රටේ අනාගතය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ලංකාවේ ඉතිහාසය තුල අප විසින් සිවිල් යුද්ධ තුනකට මුහුණ දී ඇත්තෙමු. එම සිවිල් යුද්ධ තුන නම්,
 

01-1971 දකුණේ විමුක්ති අරගලය

02-1989 දකුණේ විමුක්ති අරගලය

03- 2009 වසරේ උතුරේ දෙමල ජතික අරගලය
ඉහත අරගල තුනෙත් පළමු සහ දෙවන අරගලයන් තවමත් සමරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. නමුත් ලංකාවේ ඇතිව තිබෙන නව සම්ප්‍රදාය යටතේ ඉහත තුන්වන අරගලය සුළු ජාතියකට සම්බන්ධ වීමත් එය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ රාජ්‍ය විසින් සමරණු ලබන තත්ත්වයකටත් අදවන විට පත්ව තිබෙනවා.සාමාන්‍යයෙන් වෙනත් රටවල නම් අභ්‍යන්තර සිවිල් යුධ තත්ත්වයක් නිමා කිරීම භාර වන්නේ එරට දේශපාලන නායකත්වටයි. නමුත් ලංකාවේ දී මේ තත්ත්වය වෙනස් වූ ආකාරය අපට දක්නට ලැබේ. ලංකාවේ රටේ අභ්‍යන්තර සිවිල් යුධ තත්ත්වයක් මර්ධනය කරන්නට සම්පූර්ණයෙන්ම හමුදා නායකත්වයකට භාර කරනු ලැබූ අතර අභ්‍යන්තර සිවිල් යුද්ධයක් රාජ්‍ය හමුදාවක් මගින් සම්පූර්ණයෙන්ම තලා පොඩි පට්ටම් කර දමන්නට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් උදා වූණා. වෙනත් රටවල නම් කිසි විටකත් සිය රටේ තවත් ජන කොටසක් සමග ඇතිවන අර්බුධයක් විසදන්නට ඒ වෙනත් ජන කොඨස සමූල ඝාතනය කරන්නට අවස්ථාවක් නොලැබෙන අතර එම ගැටලුව විසදීමේ වගකීම පැවරෙන්නේ දේශපාලන නායකත්වයට මිස හමුදා නායකත්වයට නොවේ. සාමාන්‍යයෙන් රටක හමුදාව යුද්ධය සදහා යොදා ගන්නේ සිය රටේ පුරවැසියන් ඝාතනය කර දමන්නට නොවේ වෙනත් රාජ්‍යයක් සමග ඇතිවන යුද්ධයකදී සටන් කරන්නටයි.

 
මේ ආකාරයෙන් පුරුද්දක් වශයෙන් ඉහත ක්‍රමයට තමන්ගේම රටේ සිවිල් ජනතාවක් විනාශ කර දැමීම දිගින් දිගටම රටක් විසින් කරගෙන යනු ලබන්නේ නම් ලංකාවේ අනාගතය සුඩානය, ඉන්දුනීසියාව, යෙමනය, ඉරාකය, ඇෆ්ගනිස්තානය වැනි රටවල තත්ත්වයට පත්වන බව ඉතා පැහැදිලිය.

දෙමල විමුක්ති අරගලය සම්පූර්ණයෙන්ම අවි බලයෙන් මර්ධනය කර දමනු ලැබීමෙන් අනතුරුව සිංහල ජාලකයන් ඉගෙන ගත් නවතම පාඩම වන්නේ දෙමලුන් චුයින්ගම් එකක් කර තමන්ට කැමති ආකාරයට රට පාලනයට කරන්නට හැකි බවයි. මේ චුයින්ගම් එක දිගින් දිගටම හප හපා ඉන්නට මහින්ද රාජපක්ෂ රජය දැඩි කැමැත්තක් දක්වන බව අපට පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ පවතින බ්රෑරුම් තත්ත්වය සවිඥාණික මිනිසුන් විසින් වෙනස් නොකළ හොත් තවත් වසර විස්සකට පමණ පසු ලංකාවත් පාළාත් පාලන ආයතන වලින් පාලනය වන සුඩානය, ඇෆ්ගනිස්ථානය, යෙමනය වැනි රටවල තත්ත්වයට පත්වන බව සිකුරුයි. මෙය සරලව කියන්නේ නම් පොඩි පොඩි ප්‍රදේශ වෙන්කර ගත් රත්තරංලා විසින් රට පාලනය කරාවි යන්නයි. අද වන විට මේ තත්ත්වය ඊජිප්තුවේ ග්‍රාමීය ප්‍රදේශ වල ආරම්භ වී තිබෙනවා. ඔබත් ලංකාව අනාගතයේ දී එහෙම වෙනවා දකින්න කැමති ද?

