යළි යළිත් අසාර්ථක වූ ප්රතිපත්තියකට “නව” ලේබලයක් ජවිපෙන්
අරුණි ශිපිරෝ යනු සිංහල 'ආයන් රෑන්ඩිය' ඇය දාර්ශනික ස්ත්‍රියකි. මේ යුගයේ ස්ත්‍රියක් ජ.වි.පෙ සහ සමාජවාදය ගැන අදහස් දැක්වීම සාධනීයය. සිංහලෙන් බ්ලොග් අඩවි පවත්වා ගෙන යන මෝඩ පිරිමින්ට වඩා අරුණිට හොදින් ලිවිය හැක. ධනවාදය ගැන පුළුල්ව ලියන විට වාමාංශය ගැන ද අපට පුළුල්ව ලිවිය හැක.
ලොව මිලියන 94 ක් මරුමුවට පත් කරමින් ගෙනා අසාර්ථක ප්රතිපත්තියකට "නවීන සමාජවාදය" යැයි ලේබල් එකක් ඇලෙව්වාම...
මාවතේ අපි!
මේ දවස් වල වඩාත් ජනප්‍රිය මාතෘකාව වන්නේ නිළියන් දේශපාලනයට එක්වීමයි. පබා ගේ සිට අනර්කලී හරහා ජින්ජර් දක්වා නිළියන් පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් වීම සම්බනධයෙන් ඇතිවන තිබෙන කතා බහ අපට කොටස් කිහිපයකට වෙන්කරන්න පුලුවන්.
01-මෙවැනි මෝඩ උගත්කමක් නැති අභිසාරිකාවන් රැළක් පළාත් සභාවලට පත් කිරීමට තරම් ජනතාව මෝඩ වන්න එපා යැයි මේ අය ජනතාවගේ ඉල්ලා සිටියි. මේ පිරිස අපට ඉරිදා පත්තර කියවන...
කුරුලු හදවත රචකයාගේ ස්වයං චරිතාපදානයද ?
කුරුළු හදවත නවකතාවට ප්‍රවේශයක් ලෙස තමා මෙබඳු පොතක් ලියන්නේ මන්දැයි ලේඛකයා විසින් ම හකුළුවා දක්වන විස්තරයක් මෙම පොතෙහි ඇත. කතුවරයාගේ එම ප්‍රකාශය ඇරඹෙන්නේ මෙසේය.
“මගේ ම පරම්පරාව සමීපව වටහා ගැනීම පිණිස මා ලියන ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකි මේ නවකතාව කාලයක් පුරා මා දන්නා පසුබිමක පිහිටුවා ගවේෂණය කළ ද මෙහි එන ලෝකය ගොඩ නැංවීමේදී බොහෝ දෙනෙකුගේ උදව් හා...
අනුර ගේ නායකත්වය
ජනතා විමුක්ති පෙරමුණට අලුත් නායකයෙක් පත් වී ඇත. ඔහු අනුර කුමාර දිසානායක සහෝදරයාය. නායකයන් අලුත් වන විට පක්ෂය ද අලුත් වනවා නම් ලංකාවේ බොහෝ දේවල් මීට කලින් වෙනස් වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ යනු මිනිසුන්ට වඩා රටට,පසට ආදරය කරන පක්ෂයකි. ඔවුන්ට මහ පොළොව පෙන්වන්නට බැරිය. දුටු දුටු තැන එය ඉඹියි. වාර්ගික යුද්ධය ඉතාම කෘෘර තැනකට පත් කරන්නට සිතින් කයින් වැඩිපුරම...
වාමාංශිකයන් පෙර පාසල් යාම
පාසල් යන කාලයේ පාසල් නොගොස් කට්ටි පනිමින් සිට වැඩිහිටි වූවාට පසු යළිත් පාසල් යන්නන් ලංකාවේ බහුලය. මේ අයට ඩෙස් බංකු සහ පුටු පෙන්වන්නට බැරිය. නාන කාමරයකදී පවා සමහරු කියවන්නට උත්සහ කරයි. රමණය කරන විට කියවීම සමහර නියුරෝසිකයන් ගේ ජන්ම පුරුද්දකි.
දැන් මේ වන විට මෙම කියවීමේ රෝගය වාමාංශිකයන්ට ද බෝ වී ඇත. ඔවුන් දිගට හරහට කියවමින් සිටිති. කුමාරෝදය පවා ඔවුන්...
