පෙබරවාරි මස පහළොව හවස 4.00 සිට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ දී සුභාවිත නමින් සගරාවක් එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වන්නට අපටත් අවස්ථාවක් උදා විය. මෙම සගරාවේ සංස්කාරක මණ්ඩලය වන ඇන්ටන් මාකර්ස්, ඩෙස්මන් මල්ලීකාරච්චි, මහින්ද රත්නායක, කුසල් පෙරේරා සහ ජයම්පතී වික්‍රමරත්න යන මහත්වරුන් විසින් මූලාසනය දැරූ මේ සංවාද මණ්ඩපය සදහා විවිධ වාමාංශික නායකයන් රැසක් සහභාගී විය.
මෙහිදී මුලින්ම සභාව ඇමතුවේ කුමාර් ඩේවිඩිය. ඔහු විසින් වර්ථමානයේ ලංකාවේ ඇතිව තිබෙන අර්බුද විග්‍ර කරණු ලැබූ අතර පසුව මුලාසනය් සිටි කුසල් පෙරේරා සහෝදරයා විසින් මේ වන විටත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ කෑපි පෙනෙන චරිතයක් බවට පත්ව සිටින ජන අරගල ව්‍යාපාරයේ පුබුදු ජයගොඩ සහෝදරයාට සභාව අමතන්න යැයි ආරාධනා කලේය. එහිදී කුසල් සහෝදරයා සුභාවිත සගරාවට ලිපියක් සම්පාදනය කිරීමෙන් පුබුදු සහෝදරයා ලබා දුන් සහයෝගය තමන් අගය කරණ බව පැවසීය. මෙහිදී සභාව ඇමතූ පුබුදු සහෝදරයා මුලින්ම කිවේ සුභාවිත සගරාවට ලබා දුන් ලිපිය තමන් නොව පක්ෂයේ වෙනත් සහෝදරයෙකු විසින් සම්පාදනය කරණු ලැබූවක් වන බවයි.
මෙහිදී ඔහු මූලික වශයෙන් සිය කතාවට පාදක කර ගනු ලැබූවේ නව කම්කරු පංතිය මුහුණපා සිටින අර්බුදය සම්බන්ධයෙනි. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සමාජවාදී විප්ලවය සදහා යන ගමන ශක්තිමත් කරන්නට නම් මධ්‍යගත නායකත්වයක් අවශ්‍ය වන බවයි. විසිරී විහිදුන පිරිසක් විසින් කරණු ලබන හුදකලා කැරළි මගින් සමාජවාදී විප්ලවය සිදු කරන්නට බැරි බව අවධාරණය කරණු ලැබීය. ඔහුගේ කතාව අවසානයේ කුසල් සහෝදරයා පැවසූවේ මීලග සූභාවිත සගරාවට පුබුදු සහෝදරයා ලිපියක් ලියනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. අනතුරුව සභාව අමතනු ලැබූවේ එක්සත් සමාජවදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය සහෝදරයා විසිනි. ඔහු පවසා සිටියේ ජනතා විමුකිති පෙරමුණ විසින් ගොඩ නැගූ ජාතිවාදී මතවාදය මතින් මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී නායකයා බිහිවූ බවයි.
එයට පූර්ණ වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවත් ඇත්ත තේරුම් ගෙන යළි හරි පීල්ලට මාරු වූ ජන අරගල ව්‍යාපාරයට තමන් සුභපතන බවත්ය. මීලගට සභාව ඇමතූ වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සිය දේශනය වෙනස්ම ආකාරයකට කරණු ලැබීය. එහිදී ඔහු විසින් අවධාරණය කරණු ලැබූවේ තෘෂ්ණාව ඉවත් කර ජීවත් වන්නේ කෙසේද යන්න ගැන යළි සිතා බැලිය යුතු බවයි. තෘෂ්ණාව නිසා ලෝකයම විනාශය කරා ගමන් කරන අතර යළි ආදරය සමිබන්ධයෙන් සිතා බැලිය යුතු බව ඔහු අවධාරණය කරණු ලැබීය. ලෝකයට ආදරය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිතා බලන්නට අම්මාගේ ආදරය තරම් ආදර්ශයක් තවත් නැතැයි ඔහු පැවසීය. මේ නිසා යළි අම්මාගේ ආදරය ගැන අලුතින් සිතා බලන්නට මේ හොදම කාලය බව ඔහු අවධාරණය කලේය. අනතුරුව ඉතිරි කතිකයන් සදහා කුසල් සහෝදරයා විසින් වෙලාව වෙන් කරණු ලැබීය. ඒ අනුව ජයම්පතී වික්‍රමරත්න සහෝදරයාට විනාඩි පහක් ඩෙස්මන් මල්ලිකාරච්චි සහෝදරයාට විනාඩි පහක් සහ සුමනසිරි ලියනගේ සහෝදරයාට විනාඩි විස්සක් වශයෙන් වෙලාව වෙන් කලේය.