Posted in PoliticalComments (1)

කටුක යථාර්ථය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

මේ වන විටත් අපේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී සිටින පාඨක ජාලය දිනෙන් දින පුලුල් වන අයුරු දක්නට ලැබේ. මේ නිසාම අපට කොමෙන්ට් එවන පාඨකයන් වර්ග පහත ආකාරයෙන් වර්ග කර දක්වන්නට පුලුවන.
 

01-අපේ මතවාදයන් සමග කිසිසේත් එකඟ නොවන සිංහල බෙඬද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින සහෝදරවරුන්

02-අපේ මතවාදයන් සමඟ සියයට පණක් පමණ එකඟ වන වෙනත් සහෝදරවරුන්

03- අපේ මතවාදය පිළිගන්නා හා ඒ වෙනුවෙන් පෙනී සිටින සහෝදරවරුන්

04- අපේ මතවාදයම පිළිගන්නා නමුත් අප සමඟ කිසිසේත් එකඟ නොවන සහෝදරවරුන්

05- අපේ මතය සමඟ එකග වන්නේත් නැති වෙනත් කිසිදු මතයක් නියෝජනය කරන්නේත් නැති අන්තර්ජාලයේ සැරිසරන වෙබ් අඩවි වලට කොමෙන්ට් ලිවීම විනෝදාංශය කර ගත් විපරීතයන් ( විශේෂයන් මේ විපරීතයන් අපට කුණුහරුප කොමෙන්ට් එවන හා අපට කිසිදු පදනමකින් තොරව අභියෝග කරන මානසික රෝගීන් වශයෙන් අප හඳුනා ගෙන තිබේ.)

අප විසින් ඉහත පළමු සිවි සහෝදරවරුන්ගේම මතවාදයන් කිසිදු පැකීලීමකින් තොරව අප වෙබි අඩවියේ පළ කරණු ලබන අතර පස්වන කාණ්ඩයට අයත් විපරීතයන් ගේ කොමෙන්ට් කුමන පදනමක් මතවත් පළ නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබේ.

මෙහිදී අප විසින් පැහැදිලි කළ යුතු තවත් පැනයක් ඉතිරිව තිබේ. එනම් විවිධාකාරයෙන් අපගේ දේශපාලන භාවිතාව හා ඉදිරි භාවිතයන් සම්බන්ධයෙන් ප්‍රශ්ණ අසන උදවියට නිසි පිළිතුරක් ලබා දීමේ වගකීමයි. පවතින සමාජ ක්‍රමයට වඩා උසස් සමාජ ක්‍රමයක් ගොඩ නැංවිය හැකි බවට විශ්වාස කරන හා ඒ විශ්වාසය මත පිහිටා කටයුතු කරණ අප සංවිධානයේ සහෝදරවරුන්ට වඩා කිසිදු දේශපාලන ව්‍යපාරයක් සමග අනවරත සම්බන්ධතාවයක් පවත්වා නැති හා තම දෛනික ජීවිතයේ සුඛ විහරණය ගැන පමණක් සිතන අයට ඇති විවිධාකාර ප්‍රශ්ණ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සංවිධාන විනයක් තුල එකම අරමුණක් වෙනුවෙන් දේශපාලනය කරන සහෝදරවරුන්ට නොමැති නිසා අපට සක්‍රීය දේශපාලන කරිීමට මේ වනතුරුත් කිසිදු ගැටලුවක් පැන නැගී නැත. නමුදු අපෙන් පරිභාහිර වෙනත් පිරිසක් දිගින් දිගටම අපෙන් ප්‍රශ්ණ කරන්නේ ඔවුනට අප කරන දේශපාලන තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති නිසා නොව ඔවුන්ගේ බුද්ධිය දේශපාලන ව්‍යපාරයක් ගොඩ නගනවාට වඩා සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් කැප කර තිබෙන බැවිනි. මෙය වරදක් යැයි අප කිසිවිටෙකත් ප්‍රකාශ නොකරන අතර අප පවසන්නේ මෙවන් අයට දේශපාලනය ජොක් නොකර තම පාඩුවේ තමන්ට අභිමත ආකාරයට ජීවත් වන ලෙසයි.
මේ සියලු ප්‍රශ්ණ වලට කදිම පිළිතුරක් 2010 පෙබරවාරී-මාර්තූ ත්‍රිමාන සඟරාවේ සංස්කාරක සටහනේ අඩංගු වේ. මේ නිසා වෙනත් යමක් ප්‍රකාශ කරනවාට වඩා එම සටහන උපුටා දැක්වීම කාලෝචිත වනු ඇතැයි සිතිමි.

