Home Blog Page 151

ඡායාරූප කලාව විචාරය සහ විශ්ලේෂණය

ඡායාරූප කලාව විචාරය සහ විශ්ලේෂණය පිළිබදව දේශනයක් මාර්තු මස 16 වන දින උදේ  ( පොහොය දිනයේ) කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රෙය් දී පවත්වනු ලැබේ. මෙම දේශණයේ ප්‍රධාන දේශණය භූපති නලින් වික්‍රමගේ විසින් පවත්වනු ලැබේ. ඡායාරූප කලාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට මේ සදහා සහභාගී විය හැක.

රාජ්‍ය බලය හා ක්‍රියාකාරීත්වය වෙනස් කළ යුත්තේ කෙසේද

රාජ්‍ය බලය හා රාජ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග යැයි 'අපේ දැක්ම' ගෙනහැර පා ඇත්තේ මෙතෙක් කාලයක් ලංකාවේ පැවති ක්‍රියාමාර්ගයන්ම වෙති. අවම ආණ්ඩුවක් යන්න පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අඩුවීමෙන් හැදෙන ආණ්ඩුවක් යැයි ඔවුන් වරදවා වටහා ගෙන ඇත්දැයි සිතේ. මන්ද මෙය පුරවැසියෙකුගේ ජීවිතයේ හැම අදියරක දී ම ගන්නා තීරණ වලට දැඩි බලපෑම් කරන්නට ඇමතිවරුන් 25 කට රාජ්‍ය බලය දෙන...

අනුරට කැමති අය අපට අකමැති ඇයි?

මේ දවස් වල ලංකාවේ දේශපාලන සුපර් ස්ටාර් බවට පත්වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතාය. මෙවර පළාත් සභා ඡන්දයේ දී රට පෙරළන්නට බැරි වුනත් ජනතා බලය පෙන්වන බවට ඔහු විසින් විවිධ ප්‍රකාශයන් කරයි. මේ වන විට අනුර නිසා වඩාත් ආතල් එකක් ගන්නේ යූ.එන්තපී කාරයන්ය. තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසදා ගත නොහැකිව සිටින එක්සත් ජාතික පක්ෂයේ...

තාගෝර් – ආදරවන්තයාගේ කතිකාව

මම අසීරු කාර්යයකට අත පොවමි. අසීරුතාවය අන් කිසිවක් නොව රවීන්ද්‍රනාත් තා‍ගෝරයන් පිළිබඳ එරික් ඉලියප්පආරච්චි ගේ පුළුල් කියවීම පත්තර පිටු කාලක වපසරියක ලා කතා කිරීමට සිදුවී තිබීමය. එය හරියට අර ආර්.කේ.නාරායන් කිව්වාක් මෙන් ඩිමයි අටෙන් එකේ ‍කඩදාසියකින් අලියකු එතීමට අසමාන නොවේ. ඇත්ත. සිංහල සාහිත්‍ය විචාරය විශේෂිතවත් ලෝක සාහිත්‍ය සම්මතය පොදුවේත් ගෙන බැලූ විට තාගෝර් පිළිබඳ එරික් ගේ කියවීම විචක්ෂණශීලී කියවීමක් තමයි....

සර්පයන් හා සටන් වදින අපි!

කේ.කේ සමන් කුමාර නම් ලේඛකයා ලේඛකයෙකු වශයෙන් භෟතිස්ම ලබන්නේ ඔහු ගේ සර්පයෙකු හා සටන් වැද නම් කතා සංග්‍රහයත් සමගය. එවක් පටන් කේ.කේ ලේඛකයෙකු වශයෙන් සිය උප්පැන්නයේ නම වෙනස් කර සර්පයා යැයි නම් ලබයි. එකී සර්පයා සමග අසූව දශකයේ දේශපාලනය කළ අය අතර දීප්ති කුමාර ගුණරත්න ද අයෙකු විය. ඒ මිතු දමට අදට වසර තිහකට ආසන්නය. මේ කාලය තුළ සර්පයා...

වහලෙක් වෙනවා ද ? නිදහස් වෙනවා ද ?

