නූව දශකයේ ශ්‍රී ලංකාව තුළ කොළඹ අගනගරයේ අධිපති දේශපාලන කතිකාව වූ සංස්කෘතික දේශපාලනය අවසන් වී බොහෝකල් ගතවී ඇත. X කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය බොහෝ දෙනා නිරත වූයේ ද සංස්කෘතික දේශපාලනයේය. නමුත් මේ ගතවෙමින් පවතින්නේ 2015 වර්ෂයයි. (අපගේ විෂන් එක කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය අය ‘‘ඇසිඩ් වැස්ස‘‘ කෘතිය කියවන්න. තේරුණේ නැති අය නැවත වරක් කියවන්න.) 
2004 වර්ෂයේ දී X කණ්ඩායමේ රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පිරිසිදු කිරීම් කටයුතු භාරව සිටි එක්තරා සහෝදරියක්, තමන්ට වඩා උඩ යාවි යැයි සිතා බය වී ඉන්දි අකුරුගොඩ නම් සාමාජිකාවකට මිදුල අතුගෑමේ කටයුතු හැර වෙනත් කිසිදු වැඩක් නොදුන්නාය. දිගට හරහට මිදුල අතුගාමින් සිටි ඉන්දිගේ කෘදන්ත සිරුර දුටු පැරණි-පරිණත-වාම බුද්ධිමතෙකුට එහිදී මෙසේ කියවිණි.
‘‘ ඇයි මේ සුන්දර දරුවාට මිදුල අතුගාන්න විතරක් දෙන්නෙ ? ඇයි අර ආනන්දෙන් ආපු කොල්ලන්ට අඹ කොළ විතරක් ඇහිදින්න දෙන්නෙ? ඇයි අපට බැරි ඕන රෙද්දකට ‘‘පශ්චාත්‘‘ කියන වචනය දාන්න අවශ්‍ය න්‍යාය ඒ අයට කියල දෙන්න බැරි ?‘‘
සිදුවෙමින් පවතින දේවල් දෙස බලන විට බොහෝ දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ අපව සංස්කෘතික දේශපාලනයකට කොටු කිරීමට බව පෙනෙයි.ඉදිරියෙදි බලමු, ඒ උගුලට අපිව හසුකරගන්න පුලුවන් වේවිද කියල….
Bra-

ඔබේ අදහස කියන්න...