ලංකාවේ වම පසුගිය වසර තිහක කාලය තුළ තම අවධානය යොමු කළේ සංස්කෘතික දේශපාලනයටයි.( උදාහරණ- ස්ත්‍රී වාදය, පරිසරවාදය, සමලිංගිකත්වය, අනන්‍යතා දේශපාලනය) මෙම යථාර්ථය තුල මිනිසුන්ගේ සැබෑ ගැටලුව වූ ආර්ථික ප්‍රශ්ණ, ආගම, මනුෂ්‍යත්වය, ආදිය සඳහා විසඳුම් ඉදිරිපත් කළේ අන්ත දක්ෂිණාංශක දේශපාලන පක්ෂයි. ලංකාව රටක් හැටියට අද වැටී ඇති අගාධයේ ගැඔුර තීරණය වූයේ වමෙහි මැදිහත් වීම සංස්කෘතියට ඌණනය වීම නිසා ය.
ලංකාව පුරා විහිදී ඇති ජාතිවාදී විෂ දුමාරය නිසා නිලංකාර වූ ජනතාවක් නිර්මාණය වූයේ ඉහත තතු නිසා ය. අද පක්ෂ-විපක්ෂ සියලු දෙනාගේ පොදු සාධකය ජාතිවාදය යි. මිනිසාගේ සැබෑ දැවෙන ප්‍රශ්ණ යටපත් වී, ව්‍යාජ ප්‍රශ්ණ ජනමාධ්‍ය තුළ කරණම් ගසන තත්ත්වයක් ඇති වී ඇත. දැන් ගැටළුව වන්නේ මෙම ජාතිවාදය පරාජය කරන්නේ කෙසේ ද යන්නයි.
ඒ සඳහා සරල උත්තර නැත. ජාතිවාදය වෙනුවට ධනවාදය අපගේ සමාජය ඇතුලතින් කා දමන ආකාරය ජනතාවට වටහා දීම පහසු නැත. එය දුෂ්කර දීර්ඝ මාවතකි. කිසිදා ජනප්‍රිය දේශපාලනයෙන් මත් නොවූ අප කවදත් යෝජනා කරන්නේ වෙනස් කිරීම ආරම්භ විය අපගේ ඇතුලතින් වන බව යි. අපගේ ගමන් මඟට එකතු වන අය විරල වුවත් අප අපගේ සටනෙහි සාරය දියාරු කරන්නේ නැත.

 
ජනප්‍රිය වීමට ඕනෑම පහත් වැඩක් කරන මිනිසුන් බහුල සමාජයක අපගේ වැඩ එකවර බහුතරය අතට යන්ටන් ද නැත. අපගේ සටන සඳහා බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය ද අපට අවශ්‍ය නැත. සටනෙහි ඝණත්වය දියමන්ති තරම් ශක්තිමත් වන විට ඒ වටා මිනිසුන් එකතු වන පමණක් ඉතිහාසය දන්නා අප දන්නෙමු. සටන නියම සටනක් නොවන්නේ නම් සටන් නොකර ඉදීම යහපත් ය. පසුගිය කාලයේ අප නිහඬව වූයේ ඒ නිසාය. අපි නැවත සටන් කරන්නේ සටන එහි ගැඔුරුම අර්ථයෙන් සටනක් වූ විට ය.

