මංගල යයිද?
යහපාලනය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව තුළ මේ වන විට දේශපාලන ප්රවණතා දෙකක් හට ගැනී ඇත.
1.රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ප්‍රවණතාවය. මෙය නාගරික දේශපාලනය ප්රමුඛ කරගත් ජාතික ගැටලුවට ඉක්මන් විසදුමක් ප්‍රාර්ථනා කරන අයයි. අනෙක් පාර්ශ්වය දැඩි අපහසුතාවයට පත් කිරීම සදහා මෙම කණ්ඩායම රැස්වීම්වලදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරයි.
2. අනෙක් පාර්ශ්වය නිරෑපණය කරන්නේ යහපාලනයේ ප්‍රධාන කතිකයා වූ චම්පික...
කුඩාපොල හාමුදුරැවෝ සෝමරත්නව භෞතීෂ්ම කරයි
ජාතික රෑපවාහිනියට සෝමරත්න දිසානායකව පත් කළේ කවුද යන්න 'ඊනියා වෙබ් මාධ්‍යකරැවන් විසින් සගවන ලදී. එම පත්වීම කරන ලද්දේ රෑපවාහිනී සංස්ථාව අසල නුග රැකේ වැඩසිටි රැක් දේවතාවා රහසින් බලා සිටියදීය. එම දේවතාවට අනුව මෙම පත්වීම කරන ලද්දේ හෙළ උරැමයේ කුඩාපොළ හාමුදුරැවන් විසිනි.
වෛදික ගණිතය අපට හමුවන්නේ භාරත මුනිවරයන්ගේ වේද ග්‍රන්ථවල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තමරා ද සිල්වා
ගණිතය යන්න හැමදෙනාට ම එකසේ තේරුම් ගෙන හැදෑරිය හැකි විෂය ධාරාවක් නොවේ. එසේ වුවද ගණිතය ඉතාම සරල ලෙස උගෙන ගත හැකි ගණිත කලාවේ ඉතා සිත්ගන්නා සුළු පැතිකඩක් ද වෙයි. එය නම් වෛදික ගණිතයයි. පොදුවේ ගණිතය විෂයට ඇල්මක් නොදක්වන හෝ දුර්වලතාවයක් දක්වන්නන්ට ගණිතය ඉගෙනීමේ පහසු මඟක් ලෙස මෙකී වෛදික ගණිත හැදෑරුම පෙන්වා දිය හැකිය. මෙලෙස වෛදික...
සයිගොන් (1975)
අප මුලින්ම පුරෝකතනය කළ පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ රාජ්‍ය පාලනය අංගොඩ ජාතික මානසික විද්‍යායතනය බවට පරිවර්තනය වී ඇත. යහ පාලනය වෙනුවෙන් අප මධ්‍යස්ථව සිටීම ගැන අපට බොහෝදෙනා කෝචොක් දැමූ අතර සමහර පිස්සන්ට අනුව අපට එක්සත් ජාතික පක්ෂයෙන් ඇමතිධූර පවා ලැබීමට නියමිත විය. නමුත් සත්‍යවශයෙන්ම අප සිටින්නේ මහපාරේය. ඉතුරු අය සිටින්නේ ගොඩනැගිලි තුළය.
යහ පාලනයේ අයිතිකරුවන් අතර පුධාන අයිතිකරුවා වූ...
හදවතේ අදුර: මහින්ද චින්තනය ගැන
බොහෝදෙනෙකුට තවමත් මහින්ද චින්තනය වටහා ගත නොහැක. ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට කෘතියක් වූ Heart of Darkness නම් නවකතාවේ ආකෘතිය මහින්ද චින්තනය වටහා ගැනීමේදී වැදගත්ය. ජෝසෆ් කොන්රඩ්ගේ මෙම කෙටි නවකතාවේ ප්‍රධාන චරිතයේ නම චාල්ස් මාර්ලෝය. ඔහු කොංගෝ ගග දිගේ අප්‍රිකාවට ඇතුල් වී ඇත්දළ වෙළදාමෙහි යෙදෙන්නෙකි. මධ්‍යම අප්‍රිකාවේ විවිධ ගමන් නිසා මාර්ලෝට කර්නල් කර්ට්ස් නම් අපූර්ව මිනිසෙක් හමුවෙයි. කර්ට්ස් යනු අප්‍රිකාවේ මිනිසුන්ට...
