2007 වර්ෂයේ සිට 2014 ජුනි මාසය දක්වා කාලයක් හුදෙකලාවත්, සමහරවිට සාමූහිකවත්, තහවුරු වීමට නියමිතව තිබූ ජාතිවාදය පරාජය කර, ‍ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටු වීමට අපි උත්සාහ කළෙමු. 2014 ජුනි මාසය වනවිට ඉන්දියාවෙන් රනිල් වික්‍රමසිංහ වෙතට පාත් වූ පණිවිඩය වූයේ, අපේක්ෂකත්වයෙන් ඉවත් වන්න! යන්නයි. ඒ සඳහා, චන්ද්‍රිකා සහ අනෙක් සුළුතර පක්ෂ කැමති කරවාගෙන ඇති බව ද ඔවුන් දන්වන ලදී. පළමු උත්සාහය දරන ලද්දේ, නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙනි. එතැනින් පසු අප ක්‍රියාවලියෙන් ඉවත් වූ අතර සිදු වූ දේවල් ගැන දන්නේ අන් අය කියන දේවල්ම ය.

             2015 ජනවාරි 9 වනදා, යහපාලනය පිහිට වූ දා ශ්‍රී ලංකාවේ ජනතාව ලෝකය ඉදිරියේ ‍ප්‍රජාතන්ත්‍රවාදී පෙරටුගාමි බලඇණියක් විය. බටහිර ලෝකය පවා ‍ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී නොසිටින තත්ත්වයක් තුළ ඒ සඳහා පෙනී සිටියේ, ඊජිප්තුව, ටියුනීසියාව, සිරියාව, ඕමාන් වැනි රටවල මහජනයා ය. නායකයන්ට වඩා ඉදිරියට යමින් මහජනයා ශ්‍රී ලංකාවේ ද, ‍ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටු වන්නට කැප වුණේය. නමුත් එම උත්සාහය පරාජය විය. තත්වය වෙනස් වන්නට බලපෑවේ කුමන සාධකය ද? ඒ සම්බන්ධයෙන් කිසිවෙකු විවෘතව කතා කරන්නේද?

                 උදාහරණයක් ලෙස, 94 වර්ෂයේ පිහිටවනු ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කඩා වැටීමට බලවත් ලෙස බල පෑ සාධකය වූයේ, ‘සනත් ගුණතිලකය’. S. Bගේ වාචාල හඩින් කියන්නේ නම්, ඒ වනාහි සම්-මස්-ලේ-නහර-ඇටවල සාරය යි. දාර්ශනික භාෂාවෙන් කියන්නේ නම්, චන්ද්‍රිකාගේ ආත්ම මූලිකත්වය-Subjectivity- උතුරේ දෙමළ ගැටලුවට විසඳුමක් දීමේ සිට අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් නොසළකා හැරියේ ය. නැවත වාර්ගික යුද්ධය ඇවිලී ගිය අතර ‘ජනතා විමුක්ති පෙරමුණ’ බලවත් සිංහල ජාතිවාදී පක්ෂය බවට පත්විය. ඔවුන් ජාතිවාදයේ උත්ප්‍රේරක භූමිකාව හොඳින් රඟපෑවේය.

               2007 වර්ෂයේ සිට 2010 දක්වා Right’s Now ආයතනය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම උදෙසා සංකීර්ණ උත්සාහයක් ගන්නා ලදී. නමුත් 2010 වර්ෂයේදී සංවිධානය තුළ සිටී ස්ත්‍රියක් ව –දුප්පත් කමට රස්සාවක් කල-එහි අධ්‍යක්ෂක ලෙස අප විසින්ම භෞතිස්ම කළ පුද්ගලයා,‘දෛව ස්ත්‍රිය’-A femme fatale , sometimes called a maneater or vamp, is a stock character of a mysterious and seductive woman whose charms ensnare her lovers, often leading them into compromising, dangerous, and deadly situations- බවට පත් කළේය. ඡන්දවලින් ආණ්ඩු පෙරළී ඇති කළ හැකි මුත්, සමාජය වෙනස් කළ නොහැකි යැයි ඇදහූ අප සංවිධානයේ තවත් පිරිසක් Right Now සංවිධානය නොරිස්සුවේය. එය කොලොප්පමට ගත්තේය.