Posted in PoliticalComments (6)

අනාගත තලේබාන් අභියෝගය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 
1940 ගණන් වල දී ඇමෙරිකාවේ හොලිවුඩ් වල අමුතුම මාදිලියේ චිත්‍රපටි වර්ගයක් ප්‍රදර්ශණය වුනා. මේවාට පසුබිම වුනේ පවුල් වල අඳුරු පැත්තයි. ඒ නිසා මේ ච්ත්‍රපටි වලට ප්‍රංශ විචාරකයන් දුන් නම වුනේ ‛ නිශාචර සිනමාව’ (Film Noir ) මේ චිත්‍රපටි වල බොහෝ විට පෙන්වූයේ සැමියා විසින් රහස් සම්බන්ධයක් නිසා බිරිද මැරවීම හෝ බිරිඳ විසින් රහස් සම්බන්ධයක් නිසා සැමියා මැරවීමයි. මින් පිළිඔිබු වූයේ ඇමෙරිකානු සාරධර්ම වල එක්තරා විස්ථාපනයක්. ඒ කියන්නේ ඒ දක්වා ඇමෙරිකානු පවුල තුල පැවති ‛ සාමුහික සම්මුතිය’ බිද වැටීම තමයි මේ චිත්‍රපටියේ තේමාව වූයේ.
ලංකාවේ සමාජයේ ද මේ කාලයේ සෙමින් සෙමින් එක්තරා විපර්යසෙයක් සිදු වෙමින් යනවා. එය සිදු වන්නේ මකුළුවෙක් දැළ වියනව වගේ බොහෝම සෙමින් නමුත් යම් හැඩ රටාවකට අනුවයි. හරියට මිනිස්සු මරණ චින්තනය අවුරුදු විස්සක් තිස්සේ නලින් ද සිල්වා විවිවා වගේ .
Read the full story

Posted in PoliticalComments (6)

ජන මාධ්‍ය දන්තදාතුවට දෙමළෙක් ‘කෙලී ‘

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (4 votes cast)

මෙවර එංගලන්තයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේ නිළ විකාශන අයිතිය ලබා ගැනීම සඳහා ජාතික රූපවාහිනය හා සිරස රූපවාහිනය අතර කැත පොරකෑමක්  ආරම්භ වී තිබෙන ආකාරය දක්නට ලැබේ. සාමාන්‍යයෙන් ලෝකයේ පැවැත්වෙන විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ඇතුලු ව්ව්ධ වැඩසටහන් ඉදිරිපත් කිරීම රටක ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රජයේ රූපවාහිනී නාලිකාවකාවකට ලබා දීම සිදු කරන්නේ මෙම වැඩසටහන් විකාශනය කිරීම මගින් ලැබෙන ආදායම ජනතාවගේ සුභ සාධනය සදහා වූ රාජ්‍ය වෙත ලැබෙන බැවිනි. මෙතෙක් කල් මේ නිසාම මෙවැනි දෑ විකාශණය කිරීමේ නිළ මාධ්‍ය අයිතිය ජාතික රූපවාහිනිය වෙත ලැබුනු බව අපට මතකය. Read the full story

Posted in PoliticalComments (2)

සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…

VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කලද එම පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම පිලිබඳව තම පක්‍ෂයට කිසවක් පවසන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

තමන් දන්නා තරමින් සරත් ෆොන්සේකා මහතා රජය සමඟ කිසිදු එකඟතාවයට ගොස් නැතැයිද එහෙත් ටිරාන් අලස් මන්ත‍්‍රිවරයා තමන් සමඟ එකඟතාවයට පැමිණ ඇතැයි ලෝකයට අඟවන්න උත්සාහ දරමින් සිටින්නේ යයිද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් නීතිමය තලයේදී ජාතික සන්ධානයක් ලෙස හැඳින්වුවද දේශපාලන තලයේදී එවැනි සන්ධානයක් ක‍්‍රියාත්මක නොවන්නේ යයිද ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

සරත් ෆොන්සේකා මහතා දේශපාලන වේදිකාවට පිවිසියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර මාස හයකින් දේශපාලනයෙන් සමුගැනීමට යයිද පවසන ඒ මහතා ෆොන්සේකා මහතාට නිදහස ලැබුනහොත් ඔහු සමඟ දේශපාලන තලයේ කටයුතු කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද වැඩි දුරටත් පවසයි

සරත් ෆොන්සේකා මහතා හෙට හෝ අනිද්දා නිදහස් කරන බව අභ්‍යයන්තර තොරතුරු මගින් තහවුරු කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. දැනට විදෙස් ගතව සිටින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලංකාවට පැමිණි විගස එය සිදු වනු ඇති බව ඒ මහතාගේ අදහසයි.

