල් මියගියේ යුරෝපයේ පැතිරී ගිය කොළරාව රෝගයෙනි. ඔහුගේ මිනිය ද, රෝගයෙන් මියගිය අනෙක් මිනිස්සුන්ගේ මෘත ශරීර සමඟ කරත්තයක දමාගෙන සුසාන භූමිය වෙත ගෙන ගොස් ඇත. වසංගත රෝග පැතිරෙන සමයක, ඔහුගේ සිරුර ද අනෙක් මිනිසුන්ගේ මෘතදේහ සමඟ වෙනසකින් තොරව සුසාන භූමියට රැගෙන යාම මඟින් සංකේතවත් වන්නේ කුමක්ද? හේගල්ට තමන්ගේ නැගණිය සමඟ සමීප ලිංගික සම්බන්ධයක් පැවති මුත් ඒ ගැන කිසිවක් ඔහුගේ දාර්ශනික පද්ධතිය තුළ නැත. සොරෙන් කියකිගාඩ් තමන්ගේ දර්ශනය ප්‍රති දර්ශනයක් යැයි පෙන්වීමට රෙජීනා  නම් ස්ත්‍රියක් කරළියට රැගෙන ආවේය.

                ‘මිනිස් ජීවිතයේ’ යම් අමතක කළ නොහැකි හැඟීමක් ඉදිරියේ දර්ශනය බිය වී පසුබසියි. අපගේ දේශපාලන සංවිධානයට අලුත් සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමට උත්සාහ කරන සමයක, පක්ෂ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් අවශ්‍ය වනු ඇත. අපගේ පක්ෂයට සහ එහි නායකත්වයට එරෙහිව, ඉතාම භයානක මිත්‍යා,බොරු,අවලාද ගොඩනඟන සංවිධානාත්මක පිරිසක් සිටින බව අපි ඉතා හොඳින් දන්නෙමු. මේ සඳහා, නිර්නාමික ලෙස පෙරටුගාමී සමාජවාදීන් සහ සමහර ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සම්බන්ධය. අපට විරුද්ධව ව්‍යාජ ප්‍රවෘත්ති පළ කර, ඒවා Facebook වැනි ප්‍රාග්ධනය එකතු කරන මධ්‍යස්ථානවල ගුල්වලට වැද තැන් තැන්වල පතුරුවා හරින බවට සාක්ෂි ද අප සතුය.

               විකුණාගත නොහැකි පත්තරවල කතුවරු ද අපගේ බුද්ධිමය අදහස් විකෘති කරන, ඒවා මංකොල්ල කන අයගේ ලිපි දිගින් දිගටම පළ කරන්නේ අපට කෙලවීමට බවද අපි දන්නෙමු. අප එයට කියන්නේ, ඊර්ෂ්‍යාව කියාය. ළමා අපචාරවලින් උසිගැන්වෙන මෙම කර්තෘ තක්කඩින් තම පුවත්පත්වලට ලිපි ලියන කතිකාචාර්යවරු විශ්වවිද්‍යාලයේ ගුරු කාමර තුළ ශිෂ්‍යාවන්ට කරන අපචාර ගැන නොදන්නා තරමට නිවටය. මින් එක් විශ්වවිද්‍යාල ගුරුවරයෙකු සේවයට ගෙන ඇත්තේ ද ආයතනික පටිපාටියට විරුද්ධවය. මේ ගැන සංවිධානයක් ලෙස ඉදිරියේදී ඡන්දයට පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයට පැමිණිලි කරන්නට අපි අදහස් කරන්නෙමු. එවිට, මේ තක්කඩි පත්තර කතුවරුන්ට සිදුවන දේ ගැන බලාගත හැකිය. මීට අමතරව, විවිධ පොත් මුදලාලිලා (සන්නස්ගල සිට අහස දක්වා) විකුණන්නේ අප සංවිධානය සතු, පොදු මහජනයාට පොදු දේපළක් කළ දැනුමකි. මාක්ස්වාදයට කවදත් විරුද්ධ පුද්ගලාලම්භනය මඟින් තනි තනි පුද්ගලයන්ව බොරු කකුල් වල නංවා ඇවිද්දීමට දරන උත්සාහය හාස්‍යජනකය. ඉංග්‍රීසි ලිපියේ අඩංගුව සිංහල ලිපියට එනවිට ප්‍රතිවිරුද්ධ අදහස් එන්නේ නම්, එවැනි පොත්වලට ප්‍රමිතියක් නැත. නමුත් තක්කඩින්ට ඉදිරි පරම්පරාව නොමඟ යෑමට වඩා අපට ගේමක් දීම ප්‍රමුඛය.