2010 සිට යුක්රේනයේ ජනාධිපතිව සිටි වික්ටර් යනුකෝවිච් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට මුහුණ දීමත් සමඟ 2014 පෙබරවාරි 23 වැනි ඉරිදා ක්‍රිමියාවට පළා යන ලදැයි වාර්තා වේ. ඔහු යාට් එකකින් නොහොත් පුද්ගලික විනෝදය සඳහා වූ නැවකින් රුසියාවට පැන යන්නට උත්සාහ කරන බවක් ද අහන්නට ලැබේ. ඔහු හැර දමා ගිය, රටවැසියන්ගේ වෙහෙස මංකොල්ලයෙන් පරිභෝජනය කරන ලද අධි සුඛෝපභෝගී ජනාධිපති මන්දිරය දැන් දුප්පත් යුක්රේනයේ...

ජිජැක් නම් මෝඩයා

ඉතා සරල යැයි පෙනෙන දේවල් සංකීර්ණ ආකාරයෙන් විස්තර කරන්නට උත්සහ කරන්නේ ඇයිද යන කාරණ ගැන වරක් ජිජැක් ගෙන් අයෙකු විසමන විට ඔහු පිළිතුරු දෙන්නේ තමන් එවන් සරල යැයි පෙනෙන දේවල් තේරුම් ගන්නට බැරිතරමේ මෝඩයෙකු වන බවයි. ඒ නිසා ලැකාන් ගේ මනෝ විශ්ලේෂණ න්‍යාය තමන්ට අවබෝධ කර ගන්නට බැරි නිසා සහ තමන් මෝඩයෙකු වන නිසා හොලිවුඩයේ ච්ත්‍රපට ඇසුරින් ලැකාන් ගේ...

ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ නැති දෙය

පසුගිය දිනක සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විසින් එහි නායකයාව පාවා දෙන ලදී. මෙසේ පාවාදෙන ලද්දේ සිංහල ජාතියට සුවිශේෂ සාරයක් ඇතැයි සිතා ක්‍රියාකළ ජනරාල්වරයාවය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එක අතකින් බැලූ විට ලැකාන්ව කියවූවෙකි. මේ ඔහුගේ ලැකානියානු ආප්තයයි. ‘‘..... ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නැති එකම දෙය ප්‍රජාතන්ත්‍රවාදයයි....““ හෛඩගර් කියා සිටියේ මල් පෝච්චියට වැදගත් එකම දේ පෝච්චිය තුළ ඇති හිස්බව යන්නයි....

දාර්ශනික සංකල්ප නොන්ඩි ගසන විචාරකයින්ට දාර්ශනික කිහිලිකරුවක්

මීට දශකයකට පමණ පෙර එක්තරා නවකතාවක් ප්‍රස්තුත කොට ගනිමින් මා ලියූ විචාරයක මෙසේ සඳහන් කළෙමි. “සියලු සන්සන්දනයන් නොන්ඩි ගසතියි ලෙනින් කීවෙලු. දැන් මම මෙසේ කියමි. සාහිත්‍ය නිර්මාණ සන්සන්දනාත්මක ලෙස හැදෑරීමේ නොපොහොනා විචාරකයෝ නොන්ඩි ගසති. ඔවුන්ට කිහිලිකරු වී ඇත්තේ කුමක් ද? යල් පැන ගිය යථාර්ථවාදයේ මළකඩ කෑ රසාස්වාදනයයි.” ඇත්ත. තවමත් මේ විචාරකයින් නොන්ඩි ගසනවා තමයි. එහෙත් අද මා මෙම තීරුව වියදම් කරන්නේ...

රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?

පසුගිය 21 වන දා පැවති රොක් සහ රෙගෙයි සංගීත ප්‍රසංගය ගැන යමක් කිව යුතුය. රොක් සහ රෙගෙයි සංකලනය වීම Tablet සහ ගංජා සංකලනය වීමකි. රොක් සංගීතය සිදු කරන්නේ නිර්වින්දනයක් ද? දේශපාලනයක් ද? ච්ත්‍රාල් සෝමපාල ගේ ඉතාම ප්‍රසිද්ධ ගීතය වන ‘නදී ගංගා තරණයේ’  ගීතය යනු ලයන්ස් බෘෘවරී සමාගම විසින් නිපදවන බියර් සදහා කරන ලද වෙළෙද දැන්වීමකි. මෑතකදී ච්ත්‍රාල් ගායනා කළ...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news