ස්වාධීන රූපවාහිනී සභාපති ධූරය රුවන් ෆර්ඩිනැන්ඩ්ස්ට!
රී ලංකාවේ ප්‍රභලතම මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය (ITN) සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩ්ස් මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව එසැණින් රුවන් ෆර්ඩිනැන්ඩ්ස් මහතා විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් රුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ස්වාධීන රූපවාහිනිය වැනි ප්‍රභල ආයතනයක් මේ දක්වා අනුගමනය කළ...
රජකම හිමි කිරුළ අහිමි සෝමේ
ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි...
ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න
ඉහත කී පාඨය මට කියන්නට සිදුවුවකි. උචිත්සා යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. පරිච්චේදය ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ...
ටෙට් ප්‍රහාර සහ LTTE
LTTEය හේගල් විසින් ප්‍රචලිත කළ දයලෙක්තික ක්‍රමය ගැන දැඩි අවබෝධයකට නොයෑම 2009 වර්ෂයේ ඔවුන්ගේ පරාජයට බලපෑ ආකාරය අපි විශ්ලේෂණය කරමු.
Tet ප්‍රහාර යනු වියට්නාම් ජාතික විමුක්ති අරගලකරැවන් දකුණු වියට්නාම් රාජ්‍යය සුණු විසුණු කිරීම සදහා එකවර කරන ලද ප්‍රහාර මාලාවයි. එහිදී වියට්නාම් රාජ්‍යය සදහා එක්සත් ජනපද රාජ්‍යයද, වියට්නාම් සිවිල් නිලධාරීන්ද අයත් විය.
ප්‍රහාරයේ අරමුණ - 1968 වන විට වියට්නාම් යුද්ධය කිසිවෙකුට ජය -පරාජයක්...
බලය පිළිබද සංකල්පය මගින් දෛනික ව්‍යාපාරයට විචාරයක්
කැලුම් අමරසිංහ සහ සුපුන් වික්‍රමරත්න විසින් සංස්කරණය කළ 'රාජ්‍යය පිළිබද සංකල්ප' (පදුරැ ලලා ගස වැඩුනත්...) පොත සමාජගත කිරීම වෙනුවෙන් පැවති රැස්වීමේදී දීප්ති කුමාර ගුණරත්න විසින් කළ දේශනය පහත දැක්වෙයි. එය පැවතියේ 2015 ජනවාරි 2 දා සවස සී එස් ආර් හිදීය.
නායකයන්, පාලකයන්, පරමාදර්ශයන් නැතිව පාලනය වන සමාජ-ව්‍යුහයන් යනු බල සම්බන්ධතා ජාලයක් සහිත අදෘෂ්‍යමාන පද්ධතියකි. මෙවැනි පද්ධතීන් තුළ රජ කරන්නේ අත්තනෝමතික...
Femme Fatale
පශ්චාත් නූතන ස්ත්‍රිය හමුවන්න!
ඇත්ත. කියවන්නියට සුමිත්‍රාගේ තුරු සමුදා නවකතාව තුළ පළමුවරට හමුවන්නේ නැටුම් කලාව පිළිබඳ බරපතළ අධ්‍යයනයක් කළ නවකතාකාරියකි. එහෙත් නවකතාවක් ලෙස තුරු සමුදා වැදගත් වන්නේ ඒ නිසා නොව සමකාලීන පශ්චාත් නූතන ස්ත්‍රිය අපට එහි මුණ ගැසෙන බැවිනි. ඇත්තට ම නම් මෙහිදී සිදුවන්නේ තම කුල පරම්පරාවට එරෙහිව කැරලි ගසන නූතනවාදී වීරවරියගේ පසු ධනවාදී සන්දර්භයක නැවත කියවීමය.
නවකතාව ආරම්භ වන්නේ නැටුම්කලාව...