නිදහස් වී පැමිණි විගස ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳ සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සමග තවදුරටත් කටයුතු කල හැකිද යන්න එහිදී තීරනය වනු ඇති බවද ඔහු පවසයි.

තවදුරටත් අදහස් දක්වන ලාල් කාන්ත මහතා ‘ෆොන්සේකා මහත්තය දේශපාලනයට ආවේ දිගු කාලකක් දේශපාලනේ නිරතවෙන්න නෙවෙයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කරල විශ‍්‍රාම යන්නයි ඔහු පැමිණියේ. නමුත් වසර තුනක් සිරගතවී සිටි පසු ඔහු දරන මතය පිලිබඳ නිදහස් වූ විගස ඔහු මුණගැසී මේ පිලිබඳ සාකච්චා කරන්න අප බලාපොරොත්තු වෙනව.’ යැයිද පැවසීය.

එහෙත් පෙර අවස්ථාවක අදහස් පලකරමින් ෆොන්සේකාට හුදු රාජපක්ෂ විරෝධයක් මිස පැහැදිලි දේශපාලන හෝ ආර්ථික දැක්මක් නැතැයි ලාල් කාන්ත මහතා ප‍්‍රකාශ කර තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණ 1964-65 යුගයේ විජෙවීර සහෝදරයා විසින් කරන ලද අප්‍රතිහත අරගලයක ප්‍රතිඵලයක් ලෙස බිහි විය. එය ආරම්භයේ සිටම ලංකාව තුළ සමාජ වෙනසක් (විප්ලවයක්) වෙනුවෙන් විශාල දේශපාලන අරගලයක යෙදුණ පක්ෂයක් විය. ලංකාව තුළ සමාජ අසාධාරණය, පංති විෂමතා සහ ආර්ථික අසමානතා පුපුරුවා හැරීම මූලික පරමාදර්ශ හා ප්‍රතිපත්ති බවට පත්ව මෙම පක්ෂය ආරම්භ වූ අතර මෙම අරමුණු වෙනුවෙන් ලංකාව තුළ පීඩිත සමාජ කොටස් දෙවරක්ම සමාජ ක්‍රමයට එරෙහිව මෙහෙය වීමට ජ.වි.පෙට හැකි විය. මෙම ඉහතකී මූලික අරමුණු කරා ගමන් කිරීමේ එකතරා මූලික මැදිහත් උපායක්, වුවමනාවක් ලෙස රාජ්‍ය බලය ලබා ගැනීම අවබෝධකර ගත් ජ.වි.පෙ 1971, 1989 යන අරගලයන් මෙහෙය වූයේ ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමේ දිශාවට ය. 1989 රාජ්‍ය හමුදා අතින් දෙනව වර මර්ධනයට ලක්වීමෙන් පසු ( රෝහණ විජෙවීර සහෝදරයාගේ මරණයෙන් පසු ) ජ.වි.පෙ පරමාර්ථ එසේ තිබියදිීම මූලොපායන් වල විශාල වෙනසක් සිදු විය.
එනම් මැතිවරණ හරහා බලයට පත්වීම ප්‍රධාන ව්‍යපෘතිය බවට පත්වීමයි. මෙහිදී සිය ජනප්‍රියතාවය දිගටම රඳවා ගෙන සිටීම සඳහා සමාජ ක්‍රමය මෙලෙසම පවත්වාගෙන යන දෘෂ්ඨිවාදවල එල්ලී සිටීමට ජ.වි.පෙට සිදු විය. 1980 හා 1983 අතර කාලය තුලදී ජ.වි.පෙ මැතිවරණ වලට සහභාගී වූ පක්ෂයක් වූ අතර මෙම කාලය තුලදී සිය මැතිවරණ ජනප්‍රියභාවයට වඩා සමාජ වෙනස පක්ෂය තුල ප්‍රමුඛ විය. 1983 පක්ෂ තහනම් වන අවධිය දක්වාම ජ.වි.පෙ ජාතිවාදයට එරෙහි ස්ථාවරයක සිටි අතර 1994 දී දෙවන වර මැතිවරණ වේදිකාවට එනවිට ජනතාව තුළ ජනප්‍රියව පැවතුන කුණු වූ ජාතිවාදී ස්ථාවරයෙන් ජ.වි.පෙ විසින් බදා වැළද ගන්නා ලදි.