සභාව ඇමතූ ජයම්පතී වික්‍රමරත්න සහෝදරයා මුලින්ම තමන්ව මේ සගරාවේ උපදේශණ කර්තෘ වරයෙකු බවට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සංස්කාරක මණ්ඩලයට ස්තූති කෙලේය. තමන් කතාවක් පවත්වන්ට සූදානමින් නොපැමිණිය නිසා ඔහු දේශපාලන ක්‍රියාධරයෙකු වශයෙන් සිය වගකීම් අවධාරණය කරමින් කෙටි දේශණයක් කලේය. අනතුරුව සභාව ඇමතූ ඩෙස්මන් මල්ලිකාරච්චි සහෝදරයා සිය දේශණය මූලික වශයෙන් පාදක කර ගත්තේ අරාබි විප්ලවය ගැන කියන්නටය. ඔහු ප්‍රකාශ කලේ අරාබිකරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතාව පාරට බැස උද්ඝෝෂණ කරද්දී මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදයට එහෙිව උද්ඝෝෂණයක් ඇතිව තිබෙන බවයි.
මේ අරාබි විප්ලවය ඇතැමුන් විසින් අරාබි වසන්තය වශයෙන් හදුන්වනවාට තමන් විරුද්ධ වන්නේ මේ ජනතා විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන පියවරක් වන බැවිනි. මෙහිදී තමන් දුටු අපූර්වතම සිදු වීම නම් ලස්සන සුදු ඉල්සාම් ස්ත්‍රීන් මේ විප්ලවය උදෙසා ලබා දුන් අනූපමේය දායකත්වයයි. පුරුෂාධිපත්‍ය සහිත දැඩි ඉස්ලාම් නීති යටතේ මෙවැනි ස්ත්‍රීන් විසින් විප්ලවය උදෙසා සිය දායකත්වය ලබා දීම ගැන අලුතින් සිතා බැලිය යුතු බව ඔහු පැවසීය. මේ නිසා ඉදිරියේ දී පරියන්තයේ සිටින ස්ත්‍රිය කේනද්‍රයේ දේශපාලනය සදහා ඓයින්ද්‍රීයව බද්ධකර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් තමන් සුභාවිත සගරාවට ලිපියක් සම්පාදනය කරන බවත් ඔහු පැවසීය.
ඔහුගේ කතාවෙන් පසු සභාව ඇමතූ කුසල් සහෝදරයා කීවේ සුපුරුදු පරිදි අදත් ඩෙස්මන් ඔහුගේ ප්‍රජාතන්තූවාදය පාවිචිචි කරමින් වැඩිපුර වෙිලාවක් ලබාගත් බවයි. අවසාන දේශණය පැවැත්වූ සුමනසිරි ලියනගේ සහෝදරයා මුලින්ම තමන් සාරාංශ කතිකයෙකු වන බැවින් සිය දේශණය කෙටියෙන් පවත්වන බව පවසමින්ම සිය කතාව ඇරබීය. ඔහු මූලික වශයෙන් පුබුදුගේ අදහස් වලට එකග වන බව හා විරුද්ධ වන බව පැවසීය. එහදී ඔහු විප්ලවය සදහා මධ්‍යගත නායකත්වයක් අවශ්‍ය බවට වූ ලෙනින්ගේ තර්කයට තමන් එකග නොවන බව පැවසූවේ ලෙනින්තේ නායකත්වය යටතේ වැඩුණු රුසියානු විප්ලවය වසර හැත්තෑවකට පසු කඩා වැටුන නිසා මෙන්ම මේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නිසාම අපට අවසානයේ කාම්බෝජයේ පෝල් පෝට් වැනි නායකයන් ද බිහිවූ බව මතක් කරමිනි. මේ නිසා මේ දිනවල අරාබි විප්ලවය තුලින් කරලියට පැමිණි ස්ත්‍රී දේශපාලනය සම්බන්ධයෙන් අලුතින් සිතා බලන්නට වන බව පැවසිීය. මේ සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට ගීගී ඉබ්රාහිම්ගේ සංවාද යූ ටියුබ් හරහා නරඹන්න යැයි ඔහු ආරාධනා කලේය.
