Home Blog Page 129

ධනවාදය යනු කුමක් ද?- සමන් පුෂ්පකුමාර

වසර 213 ක් වූ අගෝස්තු මස 08 වන දින කොළඹ ජයවර්ධන කේන්ද්‍රෙයේ දී පවත්වන ලද සම්මණ්ත්‍රණයේ දී ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ සමන් පුෂ්පකුමාර විසින් පවත් වන ලද දේශණය       Saman Lecture 001  http://youtu.be/ZvDHLBYq7Hw Saman Lecture 002  http://youtu.be/6r2prtoE37U Saman Lecture 003  http://youtu.be/6s1CQF0OAms Saman Lecture 004  http://youtu.be/EF-n4jXxPig

අයිතිකරුවෝ අයිතිය පෙන්වීම ආරම්භ කරති

‘රාවය’ පුවත්පතේ ආර්ථික අර්බුදයත් සමග එය ගොඩනැගීම සදහා එකතු වූ සද්ජනයා පිළිබදව පළමුවෙන්ම සැක පහල කළේ අපයි. ඒ සදහා වන්දියක් ලෙස අපට ගෙවීමට වූයේ  ‘රාවය’ විනාශ කිරීම අපේ යටිකූට්ටු අදහස වන බවට වූ අශ්ශීල ප්‍රතිචාරයයි. නමුත් දැන් අප කී දේ ඇත්ත වී ඇත. ‘රාවය’ ට ඕනෑවටත් වඩා ආදරය කළ අය එහි කතෘ මාණ්ඩලික ක්‍රියාවන් විවේචනය කිරීම අරඹා ඇත. උදාහරණයක් වශයෙන්...

යුද්ධය යනු කුමක් ද?

ඔබ මේ පහත වීඩියෝවෙන් නරඹන්නේ මහා පරිමාණයෙන් වානිජ අරමුණු සදහා සත්ව ඝාතනය සිදු කරන ආකාරයයි. සත්ව ඝාතනය මෙහිදී කාර්මීකරණය කර ඇත. ලාභය අරමුණු කරගත් සමාජයක යාන්ත්‍රිකව සතුන් ඝාතනය කිරීම ගැන ආධ්‍යාත්මික උත්තරයක් අපට දීමට නැත. වෝල්ටන් බෙන්ජිමින් විසින් යුද්ධයේ දී සාමුහික වශයෙන් මිනිසුන් ඝාතනය කිරීම සලකන්නේ සෞන්දර්ය ක්‍රියාවලියක් ලෙසිනි. මිනිසාගේ විනාශය මිනිසා විසින්ම සෞන්දර්යකරණය කරනු ලබන්නේ යුද්ධය හරහාය. කුකුලන් සහ...

රතු නැපෝලියන් මියයයි!

වියට්නාම් ජාතික විමුකති අරගලයේ ජීවතුන් අතර සිටි අවසාන විප්ලවාදී නායකයා වූ ජෙනරාල් සියැප් පසුගිය සිකුරාදා මිය ගියේය. යටත්විජිතවාදය තහවුරු වූ වියට්නාමය ඉන් මුදවා ගැනීමේ විරෝධාර දේශපාලන උපාය-උපක්‍රම සකස් කරන ලද්දේ හෝචි මින් සහෝදරයාය. ඔහුගේ දේශපාලන වැඩසටහන භූමිය මත මිලිටරි උපායක් සහ යථාර්ථයක් බවට පත් කළේ ජෙනරාල් සියැප් ය. 1911 දී උගත් ගොවියෙකුගේ පුතෙක්ව ඉපදුණු සියැප් ( මෙහි ‘ස’ ශබ්දය උචාචාරණය...

බෝම්බයක් පිපිරවීම කාල සර්ප වියමනක් සේ කියවීම

සමන් වික්‍රමාරච්චි මහතා 'කාල සර්ප' නම් නවකතාව ගැන විචාරයක් ලියා ඇත. එය අප පහත පල කරන්නෙමු. සමන් යනු බෞද්ධ සංස්කෘතියේ එකම හොද ලක්ෂණය වන 'අනිමිසලෝචනය' නම් සාධු ධර්මය දන්නා කෙනෙකි. ලංකාවේ ඉන්න තක්කඩීන් විශාල ප්‍රමාණයක් කරන්නේ අප විසින් යොද්‍ර ගත් වචන,සංකල්ප,න්‍යායන් තමන් සොයා ගත් සේ ඉදිරිපත් කිරීමයි. ඉතා පැහැදිලව විචාරය යනු විනිශ්චයකි. එවැනි විනිශ්චයක් සහ උසාවි නියෝගයක් අතර වෙනසක්...

ඇමෙරිකාව පාලනය කරන්නේ කවුද?

ලංකාවේ සී නිවිස් වෙබ් අඩවිය ඇතුළුව බොහෝ වෙබි අඩවි විසින් ඇමරිකාවේ ආණ්ඩුව වසා දමා ඇති බව කියයි. නමුත් එයට හේතුව ඇයිද කියා ඔවුන් දන්නේ නැත. ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවනේනේ විවිධ ව්‍යාපාරිකයන්ය. මෙවර ඇමරිකාවේ ෆෙඩ්රල් අයවැය සම්මත කිරීමට විරුද්ධ වී සිටින්නේ පුද්ගලික රක්ෂණ සමාගම් වල ධනයෙන් ඡන්දය දිනූ ඒජන්තයන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමෙරිකාවේ දුප්පත්...

