Missing – නැති වූ, දක්නට නොමැති.
මෙම අතිරේකයේ නම Missing ඒ සදහා සන්දර්භ දෙකක් යෝජනා කරන්න පුළුවන්.

(A) කොස්තා ගවුරස් නම් සිනමාකරුවා විසින් 1982 වර්ෂයේදී නිර්මාණය කරන ලද චිත‍්‍රපටයේ නම Missing ය. චිත‍්‍රපටයට පාදක වන්නේ 1973 දී චිලියේ සිදු වූ හමුදා කුමන්ත‍්‍රණයේදී අතුරුදහන් වූ තම පුතාව සොයන පියෙක් සහ බිරිදක් ගැන කියැවෙන අනුවේදනීය කතා පුවතකි. චිලියේදී අතුරුදහන් වන තම පුතාගේ ඉරණම තීරණය වන්නේ තමාගේම ආණ්ඩුව මගින් (ඇමරිකාව) බව දැනගත් වහාම පියාට ඇති වන හැගීම කුමක්ද? සමකාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ යමක් නැති වී ඇති වගට එය සංඥාවක් නොවේද? රුකී ප‍්‍රනාන්දුව තාවකාලිකව අතුරුදහන් කළ රාජ්‍ය නිලධාරීන්ව එම කි‍්‍රයා සදහා පොළඹවන අත්පොත (Counter Insurgency Doctrine) නිපදවා ඇත්තේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පෙනී සිටින රටවල් බව ඔහු දන්නේ ද?

(B) මෙම අතිරේකය සදහා සෞන්දර්යය නිර්මාණ යොදා ගන්නා බව සැබෑය. නමුත් ඒ සෞන්දර්යය විනිශ්චයන් කිරීමට නොවේ. අප මෙහිදී මීට වඩා ඉදිරි පියවරක් තබා ඇත. අප කතා කරන්නේ සෞන්දර්යය නිර්මාණවල ගැවසෙන චරිතවල හැසිරීම ගැනය. කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ චරිතවල හොද නරක ගැනය. නැතහොත් ඔවුන්ගේ සදාචාරය ගැනය. එතැනින් අප නතර වන්නේ ද නැත. මනුෂ්‍ය ජීවිතය අවධි තුනකට බෙදිය හැක.

(1) සෞන්දර්යය අවධිය – ජීවිතයේ සුන්දරත්වය අත් විඳීම
(2) සදාචාර අවධිය – ජීවිතයේ අප කළ කී දෑ ගැන විනිශ්චය කරන යුගය
(3) ආගමික අවධිය – ලෝකයෙහි අසම්පූර්ණ බව පූර්ණ කිරීමට අපට දිය හැකි දායකත්වය

තෙවැනි අවධිය සඳහා උදාහරණයක්-
ඔබ මෙහෙම හිතන්න! ඔබ දරුවන් සිටින බිරිදක්. ඔබ තම සැමියා සමග දළදාව වඳින්න යනවා. අහම්බයකින් ඔබට ඔබේ අතීත පෙම්වතා හමු වෙනවා. එයා ඔබට මෙහෙම යෝජනාවක් කරනවා. ‘අපි දෙන්නා එකතු වෙලා නෙළුම් මලක් පූජා කරමු ද දළදාවට?’ ‘මොකටද?’ ඔබ අහනවා. එවිට ඔහු මෙහෙම කියනවා. ‘ලබන ආත්මයේදීවත් අපිට වෙන් නොවී එකට ඉන්න ලැබේවා කියලා.’ ඔබ ඊට කැමති වෙනවා. මෙතනදි ඔබ අවධි දෙකක් පහු කරනවා. මේ ප‍්‍රාර්ථනාව කරන ඔබ දැන් මහළුයි. ඒ නිසා ඉන් සෞන්දර්යයක් ජනනය වෙන්නේ නැහැ. ඊළගට ඔබ දන්නවා ඔබ කරන්නේ සදාචාර විරෝධී කි‍්‍රයාවක් කියලා. ඒ අනුව ඔබේ කි‍්‍රයාව හරහා ඔබ හොද කෙනෙක් වෙන්නෙත් නැහැ. එහෙනම් ඔබ රාජකාරියක් ලෙස සලකා එම කි‍්‍රයාවට සහභාගි වූයේ ඇයි? සැකයකින් තොරව ඔබේ අනෙකා (පෙම්වතා) සතුව නැති දේ (ඔබ නිසා ඔහුට අහිමි වූ දෙය) ඔහුට ප‍්‍රකාශ කිරීමට ‘භක්තිය’ හැර අන් මාර්ගයක් නැත. ඒ කියන්නේ මිනිස් ආදරය ගැන ඔබට ඇති විශ්වාසය. පවතින ලෝකය පූර්ණව නෛෂ්ක‍්‍රම්‍යය කරන්න පුළුවන් වෙන්නෙ ‘ආදරය’ කරන කෙනෙකුට. එය ඔබේ ජීවිතයේ ආගමික අවධිය. ලෞකික ලෝකයේ නිස්සාරත්වයෙන් ගැළවෙන්න පුළුවන් එතකොටයි.

සම්පූර්ණ අතිරේකය මෙතනින් බලන්න

 

ඔබේ අදහස කියන්න...