මේ සුභාවිත සගරාව ගොඩ නැගීමේ අරමුණ වශයෙන් මේ සියලු දෙනා අවධාරණය කර සිටියේ යහපත් භාවිතයක් ගොඩනගමු යන්නයි. මේ සමස්ථ දේශණ මාලාවේ පොදු හරය වශයෙන් ඔහු ගොනු කලේ අරාබ් මොඩලයේ විප්ලවයක් මගින් හෝ පවතින සිස්ටම් එක චේන්ජ කළ යුතු බවත්, සුදු ලස්සන ස්ත්‍රීන් දේශපාලනය සදහා රැගෙන ආයුතු බවත්, සැමට කතා කල හැකි පොදු වමේ වේදිකාවක් ගොඩ නැගිය යුතු බවත් මේ වන විටත් දැවැන්ත දේශපාලන ව්‍යපාරයක් වශයෙන් ගොඩ නැගෙන ජන අරගල ව්‍යාපාරයට සමස්ථ වමේ ව්‍යාපාරයේම සහයෝගය හිමිවිය යුතු බවත්ය.
මේ සගරාව මුද්‍රණය කලේ අගහිගකම් මධ්‍යයයේ වන බැවින් වෙනදා මෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන්ට නොහැකි බවත් කුසල් සහෝදරයා පැවසීය. රැස්වීමෙන් අනතුරුව කවදුරටත් එහි රැදී සිටි පුබුදු ජයගොඩ සහෝදරයාට වාමාංශික නායකයන් ගෙන් ලැබුනේ ඉහළ ප්‍රතිචාරයකි. පුබුදු සහෝදරයා තවමත් රැදී සිටින බව මහින්ද රත්නායක සහෝදරයා විසින් කුසල් සහෝදරයාට පැවසූවේ දැඩ් ච්ත්තප්‍රීතියකිනි. පසුව මේ පරිස සුලු වෙලාවක් යළි සංවාදකරමින් සිටින අතර අප එම ස්ථානයෙන් පිටත්ව ගියේ පැරණි වමේ සාමාජිකයන් විසින් අලුතින් ආරම්භ කළ සුභාවිත සගරාව චිරාත් කාලයක් වැජබේබවා යැයි සිතින් ප්‍රාර්ථනා කරමිනි.





වික්‍රමබාහු කරුණාරත්න sahodaraya kiyana dewal gana ekanga wunath, karana dewal gana nam pahadimak ne.
Sudharaka sahodaraya, hariyatama hari. Lankawe wame wiyaparaya hadila tiyenne godak durata uni karayangenui, upadhidhari rassa nati ayagenui. Ehema wiyaparayakata anagathayak tiyenwada?
වික්‍රමබාහු kiwa wage thanhawa ihatath wadiy ne…. thamage hama prathipaththiyakma wikunala dala hari kohe hari rassawakata set wei. Ita passe wama dakuna wunath ekai.
එහෙනම් කරන්න තියෙන්නේ අපිත් කොටස් කාරයෝ වෙන එකය් පැත්තකට වෙලා විවේචනය සාදාරන නාහේ ඇතුලට බහින්න වෙනවා.
මේ වන විටත් දැවැන්ත දේශපාලන ව්‍යපාරයක් වශයෙන් ගොඩ නැගෙන ජන අරගල ව්‍යාපාරයට සමස්ථ වමේ ව්‍යාපාරයේම සහයෝගය හිමිවිය යුතු බවත්ය…………..
හික්! හික්!…
මම උබලගේ ගොඩක් දේවල් සම්බන්දයෙන් විරුද්ද මතයක හිටියත්, මේ ඊනියා අරාබි වසන්තය හා ළදරු වලිප්පු ජනරළ කාරයන් ගැන උබලගේ මතයට එකග වෙනවා. මේ ජනරල කාරයෝ වටා ඉන්න ස්ප්‍රිට් එක තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හා රැකියා විරහිත උපාධිදාරියෝ. මේ අයට ආණ්ඩුවෙන් රස්සාවක් ලැබුණ ගමන් හෝ වෙන තැනකින් රස්සාවක් හම්බෙලා කසාදයක් බැද ගත්ත ගමන් ජන රල නෙමේ මතක් වෙන්නේ, රැල්ලේ වලි කස කසා තමයි ඉන්නේ. අපි නොදන්න ලංකාවේ මිනිස්සු.