Posted on 17 May 2012.
VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)
ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කලද එම පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම පිලිබඳව තම පක්‍ෂයට කිසවක් පවසන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
තමන් දන්නා තරමින් සරත් ෆොන්සේකා මහතා රජය සමඟ කිසිදු එකඟතාවයට ගොස් නැතැයිද එහෙත් ටිරාන් අලස් මන්ත‍්‍රිවරයා තමන් සමඟ එකඟතාවයට පැමිණ ඇතැයි ලෝකයට අඟවන්න උත්සාහ දරමින් සිටින්නේ යයිද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් නීතිමය තලයේදී ජාතික සන්ධානයක් ලෙස හැඳින්වුවද දේශපාලන තලයේදී එවැනි සන්ධානයක් ක‍්‍රියාත්මක නොවන්නේ යයිද ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
සරත් ෆොන්සේකා මහතා දේශපාලන වේදිකාවට පිවිසියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර මාස හයකින් දේශපාලනයෙන් සමුගැනීමට යයිද පවසන ඒ මහතා ෆොන්සේකා මහතාට නිදහස ලැබුනහොත් ඔහු සමඟ දේශපාලන තලයේ කටයුතු කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද වැඩි දුරටත් පවසයි
සරත් ෆොන්සේකා මහතා හෙට හෝ අනිද්දා නිදහස් කරන බව අභ්‍යයන්තර තොරතුරු මගින් තහවුරු කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. දැනට විදෙස් ගතව සිටින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලංකාවට පැමිණි විගස එය සිදු වනු ඇති බව ඒ මහතාගේ අදහසයි.
නිදහස් වී පැමිණි විගස ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සමග තවදුරටත් කටයුතු කල හැකිද යන්න එහිදී තීරනය වනු ඇති බවද ඔහු පවසයි.
තවදුරටත් අදහස් දක්වන ලාල් කාන්ත මහතා ‘ෆොන්සේකා මහත්තය දේශපාලනයට ආවේ දිගු කාලකක් දේශපාලනේ නිරතවෙන්න නෙවෙයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කරල විශ‍්‍රාම යන්නයි ඔහු පැමිණියේ. නමුත් වසර තුනක් සිරගතවී සිටි පසු ඔහු දරන මතය පිලිබඳ නිදහස් වූ විගස ඔහු මුණගැසී මේ පිලිබඳ සාකච්චා කරන්න අප බලාපොරොත්තු වෙනව.’ යැයිද පැවසීය.
එහෙත් පෙර අවස්ථාවක අදහස් පලකරමින් ෆොන්සේකාට හුදු රාජපක්ෂ විරෝධයක් මිස පැහැදිලි දේශපාලන හෝ ආර්ථික දැක්මක් නැතැයි ලාල් කාන්ත මහතා ප‍්‍රකාශ කර තිබිණ.
ජනතා විමුක්ති පෙරමුණ 1964-65 යුගයේ විජෙවීර සහෝදරයා විසින් කරන ලද අප්‍රතිහත අරගලයක ප්‍රතිඵලයක් ලෙස බිහි විය. එය ආරම්භයේ සිටම ලංකාව තුළ සමාජ වෙනසක් (විප්ලවයක්) වෙනුවෙන් විශාල දේශපාලන අරගලයක යෙදුණ පක්ෂයක් විය. ලංකාව තුළ සමාජ අසාධාරණය, පංති විෂමතා සහ ආර්ථික අසමානතා පුපුරුවා හැරීම මූලික පරමාදර්ශ හා ප්‍රතිපත්ති බවට පත්ව මෙම පක්ෂය ආරම්භ වූ අතර මෙම අරමුණු වෙනුවෙන් ලංකාව තුළ පීඩිත සමාජ කොටස් දෙවරක්ම සමාජ ක්‍රමයට එරෙහිව මෙහෙය වීමට ජ.වි.පෙට හැකි විය. මෙම ඉහතකී මූලික අරමුණු කරා ගමන් කිරීමේ එකතරා මූලික මැදිහත් උපායක්, වුවමනාවක් ලෙස රාජ්‍ය බලය ලබා ගැනීම අවබෝධකර ගත් ජ.වි.පෙ 1971, 1989 යන අරගලයන් මෙහෙය වූයේ ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමේ දිශාවට ය. 1989 රාජ්‍ය හමුදා අතින් දෙනව වර මර්ධනයට ලක්වීමෙන් පසු ( රෝහණ විජෙවීර සහෝදරයාගේ මරණයෙන් පසු ) ජ.වි.පෙ පරමාර්ථ එසේ තිබියදිීම මූලොපායන් වල විශාල වෙනසක් සිදු විය.