 
තව දුරටත් මැතිවරණ තුළින් බලයට පැමිණිම සඳහා ව්‍යපාරික ප්‍රජාව තුල හිතවත්කම දිනා ගැනීම සඳහා සිය ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට ජ.වි.පෙට සිදු විය. එසේම ඒ සඳහා ජ.වි.පෙට අනුබද්ධ වෘත්තීය සංගම් ද විශාල වැඩ කොටසක් ඉටු කරයි. ඒ හාම්පුතුන්ගේ වුවමනාව මත පදනම්ව ඔවුනට වාසි වන අන්දමේ සාමුහික ගිවිසුම් අත්සන් කිරීම මගිනි. මෙසේ කරන්නේ ලංකා සේව්‍ය සම්මේලනය (Cyelon Employers Ferdaration), ලංකා වානිජ මණ්ඩලය(ceylon chember of commerce) වැනි ව්‍යපාරික ප්‍රජාවට (Business Community) ආයතන හරහා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටය. මෙම තත්ත්වය සාම්ප්‍රදායික දෘෂ්ඨිකෝණයකින් බලා වාමාංශික පක්ෂයක සමාන්‍ය සාමාන්‍ය පිරිහීමක් ලෙස කෙනෙකුට විස්තර කළ හැකි නමුත් එසේ ප්‍රකාශ කරන විට ජ.වි.පෙ විසින් තවමත් නියෝජනය කරන නිශ්චිත පංති බලවෙිග පවතින බවත් එය ලංකාවේ දකූණු ප්‍රදේශයේ ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් නොව ) දේශපාලන ව්‍යපාරයක් සංවිධානය කරමින් සිටින බවද මතක තබා ගත යුතුය.

අප මෙතනදී උත්සහා කරණුයේ අපගේ ප්‍රමෝදයේ චෞරයාගේ ස්ථානයට ජ.වි.පෙ පත් කිරීමට නොව ඒ වෙනුනට නැවත ක්‍රමයට එරෙහිව අරගලයක නායකත්වයට ජ.වි.පෙට පත්විය නොහැකි වන සන්දර්භය පැහැදිලි කිරීමටය. මෙසේ සලකා බලන කළ ජ.වි.පෙ සිය පරමාර්ථ කරා යාම සඳහා යොදා ගත් මූලොපාය හරහා සිය පරමාර්ථ වලින් අපගමනය වීම දැකිය හැකිය. අනෙක් අතින් පාර්ලිමේන්තුව තුල සිය නියෝජනය වැඩිකර ගැනීම සඳහා තම ප්‍රතිපත්ති හා පරමාදර්ශවලට කිසිදු සම්බන්ධයක් නැති සිංහල ජාතිවාදය සාර්ථකව භාවිතා කිරීම ද, ව්‍යපාරික ප්‍රජාව වෙත එල්ල වූ වැඩපිළිවෙල හා මේ හේතුව නිසාම තව දුරටත් සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට සිවිල් කතිකාව තුල ස්වෙච්ඡාවෙන් සිරභාරයට පත් වීමට ජ.වි.පෙට සිදුව ඇත. එක් අවස්ථාවක ජනතාව සිටි තැනින් පටන් ගැනීමට යාම (එනම් වසඟය ) භාවිතයට දැමූ ජ.වි.පෙට දැන් ආපසු හැරීමක් (වෙනස් කිරීමේ භාවිතයක් නොමැත)
පශ්චාත්- නූතනත්වය කෘතිය- පිටු අංක 53-54 
 

Posted in PoliticalComments (2)

ඥති සංග්‍රහය දූෂණයේ තවත් ප්‍රභේදයක්‌-ජ්‍යෙෂ්ඨ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

දූෂිත ලෙස ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට ගෙන ගොස්‌ තිබෙන සෑම මුදලක්‌ම එක්‌සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය යටතේ යළි මෙරටට ගෙන්වා ගැනීමේ බලය තිබෙන බව අමතක නොකළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා ඊයේ (15) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසුවේය. Read the full story