The Adventures of Ricky Dean
බුඩී කීර්තිසේන නම් පොඩි ළමයා තවත් ච්ත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත. ලංකාවේ බොහෝ විදග්ධ විචාරකයන්ට බුඩී යනු කුඩා දරුවෙක් බව වැටහී නැත. මේ සදහා දැනටමත් නළු-නිළියන් කිහිපදෙනෙකු තෝරා ගෙන ඇත. ඒ අය ද කුඩා ළමයින් බව අමුතුවෙන් කිව යුතු නැත.
Iphone5 නම් මොබයිල් දුරකථනයෙන් මෙම ච්ත්‍රපටිය පටිගත කිරීමට අදහස් කරනු ලැබේ. ජංගම දුරකථනයක් පාවිච්චි කර ළමයින් විසින් නිෂ්පාදනය කිරීමට...
සමකාලීන ස්ත්‍රිය ගේ ද්ත්ව රංගනය
‘Zero Dark Thirty’ චිත්‍රපටිය විසින් අපට හදුන්වා දෙන ස්ත්‍රිය පිළිබද සමාජ මානය දේශපාලනික වශයෙන් සිත් ගන්නා සුළුය. එක පැත්තකින් මෙම චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව වන ‘මායා’ යනු පිරිමින් පිරිමින් විසින් කිරීමට දෙවරක් සිතන දේවල් සෘජුව සහ ඔවුන්ටත් වඩා හොදින් ඉෂ්ට කළ හැකි කෙනෙකි. අනෙක් පැත්තෙන් මිනිසුන්ට වධ දෙනවා නැරඹීමෙන් ලබන අතිරික්ත විනෝදය මධ්‍යයේ වුව ‘ඇය’ ස්ත්‍රියකට හිමි සංවේදීතාවය ඉතිරිකර ගෙන...
ජූලී සංහාරයෙන් පසු මැයි දිනය
83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැලි යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ සමාජ සැකැස්ම තුල තිබුණු එක්තරා සමතුලිතයක් යළි හැරවිය නොහැකි ලෙස නැතිවී ගොස් ඇති අතර නව සමතුලිතයක් වෙත තවම ලඟා වී නොමැත. මහජනයා තුල ඉහල නැංවුණු වාර්ගික සවිඥ්ඥානකත්වයක් ඇති වී ඇති සන්දර්භයක් තුල වම සහ...
වනචරකමේ සැබෑ ප්‍රතිමූර්තිය දකින්න හදවතට එබී බලන්න
සමන් ගේ විචාරයට අනෝමාගේ ප්‍රතිචාරය
කලා විචාරකයන්ගෙන් සිදු වන්නේ කුමක් ද... කලා විචාරකයෝ වනාහි කලා සම්ප්රදායේ පරතෙරට පත් වුවෝ යි. විශ්ව සාහිත්‍යයේ පරතෙරට පත් වුවෝ යි. විචාරකයන් ගේ කර්තව්‍ය නම් කලා කෘතිය තුළ ගැබ් වන්නා වු කලාකරුවන් ගේ අරගලය යථාර්තය ග්‍රහණය කිරීමත් ඒ සමග ඔහු ගෙන ගිය අරගලය ග්‍රහණය කර ගැනීම සඳහා එනම් අකෘතියත් අන්තර්ගතයත් අතර සිද්ධ වුණා වු ප්‍රබල...
ඒකාබද්ධ පොදු විපක්ෂයට උපකාරයක්!
ලංකාවේ දැනට දේශපාලන බලය ධ්‍රැවීකරණය වන ආකාරය අනුව බලවේග සකස් වී ඇත්තේ පහත අකාරයටය.
01- එක්සත් ජාතික පක්ෂය-
රණසිංහ ප්‍රේමදාසට පෙර එක්සත් ජාතික පක්ෂ ව්‍යුහය කරා නැවත යාමට උත්සහ කිරීම මගින් නැවතත් ප්‍රභූන් ගේ පක්ෂයක් බිහිකිරීමට උත්සහ කිරීම.
02- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-
මහින්ද ගෙන් පසු හැකි නම් නාමල්ට බලය ගැනීම. එසේ කළ නොහැකි නම් පක්ෂයට විනාශ වන්නට ඉඩ දීම
03-ජනතා විමුක්ති...
‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’
නොබෙල් සාහිත්‍යලාභී කොළොම්බියානු ජාතික නවකථාකරු ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් 2008 දී ප්‍රකාශයට පත් කරන ලද Memories of My Melancholy Whores නවකථාව විදුර ප්‍රභාත් මුණසිංහ විසින් ‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත. විදර්ශන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කොට ඇති එකී කෘතිය පිළිබඳ සංවාදයක් 2014 ජනවාරි මස 29 වැනි දින කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.