              අපට කෙටියෙන් කීමට අවශ්‍ය වන්නේ, ඉහත වර්ග දෙකේම අය ස්ත්‍රී ශරීරය නිසා දේශපාලනිකව අපගමනය වූ බවයි. මේ දේවල් වලට බොළඳ තර්ක ඉදිරිපත් කරන අයට අප කියන්නේ ‘ඔබලා’ ගැන කියන්නට තිබෙන දේවල් අපටත් වඩා බියකරු බවයි. (ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදීන්)

                පවතින කටුක යථාර්ථය වෙනස් කිරීමට යාමේදී වඩා බලවත් වන්නේ, ‘දැනුම’ යැයි අදහසක් සමාජයේ ඇත. මිනිස් චින්තනය අනුගමනය කරන්නේ, යථාර්ථයේ අභ්‍යන්තර තර්කනයයි. එනම්, නූතන මිනිසා වැඩියෙන් ආශා කරන්නේ, තමන්ගේ වහල් බැමි කඩා බිඳින විද්‍යාවට නොව ඒවා තහවුරු කරන අවිද්‍යාවටයි. ‘ජන විඥානය’ සහ පක්ෂයේ මෙහෙයුම් අක්ෂය (උපාය මාර්ග) අතර පවතින පරතරය, පසුගිය ජනාධිපතිවරණයේ සේම මෙම මහ මැතිවරණයේදී ද ජවිපෙට මගහැරී යනු ඇත. ගම්ලත්ගේ මළගෙදරදී ස්ත්‍රීන් දෙදෙනකු මරා ගැනීම නිසා විදග්ධ පිරිමින් පමණක් නොව සන්නස්ගල පවා පණ කඩාගෙන දිව්වේය. මන්ගේ මානසික අතිරික්තය (විනෝදය) පැරැණි සමාජය තුළ සැඟවීය. (කාන්ට්ට පෙර යුගය) නමුත්, සමකාලීන පශ්චාත්-නූතන සමාජය තුළ දී මිනිසා තමන්ගේ  අශ්ලීල රහසිගත අතිරික්තය (අනෙකා මන්මත් කරවන ලිංගික ක්‍රීඩා, රහස් කතා….) සමාජය සමඟ බෙදා හදා ගනියි. බොහෝ සමාජශීලී සමාජ මහන්සිය විනාශ කරන්නේ, මෙම මානසික අතිරික්තය යි. 

            උදාහරණයක් ලෙස, 2015 වර්ෂයේ අගමැති ලෙස දිවුරුම් දුන් වහාම රනිල් වික්‍රමසිංහ ගමන් කළේ උතුරේ සිරකරුවන් බැලීමට නොව රක්වානේ සාගලගේ ගෙදරට යි. (සාක්ෂි සහිතයි) අනෙක් අතට, ඔහු ඊළඟට තීන්දු කරනු ලැබුවේ, ඊළඟ වාරයේ රටේ ජනාධිපති බවට පත් වන්නේ තමා බවයි. ඒ නිසා, ප්‍රතිඵල තුනක් බිහි විය.

1.මහාබැංකු බැඳුම්කරය.

2.19 වන ව්‍යවස්ථා සංශෝධනය.

3.බැසිල් හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදීම.

            අනෙක් අතට ඔහුට අවශ්‍ය වූයේ , මලික් වෙනුවට වෙනත් කෙනෙකු-Arjuna Mahendran– අත මුදල් තැබීමටයි. මේ සියල්ල රනිල්ගේ ආත්ම මූලිකත්වයයි. යි.[Subjectivity-the quality of being based on or influenced by personal feelings, tastes, or opinions.] පැරණි භාෂාවට අනුව මේවා පුද්ගලික සාධකය.

                     ‘යහ පාලනයට’ උදවු දුන් සියලු දෙනා අන්දුන් කුන්දුන් වූයේ, රනිල්ගේ ‘ආත්ම මූලිකත්වය’ ගැන පුරෝකතනයක් ඔවුන්ට කළ නොහැකි වීම නිසාය. සමකාලීන දේශපාලනය වාස්තවික බල රටාවන්ගෙන් ආත්මමූලික රටාවන්ට පසුබැස ඇත. නමුත් ලංකාවේ ඊනියා වම්මුන් මනුෂ්‍යයන්ගේ ආත්මමූලික සාධක සලකන්නේ, පුද්ගලික කාරණා ලෙසිනි. නමුත් රනිල්ගේ ආත්ම මූලිකත්වය නම් නිලීන සාධකය නිසි කලට ඉස්මත්තට පැමිණ සියල්ල විනාශ කරන ලදී. එපමණක් නොව, Right’s Now  ආයතනයේ මූලිකයාට ද සියලු දේ අහිමි වී, ‘Damage’ චිත්‍රපටයේ මාටින් චරිතයට වූ දෙය ඔහුට ද සිදු වී ඇත. ඔහු දැන් පාරේ ඇවිදින නිකම්ම නිකං නීතීඥයෙකි. දෛවයක මහත!

             ඉදිරි මැතිවරණයේදී, කිසිදු පිලක් නියෝජනය නොකර රටේ සත්‍ය සමාජ-ආර්ථික ගැටලු ගැන දැනුවත් කිරීම සඳහා යම් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට අපි අදහස් කරන්නෙමු. ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

    

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය


ඔබේ අදහස කියන්න...