Home Blog Page 119

ඇහැරෙන්න………..!

  ඒ 1996.......... මා වැනි ශරීර පුළුස්සා දමා හන්දි ගානේ දමා ගිය ම්ලේච්චත්වයට එරෙහිව මා පටන් ගත්තා උගන්වන්නට.... සෝෂියර්...ෆුකෝ.. ලැකාන්... ඩෙරිඩා.... මා ඉගැන් වූ දෙයට කැප වන්නට ඔබ තීරණය කරා කඩදාසි දැමු සිමෙන්ති පොළව මත අප වැතිරුණා. හුගක් මහන්සි වුනාට පස්සේ අපි ජනප‍්‍රිය වුනා. ------------------------------------------------------------------------ රඟහල දැන් ඇත අඩ අඳුරේ ඔබ දෙදෙනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිම ගිරි අරණේ ..............                     ඔබේ ගීතය පටන් ගත්තා   දැනුම සුරැුක්මුණු පිළිවෙත් සුරැුකුණු මගේම විජිතයේහි මා කිරුල දරා...

තිරයට එහායින් කිසිවක් නැත

  අපේ‍්‍රල් 8 වනඳා පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිත කෞශල්‍ය කුමාරසිරිගේ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' කෘතියට අදාලව අප විසින් මතු කරන්නට නියමිත ප‍්‍රවාදයේ දළ සැලැස්මක් පහත පරිදිය. 1] ෆැන්ටසිය යනු අනෙකාගේ අශාව අපට ප‍්‍රහේලිකාවක් වූ විට එය කුමක්දැයි වටහා ගැනීමට අප ගොතන ප‍්‍රබන්ධයයි. 2] විපරීත ෆැන්ටසිය පොදු ෆැන්ටසියෙහි විලෝමයයි. පොදු ෆැන්ටසියේදී ආත්මය වස්තුව   කරා එළබෙන්නට උත්සාහ කරයි. නමුත් විපරීත ෆැන්ටසියේ දී වස්තුව...

‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’

  කෞශල්‍ය කුමාරසිංහ ගේ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' නවකතාව පිලිබඳ සංවාදය අප්‍රේල් 8 වෙනි දා සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මන්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. සංවාදයට - දීප්ති කුමාර ගුණරත්න - අශෝක හඳගම - ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල - සාමිනාදන් විමල් - සුමිත් චාමින්ද සරසවි, විජිතයාපා, සුරස, සදීපා, සූරිය, ගුණසේන, ලේක් හවුස්, ගොඩගේ, සමයවර්ධන, මල්පියලි පොත් හල් වලින් මිල...

සඳ හොරෙන් හොරෙන් බලා , වලාකුළක සැගවිලා ….

  මා විසින් මෙම ලිපිය හරහා තෙවැනි වතාවටත් මතු කරන්නට උත්සහ කරන්නේ දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන දිනපතා පුවත්පත සහ සති අන්ත පුවත්පත් වලදී මා ලද අත්දැකීම් ඇසුරින් වර්තමාන ජනමාධ්‍ය භාවිතාවෙහි තිබෙන නරුමවාදී ස්වරූපයන් පිළිබදවය.  නමුත් එම කටයුත්ත පසෙක තබා මා වෙත ලැබී තිබුණු ප‍්‍රතිචාර කිහිපයක් ඇසුරින්  මා මුල සිට ප‍්‍රකාශ කිරීමට උත්සහ කළේ කුමක්සැයි යන්න පැහැදිළි කිරීම අත්‍යාවශ්‍ය යැයි හැගේ.  එහිදී...

‘දෙලොවක් අතර’ මිනිස්සු

  මිනිසුන් තමන්ගේ සාමූහික පොදු ජීවිතය තුළ දී කරන කියන දේවල් එතරම් බැරෑරුම් කොට ගත යුතු නැති බව මේ වන විට අපි ඔප්පු කර ඇත්තෙමු. වඩා වැදගත් වන්නේ පුද්ගලික ජීවිතයේ දී රහස්‍ය ලෙස කරන උල්ලංඝණයයි. අප මේ ජීවත් වන සමකාලීන යුගයේදී තව දුරටත් නිතීය උල්ලංඝණය කොට විනෝද වීම අරුමයක් නොවේ. සියල්ලට ඉඩ දෙන යුගයක 68 න් පසු වාමාංශිකයන් අතර ප්‍රචලිත...

“යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ?

   මහාචාර්ය ජයදේව උයන්ගොඩ විග්‍රහයක -   “යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය. අලුත් ආණ්ඩුවේ ඇති පැහැදිලි අරමුණක් නොපෙනෙන දේශපාලන...

හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහේස්ත‍්‍රාත්වරයෙක් ද

  විශ්ව විද්‍යාප ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහේස්ත‍්‍රාත්වරයෙක් ද ?   x සුමනසේකර විසින් ඊ.ඒ.පී  එකේදී ස්ත‍්‍රීන් දෙදෙනෙකුට කළ ලිංගික අඩත්තේට්ටම්  යනු පැහැදිළිවම නීතිමය වරදක් වන අතර, තවත් පැත්තකින් සදාචාරාත්මක වරදක් ද වේ. අපට මෙම පාර්ශව දෙකම අදාළ වන්නේ නැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ දේශපාලන විවේචනයකි. එමෙන්ම මෙම සිද්ධියට මුහුණ දුන් ස්ත‍්‍රීන් දෙදෙනාගෙන් එක් අයෙකු x...

පොහෝ දා දහම් පණිවුඩය

  ජනමාධ්‍යවේදීන් ස්වයං වාරණයන් පනවා ගන්නා ස්වරූප සම්බන්ධයෙන් මා මීට පෙර අවස්ථාවක ලිපියක් පල කළ අතර එහිදී මා හට නිරීක්ෂණය වූයේ ජනමාධ්‍යවේදීන් බහුතරයක් නරුමවාදී වෙමින් මා මතු කළ කාරණය මගහැර යන බවයි. මෙම ලිපියෙහි මූලික අරමුණ වන්නේ ඔවුන්ගේ නරුමවාදී ආස්ථානයට නිර්දය විවේචනයක් එල්ල කිරීමය. අප හට අර්ථයට ගත නොහැකි අයුරින් ලංකාවේ ජනමාධ්‍ය කලාව පාදඩකරණය වෙමින් පවතියි. . මා සේවය...

අවසානයේ ඇය ටෙලියක් නැරඹීමට ගියාය

  නැවතත් හිමාෂි කරුණාරත්න උත්තරයක් බැඳ ඇත. අප අසන කිසිදු ප‍්‍රශ්ණයකට පිළිතුරු නොදෙන ඇය ගැටළුව වෙනත් තැනකට ප‍්‍රතිස්ථාපනය කරයි. ඇයට අනුව ප‍්‍රශ්නය වන්නේ ස්ත‍්‍රීන්ට ශාරීරිකව හිරිහැර කිරීම නොව මෙය ජිජැක් කා සතුද යන්න පිලිබඳ ආරෝවකි.ස්ත‍්‍රියකට විරුද්ධව හිංසා කිරීම ගැන අදාල පුද්ගලයාට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. මාධ්‍යකරුවන්ට ඒ පිළිබඳව  ඕනෑ තරම් සාක්ෂි ඇත. අදාල පුද්ගලයා රජයට සම්බන්ධ ආයතනයක රාජකාරී කරන බවද...

ස්ත‍්‍රිය ගැන ගල් යුගයේ දර්ශනවාදය සමග වෙබ් මාධ්‍යකරුවන් අනන්‍ය වන්නේ ඇයි???

  ජනමාධ්‍යවේදීන් ආචාරධාර්මික විය යුතු බව මා පිළිගත් නමුත් දිවයිනේ වැඩියෙන්ම අලෙවි වෙන ජාතික පුවත්පතක සේවයේ යෙදී සිටි කාලය තුළ ආචාරධර්ම යනු බිත්තියේ එල්ලා ඇති උපදේශාත්මක වැකි කිහිපයක් පමණක් බව තේරුම් ගත්තෙමි. සමාජය තුළ පවතින අසංගතභාවයන් ලිවීමට මාධ්‍ය ආයතන විසින්ම අපට සීමා පනවා ඇත. නමුත් එකී සීමා එසේත් නැතහොත් මාධ්‍ය ආයතනයේ වැඩ සිදුවන පිළිවෙල කුමක්දැයි අපි කවුරුත් නිශ්චිතව දන්නේ නැත....

වාමාංශික බුද්ධි පරිහානිය

  සමකාලීන වාමාංශිකයාට එකවර අරගල දෙකක් කිරීමට සිදු වී ඇත.  නිදහස් වෙළඳපොළ නිසා අහෝසි වෙමින් යන සාරධර්ම වලට විකල්පයක් ලෙස ඉදිරිපත් වන ආගමික සහ ජාතික ෆැසිස්ට්වාදය. මූලධර්මවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය - මෙමගින් අවධාරණය වන්නේ මහජනයාගේ දේශපාලන සංවේදන වලට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ප‍්‍රතිසංස්කරණය කිරිම වඩා වැදගත් බවය - මෙය ප‍්‍රභූ මානසිකත්වයකි .              තත්කාලීන වාමාංශික අරගලය ඉහත ආකාරයට ව්‍යුහගත වී ඇති...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news