                අපේ සංවිධානයෙන් ඉවත් කළ සහ ඕපපාතිකව ඉවත් වූ කිසිදු පිරිමි සාමාජිකයෙක් අවංක මිනිසෙක් නොවේ. ඔවුන්ගේ බඩවල් වල තිබෙන දඩමස් ප්‍රමාණය ගැන දන්නේ අප පමණය. ඔවුන්ගේ කටින් පිට වන්නේ, බුද්ධ දේශනා බවද අපි දන්නෙමු. නිසි මොහොතේදී මොවුන්ගේ බඩවල් වල ඇති දඩමස් ප්‍රමාණය සහ පුද්ගලවාදයේ තරම ගැන අපි සාක්ෂි සහිතව කතා කරන්නෙමු. අප බොහෝ කලක් වේදිකාව මතට නාවේ, අනවශ්‍ය වමේ පක්ෂ සමඟ බොරු රණ්ඩු පටලවා ගැනීමට අකමැති නිසාය. 2009 වර්ෂයේ දෙමළ ජනයා සමූලඝාතනයට ඉඩදුන් සාහසික යුද්ධයට සදාචාර සහ දේශපාලනික තල්ලුව දුන් ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවට නැඟ ගත් ව්‍යාජ බුද්ධිමතුන් ගැන අපි කම්පා වන්නෙමු.

            ‘වම’ කියන්නේ, මිනිස්සුන්ට තෙල් ගා අත ගාන තෙල් සාත්තුවක් නොවේ. ‘වම’ යනු, මිනිසුන්ගේ පිටවල් කසන, ආතල් දෙන, හිස් පාත් කරන නිවටයින්ගේ ව්‍යාපාරයක් නොවේ. ‘වම’ යනු, එක පේළියට පිහිනන පාත්තයන් රංචුවක් ද නොවේ. වම යනු, තක්කඩිකමට හම්බවෙන හැම තක්කඩියාගේම කරට අත දාගන්නා Broලා නඩයක් ද නොවේ.

            ‘වම’ යනු, බලාපොරොත්තුවකින් තොරව වෙළඳපොළ සහ ධනවාදී සබඳකම් වලට විරුද්ධව යන සවිඥාණක දේශපාලන ව්‍යාපාරයකි. අද එය නහයෙන් අඬන තක්කඩින්ගේ ශාන්තිකර්ම වැඩපොළකි. පොදු වැඩකට සත පහක් වියදම් කිරීමට අකමැති මිනිසුන් මුහුණු පොතේ දී මුනිවරයන් වී ඇත. විශ්වවිද්‍යාල තුළ ළමා අපරාධ කරන අය එළියේදි ප්‍රියාන් මැණික්ට විරුද්ධ වී ඇත.

                 කාන්ට්ගේ සිට සියලු දාර්ශනිකයන් හදාරන්න යැයි කියන සොමි ගුණයෙන් ආඨ්‍ය, නේපාල ගරිල්ලන්ගෙන් අරමුදල් ගෙන මෝටර් රථයක් මිලට ගත් සමහරු බල්සාක්, ඩොස්තව්ස්කි, කෆ්කා ගැන කියවන්න ආරාධනා නොකරයි. දාර්ශනිකයන් අතහරින මිනිස් ගැටුම භාෂාවෙන් නිරූපණය කරන්නේ, නවකතාකරුවන් ය.

              ඉදිරියට එන ඡන්දයේදී, එක එකාගේ ගෝනිබිල්ලන් නොවී අප සමඟ එකතු වී පොදු ජන අරගලයක් ආරම්භ කරමු!

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...