ඉතාලිය විහිළුවක් කළ බර්ලුස්කෝනි

බොහෝ දෙනෙකු විසිවන සියවස අගදී උපකල්පනය කරණු ලැබුවේ 21 වන සියවස මනුෂ්‍ය සංහතියේ වඩාත් වර්ධිත සියවස වනු ඇත යන්නය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මෙම සියවස ආරම්භ වූයේ මිලේඡ්ච මනුෂ්‍ය ඝාතන රැල්ළකි. මීට අමතරව ප්‍රථම වරට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් බවට සල්ලාලයන් පත් වීමද දක්නට ලැබුනි. මේ සදහා ප්‍රකටම උදාහරණය වන්නේ ඉතාලියේ අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිය. තමන් විසින්ම ජනමාධ්‍ය අයිතිකාරත්වය...

වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම

ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට පත් වෙයි. අසූව දශකය මුල සංවර්ධනයේ සංකේතය ලෙස ඔවුන්ට මහවැලි ව්‍යාපාරය හමුවූ අතර ඊට වසර 30 කට පසුව යළිත් එයම අධිවේග මාර්ග යනුවෙන් හමු වී ඇත. 1988 වසරේදී රොහාන් පෙරේරාට ‘යාත්‍රා’ නම් සගරාවක් සහ ‘දීප්ති’ නම්...

පින්තූරයෙන් අවිඥාණයට

පහත ජායාරූපයේ නිර්වචනයට අනුව සෝමවංශ ගේ මාක්ස් බූරුවෙකි කුමාර් ගේ මාක්ස් පඹයෙකි දීප්ති ගේ මාක්ස් බඩුකාරයෙකි. ලියූ තැනැත්තා ගේ අවිඥාණය හරියටම පිහිටා ඇත්තේ තුන් වැනි ස්ථානයේ ය. මතුපිටින් අපහාස කළත් මේ කෙනාගේ අවිඥාණික ආශාව ඉලක්ක ගත වී ඇත්තේ දීප්ති ගේ මාක්ස් දෙසටය. ලැකානියානු භාෂාවෙන් කියනවා නම් මෙම පුද්ගලයා ගේ මාස්ටර් දීප්ති ය. නමුත් එය ඔහුට අවිඥාණක ය. ලැකාන් මාස්ටර්,ගෝඩ්,ස්ත්‍රිය පුරුෂ මනසට අවිඥාණික බව පවසන්නේ මේ...

චොම්ස්කි සහ ජිජැක් අතර විවාදය

මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධම භාෂා විශ්ලේෂකයා වන නොආම් චොමිස්කි සහ ස්ලාවොජ් ජිජැක් නම් දාර්ශණිකයා අතර ‘න්‍යාය’ ගැන විවාදයක් ඇති වී ඇත. චොම්ස්කිට අනුව  ‘න්‍යාය’ යනු එතරම් වැදගැම්මකට ඇති දෙයක් නොවේ. ඊට වඩා මිනිසුන්ටඅනුභුතික කාරණා වැදගත්ය. නමුත් ජිජැක්ට අනුව ‘න්‍යාය’ භාවිතා කිරීම යථාර්ථය ගවේෂණය සදහා අත්‍යාවශ්‍ය දෙයකි. ඉතිහාසය පුරාම මහද්වීපික දර්ශණය සහ විශ්ලේෂී දර්ශනය අතර පැවති තාප්පය මෙම අලුත් විවාදය...

ජීවිතයට බෙහෙත් වට්ටෝරුවක්

  ප්‍රශ්ණය- ඔබගේ මුල්ම මතකය කුමක් ද? උත්තරය-මගේ අම්මා හෙලුවෙන් දැකීමයි! ප්‍රශ්ණය- ඔබගේ ජීවිතයේ දුර්වලම ලක්ෂණය කුමක් ද? උත්තරය-වෙනසක් නැතිව හැම එකෙකුටම රැවටෙන එක ප්‍රශ්ණය- ඔබ අනෙකා තුළ පිළිකුල් කරන ලක්ෂණය කුමක් ද? උත්තරය-මට අවශ්‍ය නැති වෙලාවට උදව් කරන එක ප්‍රශ්ණය- වැඩියෙන්ම ඔබ අපහසුතාවයට පත් වන්නේ මොන වගේ අවස්ථාවක ද? උත්තරය-ගැහැණියෙක් එක්ක නිදා ගන්න කලින් ඇය ඉදිරියේ හෙලුවෙන් ඉන්න වෙන අවස්ථාවල ප්‍රශ්ණය- ඔබ වැඩියෙන්ම අතෘප්තියට පත් වන්නේ මොන...

Follow us

4,038FansLike
58FollowersFollow
165SubscribersSubscribe

Latest news