Posted in PoliticalComments (3)

නිදහසේ වෙිදිකාවේ ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කෙරේ

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

එල්.එල්.ආර්.සී වාර්ථාවේ නිර්දේශ, ජිනීවා යෝජනාව සහ මවිබිමේ අනාගතය නමින් නිදහස් වෙිදිකාව විසින් සංවිධානය කරණු ලැබූ සම්මණ්ත්‍රණය ඊයේ(16) ජෙ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවේ දී ජාතික ගීය සිංහල හා දෙමල යන භාෂා දෙකෙන්ම ගායනා කරමින් වැඩ සටහන ආරම්භ කරණු ලැබූ අතර මෙම අවස්ථාවට මහජනතාව, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.

Posted in PoliticalComments (9)

අද හවස ජයවර්ධන කේන්ද්‍රයට එන්න…

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

එල් එල් ආර් සී නිර්දේශ, ජිනීවා යෝජනාව සහ මවුබිමේ අනාගතය යන තේමාව පිළිබඳව සාකච්ඡා කරන ජාතික නියෝජිත සමුළුවක් මැයි මස 16 වන බදාදා සවස 3. 30 සිට කොළඹ 7, අනගාරික ධර්මපාල මාවතේ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ ජනතා ව්‍යාපාරය විසින් කටයුතු යොදා ඇත. Read the full story

Posted in PoliticalComments (3)

DSK ගෙන් ඉගෙන ගනිමු

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

මේ වන විටත් ප්‍රංශයේ නව ජනාධිපතිවරයා වශයෙන් සමාජවාදී පක්ෂයේ හොලන්ඩේ තේරීපත්ව තිබේ. ඔහු මේ තනතුරට පත් වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපති සාර්කෝසි පරාජයට පත් කරමිනි. මීට කාලයකට පෙර සමාජවාදී පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා වශයෙන් පත් කරන්නට හිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු සභාපතිවරයා වන ඩොමිනික් ස්ට්‍රවිස් කාන්වය. ප්‍රංශයේ කැපී පෙනන චරිතයක් වූ ඩොමිනික් සට්‍රිවිස් කාන් හෙවත් DSK එරට සුප්‍රසිද්ධ ආර්ථික විද්‍ය විශේඥයෙකි. Read the full story

Posted in PoliticalComments (0)

අපි කිව්ව දේ

VN:F [1.9.9_1125]
Rating: 6.8/7 (5 votes cast)

මීට බොහෝ කලකට පෙර සිදු වීමට නියමිත යැයි අප කියූ බොහෝ දේවල් එලෙසම සිදු වීම ආරම්භ වී ඇත. ඉදිරියේ දී බලය බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ වූ විට දේශපාලන දිශානති තුනක් බිහිවීමට හැක.

01- බටහිර මගින් උත්තේජනය වන විපක්ෂ බලවේග- රනිල් ප්‍රමුඛ විපක්ෂ

02-ඉන්දියාව මගින් උත්තේජනය වන විපක්ෂය-සරත් ෆොන්සේකා ප්‍රමුඛ විපක්ෂය ( සජිත්-ටිරාන් හවුල)

03-චීනය මගින් මෙහෙයවන ආණ්ඩුව- මෙය මහින්ද රාජපක්ෂ රෙජිමයයි

මේ බලවේග තුනට පිටින් හෝ වඩාත්ම ප්‍රතිසංස්කරණවාදී පාර්ශවය තොරා ගැනීමට අනාගතයේ දී වමට සිදුවනු ඇත.

Posted in PoliticalComments (2)

එදා (2002) සහ අද (2012) අතර වෙනස

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

පහත පළ වන්නේ x කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙක් සාම සාකච්ඡා යුගයේ දී යාපනයේ කළ සංචාරයක ඡායාරූපය. එදා ඔවුන් උත්සහා කළේ ප්‍රාග්ධනය සහ වෙළෙදපොල උතුරට බලපාන ආකාරය පහදා දීමයි. අප කියූ බොහෝ දේවල් ඔවුනට පමණක් නොව x කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් දෙදෙනාටද වැටහුනේ නැත. Read the full story

Posted in PoliticalComments (6)