එනම් මැතිවරණ හරහා බලයට පත්වීම ප්‍රධාන ව්‍යපෘතිය බවට පත්වීමයි. මෙහිදී සිය ජනප්‍රියතාවය දිගටම රඳවා ගෙන සිටීම සඳහා සමාජ ක්‍රමය මෙලෙසම පවත්වාගෙන යන දෘෂ්ඨිවාදවල එල්ලී සිටීමට ජ.වි.පෙට සිදු විය. 1980 හා 1983 අතර කාලය තුලදී ජ.වි.පෙ මැතිවරණ වලට සහභාගී වූ පක්ෂයක් වූ අතර මෙම කාලය තුලදී සිය මැතිවරණ ජනප්‍රියභාවයට වඩා සමාජ වෙනස පක්ෂය තුල ප්‍රමුඛ විය. 1983 පක්ෂ තහනම් වන අවධිය දක්වාම ජ.වි.පෙ ජාතිවාදයට එරෙහි ස්ථාවරයක සිටි අතර 1994 දී දෙවන වර මැතිවරණ වේදිකාවට එනවිට ජනතාව තුළ ජනප්‍රියව පැවතුන කුණු වූ ජාතිවාදී ස්ථාවරයෙන් ජ.වි.පෙ විසින් බදා වැළද ගන්නා ලදි.
තව දුරටත් මැතිවරණ තුළින් බලයට පැමිණිම සඳහා ව්‍යපාරික ප්‍රජාව තුල හිතවත්කම දිනා ගැනීම සඳහා සිය ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට ජ.වි.පෙට සිදු විය. එසේම ඒ සඳහා ජ.වි.පෙට අනුබද්ධ වෘත්තීය සංගම් ද විශාල වැඩ කොටසක් ඉටු කරයි. ඒ හාම්පුතුන්ගේ වුවමනාව මත පදනම්ව ඔවුනට වාසි වන අන්දමේ සාමුහික ගිවිසුම් අත්සන් කිරීම මගිනි. මෙසේ කරන්නේ ලංකා සේව්‍ය සම්මේලනය (Cyelon Employers Ferdaration), ලංකා වානිජ මණ්ඩලය(ceylon chember of commerce) වැනි ව්‍යපාරික ප්‍රජාවට (Business Community) ආයතන හරහා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටය. මෙම තත්ත්වය සාම්ප්‍රදායික දෘෂ්ඨිකෝණයකින් බලා වාමාංශික පක්ෂයක සමාන්‍ය සාමාන්‍ය පිරිහීමක් ලෙස කෙනෙකුට විස්තර කළ හැකි නමුත් එසේ ප්‍රකාශ කරන විට ජ.වි.පෙ විසින් තවමත් නියෝජනය කරන නිශ්චිත පංති බලවෙිග පවතින බවත් එය ලංකාවේ දකූණු ප්‍රදේශයේ ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් නොව ) දේශපාලන ව්‍යපාරයක් සංවිධානය කරමින් සිටින බවද මතක තබා ගත යුතුය.
අප මෙතනදී උත්සහා කරණුයේ අපගේ ප්‍රමෝදයේ චෞරයාගේ ස්ථානයට ජ.වි.පෙ පත් කිරීමට නොව ඒ වෙනුනට නැවත ක්‍රමයට එරෙහිව අරගලයක නායකත්වයට ජ.වි.පෙට පත්විය නොහැකි වන සන්දර්භය පැහැදිලි කිරීමටය. මෙසේ සලකා බලන කළ ජ.වි.පෙ සිය පරමාර්ථ කරා යාම සඳහා යොදා ගත් මූලොපාය හරහා සිය පරමාර්ථ වලින් අපගමනය වීම දැකිය හැකිය. අනෙක් අතින් පාර්ලිමේන්තුව තුල සිය නියෝජනය වැඩිකර ගැනීම සඳහා තම ප්‍රතිපත්ති හා පරමාදර්ශවලට කිසිදු සම්බන්ධයක් නැති සිංහල ජාතිවාදය සාර්ථකව භාවිතා කිරීම ද, ව්‍යපාරික ප්‍රජාව වෙත එල්ල වූ වැඩපිළිවෙල හා මේ හේතුව නිසාම තව දුරටත් සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට සිවිල් කතිකාව තුල ස්වෙච්ඡාවෙන් සිරභාරයට පත් වීමට ජ.වි.පෙට සිදුව ඇත. එක් අවස්ථාවක ජනතාව සිටි තැනින් පටන් ගැනීමට යාම (එනම් වසඟය ) භාවිතයට දැමූ ජ.වි.පෙට දැන් ආපසු හැරීමක් (වෙනස් කිරීමේ භාවිතයක් නොමැත)
පශ්චාත්- නූතනත්වය කෘතිය- පිටු අංක 53-54