13 වන සංශෝධනය හා LLRC නිර්දේශ සර්වරෝග නාශකයක්- සජිත් ප්‍රේමදාස

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සර්වරෝග නාශකයක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් cyelon today  පුවත්පතට ප්‍රකාශ කරනු ලැබ තිබේ. ඔහු පවසන ආකාරයට මේ නර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් තවදුරටත් කර අරින්නට රජයට හැකියාවක් නොවේ.
Read the full story

Posted in PoliticalComments (0)

ත්‍රිමාන සංස්කාරක ගෙන් පාඨකයන් වෙත

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (4 votes cast)

 
ත්‍රිමාන වෙබි අඩවියට මේ වන විටත් පාඨක ප්‍රතිචාර විශාල වශයෙන් ලැබෙන අතර එම comments  පල කිරීමේ දී අප විසින් වඩාත් සැලකිලිමත්ව ඒවා පල කරන්නට වගබලා ගනු ලබන්නේ ලංකාවේ කාර්යාල වලින් නොමිලේ අන්තර්ජාල පහසුකම් භූක්ති විදින හෝ විදේශීය රටවලට ගොස් ශාප කරමින් කමිකරු රැකියාවන් හී නිරතව සිටින උදවිය මෙන්ම ලංකාවේ සල්ලි විවිධ ක්‍රම මගින් මංකොල්ල කන හා සල්ලි පොලියට දෙන තාත්තලාගේ නාහෙට නාහන පුතුන් වැනි අනුන්ගේ සල්ලි වලින් පිටරට යවා සිටින විවිධ උදවිය අප විසින් මහත් පරිශ්‍රමයක් යොදා පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියට තමන්ගේ සිතට නැගෙන සිතිවිලි comments ලෙස ඉදිරිපත් කරයි. Read the full story

Posted in PoliticalComments (10)

තමාරා කුගනායගම් නංගියෙක් ද?

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය වශයෙන් කටයුතු කළ තමාරා කුගනායගම් මහත්මිය එම තනතුරින් ඉවත්කිරීම හා ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් තනතුරක් පිරිනැමීම නිසා ලංකාවේ දේශපාලන කරලියේ මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබේ. Read the full story

Posted in PoliticalComments (1)

රැදවියන් බලන්නට ඥාතීන්ට අවසර

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ රැඳී සිටින රැඳවියන් සහ මුදාහරින ලද රැඳවියන් සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ ළඟම ඥාතීන්ට ලබාදීම සඳහා විශේෂ ක‍්‍රියාදාමයක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කරයි. Read the full story

Posted in PoliticalComments (0)

මාව දුටු තිරිසනා කවුද?

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

ජාක් ඩෙරීඩා නම් දාර්ශණිකයා තම නිවසේ කිසිවකුත් නැති හුදකලා මොහොතක නාන කාමරයේ නිරුවතින් ස්නානය කරයි. ස්නානයෙන් අනතුරුව ඔහු නිරුවතින්ම කොරිඩෝව දිගේ තම නිදන කාමරයට ගමන් කරයි. කොරිඩෝවෙිදී ඔහුගේ නිරුවත නිවසේ සුරතලයට ඇති කරන පූසා දකියි. ටික වෙිලාවක් පූසා ඩෙරීඩාගේ නිරුවත නරඔයි. ඔහුට එක්වරම ලැජජාවක් ඇතිවන අතර වහාම තුවායෙන් සිය නිරුවත වසා ගනී.

ඩෙරීඩාගේ නිරුවත බලා සිටි සත්වයා කවුද?

ඒ සත්වයා මමද? නැතහොත් අනෙකෙක් ද?

තමාගේ නිරුවතට තමාම බිය වන්නේ ඇයි?

අප තුල සිටින තිරිසනාට අප බිය වී ලැජජා වන්නේ ඇයි?

තමාගේ නිරුවතට අනෙකාට චෝදනා කරන්නේ ඇයි?
 
අප විසින් සංවිධානය කරණු ලබන හේගල් සම්මණ්ත්‍රන මාලාවේ මීගල සම්මණ්ත්‍රනය හෙට ( මැයි මස 13 වන ඉරිදා ) උදෑසන 10.00 සිට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පවත්වනු ලැබේ. මෙම අවස්ථාවට පැමිණෙන මෙන් සියලු දොනට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

Posted in PoliticalComments (2)

Page 1 of 811234...1020304050...Last »

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us